ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම මේ අරන් ආවේ ස්කුබී ඩූ ඇනිමේෂන් චිත්‍රපට මාලාවේ මුලින්ම ආපු ස්කුබී ඩූ ඇනිමේෂන් චිත්‍රපටය. මේක මුලින්ම ආපු චිත්‍රපටය කියන එකේ වරදක් නෑ මොකද මේක එන්න කලින් ආපු අනිත් හැම ස්කුබී නිර්මාණයක්ම ටීවී සීරිස්. මුලින්ම ආපු ස්කුබී නිර්මාණය විදිහට ගන්න වෙන්නේ Scobby-Doo Where Are…
ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම මේ අරන් ආවේ ස්කුබී ඩූ ඇනිමේෂන් චිත්‍රපට මාලාවේ මුලින්ම ආපු ස්කුබී ඩූ ඇනිමේෂන් චිත්‍රපටය. මේක මුලින්ම ආපු චිත්‍රපටය කියන එකේ වරදක් නෑ මොකද මේක එන්න කලින් ආපු අනිත් හැම ස්කුබී නිර්මාණයක්ම ටීවී සීරිස්. මුලින්ම ආපු ස්කුබී නිර්මාණය විදිහට ගන්න වෙන්නේ Scobby-Doo Where Are You! කියන ඔයාලා කවුරුත් හොඳින් දන්න ටීවී සීරීස් එක. ඒත් විනාඩි 50ක විතර ධාවන කාලයක් සහිතව චිත්‍රපටයක් විදිහට මුලින්ම එළි දැක්වුනේ මේ Scooby Goes Hollywood කියන ෆිල්ම් එක. Scobby-Doo,Where Are You! සීරීස් එක 1969 අවුරුද්දේ නිකුත් වෙලා අවුරුදු දහයක් ගත වුනාට පස්සේ තමයි දස වෙනි ස්කුබී ඩූ සංවත්සරය වෙනුවෙන් 1979 අවුරුද්දෙදි ABC නාලිකාව හරහා මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ. ඒ 1979 දෙසැම්බර් 23 වෙනිදා. කොච්චර පරණද නේහ්? කොච්චර පරණ වුනත් ස්කුබී ඩූ කිව්වොත් මම අතාරින්නෙ නෑ. මේවා පරණයි කියලා හොයන්නත් බෑ මොකද සිරස ටීවී එකේ හඬ කවලා පෙන්නන ස්කුබී ඩූ කාටුනුත් එක්දාස් නමසිය බර ගණන්වල ආපුවා තමයි. ඒත් පරණයි කියලා ඒවයේ රස වින්දනයේ අඩුවක් නෑනේ නේද? මේකත් ඒ වගේ තමයි. ස්කුබී රසිකයෝ මේක රස විඳියි කියලා හිතනවා.
මේ ෆිල්ම් එකට සබ් එක ගේන්න හිටියේ මීට කලින් වුනත් ඉංග්‍රීසි සබ් එකක් නොතිබුන හින්දා ඒ වැඩේ පස්සට දාන්න වුනා. ඒත් ගිය සතියේ නිකමට වගේ සර්ච් කරද්දි ඉංග්‍රීසි සබ් එකත් එක්කම තියෙන හොඳ ටොරන්ට් එකක් හම්බුනා. වෙලාව තමයි ඉතින්. මේ කතාවත් ටිකක් විශේෂයි මොකද වෙනදා අපි බලන හැම ස්කුබී ෆිල්ම් එකකම ස්කුබීලා එකතු වෙලා මොකක්හරි අභිරහසක් විසඳනවා. ඒත් මේ කතාව ඊට වඩා වෙනස්. මේකේ වෙන්නේ හැමදාම රඟපාන ටීවී ෂෝ එකේ රඟපාලා ස්කුබීට ඇති වෙලා තියෙන්නේ. එයාට ඕනි හොඳ සම්භාව්‍ය ගණයේ චිත්‍රපටි රඟපාලා හොඳ තරුවක් වෙන්න. එයා ඒ හින්දම එයා රඟපාන ෂෝ එකෙනුත් අයින් වෙනවා. ඒත් කූඩැල්ලව මෙට්ටෙ තියන්න බෑ කියලා කතාවත් තියෙනවා වගේ තමන්ගේ සුපුරුදු ක්‍රමේ වෙනස් කරන්න ස්කුබීට පුළුවන් වෙයිද? ඔයාලම බලන්නකෝ ස්කුබී, ශැගී එකතු වෙලා වැඩේ ගොඩ දාගනීද නැත්නම් නා ගනීද කියලා.
තව ස්කුබී ඩූ ෆිල්ම් තුනක් විතරයි සබ් දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒත් කඩඉමකට ළං වෙලා ඉන්න හින්දා මම හිතුවා මේ මුල්ම ස්කුබී ඩූ චිත්‍රපටයට උපසිරැසි අරන් ආවා වගේ තව විශේෂ ෆිල්ම් එකකට උපසිරැසි අරන් එන්න. ඒ තමයි හැමෝම දන්න ටොම් ඇන්ඩ් ජෙරි චිත්‍රපට මාලාවේ මුල්ම චිත්‍රපටය. 1992 දි ආපු Tom and Jerry: The Movie කියන චිත්‍රපටය. එහෙනම් ඒකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. හැමෝටම ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
2,176 downloadsDownload Scooby-Goes-To-Hollywood-1979.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
13 comments
සනිඳු ලක්ඛිත
Hiran Eranda
thank you
විහඟ පියුමාල්
උපසිරැසියට බොහොම ස්තූතියි සොහාන් අයියේ!
ජය වේවා...!malithmadhushan45
අලුත් එකත් ලගදීම ❤️❤️ පට්ට මලේ
Kavinu
ස්කූබි පැත්තට බැහැලා වැඩ වගේ
යුරාන් ධනුක (දනුවා)
නියමයි !!! බොහෝම ස්තූතියි සහෝ
ඉක්මනට අළුත් එකත් ඕනHashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ :) :) ...
ජය වේවා.!Isirajanith
Scooby cooby Doo thanks sub ekata supiri ela
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූති සහෝ උපසිරසට...මේ වැඩේනම් සෑහෙන්න වටිනවා. කාර්ටූන් බලන්න ආස නැත්තේ කවුද..අනිත් ඇනිමේශන් ටිකත් පුලුවන් විදියට ගේමු..ජය වේවා..බුදුසරණයි..!