හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඉතින් ඔයාල හැමෝම හොදින් ඉන්නව ඇති කියල හිතනවා, මේ පාරත් හම්බ වුණා කම්මැළි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්, සුපිරිම ෆිල්ම් එකක් නෙමෙයි, ඒ වගේම සබ් එකේ මොනවහරි අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනවා, කලින් ෆිල්ම් එකට ස්තූතියි කරපු ඔයාල හැමෝටමත් මේ වෙලාවෙ මම ස්තූතියි කර…

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඉතින් ඔයාල හැමෝම හොදින් ඉන්නව ඇති කියල හිතනවා, මේ පාරත් හම්බ වුණා කම්මැළි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්, සුපිරිම ෆිල්ම් එකක් නෙමෙයි, ඒ වගේම සබ් එකේ මොනවහරි අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනවා, කලින් ෆිල්ම් එකට ස්තූතියි කරපු ඔයාල හැමෝටමත් මේ වෙලාවෙ මම ස්තූතියි කරනවා, ෆිල්ම් එක බලල ඔයාලගෙ හිතේ පුංචි සතුටක් හරි ඇති වුණා නම්, අන්න ඒ අහිංසක සතුට තමයි බයිස්කෝප් වෙබ් අඩවිය වගේම අපි හැමෝම බලාපොරොත්තු වෙන සතුට, ඒ වගේම තව දෙයක් මට ඔයාලගෙන් අහන්න ආස හිතුන මේ විදිහට, මේ පෘථිවියේ තියෙන ලස්සනම දේ මොකක්ද කියල මම ඔයාලගෙන් ඇහුවොත්, ඔයාල මොන වගේ උත්තරයක් දෙයිද කියන්න දන්නෙ නෑ, කොහොම හරි මේ පෘථිවියේ තියෙන ලස්සනම දේ තමයි බුදු දහම, අපි ලෝකෙ කොහෙ ගියත් මොන සතුටක් ලැබුවත්, ලස්සන බුදු දහමට එක අකුරකින්වත් අගෞරවයක් නොවෙන විදිහට ජීවත් වෙන්න ඕනෙ කියන එක අපි හැමෝම හැම වෙලාවෙම මතක තියා ගනිමු.
ෆිල්ම් එක ගැන විස්තරයක් කෙරුවොත්, මේ ෆිල්ම් එකත් ස්ටීවන් සීගල්ගෙ ෆිල්ම් එකක්මයි, ෆිල්ම් එකේ හැටියට ස්ටීවන් සීගල්ට කියන්නෙ ෂේන් ඩැනියෙල් කියල, ෆිල්ම් එකේ හැටියට එයා විශේෂ බලකායෙ අවුරුදු ගාණක් සේවය කරල තියෙන සොල්දාදුවෙක්, කොහොම හරි මේ ඩැනියෙල්ට සිද්ධ වෙනවා මිනී මැරුම් නඩුවකට අවුරුදු හයක් බන්ධනාගාරයට යන්න, මෙයා අවුරුදු හයකට පස්සෙ, බන්ධනාගාරයේ ඉඳල එළියට එද්දි එයාගෙ පවුලෙ අය හැමෝම නැති වෙලා, එයා ජීවත් වෙන නගරයේ සවුත්තු චරිත ගොඩක් ඉන්නවා, සැබෑ ජීවිතේ වගේමයි, මේ ෆිල්ම් එකේ තව ඉන්නවා චෙන් කියල චීන ජාතිකයෙක්, කර්නල් කියලත් කෙනෙක් ඉන්නවා, එයත් චීන ජාතිකයෙක්, මේ දෙන්නම එකතු වෙලා තමයි මත් ද්‍රව්‍ය ව්‍යාපාරය කරගෙන යන්නෙ, ඒ නගරෙ ඉන්න පොලිසියත් මත් ද්‍රව්‍ය ව්‍යාපාරයට උදව් කරනවා, ඩැනියෙල්ට හම්බ වෙනවා සර්ජි යාළුවෙක්, එයා නිසා තමයි අර මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයොත් එක්ක ඩැනියෙල්ට පැටළෙන්න සිද්ධ වෙන්නෙ, දිග විස්තරයක් ෆිල්ම් එකේ තියෙනවා, සමහර තැන් විස්තර කරන්න අමාරුයි, ෆිල්ම් එක බැලුවොත් තමයි තේරුම් ගන්න පුළුවන්, නවතින්න කලින් අපි හැමෝම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු, මේ පෘථිවියේ ඉන්න හැම ජීවියෙක්ම ලෙඩක් දුකක් නැතුව ලස්සනට ඉන්න ලැබේවා කියල !
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී
අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
(ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්)
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
0c2107ec135b35e5d9bf1815b2aef6fbf472743a Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
902 downloadsDownload A-Dangerous-Man-2009-sinhala-subtitles.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
10 comments
kanthaDLA
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!Nimantha
Thanks.....
Kulanjana Maduranga
niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසල්
බන් තැන්ක්ස් හොදෙ
Tharindu
superb great works
නලින්
බොහොම ස්තූතියි, දිනුෂ සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා෴
රොයිලි
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wasantha
niyamayi...
Chaminda Lakruwan
ගොඩක් ස්තූති සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!