Watch Trailer

Venpa (2019) Sinhala Subtitles | පරිත්‍යාගය ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් හම්බවුණා සුපිරිම සුපිරි ආදර කතාවක්, IMDb අගය 9.1 ක් වගේ සුපිරිම අගයක් අරන් තියෙනවා මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට. එතකොටම තේරෙනවනෙ කොයි වගේ වෙන්න ඇතිද කියල. එක ආදර කතාවක් නෙමෙයි ආදර කතා දෙකක දෝළනයක් තමයි මේ කතාවෙන් නිරූපණය වෙන්නේ. සැප්තැම්බර් මස 19 වෙනි දින තිරගතවීම ආරම්භ…

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් හම්බවුණා සුපිරිම සුපිරි ආදර කතාවක්, IMDb අගය 9.1 ක් වගේ සුපිරිම අගයක් අරන් තියෙනවා මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට. එතකොටම තේරෙනවනෙ කොයි වගේ වෙන්න ඇතිද කියල. එක ආදර කතාවක් නෙමෙයි ආදර කතා දෙකක දෝළනයක් තමයි මේ කතාවෙන් නිරූපණය වෙන්නේ. සැප්තැම්බර් මස 19 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 23 ක් පුරාවට ආදරය, මිත්‍රත්වය,සතුට,දුක එකට කැටි කරන ලද පරිපූර්ණාත්මක Romance වර්ගීකරණයට අයත් චිත්‍රපටයක්. චරිත නම් ඔක්කොම අලුත් මුහුණු වුනාට හැමෝටම හිතින් හරි තිබුණ පාසැල් ප්‍රේමයක් සිහියට නැගෙනවා නොඅනුමානයි. කතාව ගැන කෙටියෙන්ම පොඩි විස්තරයක් කරන්නම්.

තේනවන් පාසැල් අධ්‍යාපනයෙන් අනතුරුව තම්න්ගේම කාර් වොෂ් ව්‍යාපාරයක් කරගෙන යන ගමන් අම්මගෙ පෙරැත්තය නිසාම කෙල්ලෙක්ව බලන්න යනවා. ඇයි ෂීලා, පැහැපත් සමක් නොතිබුණු කෙසඟ සිරුරක් හිමි ඇයට කලින් සිටි පෙම්වතාද අත් හැර ගොස්, පැමිණි විවාහ යෝජනාවන් 5ක් ම ප්‍රතිකේෂ්ප වෙලා තියෙනව ඇගේ සමේ පැහැපත් කම අඩු නිසා. පෙර ෂීලට වුණා වගේම තේනවන්ද ෂීලාව ප්‍රතික්ෂේප කරනවා, හේතුව ඇගේ සමේ පැහැය නිසා නෙමෙයි, තේනවන්ගේ හිතේ මොකද්දෝ දෙයක් තිබුණා කියාගන්න බැරිව. ඒ නිසා ෂීලාව හොදම මිතුරිය කරගෙන තේනවන් ඇයගෙ හිත නොරිදවා පිටත් කර හරින්න වග බලා ගන්නවා. නමුත් ෂීලාව ප්‍රතිකේෂ්පකරපු හේතුව නිසා තේනවන්ගේ අම්මා එයා එක්ක අමනාපයෙන් වචනයක් වත් කතා කරන්නෙ නෑ. දවසක් හදිස්සියේම තේනවන් එයාගෙ පාසැලේ පහල ශ්‍රේණියේ හිටපු කළ්‍යාණිව දකිනවා. පොලීසියේ කෙනෙක් එක්ක ඉන්නවා, ගිහින් කතා කරල බලපුවාම ඕස්ට්‍රේලියාවේ ඉදන් මැලේසියාවට එන අතරතුර එයාගෙ ෆෝන් එකයි පසුම්බියයි අස්තානගත වෙලා. පාසැලේ වුණ සිද්දියක් නිසා කළ්‍යාණි තේනවන් එක්ක හොද පැහැදීමකින් නෙමෙයි ඉන්නෙත්, කොහොම හරි තේනවන් කළ්‍යාණිට අවශ්‍ය කරන හැමදෙයක්ම ලෑස්ති කරල හෝටල් කාමරයක් නවත්තලා පහුවදා ගිහින් ඇරලවන පොරොන්දුව පිට ආපහු යනවා.

උදේම ඇවිත් ඇයව පිටත් කරන්න අවශ්‍ය වැඩ කටයුතු කරල කළ්‍යාණි එක්ක කතා කරන්න වෙලාවක් ඉල්ලගන්නවා. කොෆි එකක් බොන ගමන් තේනවන්ගේ හිතේ තිබුණ හැමදෙයක්ම කළ්‍යාණිට කියනවා, ඒ නම් පාසැල් කාලයේ කළ්‍යාණිව දැක්ක දවසේ ඉදලා එයාට ආදරේ කරපු හැටි ගැන විස්තරයක්. මේ කිසිම දෙයක් කළ්‍යාණී දැනගෙන හිටියෙ නෑ. මොකද පාසැල් කාලේ කළ්‍යාණි ගැන හිතාගෙන ඉන්නකොට කළ්‍යාණිට ආදරේ කරපු (ට්‍රයි කරපු) අයිය කෙනෙක් හිටියා සත්‍යා කියල. එයා නිසා කළ්‍යාණිට ආදරේ කරන එක අමතක කළා තේනවන්, සත්‍යාගේ මිත්‍රත්වය නිසා. කොහොමින් හරි කොෆි එකෙන් පස්සෙ තේනවන්ගේ කතාවත් එක්ක කළ්‍යාණිට තේනවන් ගැන පැහැදීමක් ඇතිවෙනවා. කළ්‍යාණිව බස් එකට දාලා කාර් එකට නගිනකොට තේනවන්ට මැසේජ් එකක් එනවා කළ්‍යාණිගෙන් ” මම තාමත් තනිකඩයි “කියල. එතකොටයි තේනවන්ට තේරුණේ කළ්‍යාණිගෙන් පෙම්වතෙන් ඉන්නවද අහනකොට “සමහරවිට” කියපු එක පෙම්වතෙක් නෑ කියන එකයි මේකෙ තේරුම කියල. තේනවන්ටත් මේක අදහගන්න බෑ…එයා දුවගෙන ගිහින් බස් එකේ ඉන්න කළ්‍යාණිගෙන් අහනවා තාම තනිකඩයි කිව්වෙ ඇත්තක්ද කියල. ඔන්න ඔතනින් ආදර කතාව පටන් ගන්න ඇති කියල හිතුණත් ඒ එක්කම කළ්‍යාණිගෙ ෆෝන් එකට කෝල් එකක් එනවා…

“හෙලෝ ”
-“හෙලෝ කළ්‍යාණිද ?

“ඔව්, මේ කවුද කතා කරන්නේ ?”
-“මම සත්‍යා කතා කරන්නෙ කළ්‍යාණි”

එහෙනම් මේ ප්‍රේම කවියේ ඊළග භාගය ඔයාලට බාරයි….

හැමෝටම තෙරුවන් සරණයි !

කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

5,793 downloadsDownload Venpa-2019.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

5,793 downloadsDownload Subtitles55 KB

15 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...

  2. smasher

    Natpe-Thunai-2019 EKE SUB EKATH ONI BROZZZ :-(
    THANKX SUB EKT

    1. Anonymous

      Thanks

  3. superlahiru5678

    sub ekta thank bro

  4. indika75

    thanks..

  5. malithmadhushan45

    ඔයාගේ එකඟ නම් ඔසංධ සහෝ කතාව කියවන්න දෙයක් නැ බෑමක් තමා. දැන්ම දානවා. සබ් එකට ස්තුතියි සහෝ

  6. Geethi

    Thank you.

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Acceleration (2019)

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට..!!

  9. Achi

    ඕෂා බොහොම ස්තුතියි ආ සබ් එකට..
    සුප්පා සබ් චරිතයක් ආදරෙයි...
    පුලුවන්නම් A fond Full speed 2016 එකට සබ් කරන්න බලන්න...
    තාම සබ් කරලා නෑ එක සයිට් එකකින්වත්...
    trailer එක බලලා හොදනම් කරන්න...

  10. D.Chamara

    bohoma sthuthi

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Asitha_alwis

    Machan igloo kiyala supiri tamil movie ekak thiyanawa eng sub ekath thiyanawa puluwannam sinhala sub eka karamu machan supiri film eka thanks sub ekata mekath patta fillm eka

  13. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  14. Malith Samarawickrama

    Thanks bro sub ekata.