මුලින්ම මං ස්තුති කරනවා, මගේ පළවෙනි උපසිරැසියට ලබා දුන් ප්‍රතිචාර වලට. දැන් වෙලාව පාන්දර 00.27යි. අද 2017-04-30. දැන් බලද්දි 845 දෙනෙක් මං කරපු මුල්ම sub එක download කරලා තියනවා. ඒ ඉලක්කම වැඩි වෙද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. දැන් තමයි මේ සබ් එක කරලා ඉවර උනේ. සමාන්‍යයෙන් මං වැඩ කරන්නේ ටිකක් හ…
මුලින්ම මං ස්තුති කරනවා, මගේ පළවෙනි උපසිරැසියට ලබා දුන් ප්‍රතිචාර වලට. දැන් වෙලාව පාන්දර 00.27යි. අද 2017-04-30. දැන් බලද්දි 845 දෙනෙක් මං කරපු මුල්ම sub එක download කරලා තියනවා. ඒ ඉලක්කම වැඩි වෙද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. දැන් තමයි මේ සබ් එක කරලා ඉවර උනේ. සමාන්‍යයෙන් මං වැඩ කරන්නේ ටිකක් හෙමින්.
හැමෝටම මතක ඇති සමුදුරේ ආදර අන්දරය, එහෙම නැත්නම් Titanic, ඒකේ හිටපු කපල් එක, Kate Winslet සහ Leonardo DiCaprio කියන්නේ තමං කරන චරිතෙට උපරිම සාධාරණයක් කරණ නළු නිළි යුවලක් කිව්වොත් මං හරි. මං බලපු The Reader (Kate Winslet), Blood Diamond, Inception, Shutter Island(Leonardo DiCaprio) වගේ ෆිල්ම් වල ඒ දෙන්නගේ රංගනයන් අති සාර්තකයි කියලා මං හිතනවා. මේ ජෝඩුව ආයේ හමුවෙනවා 2008 දී, Revolutionary Road එකේ. මේක සුන්දර ආදර කථාවක් නෙවෙයි. ඇත්තටම පවුලක ජීවත් වෙද්දි ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන යථාර්තවාදීව හදපු කථාවක්. සැමියගෙ වගේම බිරිඳගේ අසම්මත ආදරයන්, එකිනෙකාව නුරුස්නා ගතිය, එකිනෙකාව නිවැරදිව තේරුම් නොගැනීම වගේ ගොඩක් පවුල් ප්‍රශ්න මේ කථාව ඇතුලේ සාකච්ඡා කරනවා.
දරුවෙක් කියන්නේ පවුලක වාසනාවට ලැබෙන දෙයක්, කියලා පරණ කාලේ මිනිස්සු කියනවා. ඒ දරුවව ආදරෙන් ඇති දැඩි කරන එක දෙමව්පියන්ගේ වගකීම. ඒ වගේම, ඒ දරුව මේ ලෝකෙට එන්නේ ඒ දරුවගේ ඕන කමට නෙවෙයි. අම්මගෙයි තාත්තගෙයි උවමනාවට. ඒ නිසා දරුවෙක් කියන්නේ දෙමව්පියන්ගේ වගකීමක්. ඒ දේ විනාස කරන්න තරම් හිතක් හයිය වෙන්නේ කොහොම ද කියලා මට හිතා ගන්න බෑ. ඒ තමන්ගේ වෙන්න පුළුවන්, වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. මේ ලෝකේ එළිය දැක්කා හෝ නො දැක්කා, ගබ්සාවක් කියන්නේ මිනීමැරුමක් කියලයි මට හිතෙන්නේ. ඒ මගේ පුද්ගලික මතය. මං මොකද මේ ගබ්සාවක් ගැන කියන්නේ කියලා තේරෙයි, මේ චිත්‍රපටිය බැලුවම. ඊට වඩා මං මේ චිත්‍රපටිය ගැන කියන්න යන්නේ නෑ.
මේ ෆිල්ම් එක IMDB එකේ 7.3ක් වගේ අගයක් තමයි අරන් තියෙන්නේ. ෆිල්ම් එකේ හැටියට ඒ මදිත් නෑ කියල මට හිතෙනවා. අනිත් අයගේ ප්‍රශ්න තමන්ගේ පවුල ඇතුලට නොගෙන, තම තමන්ගේ පවුල් ජීවිත ලස්සන කරගන්න හැමෝටම වාසනාව වගේම ආත්ම විශ්වාසයත් ඇති වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
Revolutionary.Road.2008.BRRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
901 downloadsDownload Revolutionary-Road-2008.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/my-photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක දුලන්ත රණතුංග” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක දුලන්ත රණතුංග
Subtitles
35 comments
උදය කුමාර
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
asitha
මම බලපු ගොඩාක් ලස්සන ෆිල්ම් එකක්
තාමත් මතකයි කතාව
එලChalana
thnx bro...
janiya
thanks bro sub ekata the aviator film ekatath sub eka denna balanna ekath pattama film ekk
hiran
tnk bro sub ekta...Leonardo DiCaprioge ewa nm atha arinne ne mn...good luck
ප්‍රසා
ස්තුතියි
හරිම ලස්සනයිGayan
supiri
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Rajitha
Thanks machan......jayawewa.........!
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Nelson
Good Work Friend, Thanks!
Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...
මේකේ සබ් එක තියනවද කියලා මම කලිනුත් ඇවිත් බලල තියනවා. කවුරුවත් කලේ නැත්නම් මම හරි කරන්නම් කියලයි හිතන් හිටියේ...
දිගටම මේ වගේ ටිකක් පරන උනාට හොද ෆිල්ම් වලට සබ් දෙන්න....ආසිරි ප්‍රියන්ත (හේවා)
අප්පද බොලේ, ලැප් එකේ බර කාලයක් තිස්සේ තිබ්බ ෆිලුමක්. තාම බලන්න උනේ නෑ.
18+ කියල දැනගත්තේ දැන් නොව.
දැන් නම් හෙට අනිද්දම බලන්න වෙයි වගේ.
අනික දීකප්‍රියෝ ඉන්නවා නම් ෆිලුම මොකද්ද අදාල නා.
සබට තැන්ක්ස් මචෝ.
දිගටම සබ ගේමු.
ජය වේවා!!ඉෂාන් එරංග
සබට තැන්ක්ස් මචන්.පුලුවන්නම් Little Children (2006) එකෙත් සබ් දාපන්කො.IMDb 7.6ක් තියනව.
Chanuka
Thanks! bro
Neranja Senarathne
ලස්සනයි හොදේ.. අපිට මේක සමරන්නත් බැරි උනා තාම
Chinthaka Dulantha Ranathunga
ඇපල් එක්ක සමරමු...
wiki
Thanks
Chinthaka Dulantha Ranathunga
ස්තුතියි! දිරිමත් කිරීම් වලට...
චතුෂ තුෂර කුමාර
ඇත්තටම හොඳ ෆිල්ම් එකක්... උපසිරැසියත් අපූරුයි... අර සිංහල තේරෙන්නේ නැද්ද සහ නෙල්ලි කැලේ සීන් එහෙම... :D
Chinthaka Dulantha Ranathunga
ස්තුතියි මිත්‍රයා
wicki
Thanks
LSM HUSKAA
බොහොම ස්තූතියි සහෝ…
nimal dissanayake
ජය වේවා, චින්තක!
ෆිල්ම් එක බලද්දී මට ආවා පිස්සු සිතිවිල්ලක්.
Titanic නැව නොගිලී
ජැක් රෝස් දෙන්නා විවාහ වුණා නම්?
ඇත්තටම කතන්දරය පටන් ගන්නේ
එයිට පස්සේ නේද?
කේට් ඩිකැප්‍රියෝ දෙන්නාම මේ ෆිල්ම්ස් දෙකේම
ඉන්න නිසා වෙන්නැති මට එහෙම හිතුනේ.
කොහොම වුණත් ෆිල්ම් ඒකට සබ්ස් දෙන එක සැහෙන්න
අමාරු වෙන්නැති කියල හිතෙනවා.
ඒ දුෂ්කර කාර්යය අතිසාර්ථකව කළාට
චින්තකට ගොඩක් ස්තුතියි!Chinthaka Dulantha Ranathunga
ස්තුතියි මිත්‍රයා...
Gayan Chathuranga
thnaks bro !
Manu vikum
Sub ekata thanks ..!
Navodlakdilu
Thanks bro
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
ashi1988
thank you machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

දිගු ගමනක ඇරඹුමට සුභ පැතුම්..!