Watch Trailer

A Beautiful Mind (2001) with Sinhala Subtitles | ලස්සන මනසක් [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වෙබ් අඩවියෙන් ගොඩක් සිංහල උපසිරැසි ලබා ගත්ත හින්ද මමත් හිතුවා චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න. ඒ කියන්නේ මේක මගේ පළවෙනි පෝස්ට් එක. චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබා දීමෙන් මේ වෙබ් අඩවිය කරන්නේ ලොකු සේවයක්. ඒකට ගොඩක් ස්තූතියි! මේ චිත්‍රපටය මට යාලුවෙකුගෙන් හම්බවුණු එකක්. ටිකක් වෙනස් විදිහක ච…

බයිස්කෝප් වෙබ් අඩවියෙන් ගොඩක් සිංහල උපසිරැසි ලබා ගත්ත හින්ද මමත් හිතුවා චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න. ඒ කියන්නේ මේක මගේ පළවෙනි පෝස්ට් එක. චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබා දීමෙන් මේ වෙබ් අඩවිය කරන්නේ ලොකු සේවයක්. ඒකට ගොඩක් ස්තූතියි!

මේ චිත්‍රපටය මට යාලුවෙකුගෙන් හම්බවුණු එකක්. ටිකක් වෙනස් විදිහක චිත්‍රපටයක්. නමුත් ලොකු අර්ථයක් තියෙනවා. දවස් ගාණක් තිස්සේ මහන්සිවෙලා තමයි සිංහල උපසිරැසි හැදුවේ. ඒ බයිස්කෝප් එකත් එක්ක සම්බන්ධ වෙන්න තිබ්බ ආසාව හින්දමයි. චිත්‍රපටයේ නම තමයි A Beautiful Mind. සිංහල තේරැම තමයි ලස්සන මනසක් කියන එක. චිත්‍රපටය ගණිතඥයෙක් හා සම්බන්ධයි.

කතාව සැකෙවින් මෙසේයි.
මේක John Nash කියන ප්‍රසිද්ධ ගණිතඥයාගේ ජීවිත කතාව හා ඔහුගේ මානසික රෝගය නිසා ඔහු මුහුණ දෙන අරගල ගැන කියවෙන්නක්. 1948 දී ඔහු ප්‍රින්ස්ටන්වල උපාධීධාරී ශිෂ්‍යයෙක්. ඔහු සැබෑම ගණිතමය න්‍යායක් හොයාගන්න උත්සාහ කරනවා. ඔහුට Charles නමැති කාමර සගයෙක් ඉන්නවා. ක්‍රමයෙන් Charles, John ගේ හොඳම මිතුරා බවට පත් වෙනවා. පසුව ඔහු MIT Campus එකේ මහාචාර්යවරයෙක් වෙනවා. එහිදී ඔහුට Alicia නමින් උපාධිධාරිණියක් හමුවන අතර ඔහු ඇයව විවාහ කරගන්නවා. කාලයත් සමඟ ඔහුට යතාර්ථවාදී ලෝකය මඟ හැරෙන අතර හීනෝන්මාදය නමැති මානසික රෝගයෙන් පෙළෙනවා. ඒ හේතුවෙන් ඔහු සමාජයෙන් පසුබසින අතර නැවතත් පසුව ඔහු ඔහුගේම මානසික රෝගයට එරෙහිව ක්‍රියා කර නැවතත් විශ්ව විද්‍යාලයට ඉගැන්වීම සඳහා පැමිණෙනවා. ඔහුගේ ගවේෂණය හේතුවෙන් 1994 දී ඔහුට ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරනවා.

මූලික විස්තර මෙහෙම වුණාට කතාව බලන්න. ගොඩක් රසවත්! කතාව ගණිතය හා සම්බන්ධ නිසා උපසිරැසි සැකසීමේදී හැකි තරම් සාධාරණයක් ඉටු කිරීමට උත්සාහ කළෙමි. නමුත් සමහර තැන් වල අඩුපාඩු ඇති. මේක මගේ පළවෙනි වැඩේ හින්ද අඩුපාඩු ගොඩක් ඇති. නමුත් ඒවා සමා කර චිත්‍රපටය රස විඳින්න. මොකද ප්‍රවීණත්වය එන්නේ පළපුරැද්ද එක්ක හින්ද නිසයි ඒ. අනෙක් අතට අකුරැ දෝෂත් ඇති. නමුත් ඒවාට සමා වී උපසිරැසි සමඟ චිත්‍රපටය රසවිඳින ලෙස ඉල්ලනවා.

comment එකක් දාන්න අමතක කරන්න එපා.
තවද බයිස්කෝප්හි සිංහල උපසිරැසි හදන පිරිස සමඟ එක් වීමට ලැබීම පිළිබඳ ගොඩක් සතුටුයි. බයිස්කෝප් වෙබ් අඩවියට නැවතත් ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රගීත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-06-21

Subtitles by

ප්‍රගීත්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

177 comments

  1. CoolGuy

    Thanks Bro!

  2. sampath

    thx saho....

  3. chamila

    thanks

  4. chathurabuddi

    thankx saho., thawa thawath upasirasi yodanna shaktiya dhayrya lebenna ony.

  5. chamara

    ගොඩක් තන්ක්ස් සින්හල උපසිරස වලට එකම වර්ගය ෆිල්ම් බලලා එපා වෙලා එන්නකොට මෙවගෙ එකක් දුන්නට ගොඩක් පින්
    ඔබට තව තවත් අප වෙනුවන් සබ් දාන්ඩ වෙලාව ලෑබේවා

  6. නිෂූ

    ජයවේවා ! මම ‍ඊයෙ කිවුවා වගේ බයිස්කොප්(සිංහලෙන්) කියන කෑල්ල බේරාගැනීමට උදවුවුන එකට බොහෝම පිං

    තවතවත් සිංහල උපසිරැසි නිර්මාණ කිරීමට ලැබේවා !

    ඔහොම යන් ! ඔහෝම යන් !

  7. Viraj

    බොහොමත්ම පින් සිංහල උපසිරැසි වලට. දිගටම සිංහල උපසිරැසි දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  8. mali

    thanx

  9. අමල් ප්‍රසාද් සමරවීර

    ලස්සන මනසක්!! ලස්සන ෆිල්ම් එකක් !! හොඳ තෑග්ගක් !!! බොහොම ස්තුතිය් සහෝ !!

  10. Rumesh

    එල එල!!! තවත් එල ‍ෆිල්ම් එකක් . ජය වේවා බයිස්කෝප්

  11. IT

    ප්‍රගීත් සොහොයුරාට අප සැමගේ ස්තූතිය

  12. prab

    මම මේක බලල තියෙනව.එළ ආයිත් බලන්න ඕනෙ.තැන්කූ හොදේ

  13. asd

    elazzzzzzz

  14. උදාර

    ෆිල්ම් එකේ බාගයක් විතර මාත් බලල තියෙනවා. දැන් සිංහල සබ් තියෙන හින්ද ආයෙත් මුල ඉඳන්ම බලන්න ඕනෙ. සිංහල සබ් දුන්නට තෑන්ක්ස් කරන ගමන්ම ප්‍රගීත්ට කියන්න තියෙන්නෙ ඉස්සරහටත් මේ වැඩේ දිගටම කරගෙන යන්න කියලයි.

  15. Din

    Thanx Buddy, Keep it up good work... Glad to c, Baiscope crew expanding their work force... that means we'd hv more sinhala subs..... ;-)

  16. SAGARA

    thanks!brother

  17. පොතේ ගුරා

    ස්තූතියි සහෝ.. ලස්සන ෆිල්ම් එකක්..

  18. San J

    මේක මම කලින් බලල තියනවා. ටිකක් සංකීර්ණ කතාවක්. සිංහල සබ් තියන හින්දා ආයෙත් බලනවා. සිංහල සබ් වලට ප්‍රගීත් සහෝදරයටත් බොහොමත් ස්තූතියි.

  19. පොතේ ගුරා

    IMDB රේටින්ග්ස් 8.0/10(චන්ද 149,732 කින්) ලබාගෙන;
    හොදම සහාය නිළිය
    හොදම අධ්‍යක්ශනය
    වසරේ හොදම චිත්‍රපටය
    හොදම තිර රචනය
    සදහා වන ඔස්කාර් සම්මාන හා තවත් සම්මාන 27ක් දිනූ වෙනත් සම්මාන 49ක් සදහා නිර්දේශ වී ඇති මේ චිත්‍රපටය ඔයාල හැමෝම රස විදින අතර කමෙන්ට් එකක් දැමීමෙන් සිංහල උපසිරැස සකසන සහෝදරවරු දිරිමත් කරාවි යැයි බලාපොරොත්තු වෙනව..

  20. වා.මු. නිලන්ත පියසිරි

    බොහොම පිං මල්ලී, අප වෙනුවෙන් සිංහල උප සිරැසි දැමීමට මහන්සි වීම ගැන. තව තවත් සිංහල උප සිරැසි දැමීමට දිරිය සවිය ලැබේවා.

  21. Ishan

    Thanks Machan

  22. cc

    thank you brother. tawa films walata sub daanna labewaaaaa

  23. Udaya සාලින්ද

    දිගටම සින්හල සබ් දෙන්න සහෝ .... බොහෝම ස්තුතියි. ජය වේවා!

  24. ishara

    ලස්සන ෆිල්ම් එකක්

  25. $uvin

    wow.. meka nam baanawa.. aniwaaaaaaaaa!! thanx machanzzzz!!!

  26. Tharanga Darshana

    සිංහල උපසි‍රැස එකක් දුන්නට බොහෝම ස්තුතියි. තාම බැලුවෙනැ list එක පිරිලා. පස්සේ බලන්නම්.

  27. Dinuka

    Thanx Sahoo sinhala sub walata ,,,,godak pin....

  28. dnadishan

    nice work & nice film thx lots

  29. Dinusha

    sinhala sub 1k thanx macha....

  30. Priyantha De Silva

    ගොඩාක් ස්තූතියි සහෝදරයා මේ වැඩේට. මමත් මේ Movie එක බාගෙන දැන් මාස ගනනක් උනා, බැලුවෙ නෑ වෙලාවක් තිබ්බෙ නැති නිසා. දැන් ඉතින් මේ සිංහල සබ්ස් බාගෙන බැලුවම හරියටම මගේ copy එකට සෙට් උනා. දැන් ඉතින් මව් භාෂාවෙන්ම බලන්න පුළුවන් ඔබට පින් සිද්ද වෙන්න.

  31. mark

    meka tv eke yanakota balanna bari una...balanna asavan hitiye thankz oyage subtitels welata dan lownlord karanna danawa....thankz again....

  32. darshi

    බොහොමත්ම පින් සිංහල උපසිරැසි වලට.Keep it Up.

  33. ප්‍රගීත් සොයුරා

    ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන්ම බැලුවෙ මේ ලිපිය අද
    දාලද කියලයි.Comments දාපු හැමෝටම ස්තූතියි!
    බයිස්කෝප් එකටත් ගොඩක් ස්තූතියි!

  34. Nalinda

    Niyamay. Biscope sinhalen walata sadaa jaya.

  35. sameerasujith

    ආ... තම ඉස්කෝලෙ යන පොඩ්ඩෙක් එහෙනම්..
    පොඩ්ඩා උනාට වැඩ ලොකුයි... :)
    thanks පොඩ්ඩා දිගටම කරගෙන යමු.
    හැබයි පාඩම් වැඩ පළවෙනියට හරිද....

  36. mahima2md

    Thanks Bro!

  37. ප්‍රගීත් සොයුරා

    මට තව දෙයක් කියන්න බැරි වුණා. මේක නම් කියන්නම ඕනේ.අපිට A/L Combined Maths උගන්වන ටියුෂන් සර්
    කෙනෙක් තමයි පුලුවන් නම් මේ ෆිල්ම් එක හොයාගෙන බලන්න
    කිව්වේ.ඉතින් ඒ සර් එහෙම අපිට කිව්වෙ නැත්නම් සමහරවිට
    ඔයාලට මේ ෆිල්ම් එක සිංහල සබ් එක්ක හම්බ නොවේවි.
    ඉතින් සර්ටත් සතූතියි!

  38. Jayan Chamal

    niyamai sahodaraya thava evata hoda lasana film valata upasirasa danna mama meka isara balala tiyanava godak lasanai mama ai meka download karanava sinahala upasirasa tiyana handa thanks lot sahodaraya

  39. casc

    patta movie 1k mama kalin balala tiyenawa, sub 1kka aye balanna one.... Tnkz

  40. Namal Danushka

    niyamai ......... elaaaaaaaaaaaaaaa

  41. IT

    ala ala

  42. charitha

    මම මේක කලින් බලල තිබුනත් සබ් එක්ක අයත් බලනවා :)
    ලස්සන ‍film එක..! සිංහල සබ් වලට ස්තූතියි

  43. Ravi

    හපෝ... හද්ද පරණයිනේ බොළ.

  44. russell crowe

    great work......

  45. rayan

    machan mata sub ganna beha kauruhari help karapan machan

  46. LloYD

    tnx bro

  47. buddika

    thanks

  48. තරිදු

    thanks pargeeeee

  49. uda

    නියමයි, මල්ලී. සැබෑ කතාවන්ට මාත් හරිම කැමතියි. ‍ෆිල්ම් එක ගැන බැලුවත් උපරිමයි කියල තේරෙනවා. දිගටම වැඩ කරමු හැබැයි මුල්තැන ඉගෙනීමට හරි?

  50. Sahan

    thanks bro

Load more comments