කොහොමද කට්ටියට. මේ මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය. ඇත්තටම හසන්ත අයියට ස්තූති වන්ත වෙනවා මට මේ උපසිරැස ලබා දුන්නට. ඇත්තටම කිව්වොත් දැන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසියක් ලබා ගන්න හරි අමාරුයි. එච්චරටම කට්ටිය ආසාවෙන් උපසිරැසි කරනවා. ඇත්තටම සතුටුයි වෙබ් අඩවියෙ ඉන්න හැම කෙනාම තවත් කෙනෙක්ට යමක් තේරැම් ගන…

කොහොමද කට්ටියට. මේ මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය. ඇත්තටම හසන්ත අයියට ස්තූති වන්ත වෙනවා මට මේ උපසිරැස ලබා දුන්නට. ඇත්තටම කිව්වොත් දැන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසියක් ලබා ගන්න හරි අමාරුයි. එච්චරටම කට්ටිය ආසාවෙන් උපසිරැසි කරනවා. ඇත්තටම සතුටුයි වෙබ් අඩවියෙ ඉන්න හැම කෙනාම තවත් කෙනෙක්ට යමක් තේරැම් ගන්න ලාබ ප්‍රොයෝජන නොතකා දරණ උත්සහයට.
එහෙනම වැඩි කතා නැතිව ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත ලෙස Catherine Walker (Sophia), Steve Oram (Solomon), Susan Loughnane (Victoria), Mark Huberman (Neil) රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඇත්තටම කිව්වොත් මේ ෆිල්ම් එකේම ඉන්නෙ මේ චරිත ටික විතරයි. මේ ෆිල්ම් IMDB 6.0 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක පැයයි විනාඩි 40ක ධාවන කාලයක් සහිත ෆිල්ම් එකක්. මේක අයත් වන්නෙ Horror/Mystery ගණයට.
ඇත්තටම කිව්වොත් මේ ෆිල්ම් එකේ වැඩි හරියක් කතාව යන්නෙ ගෙයක් ඇතුලේ. කතාවෙ ප්‍රධාන චරිතෙ, සොෆියා කියන කෙනා පාලු පැත්තකින් ගෙයක් කුලියට ගන්නවා. ඊට පස්සසෙ මෙයා සොලමන් කියලා කෙනෙක් සල්ලි වලට අරන් එනවා අර ගෙදරට මන්තර ගුරුකම් වගයක් කරන්න. අපේ භාෂාවෙන් කව්වොත් කට්ටඩියෙක් වගේ ඩයල් එකක්. මෙයා අර ගෙදර ගන්නෙත් මේ වැඩේට. මෙයා මුලින් සොලමන්ට කියන්නෙ එයාගෙ ළමයා කට්ටියක් පැහැරගෙන ගිහින් මරුවා, ඒක නිසා ආයෙ එයාගෙ මැරණු ළමයගෙ කටහඬ අහන්න ඕන නිසා මේක කරන්නෙ කියලා. ඒත් මෙයා කියන්නෙ බොරුවක්. මෙයා මේක කරන්නෙ වෙන ඩැඩකට. ඇත්තටම කිව්වොත් මරපු උන්ගෙන් පළි ගන්න. මෙයා බොරු කියන නිසා මේ දෙන්නට කරදර ගොඩකට මූණ පාන්න වෙනවා. මේ පුජාව ඉවර වෙනකම් මේ දෙන්නටම ගෙදරින් එළියට බහින්න බෑ. සති ගානක් මේ ගේ ඇතුලේ මේ දෙන්නා ඉන්නවා. ඔන්න ඔහොමයි කතාව ගලා ගෙන යන්නෙ. එහෙනම් කතාවෙ ඉතුරු ටික දැනගන්න ෆිල්ම් එක ඔයාලට බලන්න වෙනවා. එහෙනම් තව උපසිරැසි නිර්මාණයකින් හම්බෙමු. ජය වේවා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
4,500 downloadsDownload A-Dark-Song-2016.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/චලේන්ද්‍ර-සෙනවිරත්න1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලේන්ද්‍ර සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලේන්ද්‍ර සෙනවිරත්න
Subtitles
20 comments
ඉෂාන් මදුෂ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~ashan lankanath
Thanks ...............good luck ...................
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Pasindu
Tns machan download කරලා ගොඩක් kal sub danakan හිටියා බලන්න . Yts aka aluthan apu godak film walata තම sub na awata ඉක්මනට sub danna . ගොඩක්tns sub akata
Rajitha
Thanks machan.....jayawewa.....!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Gayan
Great broo
Ara
Thanks
අසිත
Mekata saba denakam hitiye
Elama saho thanksThisal Lakpura
තෑන්ක්ස් සබට ;)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Ishan
Thanx
Jack
නියමයි මචෝ..
සුපිරි ෆිලුමක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයෙන් වේවා...!!Nirodhauthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
lakshan
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
Eranda
Thank Macho sub eka dunnata.... film eka aran sahena dawasak una sub natiwa baluwe na.
thanks machan godak....
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

බොහොම ස්තූතියි සහෝ