පහුගිය කාලෙ විශාල කතා බහකට ලක් වුණ, සෑහෙන්න ප්‍රශ්ණ වලට හේතු වුන ෆිල්ම් එකකට නොහිතපු විදියට සබ් එකක් කරන්න සිද්ධ වුණා. මේක පටලවපු අශාන් විමුක්ති සහෝදරයාට ස්තුතිය. දවස් තුනක් වගේ කෙටි කාලයකදි මේක ඉවර කරගන්න පුළුවන් වුණ එකම මට ලොකු ජයග්‍රහණයක්. මම සාමාන්‍යයෙන් කාලය අරන් හිමීට සබ් කරන කෙනෙක් නෙ. මේක ම…

පහුගිය කාලෙ විශාල කතා බහකට ලක් වුණ, සෑහෙන්න ප්‍රශ්ණ වලට හේතු වුන ෆිල්ම් එකකට නොහිතපු විදියට සබ් එකක් කරන්න සිද්ධ වුණා. මේක පටලවපු අශාන් විමුක්ති සහෝදරයාට ස්තුතිය.

දවස් තුනක් වගේ කෙටි කාලයකදි මේක ඉවර කරගන්න පුළුවන් වුණ එකම මට ලොකු ජයග්‍රහණයක්. මම සාමාන්‍යයෙන් කාලය අරන් හිමීට සබ් කරන කෙනෙක් නෙ. මේක මගේ #54 වෙනි උපසිරැසිය වෙන්න ඕන. හරි දැන් අපි ෆිල්ම් දිහාවට ටිකක් යමු.

මේ ච්ත්‍රපටයේ කියවෙන්නේ අපේ මුරලිගෙ ජීවිත කතාව. ඒ කිව්වේ මුත්තයියා මුරලිදරන් ගෙ කතාව. මුරලි කිව්වම ඉතින් කවුද නොදන්නෙ. මේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයා, දඟ පන්දු යවන්නා ගැන ලෝකයම දන්නවා. පෞද්ගලිකව මම ඉතාමත් ප්‍රිය කරපු සහ අදටත් ප්‍රිය කරන ක්‍රීඩකයෙක් තමයි මුරලි කියන්නෙ.

මුරලි මුහුණ දුන්න ප්‍රශ්ණ සහ ඒ ප්‍රශ්ණ මැදින් අන්තිමට එයාගෙ ජීවිතේ ඉලක්ක වලට සාර්ථකව ගිය විදිය ගැනයි මේකෙ තියෙන්නෙ. ලංකාවෙ මෑත ඉතිහාසයේ ගොඩක් සිදුවීම් මේ චිත්‍රපට තුළ ලස්සනට ඇතුළත් වෙලා තියෙනවා.

ගිය අවුරුද්දේ (2023) ඔක්තෝබර් මාසෙ තිරගතවීම ආරම්භ වුණ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ M.S. ශ්‍රීපති කියන අධ්‍යක්ෂකවරයා. මුරලි ගෙ චරිතයට පණ පොවන්න මුලින් තෝරගෙන හිටියේ විජේ සේතුපති කියන බොහොම ජනප්‍රිය නළුවා.


තමිල්නාඩු වලින් එල්ල වුණ බලවත් විරෝධය සහ තර්ජන නිසා මුරලි ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියා විජේට මේකෙ රඟපාන්න එපා කියලා. ඉතින් මේ චිත්‍රපටයේ මුරලිගෙ චරිතයට ඊළඟට තෝරගත්තේ මධුර් මිත්තල් කියන නළුවාව.


මම දැකපු විදියට මෙයා චරිතයට හොඳ සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය IMDB අගය 7.4ක් වගේ ඉහළ අගයක් ලබා ගන්නත් හැකි වෙලා තියෙනවා.

මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වයක් තමයි, මේකෙ දෙමළ ඕඩියෝ ට්‍රැක් එකේ සෑහෙන්න සිංහල දෙබස් අන්තර්ගත වීම. ඉතින්, අමතක නොකර ඕඩියෝ ට්‍රැක් එක හිංදි හරි තෙලිගු හරි නම් ඒක දෙමළ වලට ප්ලේයර් එකෙන් මාරු කරගන්න. මොකද මේකෙ මුල් භාෂාවත් දෙමළ. අනික් පරිවර්තන එච්චර සාර්ථක නෑ. මේකේ සිංහල දෙබස් වලට මම උපසිරැසි කරන්න ගියේ නෑ. මොකද ඉන්දියන්, දෙමළ ෆිල්ම් එකක සිංහල දෙබස් ඇහෙන එක වෙනම ආතල් එකක් නිසා.

මම සාමාන්‍යයෙන් වැඩිය ඉන්දීය චිත්‍රපට බලන කෙනෙක් නොවුණත්, කිසි කම්මැලිකමක් නැතුව, pause නොකර එක දිගට බලාගෙන ගිය චිත්‍රපටයක් මේක. මම ඔයාලටත් ආරාධනා කරනවා මේ චිත්‍රපටය අනිවාර්යයෙන් බලන්න. ඔයා ක්‍රිකට් වලට ආසයි නම්, අනිවාර්යයෙන් ඔයා මේ චිත්‍රපටයටත් ආස වෙනවා. ගිහින් එන්නම්. ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,277 downloadsDownload 800-2023-Sinhala-Subtitles.zip116 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

7,277 downloadsDownload Subtitles116 KB

10 comments

  1. Anonymous

    Jaya wewa

  2. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ මේ ෆිලුමට උපසිරැසි දුන්නට

  3. නුවන් අසේල

    තැන්ක්ස් මචන් උපසිරැසියට

  4. Gihan

    Thanks for Subtitle....Good Luck

  5. dulanga

    wrong link

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Anonymous

    sub eka weda na

    1. Ranga

      සබ් එක වැඩ කරනවා සහෝ...
      ඔයාගේ ප්ලේයර් එකේ අවුලක්ද දන්නේ නැහැ.

  8. Nirosha Nirosha

    thank you

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤