Watch Trailer

8 Thottakkal (2017) with Sinhala Subtitles | අතුරුදහන් තුවක්කුවේ බිහිසුණු අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

සල්ලි…දෙයියන්ගේ මල්ලි…මෙහෙම තමයි ගොඩක් දෙනෙක් කියන්නෙ. මොකද, දෙවියන්ට වගේම, සල්ලි වලටත් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. මේ ලෝකේ ගොඩක් දෙනෙක් සල්ලි පස්සේ දුවනවා. කතාවක් තියෙනවනෙ, “බල්ලෝ මරලා හරි කමක් නැහැ, සල්ලි හම්බෙනවා නම්…” කියලා. මේ සල්ලි නිසා, වර්ථමාන ලෝකය ඒ තරම් පහත් අගාධයකට වැටිලා තියෙන්නෙ. නම…

සල්ලි…දෙයියන්ගේ මල්ලි…මෙහෙම තමයි ගොඩක් දෙනෙක් කියන්නෙ. මොකද, දෙවියන්ට වගේම, සල්ලි වලටත් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. මේ ලෝකේ ගොඩක් දෙනෙක් සල්ලි පස්සේ දුවනවා. කතාවක් තියෙනවනෙ, “බල්ලෝ මරලා හරි කමක් නැහැ, සල්ලි හම්බෙනවා නම්…” කියලා. මේ සල්ලි නිසා, වර්ථමාන ලෝකය ඒ තරම් පහත් අගාධයකට වැටිලා තියෙන්නෙ. නමුත්, ජීවිත කාලයක් පුරාවට සල්ලි පස්සේ දුවලා දුවලා, අවසානයේ ආපහු හැරිලා බැලුවාම, හිතේ සංතෝසයක් නැතිනම්, ඒ ගතකරපු ජීවිතෙන් ඇත්තටම ඵලක් නැහැ. මොහොතක් ඔබේ හදවතට තට්ටු කරලා, අවංකවම අහලා බලන්න… “ජීවිතය කියන්නෙ සල්ලිමද?”

කුඩා කාලයේදී තමන් නොකරන ලද වරදකට වැරදිකරු බවට නියමවී, අවුරුදු අටක කාලයක් පුරාවට පුනරුත්ථාපන කඳවුරක කාලය ගතකරමින්, කාලයාගේ අවෑමෙන් සත්‍යගරුක පොලිස් නිලධාරියෙක් බවට පත්වූ සත්‍යා… සල්ලි හමුවේ කිසිඳු හිරිකිතයක් නොමැතිව තම හිස නවමින්, ඕනෑම ආකාරයක ජඩ වැඩක් කිරීමට පසුබට නොවන්නාවූ, පොලිස් ස්ථානාධිපති ගුණසේකරන්… මෙම ගුණසේකරන්ගේ අණට අවනතව සැකකරුවෙකු පසුපස ඔත්තු බැලීමේ නිරත වන්නාවූ සත්‍යාගේ රාජකාරී තුවක්කුව නොසිතූ මොහොතක, ඔහුටත් නොදැනීම පැහැරගනු ලබනවා. උපරිම උත්සාහය යොදා, සෑම අස්සක් මුල්ලක් නෑර පීරමින් සෙවීම් සිදුකලත්, අවසානයේ සියලු ව්‍යර්තනයන් නිෂ්ඵල වෙනවා.

ඉන්දියාවේ අංක එකේ පෞද්ගලික බැංකුවක්… අහම්බයෙන් මහ දවාලේ බැංකුවට කඩා වදින, මුහුණු ආවරණය කරගත් මංකොල්ලකරුවන් තිදෙනෙක්… අවසාන මොහොතේදී නොසිතූ යමක් සිදුවෙනවා… කිසිවෙකුත් සිහිනෙන් හෝ නොසිතූ විරූ අන්දමේ බියකරු, සංවේගී සිදුවීමක් සිදුවෙනවා. මේ සමගින්, සමස්ත චෙන්නායි නගරයම, කඩි ගුලක් සේ කම්පාවී යනවා.  නමුත්, හදිසියේම එක්තරා දූසමාන ආරංචියක්, ලැව් ගින්නක් සේ ශ්‍රීග්‍රයෙන් පැතිර යනවා. සිදුවී ඇති කාරණාවේ බරපතළකම මත, පොලිස් දෙපාර්තුමේන්තුව විසින්, වහාම බලපැවැත්වෙන පරිදි, සත්‍යගරුක පොලිස් නිලධාරි, සත්‍යගේ වැඩ තහනම් කරනු ලබනවා. කුමක්ද මේ වෙන්නේ…? පැටලුණු නූල් බෝලයක් බඳුවූ අභිරහස් ගැටළුවක්… පියවරෙන් පියවර විසඳමින්, ගැටලුවේ අභ්‍යන්තරයටම ගමන් කිරීම, සහෘද ඔබ සැමට බාරයි…

Crime සහ Thriller කාණ්ඩය යටතේ 2017 වර්ෂයේ අප්‍රේල් මස 7 වෙනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වෙමින්, මේ සටහන ලියවෙන මොහොත වන විට imdb දර්ශකයේ 8.4 ක් වැනි ඉහළම අගයකින් ඔපමට්ටම්වී තිබෙන්නාවූ, එක හුස්මට නරඹා අවසන් කළ හැකියැයි නොබියව නිර්දේශ කළ හැකි, හැමදෙනාගේම ජීවිතයට ආදර්ශයක් එකතු කරගත හැකි අපූර්ව වූ සිනමා වෘතාන්තයක් සමගින් මා හා අත්වැල් බැඳගැනීමට සියළුම බයිස්කෝප් රසික රසිකාවියන් හට කෙරෙන්නා වූ සුහද ආරාධනාවත් සමගින්, තවත් චිත්‍රපටයක් තුලින් නැවත හමුවන තුරාවට,

සමුගෙන යෑමට අවසරයි…

8 Thottakkal (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.im – 8 Thottakkal (2017)

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,857 downloadsDownload 8-Thottakkal-2017.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

2,857 downloadsDownload Subtitles67 KB

26 comments

  1. Kavindu kawmina

    Me machan ara vishalge aluth ekatath subaekak hadala dannako

  2. prabodha

    Thanks broo....

  3. Ranga Prasanna

    සබ් පෙරහරක් කියන්නේ මේකට තමයි. පට්ට සිසිල මචන්

  4. Shehan prathapasinghe

    ela machn thanx

  5. RamesH

    Thnks bro.gd luck.

  6. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  7. asitha

    elama saho thanks

  8. nipuna

    bwa machn thnks godariyakkk

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Chami.S

    Thanks...

  11. Chalana

    thnx bro...

  12. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......

  13. mahesh babu

    Oya nam deyyek newei dewalayak.........
    Jaya wewa.........digatama sub demu!!!!!!!!

  14. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි සිසිල

  15. shasith sandaruwan

    නියමයි සිසිල....
    ඔය වේගෙන්ම 100 ගහමු.
    දිග......ටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  16. Prasad Randunu

    Thank u very much Siila Aiyaa..! Digatama demu Subz.. Jyen Jayama Deergayusha...!

  17. Himashi Silva

    Tharkappu 2016 ekatath sub dennako?

  18. Himashi Silva

    Tharkappu 2016 , Mapla Singam 2016 ekatath sub dennako?

  19. Aruna Disanayaka

    Thank you. Suwahasak rasikain wenuwen karana me sewayata herdayangama stutiya.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. ආසිරි ප්‍රියන්ත (හේවා)

    මොනවද හලෝ මේ නම්.
    නම කොහොම උනත් ෆිලුම නම් පට්ටලු නේ.
    අනිවා බැලිල්ලක් තමයි ඉතින් කාගෙන් හරි ෆිලුම හම්බෙච්චි ගමන්.
    මස්සිනාගේ සබක් නොවැ අනික.
    මෙන්න ගන්නේ නෑ, හම්බෙනකම් ඉන්නවා.
    සබට තැන්ක්ස් හොදේ.
    ජය වේවා!

  22. Viraj

    sub ekata thanks saho..

  23. Hasantha

    thanks..!

  24. kent parker

    thnkq

  25. indika75

    thanks..

  26. නිමල් දිසානායක

    ස්තුතියි සිසිල!