Watch Trailer

A Death in the Gunj (2016) Sinhala Subtitles | ඝාතනයක්ද සියදිවි නසාගැන්මක්ද? [සිංහල උපසිරැසි සමඟ]

සාම්ප්‍රදායික රාමුවෙන් මිදුණු බොලිවුඩ් ෆිලුමක් අරගෙන තමයි මම මේ පාර ආවේ.මේක මසාලා තේමාවෙන් මිදිලා යතාර්ථවාදී තේමාවකින් නිර්මාණය වුනු ෆිලුමක් කියන්න පුළුවන්.ඒ වගේම මේකේ කාලරාමුව තියෙන්නේ මීට වසර 35-40කට පමණ පෙර.හරියටම කිව්වොත් 1979 ශිත සෘතුවේ.ෆිලුම අයිතිවෙන්නේ Drama Thriller කාණ්ඩයන්ට.Thriller කාණ්ඩ…

සාම්ප්‍රදායික රාමුවෙන් මිදුණු බොලිවුඩ් ෆිලුමක් අරගෙන තමයි මම මේ පාර ආවේ.මේක මසාලා තේමාවෙන් මිදිලා යතාර්ථවාදී තේමාවකින් නිර්මාණය වුනු ෆිලුමක් කියන්න පුළුවන්.ඒ වගේම මේකේ කාලරාමුව තියෙන්නේ මීට වසර 35-40කට පමණ පෙර.හරියටම කිව්වොත් 1979 ශිත සෘතුවේ.ෆිලුම අයිතිවෙන්නේ Drama Thriller කාණ්ඩයන්ට.Thriller කාණ්ඩයට අයිතිවෙන මිනීමැරුමක්,සියදිවිනසාගැනීමක් හෝ වෙන හේතුවක් නිසා සිදුවන මරණයක් ගැන ඇතුලත් චිත්‍රපට බොහෝමයක් අපි බලලා තියෙනවනේ.මේකෙත් ඒ එක් විදියක මරණයක් සිද්දවෙනවා.නමුත් විශේෂත්වය වෙන්නේ ඒ මරණයට පසුබිම් වෙන කාරණයන්.තවත් දෙයක් තමයි,මේක හෙමීට ගලාගෙන යන චිත්‍රපටයක්.සමහර තැන්වල කුතුහලය,ත්‍රාසය ගැබ් වුනත් ඒ ඇරෙන්න මේක විවිධ සිද්දි ඔස්සේ ලස්සනට ගලාගෙන යන ෆිලුමක්.ඒ හින්දා ඒ විදියේ ෆිලුමක් බලන්න කැමති අයට මේ ෆිලුම බලන්න ආරාධනා කරනවා!

තමන්ගේ පියා වන Mukul Sharma සත්‍ය සිද්දි ආශ්‍රය කරගෙන ලියපු කෙටිකතාවක් පදනම් කරගෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Konkona Sen Sharma විසින්.බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරුණ සහ ප්‍රවීණ නළු නිලියෝ කිහිප දෙනෙක්ම ෆිලුමට රංගනයෙන් දායකවෙනවා.ප්‍රධාන චරිතය,ෂුටු ට පණ පොවන්නේ ටිකක් නවක නළුවෙක්.නන්දුට පණපොවන්නේ Hate Story (2012) , Hunterr (2015) වගේ චිත්‍රපටවලට රංගනයෙන් දායකවුනු Gulshan Devaiah.ඒ වගේම Yeh Jawaani Hay Deewani (2013) ෆිලුමට රංගනයෙන් දායකවුනු Kalki Koechlin,ෆිලුමේ ආකර්ශනීය තවත් චරිතයකට පණ පොවනවා.ඒ වගේම බොලිවුඩ් සිනමාවේ ප්‍රවීණයෙක් වන,මේ වසරේ තිරගතවුණු සහ තිරගතවන The Ghazi Attack සහ Tubelight වගේ ජනප්‍රිය චිත්‍රපටවලට මෑතකාලයේදී තම දායකත්වය ලබා දුන් Om Puri මේ ෆිලුමටත් තම දායකත්වය ලබා දෙනවා.

ෆිලුමේ මුලින් පෙන්නනවා,නන්දු සහ බ්‍රයන් කියන දෙන්නා එයාලගේ වාහනයේ මළ සිරුරක් පටවාගෙන යන සිද්දියක්.කොහොමවුනත් ෆිලුම නියම විදියට ආරම්භවෙන්නේ මේ නන්දු එයාගේ පවුලේ අය සහ නෑදෑයෝ එක්ක ඉන්දියාවේ මැක්ලස්කිගන්ජ් කියන බිහාර් ප්‍රාන්තයේ තියෙන ප්‍රදේශයට විනෝද ගමනක් ඒමත් එක්ක.ඉතින් මේ අය මෙහේ නැවතිලා දින හතක් ඉන්නවා.ඒ වගේම ඒ අතරතුරදී මෙහේ ඉන්න නන්දුගේ යාළුවෝ දෙන්නෙකුත් මෙයාලා එක්ක එකතු වෙනවා.මේ දින හතේදී එයාලා කරන එක එක විදියේ දේවල් ෆිලුමේ අඩංගු වෙනවා.ඒ වගේම මේ අයට හත්වෙනි දවසේ බොහොම ඛේදජනක සිද්දියකට මුහුණපාන්නත් සිද්ද වෙනවා.මේ දේවල් මොනවද කියලා ෆිලුම බලලම දැනගන්නකෝ!

ෆිලුමේ වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ ඉංග්‍රීසි දෙබස්.මේ අය බොහොම අඩුවෙන් තමයි එයාලගේ මවුබස කතා කරන්නේ.ෆිලුම මුල් වරට ප්‍රදර්ශනය කරන්නේ කැනඩාවේ පැවැත්වෙන 2016 Torronto සිනමා උළෙලේදීයි.ඒ වගේම මේක මුල්වරට ආසියාවේ ප්‍රදර්ශනය කරන්නේ ඒ වසරේදීම දකුණු කොරියාවේ තියෙන Busan සිනමා උළෙලේදියි.ඒ වගේම ඒ අවුරුද්දේ තියෙන Mumbai සිනමා උළෙලේදීත් මෙය ප්‍රදර්ශනය කරනු ලබනවා.කොහොමවුනත් මේක ඉන්දියාවේ මහජන ප්‍රදර්ශනය අරඹන්නේ මේ අවුරුද්දේ,ඒ කියන්නේ 2017, ජූනි 2වෙනිදා ඉඳලා.ෆිලුමට ඉහළ IMDb අගයක් වගේම වෙනත් ධනාත්මක ප්‍රතිචාරත් බොහෝමයක් ලැබිලා තියෙනවා.

අපිට අලුතෙන් හමුවෙන අයෙකුගේ,සමහරවිට අපේ සමීපතමයෙකුගේ වුනත් හිතේ මානසිකත්වය අපි හිතනවට වඩා හුඟක් වෙනස් විදියේ එකක් වෙන්න පුළුවන්.ඒ අයගේ හිතේ මොන විදියේ ප්‍රශ්න තියෙනවද කියලා අපි හරියටම දන්නේ නෑ .ඒ වගේම ඒ අය ප්‍රශ්න කෙරෙහි දක්වන සංවේදීත්වය අපිට වඩා බෙහෙවින් වෙනස් වෙන්න පුළුවන්.ඉතින් ඒ හින්දා මිනිස්සු එක්ක වැඩ කරද්දී අපි මේ දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද අපි හිතා මතා නොකරන දෙයකට වුනත් බොහොම සංවේදී අය බරපතල ප්‍රතික්‍රියා දක්වන්න ඉඩ තියෙනවා.මේ වගේ පණිවිඩ කිහිපයක්ම ෆිලුම ප්‍රේක්ෂකයින් වෙත ලබා දෙනවා.

ඉතින් වෙනදා වගේම ෆිලුම බලලා,උපසිරැසිය ගැන අදහසකුත් මෙහි සඳහන් කරගෙන යන්නත් අමතක කරන්න එපා,තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.

එතෙක් ඔබට ජය!

A Death in the Gunj (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

A Death in the Gunj (2016) Hindi HDRip – 700MB – x264 – 1CD – MP3 – ESub

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,443 downloadsDownload A-Death-in-the-Gunj-2016.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු රසාංග

Subtitles

4,443 downloadsDownload Subtitles46 KB

19 comments

  1. නිරෝෂ්

    බොහොම ස්තුතියි තරිඳු සහෝ.ජයවේවා!

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. Chalana

    thnx bro...

  4. Sanindu Lakkitha

    ::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

  5. thisal

    බොහෝම ස්තුතියි

  6. අසිත

    elama saho thanks

  7. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. Dilan

    Supiri film ekak wage saho.jaya wewa saho.

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. aruna shantha

    ela ela macho

  11. D.Chamara

    bohoma sthuthi sahoooo

  12. SPD

    බොහොම ස්තුතියි තරිඳු සහෝ. වැඩිය හින්දි නම් බැලෙන්නේ නෑ. ඒත් උඹ කරපු නිසා
    මලයාලම් ටයිප් එකක් කියලා හිතාගන බලනවා. Guppy(2015)
    මලයාලම් ෆිලුමට පුලුවන්නම් සබක් දෙන්න බලන්න සහෝ.
    ජයම වේවා....!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  15. මයුර

    මේ අවුරුද්දේ බලපු හොඳම බොලිවුඩ් නිර්මාණ අතලොස්ස ඇතුලත දාන්න පුළුවන් ෆිල්ම් එකක් බන්. කොන්කොනා දවසක හොඳම අධ්‍යක්ෂකවරියක් වෙයි. ක්‍රමානුකුලව හරිම ලස්සනට වැඩේ කරලා තියෙනවා. පොඩි සිදුවීමක් හරිම අගේට ගලපලා තියෙනවා. මේක කවුරුත් දැන්මම සබ ගෙනෙයි කියලා හිතුවේ නැහැ. දැක්කම පුදුමත් හිතුනා. කරපු කෙනාව දැක්කම සැක නැතුව බාගත්තා. දුකයි අපේ බොහෝ ඈයෝ මේවා බලන්න නැඹුරු නොවීම ගැන. බාගතකිරීම් 1000 සම්පුර්ණ කරන්නත් ටික දවසක් ගියා. බලහල්ලා යකුනේ

  16. තරිඳු රසාංග

    අදහස් දක්වමින් සක්‍රිය දායකත්වයක් දක්වපු හැමෝටම ස්තුතියි.
    downloads ප්‍රමාණය සාපේක්ෂව අඩුවුනත් ෆිලුම බලන්න උවමනාවෙන් හිටපු අයට සබ් එකේ ලොකු වටිනාකමක් තියෙන්න ඇති කියලා මයුර සහෝ ඇතුළු අනිත් අයගේ කමෙන්ට් වලින් අදහසක් ගන්න පුළුවන්.ඒ වගේම ෆිලුම නොබලපු අයට අනිවාර්යෙන්ම මේක බලන්න කියලා වගේම ඉස්සරහටත් ඔයාලගේ වටිනා අදහස් මේ විදියට පලකරන්නත් කියලා ආයේ පාරක් මතක් කරනවා!
    මීළඟට Escape from Uganda (2013) [මලයාලම් ෆිලුමෙන් හමුවෙමු!

  17. Nishon

    tnx bun sub ekata...digatama sub demu jaya wewa :D

  18. Nishan

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..

  19. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි