Watch Trailer

A Beautiful Day in the Neighborhood (2019) Sinhala Subtitle | අපෙ හිත හොඳ අසල්වැසියා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයෙදී තිරගත වීම ආරම්භ වෙච්ච තවත් චිත්‍රපටයක් සමඟයි. ඒවගේම තමයි ඔස්කාර් නිර්දේශිත චිත්‍රපටයකුත් වෙනවා. මේ වෙනකොට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 96% අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Marielle Heller විසින්ය. Biography, Drama යන කාණ්ඩ වලට අ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයෙදී තිරගත වීම ආරම්භ වෙච්ච තවත් චිත්‍රපටයක් සමඟයි. ඒවගේම තමයි ඔස්කාර් නිර්දේශිත චිත්‍රපටයකුත් වෙනවා. මේ වෙනකොට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 96% අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Marielle Heller විසින්ය. Biography,  Drama යන කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 42 ක් පුරාවට රසවින්දිනන් පුළුවන්. ඒවගේම තමයි රංගනයෙන් ප්‍රසිද්ධ ඔස්කාර් සම්මාන ලාබී Tom Hanks, Matthew Rhys, Chris Cooper, Susan Kelechi Watson, Noah Harpster, Tammy Blanchard, Enrico Colantoni, Maryann Plunkett, Wendy Makkena,  Christine Lahti දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

රොජර්ස් කියන්නෙ ළමා වැඩසටහන් කරන කෙනෙක්. ඔහු හරිම හොඳ පුද්ගලයෙක්. ගොඩක් ධාර්මික කෙනෙක්. ඒවගේම තමයි පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. ඉතිං මෙයා ගැන සම්මුඛ සාකච්ඡාවක් කරන්න කෙනෙක්ට අනුමැතිය ලබාදෙනවා. ඇත්තම කිව්වොත් මෙයා විතරයි ඒ කෙනාට කැමති වෙන්නෙ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන්න. මෙයාගේ නම ලොයිඩ් වෝගල්. ගොඩක් තරහ යන කෙනෙක්. මනුස්සකමක් ඇත්තෙම නැහැ. එහෙම කිව්වේ මොකද මෙයා ලේඛකයෙක්. ඒවගේම මෙයා මිනිස්සු ගැන අනංමනං ලියනවා. එයාලව පහත කරලා වගේ. ඒවගේම තමයි මෙයාට පොඩි දරුවෙකුයි ඉන්නවා. ඒවගේම කියන්න ඕන ලොයිඩ්ගෙ ළමා කාලය ගොඩක් කටුකයි. ඒ මොකද මෙයාගෙ අම්මා ගොඩක් දුක් විඳලා තමය් මැරෙන්නෙ. ඒවගේම අම්මාගෙ හුස්ම යන අන්තිමේදී මොහොතේ ඉන්නෙ මෙයයි මෙයාගෙ අක්කයි විතරයි. තාත්තා එවෙලේම දාලා යනවා. ඉතිං මේ නිසාම මෙයා තාත්තා එක්ක ගොඩක් තරහයි. ඔන්න අවුරුදු ගානකට පස්සෙ තාත්තා එනවා. හැබැයි හිටපු විදියට දේවල් සිද්ධ වෙන්නෙ නැහැ. එවෙලාවේ රණ්ඩුවක් ඇතිවෙනවා. ඉතිං චිත්‍රපටයෙ ඔහොම චරිත දෙකක් තමයි මේ මුණගැහෙන්නෙ. ඉතිං මොනව වෙයිද? ලොයිඩ් හොඳ කෙනෙක් වෙයිද? තමන්ගෙ තාත්තව සමාව දෙයිද නැද්ද? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray  පිටපත් සඳහා අදාළ වේ.

2,289 downloadsDownload A-Beautiful-Day-in-the-Neighborhood-2019.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,289 downloadsDownload Subtitles41 KB

18 comments

  1. Krishan NiShalya

    Thank You Bro !!!!
    sub enakan hitapu ekak ♥

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Kavinu

    මේ අවුරුද්දේ බලපු ඒවයින් පුදුම විදිහට ෆීල් වුණු චිත්‍රපටියක්!
    ආයේ පාරක් බලනවා එහෙනම්..
    ජය වේවා!

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ :) :) ...
    ජය වේවා.!

  5. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  6. Anonymous

    හැමදාම ෆිල්ම්ස් බලන්න තියෙන කලබලේට මේකට කමෙන්ට් කරන්න අමතක වෙනවා. සමාවෙන්න.
    බයිස්කෝප් ටීම් එක කරන්නේ විශාල සමාජ සේවයක්. වර්තමානයේ ඉන්න බොහෝ කලාකරුවන්ට, කලා බලධාරීන්ට වඩා සේවයක් බයිස්කෝප් ටීම් එකෙන් වෙනවා. භාශා ප්‍රශ්නය නිසා මේ රටේ මිනිසුන්ගෙන් ඈත් වෙලා තිබ්බ විදේශ කලා නිර්මාණ මේ රටේ මිනිස්සුන්ට බලන්න සැලැස්සුවේ උබලා <3
    අපි උබලට එක සතයක්වත් නොදී හැමදාම ෆිල්ම්ස්, සබ් හොයාගන්නවා මේ සයිට් එකෙන්. ❤❤❤❤
    අපි උබලට ආදරෙයි. පට්ටම ආදරෙයි. උබලා කරන සේවයට අපිට දෙන්න පුලුවන් ආදරේ විතරයි.

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. indika75

    thanks..

  9. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ,

    X Files කතාමාලාවේ Season 8 සහ Season 9 ට උපසිරැසි දෙන්න පුලුවන්ද?

    1. Ravindu Rukshan

      X Files ඉදිරියෙදී ලැබෙයි

  10. ප්‍රතිභා

    අයියා කරන්නේ හැමදාම පපුවට දැනෙන ඒවා.
    සුදු අයියට දෙවි පිහිටයි

  11. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..

  12. Nirosh C

    ස්තුතියි රවිඳු සහෝ.ජයවේවා!

  13. D.Chamara

    bohoma sthuthi

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Pramukmili

    Thanx bro

  16. Dewadithya

    Thanks for sub!

  17. MAALNATH

    Thanks ................good luck ............