Watch Trailer

The Death And Life Of Bobby Z (2007) with Sinhala Subtitles | බොබී සී ගේ ජීවිතය සහ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මං තවත් ෆිලුමක් අරන් ආවා! ගොඩක් දවස් ඉදන් කරපු වැඩක් තමා අද ඉවරකරගන්න පුළුවන් උනේ! තිබුන වැඩත් එක්ක මේක එන්න එන්න පස්සට ගියා. ඔන්න කොහොමෙන් කොහොම හරි අද ඉවරකරගන්න පුළුවන් උනා. පෝල් වෝකර්ගේ ෆිලුමක් කරන්න ඉස්සර ඉදන් ආසාවෙන් තමා හිටියේ. පෝල් වෝකර්ගේ ෆිලුමක් හොයාගන්න එකත් අමාරු වුනා. බලපු බ…

The Death and Life of Bobby Z (2007)

ඔන්න එහෙනම් මං තවත් ෆිලුමක් අරන් ආවා! ගොඩක් දවස් ඉදන් කරපු වැඩක් තමා අද ඉවරකරගන්න පුළුවන් උනේ! තිබුන වැඩත් එක්ක මේක එන්න එන්න පස්සට ගියා. ඔන්න කොහොමෙන් කොහොම හරි අද ඉවරකරගන්න පුළුවන් උනා. පෝල් වෝකර්ගේ ෆිලුමක් කරන්න ඉස්සර ඉදන් ආසාවෙන් තමා හිටියේ. පෝල් වෝකර්ගේ ෆිලුමක් හොයාගන්න එකත් අමාරු වුනා. බලපු බලපු හැම එකම සබ් කොරලා තිබ්බෙ. දන්නවනේ ඉතින් අපේ කස්ටියගේ වැඩ. කොහොමහරි මේක ඉතුරුවෙලා තිබ්බා.

එහෙනම් ඉතින් කතාව ගැන ටිකක් බලමු! මේක අයිතිවෙන්නේ Action, crime, drama ,comedy ඝණයන්ට. මේක නිකුත්වෙලා තියෙන්නේ 2007 වසරේ. imdbඅගය 5.9ක් ලබාගෙන තියනවා. රගපාන අය ගැන සදහන් කලොත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපිරි නළු Paul walker(ටිම් කර්නි). ඒවගේම තවත් සුපිරි නළුවෙක් වෙන Laurence fishbourne(ගෘස්) රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව olivia wilde(එලිසබෙත්), jason lewis(බොබී සී), JR villarreal (කිට්) යන අය රංගනයෙන් දායක වෙනවා .එහෙනම් කතාව ගැන කෙටියෙන් සදහනක් කරන්නම්!

ගෘස් කියන්නේ ෆෙඩරල් නියෝජිතයෙක්. එතකොට ටිම් කර්නි(paul walker)කියන්නේ පොඩි පොඩි වැරදි වලට හිරේ ඉන්න හාදයෙක්. මේ ටිම්ගේ පෙනුමත් බොබී සී ගේ පෙනුමට ගොඩක් දුරට සමානයි. මේ ගෘස් කියන නියෝජිතයාගේ හවුල්කරුවාව ඩොන් හුවෙටෙරෝ කියලා තවත් මත්ද්‍රව්‍ය සපයන්නෙක් විසින් සිරකරගෙන සිටිනවා. ඩොන් හුවෙටෙරෝ ගෘස්ගේ හවුල්කරුවාව නිදහස් කරන්න කැමති ඔහුට බොබී සී ව ගෙනත් දුන්නොත් විතරයි. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියනවා ඇත්ත බොබී සී මියගිහින්. ඉතින් ටිම්ට බොබීගේ පෙනුම තියන නිසා ගෘස් හදන්නේ බොබී සී වෙනුවට ටිම්ව හුවමාරු කරන්න .ඒකෙන් ටිම්ට ලැබෙන වාසිය තමා හිරෙන් එලියට එන්න ලැබෙන එක. ටිම්ටත් වෙන විසදුමක් නැති එකේ වැඩේට කැමති වෙනවා. හැබැයි ඉතින් හුවමාරුව හිතුව විදියටම සිද්ද වෙන්නේ නෑ. ඔන්න ඔය ටික විතරක් කියන්නම්. කතාව විස්තර කරන්න අමාරුයි. මොකද කියන්න ගියොත් ඔක්කොම කියවෙනවා. කතාවේ මුලම සිදුවීම් ටික විතරයි කිව්වේ. තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන්! එහෙනම්, ඩොන් හුවෙටෙරෝ මොකද බොබී සීවම ඉල්ලන්නේ? ගෘස් කියන හැමදේම ඇත්තද? ටිම්ට මොනවා වෙයිද? කියලා කතාව බාගෙනම බලන්න! බ්ලූ රේ තියන එකේ මොකටද හිත හිත ඉන්නේ? එහෙනම් ඇඩ්මින්ලා සෙට් එකට ස්තූතිවන්ත වෙනවා ෆිලුම බාර දීපු එක ගැන. තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

“if one day the speed kills me – don’t cry,because i was smiling.”

                                                                                           -Paul walker

Scream (2015– ) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

0ed37b379270def8d99d5d5a39ed9f8fa0978489 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,715 downloadsDownload The.Death_.and_.Life_.of_.Bobby_.Z.2007.sinhala.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,715 downloadsDownload Subtitles38 KB

14 comments

  1. චාරුක ඉඳුනිල්

    සුපිරියි සහෝ.
    බොහෝම ස්තූතියි සබ් එකට.

  2. නිලංක ලහිරු විමුක්ති

    එල බං නියමයි.තෑන්ක්ස්

  3. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. තිසල්

    ලැල බන් තැන්ක්ස් හොදෙ

  5. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  6. Tharindu Athukorala

    ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Kalum Gunasekara

    බොහොම ස්තුතියි උපසිරැසියට

  9. නලින්

    ස්තුතියි ඉසුරු සහෝ උපසිරසියට... ජය වේවා!

  10. Dilusha Nuwan Narasinghe

    පෝල් වෝකර් ඉන්නවා කියන්නේ ලොවෙත් නෑ ඉතින්. සබට තෑන්ක්ස්!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. kavindu

    niyama wadak

  13. Shaggy

    Thank you very much

  14. Sahan Gayantha

    thanks a lot Isuru saho sub ekata