Watch Trailer

Vikramadithyan (2014) with Sinhala Subtitles | අපි සතුරන්ද, නැත්නම් මිතුරන්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම කලින් කිව්වා වගේම ඉංග්‍රීසි නොවන ෆිල්ම් එකක සිංහල සබ් අරගෙන ආවා. මේ මලයාලම් ෆිල්ම් එකක්. මලයාලම් ෆිල්ම් කියන්නේ ගොඩක් වෙලාවට ලස්සන කතාවක් ගැබ්වෙලා තියෙන ෆිල්ම් කියලා ගොඩක් අය දන්නවා ඇතිනේ, මේකත් ඒ වගේ තමයි. වසර 90කට ආසන්න ඉතිහාසයක් තියෙන මලයාලම් සිනමා කර්මාන්තය ඉන්දියාවේ කේරලයේ කොචි,…

Vikramadithyan (2014)

ඔන්න ඉතින් මම කලින් කිව්වා වගේම ඉංග්‍රීසි නොවන ෆිල්ම් එකක සිංහල සබ් අරගෙන ආවා. මේ මලයාලම් ෆිල්ම් එකක්. මලයාලම් ෆිල්ම් කියන්නේ ගොඩක් වෙලාවට ලස්සන කතාවක් ගැබ්වෙලා තියෙන ෆිල්ම් කියලා ගොඩක් අය දන්නවා ඇතිනේ, මේකත් ඒ වගේ තමයි. වසර 90කට ආසන්න ඉතිහාසයක් තියෙන මලයාලම් සිනමා කර්මාන්තය ඉන්දියාවේ කේරලයේ කොචි, ත්‍රිවන්ද්රුම් කියන නගර පදනම් කරගෙන තමයි දියුණු වෙලා තියෙන්නේ. ඉන්දියාවේ තියෙන හින්දි, දමිළ, තෙලිඟු සිනමා කර්මාන්ත තරම්ම මේක පුළුල් නොවුනත්, ෆිල්ම්වල තාක්ෂනය සහ ඒවගේ කලාත්මකභාවය අතින්නම් මේ ෆිල්ම් ගොඩක් ඉහළ තැනක තියෙනවා කියලා පිළිගැනෙනවා. ඉන්දියාවේ පලවෙනි 3D ෆිල්ම් එකත් මලයාලම් එකක්.

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් දල්ඛර් සල්මාන් තමයි, ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ. නමින් නොදන්නවා උනත් මලයාලම් ෆිල්ම් බලපු ඕන කෙනෙක් මෙයාව දන්නවා ඇති. කතාව යන්නේ වික්‍රමන් සහ ආදිත්‍යන් කියන චරිත දෙක වටේ. මෙයාලා පොඩි කාලේ ඉඳන්, “හොඳ යාළුවෝ” කියලා කියන්නම බෑ (ඒක එහෙමද කියලා ඔයාලම බලලා තීරණය කරන්නකෝ), පොඩි කාලේ ඉඳන් හොඳට හඳුනන දෙන්නෙක්. නමුත් මේ දෙන්නා හැමවෙලේම වගේ එකිනෙකාට විරුද්ධව තමයි වැඩ කරන්නේ. මෙයාලගේ එකම පොදු සාධකය වෙන්නේ දීපිකා, ඒ කියන්නේ ප්‍රධාන නිළිය. මුලින් දීපිකා මේ දෙන්නගෙම යාලුවෙක්.

ෆිල්ම් එක පටන්ගන්නේ මිනිස්සු කට්ටියක් හොරෙක් පස්සේ  පන්නන් යන සිද්ධියකින්. මේ හොරා පස්සේ තමන් පොලිසියේ කියලා, කාන්තාවක් රවට්ටලා කසාද බඳිනවා. ඇත්තටම මේ දෙන්නා තමයි ආදිත්‍යගේ දෙමාපියන් වෙන්නේ. ආදිත්‍ය ඉපදෙන දවසේම තමයි වික්‍රම් ඉපදෙන්නෙත්. වික්‍රම්ගේ තාත්තා තමයි, මුලින් ආදිත්‍යගේ අම්මව කසාද බඳින්න හිටියේ. කොහොම වුනත් වික්‍රම්ගේ තාත්තනම් ඇත්තටම පොලිස් නිලධාරියෙක්. ආදිත්‍ය පොඩිකාලේ තාත්තට ගොඩක් ආදරෙයි. එයා හිතන් ඉන්නේ එයාගේ තාත්තා ඇත්තටම පොලිසියේ කියලා. ඒත් එක දවසක් මෙයාගේ තාත්තා හොරකමේ ගිහින් එද්දී වික්‍රම්ගේ තාත්තා එයාව අතටම අල්ල ගන්නවා. මෙයාව පොලිස් ජීප් එකට ඇදගෙන යද්දී ආදිත්‍ය ඒක දකිනවා. ආදිත්‍යට ගොඩක් දුක හිතෙනවා. ඉන් පස්සේ එයා තාත්තාව දකින එකත් ප්‍රතික්ෂේප කරනවා. තමන්ව රැවැට්ටුවට ආදිත්‍යගේ අම්මත්, තාත්තා එක්ක මෙච්චර කාලයක් ගොඩක් තරහින් හිටියේ. ඒක නිසා අම්මා තාත්තව එදාම ගෙදරින් එලවනවා. මේ දුකට තාත්තා සියදිවි හානි කරගන්නවා. හොරාගේ පුතා කියලා ගමේ හංවඩු ගැහිලා, තාත්තත් නැතුව, ගමේ හැදෙන වැඩෙන ආදිත්‍යගේ අනාගතය කෙසේ විසඳෙයිද? එයත් තාත්තා වගේ හොරෙක් වෙයිද? වික්‍රම්ගෙයි ආදිත්‍යගෙයි අතර තියෙන්නේ සතුරුකමක්ද? නැත්නම් සැබෑ මිතුදමක්ද? අන්තිමේදී දිපිකාව ලබාගන්න පුළුවන් වෙන්නේ කාටද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නනම් ඔයාලට  ෆිලුම අන්තිම වෙනකන් බලන්න වෙනවා!

ෆිලුම ගලාගෙන යන්නේ වර්තමානය සහ අතීතය සමගාමිව යන විදිහට. ඒක නිසා මෙහෙම කියද්දී කොහොමවුනත් බලද්දී කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඒ වගේම ෆිල්ම් එක පුලුවන්නම් පවුලේ හැමෝම එක්ක බලන්න, ලස්සනම ෆිල්ම් එකක්. මේකේ ලස්සන සිංදු කීපයක්ම අඩංගු වෙනවා, ඒ වගේම සමහර ඒවා ෆිල්ම් එකේ කතාවටත් බොහොම අදාලයි. ඒ නිසා ඒ ටිකටත් සබ් කරලම දැම්මා. හොඳ නරක තීරණය කරන එක ඔයාලට භාරයි. සබ ගැන හිතෙන ඕනෙම දෙයක් කමෙන්ටුවක් විදිහට පල්ලෙහායින් දාන්න කියලත් ආරාධනා කරනවා! මේක තවම මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම නිසා ඔයාලගේ දිරිදීම් වගේම විවේචනත් ගොඩක් අගය කරනවා! තවත් ෆිලුමක සබ් අරන් ළඟදීම එන්න බලාපොරොත්තු වෙනවා!

ඔබට ජය!

Vikramadithyan (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vikramadithyan (2014) Download Malayalam DVDRip x264 1CD 700MB ESubs

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,948 downloadsDownload Vikramadithyan-2014Baiscopelk.com_.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

1,948 downloadsDownload Subtitles48 KB

29 comments

  1. thisal

    thanks sub ekt seeds nam na direct link ekak tyi nam dpn mcn

    1. තරිඳු රසාංග

      මේකේ දැනට තියෙන පිටපත් වලින් මම හිතන විදියට seed වැඩිම එක තමා සහෝ මේක.ඒක නිසා පොඩි ට්‍රයි එකක් දුන්නොත් වෙලා ගිහින්හරි ඔයාට මේක බාගන්න පුළුවන් වෙයි.

  2. කෞෂාන් පියුමන්ත

    තෑන්ක්ස් සහෝ

  3. Gz

    මේකේ Blue Ray එකට සබ් නැද්ද

    1. තරිඳු රසාංග

      මේකේ Blue Ray පිටපතක් තිබුනත් seed අඩු නිසා බාගන්න අමාරුයි.
      ඒකයි,සහෝ මේකට සබ් කලේ.

  4. Suu

    thank u

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. Kulanjana Maduranga

    niayamai…patta mcn.malayalam ewa atharin na..thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Kamal

    Thanks machan subtitiel ekata. digatama malayalam film demu jaya wewaaa...

  8. asitha

    ela

  9. Chalana Rukshan

    thnx bro...

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. SPD

    එළනේ මලයාලම් ෆිල්ම්වලට සබ් කරන තවත් පොරක්. සතුටුයි මචන්. සබට බොහොම ස්තුතියි මචන්. මලයාලම් ෆිල්ම් අපේ කට්ටිය එච්චරම බලන්නේ නෑ. ඒත් බැලුවොත් දිගටම බලනවා ආයේ දෙකක් නෑ. පුළුවන් නම් මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
    Ore Mukham(2016)
    Maheshinte Prathikaaram(2016)
    බොහොම ස්තුතියි. දිගටම සබ් කරන්න ශක්තිය ලැබේවා. ඔබට ජය...!

    1. තරිඳු රසාංග

      බලමු සහෝ අනිවාරෙන්.

    2. malayalam film fantacy

      Dulkerge Varane Avashyamund film ekata sub dennak

  13. saliya

    Niyami

  14. sammana

    සිනමාව රසවිඳින අයට ඔබ කරන්නේ ලොකු මෙහෙයක් අගය කරනව ඔබව

  15. Kamal

    සබ ඩව්න්ලෝඩ් කරලා නම් ගොඩක් දවස් මචන්. අද තමයි බලන්න වෙලාවක් ලැබුනේ. ජීවිතේට බලාපොරොත්තුවක් එකතු කළා බන්. බොහොම ස්තුතියි. සබ් එකත් හොඳටම කරලා තිබුනා. ඔබට ජය. දිගටම සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් තව මලයාලම් ෆිල්ම් අරගන ඒවී කියලා බලාපොරොත්තු වෙනවා. ජය වේවා...!!

  16. තරිඳු රසාංග

    කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.
    තව ෆිලුමකින් ළඟදීම හමුවෙමු.

  17. Mahesh

    Sub ekata thanx saho

  18. kasun bhathiya

    සබට ස්තුතියි සහෝ :) ජය (y)

  19. Menu

    Thank you

  20. අජිත්

    ඉස්තුතීයි සහෝ ඔයාලා වගේ මිනිස්සු නිසා තමයි අපි ලෝක සිනමාව බලන්නේ බයිස්කෝප් එකටත් ඔබ සියලු දෙනාටත් බෙහෙවින්ම ඉස්තුතීයි

  21. N_R

    Thank You

  22. Madushanka

    THANK YOU

  23. Lalani Maduwanthi

    Tharindu baba,,dan oya subtitles denne nadda?

  24. Anonymous

    Tharindu oyada me review eka liwwe?

  25. Anonymous

    ෆිල්ම් එකෙ දෙබස් කියන්න කලින් සබ්ටයිටල් යන්නෙ ඇයි මට එක ලොකු ප්‍රශ්නයක්