Watch Trailer

A Aa (2016) with Sinhala Subtitles | අ..ආ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර අලුත්ම චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. චිත්‍රපටය ඇවිල්ලා ටික කාලයක් ගියාට ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ මීට දවස් හතරකට විතර කලින්. උපසිරැසිය ඉක්මනටම දෙනවට වඩා හොඳ ගුණත්වයෙන් දෙන්නයි උත්සහ කරේ. ඒ වගේම මේ උපසිරැසිය මට වෙන් කරලා දුන්නට විමා සහෝදරයටත් ගොඩක් ස්තූතියි. මේ චිත්‍රපටය ගැන කියනවනම…

A Aa (2016)

ඔන්න මේ පාර අලුත්ම චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. චිත්‍රපටය ඇවිල්ලා ටික කාලයක් ගියාට ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ මීට දවස් හතරකට විතර කලින්. උපසිරැසිය ඉක්මනටම දෙනවට වඩා හොඳ ගුණත්වයෙන් දෙන්නයි උත්සහ කරේ. ඒ වගේම මේ උපසිරැසිය මට වෙන් කරලා දුන්නට විමා සහෝදරයටත් ගොඩක් ස්තූතියි.

මේ චිත්‍රපටය ගැන කියනවනම්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Trivikram Srinivas විසින්. ප්‍රධාන චරිත දෙකට දායකත්වය දක්වලා තියෙන්නේ තෙළිඟු සිනමාමේ කවුරුත් දන්නා හඳුනන නිතින් (ආනන්ද් විහාරි නොහොත් නන්දු ලෙස) සහ සමන්තා (අනසුයා රාමලිංගම් ලෙස). මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ දැනට 7.1 ක් තරම් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම 2016 වසරේ වැඩිම ආදායම් ලබපු තෙළිඟු චිත්‍රපට 10 අතර තියෙන චිත්‍රපටයක්.

කතාව පටන්ගන්නේ මෙහෙමයි, අනසුයා කියන්නේ ලොකු සල්ලිකාර පවුලක කෙනෙක්. සල්ලි තිබ්බට මොකද මෙයාට ඇති සතුටක් නම් නෑ. මෙයා කැමති කිසිම දෙයක් එයාට කරන්න අම්මා ඉඩ දෙන්නේ නෑ. අම්මට ඕන විදිහට තමයි හැමදේම කරන්න වෙන්නේ. ඔය අස්සේ අම්මා බලෙන්ම වගේ මෙයාව කසාද බන්දලා දෙන්න යනවා. ඉතින් මේක දුර දිග ගිහිල්ලා අනසුයා සිය දිවි හානි කරගන්න උත්සහ කරනවා.

අනසුයාගේ තාත්තට මේක ඉවසන් ඉන්න බැරි වෙනවා. අම්මා ටික දවසකට රට ගියාට පස්සේ මෙයාගේ හිත හැදෙන්න කියලා දුර ගමකට යවනවා. එතකොට තමයි ආනන්ද් විහාරිව මුණගැහෙන්නේ. ඇත්තටම මේ දෙන්නා නෑනයි මස්සිනයි තමයි වෙන්නේ. මේ පවුල් දෙක එක හේතුවක් නිසා ටිකක් හිත් අමනාපෙන් ඉන්නේ. ඒත් අනසුයා මෙහෙට ගියාට පස්සේ මේ ගමට එයාගේ හිත ඇදිලා යනවා. ගමට කිව්වට ගමටත් වඩා ආනන්ද් විහාරිට.

ඇත්තටම මේ පවුල් දෙකේ අමනාපකමට හේතුව මොකක්ද? අනසුයා ට ආනන්ද් කැමති වෙයිද? ඒකටත් මේ ආරවුල බලපායිද? තව මොන වගේ බාධා ඇති වෙයිද? ඒවා නම් ඉතින් ෆිල්ම් එක අරගෙනම තමයි බලන්න වෙන්නේ.

මේ ෆිල්ම් එකට උපසිරැසි ගොනුවක් ඇවිල්ලා තිබ්බේ බෙංගාලි භාෂාවෙන් විතරයි. ඉංග්‍රීසි එකක් දාලා තිබ්බට ඒකත් බෙංගාලි උපසිරැසිය ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා තමයි දාලා තිබ්බේ. කොහොම හරි වැඩේ අතාරින්නෙ නැතුව ඒ ඉංග්‍රීසි උපසිරැසි ගොනුව අරගෙන තමයි මේක දුන්නේ. ඒ නිසා සමහර විට පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුලුවන්. ඒ උපසිරැසියේ කාළ රාමු හරියට නැති නිසා පළවෙනි වතාවට කාළ රාමුත් හදාගෙන උපසිරැසිය කරන්න වුනා. ඒකට ඉතින් දවස් 3 ක් එකදිගට මහන්සි වුනා. හොඳ උපසිරැසියක් ආවම අප්ඩේට් එකක් දාන්නම්. හිත හදාගන්න අදහසකුත් පළකරගෙන යන්න.

ඊලඟට හින්දි උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

A Aa (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

A Aa [2016] Telugu HDRip x264 700MB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

8,203 downloadsDownload A-Aa-2016Baiscopelk.com_.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

8,203 downloadsDownload Subtitles56 KB

52 comments

  1. Dhanaa

    උපසිරැසියට බොහෝම ස්තූති සහෝ.... ඔබට ජය....

  2. Nirodha uthpala

    Elama bro digatama sub denna labeva keya hadavatinma partana karanava mea ara allu arjun ge sirrinodu eake sub tama na ne eaka rare denavada

  3. Sineth madushan

    godak sthuthi

  4. Dhanuka Kumara

    මම මේකේ English subtitles 1ක් හැමතැනම හෙව්වා..හම්බ උනේ නැහැ..thank you සඳේ!!!

  5. Sisila Prasad

    නියමයි සහෝ.
    උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
    ජයවේවා!!!

  6. Suu

    thank u

  7. KAVINDA GAMAGE

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා

    1. ranga

      ubata meka koriyan wageda.moda pakek tho nam

  8. upul

    tnx brother

  9. kasun

    thanks brooo....

  10. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  11. Kulanjana Maduranga

    niayamai…aniwa balanna ona 1k...thanks SHASITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. මදුසංක

    මං බලපු පට්ටම පිලුමක්..තෑන්ක්ස් බ්‍රො

  13. ranga

    trailer eka nam melo rahak na ban..bagannath bayai hodada nadda kiyala.

  14. jinadaree

    උපසිරැසියට බොහෝම ස්තුතියි....

  15. Chalana Rukshan

    thnx bro...

  16. අකලංක දිනෙත්

    po nna weda karanna epaa ban...mekata wena sinhala sabak daapu eka uba edit karalaa gahalaa
    .genu weda ban owaa

    1. shasith sandaruwan

      එහෙම කරන්න නම් කිසිම උවමනාවක් නෑ. මේක මම අලුතෙන්ම කාළ රාමු නිර්මාණය කරලා කරපු සබ් එකක්. අනික තව කෙනෙක් හදපු එකක් කොපි කරලා මොකටද? අපි මේක කරන්නේ ආසාවට මිස වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔය වගේ **** වචන දාලා තමන්ගේ තත්වය පෙන්වන්න යන්න එපා. කවුරු මොනවා කිව්වත් මගේ හෘද සාක්ෂිය දන්නවා මේක හැදුවේ කොච්චර මහන්සි වෙලාද කියලා.

    2. dushan

      sira kathwa.me suba wana site ekaka thibuna.a site eka pora mansiwala hadapu saba ma site eka dala.me wada nisa me site ekath sawthu wnwa.

    3. shasith sandaruwan

      එක සැරයක් අපිට කලින් සබ් එකක් දුන්නා කියලා අපි ඒකෙන් කොපි කරා වෙනවද? එහෙනම් අපි කලින් දීලා තියෙන අනිත් සබ් කොපි කරලද ඔය කියන සයිට් වල දාලා තියෙන්නේ? මමනේ දන්නේ කොච්චර මහන්සි වෙලාද මේ සබ් එක හැදුවේ කියලා. අම්මපා මේ කතා දැක්කම සබ් කරන එකත් එපා වෙනවා.

    4. hiran

      anee bn boru line gahanna epa...mama sub 2 kama beluwa...meeka kalin dipuu ekee line wenas karalaa gahalaa kiyalaa hodata therenawa...mee wagee AMANA WEDA Karanna epaa ban...uba wena ekek mahansi welaa karapu ekak wachana wenas kara kara gahala...balu weda epaa ban..uthh ooka karalaa thibunee patta geemak dilaa...ehema ekee uba ugee ekee wachana wenas karalaa gahalaa ubee nama gahala...ithimn ban ubata oya tharam awulak thibunanam film eka ewith maasa ganaak welaa ubalata saba denna thibunanee...boru weda epaa ban....

    5. shasith sandaruwan

      මේ වගේ දේවල් වලට රිප්ලයි කරන අන්තිම වතාව මේ. කවුරු කොහොම කිව්වත් මම දන්නවා මමමයි මේක කරේ කියලා. අනික මේකට මාස ගානක් ගියේ ඉංග්‍රීසි සබ් එකක් එනකල් හිටිය නිසා. ඒ වගේම බයිස්කෝප් ටැමිල් කිංග් සඳුන් දනුෂ්ක අයියා මට මේකේ ඉංග්‍රීසි සබ් එක එව්වේ බයිස්කෝප් ඇඩ්මින් සමන් ප්‍රසාද්ගේ මාර්ගයෙන්. ඒත් විශ්වාස නැති අය ඉන්නවනම් මේල් ඇඩ්‍රස් දාන්න බයිස්කෝප් එකත් එක්ක හුවමාරු වුන මේල් වල ස්ක්‍රීන් ෂොට් දාන්නම්. එතකොට ඒ දිනත් එක්කම බලාගන්න පුලුවන්නේ. එච්චරයි. මොනවා කිව්වත් තරහක් නම් නෑ. ඔබට ජය!

  17. shayan

    thanks bn..gdak dwsak balan htya mekata sub enakaal.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ...
    වදින ගල් මුල් සිනහවකින්ම පිලිගන්න.
    අවශ්‍ය වන්නේ ලොකෙට පේන්න නිවැරැදි වීම නොව
    තම හෘද සාක්ෂියට අනුව නිවැරැදි වීමයි.
    ඔබට ජය.

    1. shasith sandaruwan

      බොහොම ස්තූතියි සහෝ අදහසට.

  20. DntDs

    ෆිල්ම් එක Download කරලා මාස 4ක් වෙනවා,
    සබක් නැති හින්දා බලන්න බැරුව හිටියේ....

    බොහොම ස්තුතියි මචන්....

  21. Jeewantha Madushan

    Thank you.. Force 2 film ekatath ikmanta sub eka denna saho.

  22. Isitha Prasad

    Thanks bro sub ekata denakan balagena hitapu film ekak
    Digatama sub denda

  23. kasun

    thank you

  24. Chami.S

    Thanks..

  25. Madhu

    thank you

  26. Lakmal Madushanka

    Elakiri film ekak..........supri>>>>>>>>>thakyou bro.

  27. Supun Chandima

    Good one bro... Keep it up.... Cheers...

  28. kuma

    thank u................

  29. lahiru

    machang film eka download karanna link ekak diyanko.

    1. shasith sandaruwan

      මෙන්න.
      tamilrockers.lu/index.php/topic/44445-a-aa-2016-download-telugu-movie-hdrip-x264-700mb/

  30. Bhagya madushan

    thanks

  31. nidi

    ගොඩක් ස්ත=තියි ශසිත්! හරිම ලස්සන, සුන්දර ආදර කතාවක්! නිිිියමයි! බලලා ඉවර වුණු ගමන්ම කමෙන්ට් එක දාන්නේ!

  32. නවින් නිසල්

    ෆිල්ම් එක බලලා ඉවරවෙලා කමෙන්ට් එක දාන්නේ , සබ් එක නම් කරලා තියෙනවා ආයේ සුපිරියටම !! :)

  33. Dileepa lakpriya

    Ela bn patta digatama ohoma yamu

  34. Tharaka Lahiru

    tnq

  35. sgdm

    Thanks

  36. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  37. Nuwan_sri

    Thanks

  38. thara_sam

    bohomathma sthuthi..

  39. Sanjaya Gunawardana

    film download karanne kohomada

  40. Anonymous

    a aa 2 sub please

  41. Dissanayaka Ishan

    not working.....bad

  42. Sanjaya

    tnkz bro

  43. Kavishka

    Pease movie send

    1. විමා

      අපේ ඩව්න්ලෝඩ් වෙබ් එකෙන් අරගන්න සහෝ.