Watch Trailer

The Condemned (2007) with Sinhala Subtitles | මරණය නියතයි [සිංහල උපසිරසි සමඟ]

ලොකු සල්ලිකාරයෙක් ඉන්නවා. මෙයාට ඕන කරලා තියෙනවා ගහ මරාගන්න සජීවි දර්ශන ටිකක් අන්තර්ජාලය හරහා පෙන්වලා සල්ලි හොයාගන්න. ඉතින් මේකට ඇත්තටම ගහමරාගන්න අයව ඕන කරනවා. මේ සල්ලි කාරයා මොකද කරන්නේ ලෝකයේ විවිධ හිරගෙවල්වල හිරබත් කන මිනීමරපු, ස්ත්‍රී දූෂණ කරපු, මංකොල්ල කාපු, ගෙවල් ගිනිතියපු අය වගේ අති බිහිසුණුම…

ලොකු සල්ලිකාරයෙක් ඉන්නවා. මෙයාට ඕන කරලා තියෙනවා ගහ මරාගන්න සජීවි දර්ශන ටිකක් අන්තර්ජාලය හරහා පෙන්වලා සල්ලි හොයාගන්න. ඉතින් මේකට ඇත්තටම ගහමරාගන්න අයව ඕන කරනවා. මේ සල්ලි කාරයා මොකද කරන්නේ ලෝකයේ විවිධ හිරගෙවල්වල හිරබත් කන මිනීමරපු, ස්ත්‍රී දූෂණ කරපු, මංකොල්ල කාපු, ගෙවල් ගිනිතියපු අය වගේ අති බිහිසුණුම වාර්තා තිබෙන සිරකරුවන් දහදෙනෙක් ව නිදහස් කරගන්නවා. මේ සිරකරුවෝ දහදෙනාම මරණයට තීන්දු වෙලා ඉන්න අය. ඉතින් හැබෑ නිදහස නිකම් ගන්න බෑනේ. තමන්ගේ මේ සල්ලි හොයන වැඩේට උවමනා නිසා ඉහල නිලදාරින්ට පගාව දීමෙන් තමයි නිදහස් කරගන්නේ. මේ අය අතර කාන්තාවන් දෙදෙනෙකුත් ඉන්නවා. වැඩේ සිද්ධ වෙන්නේ දූපතකයි. දූපත වටේම කැමරා බර ගානක් හයි කරනවා. පොකුරු කැමරා, සෙන්සර් තියෙන ඔටෝමේටඩ් කැමරා, රේලින් කැමරා වගේ ඒවා. ඉතින් මුලු දූපතම වගේ මේ කැමරා වලින් ආවරණය වෙලා තියෙන නිසා කොන්ට්‍රෝලින් රූම් එකේ ඉන්න මේකේ ලොක්කට ඇහැ නොගැටී කිසිම දෙයක් කරන්න බෑ.

මේ සිරකරුවෝ දහදෙනා මරා ගන්න හැටි, ඔවුන්ගේ කපටි කම්, ජීවත් වෙන්න තියෙන ආශාවට කරන දේවල් ආදී සියලු දේ මේ කැමරා හරහා සජිවීව අන්තර්ජාලය හරහා විකාශය කරනවා. මේ වැඩසටහන මිලියන ගණනින් මිනිස්සු අන්තර්ජාලය හරහා නරඹනවා. එහෙම බලන අය තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරලා ගෙවීමක් කරන්න ඕන. එහෙම තමයි සල්ලි මේකේ ලොක්කට සල්ලි ලැබෙන්නේ. ඉතින් මේ සිරකරුවෝ දහදෙනාගෙම කකුල්වල බෝම්බ ගැටගහලා හෙලිකොප්ටරයකින් මේ කියපු දූපතේ විවිධ තැන්වලට ගෙනත් දානවා. පැය 30ක කාලයක් තියෙනවා. මේ 10න් එක්කෙනයි ඉතුරු වෙන්න ඕන.එහෙම දිනන කෙනාට විතරයි සල්ලි සමඟ නිදහස ලැබෙන්නේ. මේ අයගේ කකුල්වල ගැටගහලා තියෙනවා බෝම්බයක්. පැය 30ක් ඇතුලත ස්වයංක්‍රියව පිපිරෙන විදිහටයි නිර්මානය කරලා තියෙන්නේ. මේ බෝම්බය කකුලෙන් ගලව ගෙන නිදහස් වෙන්න හැදුවොත් එයාට ලැබෙන්නේ ක්ෂණික මරණය. ඉතින් ඒ මේ තරගෙයෙන් ජයග්‍රහණය කරන්න නම් අනිත් කෙනාව ප්‍රතිවාදියා ලෙසින් සලකලා මරන්න වෙනවා. මොකද එක්කෙනාටයි නිදහස ලැබෙන්නේ. තරඟයේ නීති රීති මුකුත්ම නෑ. ඕනම හැටියට මරන්න පුලුවන්. ඉතින් සියළු දෙනා එකිනෙකාව මරා ගන්නවා. මේක ඇතුලේ ඛේදනීය ආදරයකුත් තියෙනවා. අවසානෙට මොනවා වෙයිද? ලොක්කා හිතපු විදිහට සල්ලි ටික අතට ලැබෙයිද?

ජැක් කොන්රඩ් කියන සිරකරුවා විදිහට රඟපාන Stone Cold Steve Austin තමයි මෙතන ප්‍රධාන නලුවා. මතකනේ මොහු WWE සුපිරි තරුවක්. The Expendables (2010), Hunt to Kill (2010), The Package (2013), Damage (2009), The Stranger (2010) කියන්නේ මෙයාගේ තවත් සුපිරි චිත්‍රපට කිහිපයක්. අවසානයේ කුමක් වේවිද? ත්‍රාසජනක හා ක්‍රියාදාම චිත්‍රපට රසිකයන්ට නම් කියාපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටයත් Death Race චිත්‍රපට පෙල වගෙයි. පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙන IMDb දර්ශකයේ දැනට 6.1ක් අරන් තියෙන මේ සුපිරි චිත්‍රපටය අත හැරියොත් පාඩුවක්.

The Condemned (2007) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Condemned.2007.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,774 downloadsDownload The-Condemned-2007.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Damith-Rathnayake.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දමිත් තරංග

Subtitles

6,774 downloadsDownload Subtitles37 KB

19 comments

  1. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. Kasun Widusha

    Elaa parakku una patta filumakata sub dila tnx

  4. madusara manawasinghe

    elama thamayi...
    thanks

  5. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  6. Bhanuka

    ෆිල්ම් එක ගැන අහල තිබ්බට බලන්න හම්බුනේ නෑ ..,ඔන්න අද එකත් බලන්න පුළුවන් ..,බොහොම පිං සහෝ ..,

  7. අසිත

    Mekata saba denakam hitiye
    Elama saho thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ගයාන්

    බොහොම ස්තූතියි දමිත් තරංග සහෝ.

  11. රවින්

    සබට ස්තුතියි.

  12. ප්‍රභාෂ

    සුපිරි ෆිලුම මචං මේකේ දෙවනි එකකටත් සබ් එක දෙන්න පුළුවන්ද

  13. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  14. දමිත්

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!
    ජයෙන් ජය...

  15. චාරුක ලක්ෂිත

    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  16. Nishan Fernando

    Thanx bro

  17. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  18. PramothC

    bohoma sthuthiyi

  19. Malith samarawickrama

    Thanks sub ekata