Watch Trailer

Voice from the Stone (2017) with Sinhala Subtitles | පර්වතය තුළින් ඇසෙනා ආත්මීය හඬ [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න මගේ විසි එක්වන උපසිරැසිත් ඔයාලට අරං එනවා. අප්‍රේල් මාසයේ චිත්‍රපට හතරකටම මං උපසිරැසි දුන්නා. මාසයක් ඇතුළත මං කරපු වැඩිම උපසිරැසි ගාණත් මේක තමයි. ඇත්තටම කරන්න හිටියේ Personal Shopper (2016) එකයි. ඒත් මේ කතාව 2017 දී ආපු නිසා මේක මුලින්ම කරන්න හිතුව. Personal Shopper එක ඊළඟට දෙන්නම්කෝ. මු…

එහෙනම් ඔන්න මගේ විසි එක්වන උපසිරැසිත් ඔයාලට අරං එනවා. අප්‍රේල් මාසයේ චිත්‍රපට හතරකටම මං උපසිරැසි දුන්නා. මාසයක් ඇතුළත මං කරපු වැඩිම උපසිරැසි ගාණත් මේක තමයි. ඇත්තටම කරන්න හිටියේ Personal Shopper (2016) එකයි. ඒත් මේ කතාව 2017 දී ආපු නිසා මේක මුලින්ම කරන්න හිතුව. Personal Shopper එක ඊළඟට දෙන්නම්කෝ.

මුලින්ම මං විමා සහෝට ස්තූතිවන්ත වෙනවා මට මේක දුන්නට. ඊයේ උදෙන්ම මං මේක ඉල්ලුවම මට කරලා දෙන්න කිව්වා.  ඉතිං මාත් වැඩි කාලයක් ගන්නේ නැතුව කරලා දැම්මා. එහෙනම් කතාවට යමු. මේ කතාව ඇත්තටම ටිකක් විතර වෙනස් කතාවක්. හැමදාම බලන සටන්, හොල්මන්, ආදර කතා, කාටුන් වලට වඩා එහා ගිය වෙනස්ම විදිහක කතාවක්. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝ එක බැලුවම මට හිතුණා කතාව හොඳ ඇති කියලා.

කතාවේ විදිහට ජේකොබ් කියන පිරිමි ළමයාගේ අම්මා (මල්විනා) මැරෙනවා. ජේකොබ් එයාගෙ අම්මට ගොඩක් ආදරෙයි. ඉතිං අම්මා මැරුණු දවසේ ඉඳලා ජේකොබ් කිසිම කෙනෙක් එක්ක වචනයක් වත් කතා කරන්නේ නෑ. අඩුම තරමේ තාත්තා, ක්ලෝස් (Marton Csokas) එක්කවත් කතා නෑ. ඉතිං තාත්තා තමන්ගේ පුතාව ආපහු කතා කරවන්න සෑහෙන උත්සහයක් ගන්නවා. වෙරේනා (Emilia Clarke) කියන්නේ ළමයි බලාගන්න නර්ස් කෙනෙක්. Me before You (2016) චිත්‍රපටයේ ඉන්නෙත් මෙයා තමයි. වෙරේනා ගෙයින් ගෙට ගිහින් ළමයින්ගේ ප්‍රශ්න විසඳනවා. ළමයින්ට හොඳ උනාම වෙන ගේකට යනවා. ඒක තමයි එයාගෙ රස්සාව. ඉතිං වෙරේනා අන්තිමට ජේකොබ්ගෙ ගෙදරටත් එනවා ජේකොබ්ව කතා කරවන්න.

ජේකොබ්ගෙ පුරුද්දක් තියනවා බිත්ති වලට කණ තියන් ඉන්න. එයාට එයාගෙ මැරුණු අම්මා බිත්ති ඇතුළින් කතා කරනවා ඇහෙනවා. ඉතිං හැමෝම වගේ හිතන්නේ ජේකොබ් මානසික ලෙඩෙක් කියලා. වෙරේනා පුළුවන් හැම විදිහකටම උත්සහ කරනවා ජේකොබ්ව මේ පුරුද්දෙන් මුදවලා ආපහු සාමාන්‍ය ළමයෙක්ගෙ තත්වයට ගේන්න. ඔයාල හිතන්නේ මොකද? ජේකොබ් කතා කරයි ද? නැද්ද?  

කතාව ඇත්තටම හරිම සංවේදී මට්ටමක තියනවා. හෝව් හැබැයි පොඩි දෙයක්. වෙරේනා නිරුවතින් ඉන්න සීන් එකකුත් තියනවා. ඒක බලලා ඔයාල සංවේදී වෙන්න එපා. ඊට පස්සේ චිත්‍රපටය බලන එක නවත්තලා වෙන වෙන දේවල් කරයි. චිත්‍රපටය නිකුත් වෙන්නේ අප්‍රේල් මාසයේ ඇමෙරිකාවේදී. Eric D. Howell කියන අධ්‍යක්ෂකවරයා, Silvio Raffo කියන ඉතාලි ජාතික නවකතා රචකයා මේ නමින් ලියපු කතාව පාදක කරන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. සමහර ඉතාලි දෙබස් මට වෙනමම පරිවර්තනය කරන්න උනා. Mystery, Drama කාණ්ඩයට වැටෙන මේ කතාවේ IMDb අගය 5.7 ක් වෙනවා.

එහෙනම් මේක බලන්නකෝ. හිතනවා වෙනස් ආරෙක සිනමා අත්දැකීමක් ඔයාලට ලැබෙයි කියලා.

එහෙනම් නැවත හමුවෙමු.!  හා ද?

Voice from the Stone (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Voice.from.the.Stone.2017.720p.WEB-DL.x264-NBY

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB DLපිටපත් සඳහා අදාළ වේ.

1,088 downloadsDownload Voice-from-the-Stone-2017.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

1,088 downloadsDownload Subtitles24 KB

21 comments

  1. Dhanushka WickramaSinghe

    ela

  2. SoMeOnE

    Thanks for the sub :)
    Keep it up (Y)

  3. Imalka

    sub akta tnx

    puluwnnm mekatath sub aka denna

    Immortel (2004)

  4. GAYAN

    hi bro i wont you my korean drama sinhala sub in My Lovely Girl { SINHALA SUB AKA HADANNA PULUWANNDA}

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  7. Gathsara Umesh Kumara

    Bohoooooooooom sthuthiy uapsiresiyata.......
    Ikmnin ilaga uapsiresiyen hamuwemooo

  8. නවින් නිසල්

    ~~~උපසිරසියට තුති~~~~

  9. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  10. Rumesh Nilantha Jayaweera

    thanks film eka aran tibbe dan baluwahaki

  11. Chalana

    thnx bro...

  12. Pubudu

    23 jump street film එක ඇවිල්ලා බං... sub එක දෙන්ඩෝ...

  13. Nelson

    Good Work Friend, Thanks!

  14. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  15. Prasad Randunu

    Thank Chami Sahoooo...! Ela wedak...! Jaya wewa Bro...! Digatama Demu Subz

  16. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  17. Kanchana K Jaye

    the wire tv serias ekta sub dennko saho puluwnnm

  18. ආසිරි ප්‍රියන්ත (හේවා)

    වෙරේනා නිරුවතින් ඉන්න සීන් එකකුත් තියනවා.

    මෙයාගේ අමුතුවෙන් ආයේ මොනවා දකින්නද? අපි ගේම් ඔෆ් ත්රෝන් ෆෑන් ල නොවැ.
    ඒත් අතාරියි.
    සබට තැන්ක්ස් ආ.
    මදි මදි, මාසෙට හතරක් හොදටම මදි.
    මාසෙට 15 ක් වත් ඕනේ.
    එහෙනම් සබට තැන්ක්ස් හොදේ.
    ජය වේවා!!

  19. Nishan

    Thanx bro

  20. mark

    Personal shopper 2016 sub eka deepanko bro....

  21. nimal dissanayake

    චාමිකර, මම දන්නා තරමට නම් එහෙම කියන්නේ හඳට.
    මට හිතුණේ
    සමහර අය නම නිසා බැබළෙනවා.
    තවත් අය නිසා නම බැබළෙනවා!
    මේ සයිට් එකේ අය අතරින්
    ඔයා අයත් වෙන්නේ කොයිකටද කියලා
    මම කියන්නේ නැහැ;
    එතකොට ආඩම්බර වෙයි කියලා.
    ගොඩක් ස්තුතියි.
    හරිම සංවේදී,සාර්ථක, හිත පතුලටම වදින නිර්මාණයකට
    අතිසාර්ථකව ඔයාගේ දායකත්වයත් දුන්නාට!
    Morgan, i Boy ෆිල්ම්ස් දෙකයි, මේකයි
    විතරක්ම වුණත් ඇති
    ඔයාගේ නම සයිට් එකේ පවතින්න.