Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles ආයුබෝවේවා හැමෝටම. ඔන්න එහෙනම් පෙරළිකාර අධ්‍යක්ෂවරයෙක්ගේ පෙරළිකාර නිර්මාණයක් ඔයාලට අරගෙන ආවා. කලින් චිත්‍රපටය නරඹපු අයනම් මේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තේ. කලින් කොටස තාමත් බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට ගිහින් Rebel Moon – Part…

ආයුබෝවේවා හැමෝටම. ඔන්න එහෙනම් පෙරළිකාර අධ්‍යක්ෂවරයෙක්ගේ පෙරළිකාර නිර්මාණයක් ඔයාලට අරගෙන ආවා. කලින් චිත්‍රපටය නරඹපු අයනම් මේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තේ. කලින් කොටස තාමත් බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට ගිහින් Rebel Moon – Part One: A Child of Fire (2023) බලලා මේක නරඹන්න කියලා මතක් කරන්න ඕන. හොලිවුඩයේ සුපිරි අධ්‍යක්ෂවරයෙක් වන Zack Snyder මහත්මයගේ නවතම ව්‍යාපෘතිය තමයි මේ Rebel Moon Universe එක. මේ ඔස්සේ චිත්‍රපට මාලාවක්ම නිකුත් වෙන්න නියමිත බව සඳහන් වෙන්නේ. ආරංචියේ හැටියට මේ ව්‍යාපෘතිය ඔස්සේ අපිට චිත්‍රපට 6ක් බලාගන්න හැකි වෙනවා. වැඩි දේවල් කියන්න යන්නේ නෑ. එහෙනම් කලින් උන දේවල් පොඩ්ඩක් මතක් කරගෙනම මේ චිත්‍රපටයේ විස්තර බලමු නේද.
මව් ලෝකයේ පාලකයාගේ බලයට ඇති කෑදරකම නිසා බොහෝ ලෝක වලට මූණ දීමට උන අභියෝගත්, පසුව කුමන්ත්‍රණයකින් රජු සහ රැජිණව ඝාතනය කිරීමෙන් පසු ඇතිවුන බල ඝට්ටනයත් පලවෙනි කොටසෙදි අපිට දැනගන්න ලැබුනා. රජතුමාගේ මරණින් පස්සේ ඇතිවුන ප්‍රතිවිපාකයක් විදියට ඔහුගේ යටත් රාජ්‍යයන් තුළ කැරලි ගැසීම ආරම්භ උනා. මේ රාජ්‍ය අස්ථාවරබව ප්‍රයෝජනයට ගත්ත බැලිසාරියස් කියන සෙනෙට් නිළධාරියා කවුරුත් නොහිතපු විදියට බලය පැහැරගෙන රාජ්‍යාධිකාරවරයා හෙවත් උප රජතුමා බවට පත්වුනේ මේ අවස්ථාවෙදි තමයි. අනුකම්පා විරහිත පුද්ගලයෙක් උන බැලිසාරියස්, කැරළිකරුවන්ව සමූල ඝාතනය කිරීම සඳහා ඔහුගේ කෲරතම කමාන්ඩර්වරයා වන ඇටිකස් නෝබල්ව වෙනත් ලෝක වෙතට යවනු ලැබුවා. ඇටිකස් මේ ගමනෙදි මාරා කියන ග්‍රහලෝකයට අයත් වෙල්ඩ්ට් කියන චන්ද්‍රයෙක් වෙත එනවා. වෙල්ඩ්ට්වල වාසය කලේ අහිංසක ගොවි ජනතාවක්. ඇටිකස් ඔවුන්ට තර්ජනය කරලා තමන්ගේ හමුදාවේ ආහාර වෙනුවෙන් ඔවුන්ගේ අස්වැන්නත් බලෙන් ලබාගන්නවා. කලකට පෙර අධිරාජ්‍යයේ හමුදා නිළධාරිනියක් සහ රාජ්‍යාධිකාරී බැලිසාරියස් විසින් හදාවඩා ගත් දියණිය උන කෝරා, අධිරාජ්‍යයේ දුෂ්ට ක්‍රියා නිසා කලකිරිලා මව්ලෝකයෙන් පැනලා ඇවිත් රහසිගතව ජීවත් වෙලා හිටියෙත් මේ වෙල්ඩ්ට් කියන ගම්මානයේම තමයි.
කෝරා යුද්ධයට අකැමති උනත් අධිරාජ්‍යයේ බලයෙන් වෙල්ඩ්ට් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා. වෙල්ඩ්ට්වල ඉන්නේ සටන් කරන්න නොදන්න ගොවියන් විතරක් නිසා ඔවුන්ව පුහුණු කරන්න සහය ලබාගන්න ඇය රණශූරයන් කණ්ඩායමක් එක්රැස් කරනවා. හිටපු ජෙනරාල්වරයෙක් වන ටයිටස්, විප්ලව හමුදාවේ නායක ඩාරියන් බ්ලඩ්ඇක්ස් සහ ඔහුගේ ජෙනරාල්වරිය මීලියස්, ප්‍රචණ්ඩ කඩු සටන්කාරියක් වන නෙමෙසිස් වගේම අයෝමය ටරක්ද සටනට එකතු වෙනවා. පාවාදීම් සහ නොසිතූ උදව් එක්ක ඇටිකස් නෝබල් සමඟ ද්වන්ධ සටනකින් ජයගන්න කෝරාට හැකිවෙනවා. අවසානයෙදි අපි දැක්කේ තුවාල ලබලා දිවි ගලවා ගන්න නෝබල්ව හමුවෙන බැලිසාරියස් උප රජු, කෝරාව ජීවග්‍රාහීව අල්ලගෙන එන්න කියලා නෝබල්ට නැවත අණ කරන විදියයි.
Rebel Moon– Part Two: The Scargiver චිත්‍රපටය මේ වෙද්දි 63%ක ගූගල් පරිශීලක කැමත්ත සහ 6.1ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය වර්ගීකරණය වෙන්නේ Action / Fantacy / Adventure /Sci-fi යන කාණ්ඩයන්ට තමයි. සුපුරුදු විදියටම Sofia Boutella කෝරා ලෙසත්, Mitchel Huisman ගුනර් ලෙසත්, Djimon Hounsou ජෙනරල් ටයිටස් ලෙසත්, Ed Skrein ඇටිකස් නෝබල් ලෙසත්, Staz Nair ටරක් ලෙසත්, ඔස්කාර් සම්මානලාභී Anthony Hopkins මහත්මයා ජීමී කියන රොබෝවරයට තම හඬ දායකත්වය ලබා දෙනවා. එහෙනම් කෝරා ඇතුළු වෙල්ඩ්ට් ගම්මානයට අධිරාජ්‍යයේ මොන වගේ තර්ජනයක් එල්ල වෙයිද? ඔවුන් ඒක කොහොම මූණ දෙයිද කියලා බලමු. ඊයේ (19) ආපු ෆිල්ම් එකට අද (20) වෙද්දි උපසිරසි දුන්නා එහෙනම්. ඒ නිසා ඒකටත් සලකගෙන යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. මට මේ චිත්‍රපට මාලාව භාර දුන්න විමාටත්, ෆිල්ම් එක ආපු ගමන් මතක් කරපු අපේ ඇඩ්මින් සෙට් එකටත් ගොඩක් ස්තූති කරනවා. තවත් උපසිරසියකින් නැවත හම්බෙමු ජයවේවා!!!
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
18,000 downloadsDownload Rebel-Moon-Part-Two-The-Scargiver-2024.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Editor's Pick
- #Must Watch
- #Rebel Moon
- #Rebel Moon - Part Two: The Scargiver (2024)
- #Rebel Moon - Part Two: The Scargiver (2024) Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
38 comments
Gagan pabasara
Anonymous
ස්තුතියි
Malith dilshan
Thank You brother ❤️
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ධනු ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Shaggy
ස්තූතියි මචං ❤️
Anonymous
Bimsara Yashan(ඔලිව)
සුපිරීනෙ. පහුවදාම සබ් එකත් දීල. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. ජයවේවා!
Kevin D...
Thanks...
lakmal
thanks bro
Sumal
Thanks
Anurada
Thank You.....!!!
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
ජයවෙවා. කියන්න තියෙන්නේ එච්චරයි. ජයවෙවා ✌
Rathnayake
ජයවෙවා. කියන්න තියෙන්නේ එච්චරයි. ජයවෙවා ✌
ආකාශ්
සබට තෑන්ක්ස්ස් බ්‍රෝ #හේල් චයිනා,රසියා බටහිර ආධිපත්‍යය බිද හෙලමූ
Buddhika Lakmal
බොහෝම ස්තූතීයි මචං....
එච්චරයි....
ජයවේවා......Anonymous
TNX MCHAN SUB EKT
puluwnnm the spiderwick chronicles series ektth sub oneKavindu Nethmina
Sub ekata thanks bro
Supun
Sub akata tnqqqq bro... Awa gaman dunnata romba tnx... Ela kollek... Jaya weewaa...!!!
Anonymous
Thanks Brother
suraswv
yes
Asela sudesh
ස්තූතියි ගොඩාක්...බුදුසරණයි
Damith niwanthaka Ranasingha
Thanks bro. Jaya wewa.......!!!
Sahan Gayantha
thanks a lot Yuran saho sub ekata
සාරංග
ස්තුතියි බොහෝම !
Kavindu Edirimanne
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට , පළවෙනි එකත් බැලුව..පිල්ම් නම් පිල්ම් ඉතිං
මේකත් පට්ට පතුරු ඇති කියල හිතනව, සබත් බාගෙනම බලනව අද. නැවතත් ස්තුතියි සබ් එක දුන්නට., ජය ❤Hashan
Thanx for the sub bro...❤️
Roshan
Thnx bro.Great job.Good luck.
Agent 47
Danuka Malaya...bohoma sthuthiyi kollo sub ekata ..baiscopelk ekata jaya..
KPS
Thankz...............
indika 75
thanks..
Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න
oshanda
thanks brother...
Anonymous
Thankyou
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhathiya
DIRECTORS CUT ekata sub update karannako
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Harshana
Thanks for sub brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි ❤️