මේ ලෝකේ මොනතරම් දෙමව්පියෝ ප්‍රමාණයක් ඉන්නවද දරු සම්පත් ලබන්න බැරි, ඒ වගේම පාරේ තමන්ගේම ළමයා අමතක කරලා දාලා යන දෙමව්පියෝ නම් කොච්චර ඉන්නවද? පවුලකට ළමයෙක් කියන්නේ ඒ දෙමාපියන්ට ඊට වඩා සම්පතක් නැහැ. ඒ වගේම මම අහල තියෙන විදිහට අලුත ඉපදුන පොඩි බබෙක්ගේ මනස හරියට සුදු පාට හාෆ් ෂීට් එකක් වගේ, දෙමාපිටන්ට කොල…
මේ ලෝකේ මොනතරම් දෙමව්පියෝ ප්‍රමාණයක් ඉන්නවද දරු සම්පත් ලබන්න බැරි, ඒ වගේම පාරේ තමන්ගේම ළමයා අමතක කරලා දාලා යන දෙමව්පියෝ නම් කොච්චර ඉන්නවද? පවුලකට ළමයෙක් කියන්නේ ඒ දෙමාපියන්ට ඊට වඩා සම්පතක් නැහැ. ඒ වගේම මම අහල තියෙන විදිහට අලුත ඉපදුන පොඩි බබෙක්ගේ මනස හරියට සුදු පාට හාෆ් ෂීට් එකක් වගේ, දෙමාපිටන්ට කොලේ ඕනම දෙයක් ලියන්න පුළුවන්.
ගොඩ කාලෙකට පස්සේ තමා බයිස්කෝප් සිංහලෙන් වෙබ් පිටුමට මම සබ් එකක් හදලා දාන්නේ, මම මේ වතාවේ තෝරගත්තේ කොරියන් සිනමා සිත්තමක්, දැන් කොරියන් කිව්වම බලන්නෙ නැති අය ඕන තරම් ඉන්නවනේ. ක්‍රියාදාම, ආදර, වගේම හොලමන් සිනමාවට ආස කරන අයට කියන්නේ මේ වගේ කතාවකුත් ඉඳලා හිටලාවත් ඔබගේ රසවින්දනයට එක්කරගන්න කියලා, මොකද කියනවා නම් මේක හරිම සංවේදී සම්භව්‍ය ගනයට අයිතිවන සාම්මානලාභී සිනමා පටයක්. කොහොමත් මේ වගේ සිනමා පටයක් රස විඳින්න උසස් රසවින්දන හැකියාවත් තියෙන්න ඕන, මොකද මේ කතාව ඔහේ බලන්නන් වාලේ බලන්නේ නැතිව සංයමයෙන් බලන්න ඕන එකක්.
කතාව ගැන කියනව නම් මම කතාවේ ආරම්භය විතරක් කියන්නම්, මුල්ම දර්ශණ පෙළෙන් පෙන්නන්නේ වයස අවුරුදු දයයක විතර ගැහැණු ළමයෙක් එයාගේ තත්තත් එක්ක බයිසිකලේ නගරෙට ගිහිල්ල හොඳට කාලා බීලා අලුත් ඇඳුම් අරගෙන ගෙදර එන එක. ඇත්තම කියනව නම් කතා නායිකාව වන “ජින්හී” දන්නේ නැහැ එයා එයාගේ තාත්තත් එක්ක ඉන්න අවසාන දවස අද කියලා. ඉස්සරහට ජින්හීට ගත කරන්න වෙන ජීවිතේ මොන වගේ වේවිද? ඇයි ජින්හී එයාගේ තාත්තත් එක්ක ගත් කරන අවසාන දවාස වෙන්නේ කියලා ඔයාලා කතාව බලලම දැනගන්න.
IMDb දර්ශකයේ මේ කතාවට 7.6 ක අගයක් තම හම්බ්වෙලා තියෙන්නේ. මේ සිනමා පටය නිකුත් වෙලා තියෙන්නේ 2009 ඔක්තොම්බර් මාසේ 29 වෙනිදා, දකුණු කොරියාවෙදි. Kim Sae-ron තමා මෙහි ජින්හීගේ චරිතෙට පණ පොවන්නේ, Kim Sae-ron මේ සිනමා පටයේ ඉතාම විශිෂ්ඨ ගනයේ රංගන කුසලතාවයක් පෙන්නුම් කරනවා ඔයාලට දැක ගන්න පුළුවන්. මිනිත්තු 92 ක් පුරාවට දිවෙන මේ සිනමා පටය ඔබගේ දෙනෙතට කඳුලක් නංවන්නට සමත් වනවා වගේම ඔබට හිතන්නටත් යමක් ඉතිරි කරාවී. බයිස්කෝප් වෙබ් අඩවියට ජය!!!
ප.ලි.
අනිවාර්යෙන් මේ කතාව පුළුවන් නම් ගෙදර ඉන්න දෙමව්පියොන්ටත් පෙන්නනන කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.
708 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
73C166E99A72D203EE1D8C19337BB8F17C8B3030 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,357 downloadsDownload A-Brand-New-Life-2009.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/sinethG.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිනෙත් ගමච්චිගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිනෙත් ගමච්චිගේ
Subtitles
24 comments
Soori
Pasindu Dilanka
බොහොම ස්තුති සබ් එකට සිනෙත් සහෝ..!
අනිවර්යයෙන් බලන්න ඔනේ ෆිල්ම් එකක්..!
දිගටම සබ් ඔනේ.. සුබ පැතුම්.!Palitha de Silva
thank you very much..
pabasara lihini
ගොඩ කාලයකින් සබ් එකක් දිලා.ඔයා දීපු ජපන් ඇනිමෙි එක සුපිරි මෙකත් අනිවා සුපිරි අැති.
Jason Todd
පට්ට ෆිල්ම් එකක් වගේ,thanks
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
කේ.යූ.ජී. උදාර
වටිනා නිර්මාණයක් වගෙයි.........
සිංහල සබට බොහොම ස්තූතියි.Kulanjana Maduranga
niayamai…supirima filumak wge....elazzz..thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Isuru Chamara
ela
Tharaka
හොඳ නිර්මාණයක්. අනිවාර්යෙන්ම බලනවා. සබ් වලට බොහෝ ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhagya
Great work Sineth....!!!!!! Love to see more and more your work...!!!!! :) <3
tharanga
patta kathawak.lamayage ragapamanam supiri.menna mewata thamai film kiyanne puluwannam saho thawa me wage katha denna api aniwa balanawa.mama nam hithanne nah korean nobalana aya meke innawa kiyala arath me wage katha.monawa unath unge film supiri.thxx sub ekata.
madu
kathawa baluwata passe comment ekak danna hithuna.thama ash wala kadulu.echcharatama hithata wadina kathawak.sub dunnata thankz.
melan sriwantha
etthatama hoda kathawak.godakma sanwedie..thanks bro
Sameera Rathnayake
නියමයි සිනේ.. Good Luck!!!!
Jack
අඩේ පට්ට බන්.
කොරියන් ඒවා අනිවා බලනවා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…chinthana
niyama move ekak.sub niisa goda
gayan
lassana kathawa.saho puluwannam thawa me wage katha denna balanna.korean nam godak hodai.mokada aniwa korean ewa balanawa.
VENUKA
NIYAMAI MEWAGE FILM TIYENNATH ONE....
GihanC
8/10 ...වියෝවීම කියන කටුක අත්දැකීම සැම මොහොතකම කවරෙකු හෝ අත්විදිනවා...කිසිවෙකුට ගැලවිය නොහැකි අත්දැකීමක් ... සුපිරි නිර්මාණයක් ...හොද නිර්මාණ වලට subtitle හදනවා ගොඩක්ම අඩුයි ...තව තවත් මෙවන් නිර්මාණ තෝරා බේරා ගෙන සිංහල උපසිරසි ලබා දෙන්න ...විදෙස් භාෂා වලින් ( Hollywood නොවන ) අති විශිෂ්ට නිර්මාණ තියනවා ...බොහොම ස්තුත්යි ....
Thusitha Kumara
අපූරු සිනමා සිත්තමක්. බෙහෙවින් ම ස්තුතියි.
ricadodamien
Thank u sineth brother & baiscope team for the sub, it's a beautiful movie, all the best to baiscope team.....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![A Brand New Life (2009) with sinhala subtitles | නව ඇරඹුමක් කරා… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/A-brand-new-life-2009.jpg)

බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සිනෙත් සහෝ....
කොරියන් ඒවාත් බලනවා.... කොහොම වුනත් ලිපියේ කියලා තියෙන විදිහට නොබලාම බැහැ වගේ...
ආයෙත් ස්තුති කරන ගමන් සබයි ෆිලුමයි ගන්නවා...