Watch Trailer

The Zookeeper’s Wife (2017) with Sinhala Subtitles | යුධ බිමක සටන් වැදුන මනුස්සකම… [සිංහල උපසිරැසි සමඟ]

1939 කියන්නේ පෝලන්ත වැසියන්ට එතරම්ද යහපත් කාලයක් නෙමේ. දෙවන ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාවට එළඹිලා තියෙන අවස්ථාවක පෝලන්තය ජර්මානු ග්‍රහණයේ අභිමුඛ ගෙවපු කාලයක් තමයි වසර 1939 කියන්නේ. පෝලන්තය තුල වෙසෙන යුදෙව් වැසියන්ට නම් මේ කාලය එතරම් යහපත් කලක් උනේ නැහැ මොකද හිට්ලර් ප්‍රමුඛ හමුදාවට අවශ්‍ය උනේ මේ යුදෙව්…


1939 කියන්නේ පෝලන්ත වැසියන්ට එතරම්ද යහපත් කාලයක් නෙමේ. දෙවන ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාවට එළඹිලා තියෙන අවස්ථාවක පෝලන්තය ජර්මානු ග්‍රහණයේ අභිමුඛ ගෙවපු කාලයක් තමයි වසර 1939 කියන්නේ. පෝලන්තය තුල වෙසෙන යුදෙව් වැසියන්ට නම් මේ කාලය එතරම් යහපත් කලක් උනේ නැහැ මොකද හිට්ලර් ප්‍රමුඛ හමුදාවට අවශ්‍ය උනේ මේ යුදෙව් ජනතාව ලොවෙන් තුරන් කර දමන්න.  හිට්ලර් එවැනි අධම පාලකයෙක් උනත් පෝලන්තයේ වර්ශෝ නගරයේ වැසියන්ට නම් මේ වගේ වර්ගවාදයක් හිසට කඩා වැටිලා තිබුනේ නැහැ. ඔවුන් සියල්ලෝම මිනිසත් කමට ගරු කරමින් සාමාන්‍ය නගර වැසියන් ලෙසට එකිනෙකාට උදවු කරගනිමින් එහි වාසය කළා.

මේ වර්ශෝ නගරය තුල තිබුන සහ දැනටත් පවතින විශේෂ ස්ථානයක් තමයි වර්ශෝ සත්ව උද්‍යානය. එහි පාරම්පරික හිමි කරුවන් උනේ යුදෙව් නොවන පවුලක් වන සැබින්ස්කි පවුල. මේ කාලය තුලදී එහි හිමිකාරිත්වය දැරුවේ ජාන් සහ ඇන්ටෝනිනා සැබින්ස්කි යුවල විසින්. ඔවුන්ට හිටිය එකම පුත්‍රයා තමයි රිශ්. මෙසේ සාමයෙන් ගතවුන සමාජය ජර්මානු වර්ගවාදයේ පහර වදින්නේ අතර තුරේදී. ඉතින් කොහෙවත් තිබුන යුදෙව් විරෝධයක් මේ නගරයට පිටින් ගෙනත් දමලා නගරයේ වැසියන් තාප්ප වලින් වෙන් කෙරුවා. යුදෙව් ජනතාවට තිරිසනුන්ට මෙන් සැලකුවා. තමන් එක්ක සහෝදර සහෝදරියෝ වගේ ජිවත් උන මේ යහළු මිත්‍රයෝ ගෙවන දුක බලාගෙන මොකුත් නොකර ඉන්න සැබින්ස්කි යුවලට කොහෙත්ම පුළුවන් කමක් තිබුනේ නැහැ. ඒ දෙදෙනා තීරණය කළා තමන්ගේ ජීවිතය පරදුවට තියල මේ දුක් විඳින තමුන් වගේම ගැහැණුන්, මිනිසුන් සහ කුඩා දරුවන් වෙනුවෙන් පුළුවන් විදිහට උදව්වක් කරන්න.

ඒ මිනිස්කමට අගයක් ලබා දෙන්න ඊශ්‍රායල් යුදෙව් මිනිසුන් පසුබට උනේ නැහැ. යුදෙව් ජනයා වෙනුවෙන් කරන ලද මේ මානුෂික උපකාරයට ප්‍රති උපකාරයක් ලෙසින්  Jan Żabiński සහ Antonina Żabiński  වෙනුවෙන් Yad Vashem උද්‍යානය තුල පැලරෝපනයක් ලෙසින් 1968 ඔක්තෝබර් 30 වන දින Polish Righteous among the Nations ගෞරව සම්මාන පුදකරනු ලැබුවා. එදා ඔවුන් දෙදෙනා විසින් මියයන්න හිටපු යුදෙව් වැසියන් 300 කගේ පමණ ජිවිත බේරාගනු ලැබුවා. ඉතින් මේ තියෙන්නේ ඒ දෙපල විසින් සිදු කරනු ලැබූ ඒ මානුෂික මෙහෙවර පාදක කරගෙන නිර්මාණය වූ අපුරු චිත්‍රපටයයි. එහෙනම් IMDB දර්ශකයේ ලකුණු 7ක් හිමිකරගත් මේ සලරුව බලන්න කියල හැමෝටම ආරාධනා කරමින් මම සමුගන්නවා. එහෙනම් තවත් සලරුවකින් මුණගැහෙමු. සියලු දෙනාටම සුභ දවසක්!!!

 

The Zookeeper's Wife (2017) on IMDb

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  BR පිටපත් සඳහා  අදාළ වේ.

4,068 downloadsDownload The-Zookeepers-Wife-2.zip36 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

4,068 downloadsDownload Subtitles36 KB

34 comments

  1. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි හසා අයියේ

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. Udara Damith B/K

    ela

  5. tharangani

    thank you ayye

  6. Dilan

    Lassana film Ekak wage saho.jaya wewa saho.

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. Chalana

    thnx bro...

  9. Sanindu Lakkitha

    ::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::

  10. thisal

    බොහෝම ස්තුතියි

  11. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy hasaa ayyaa...

  12. අසිත

    elama saho thanks

  13. Ishan

    Thanx saho

  14. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Mithun

    අයියගෙ එකක් නොබල කොහොමද
    ලස්සන ෆිල්ම් එකක් වගෙ ගොඩක් ස්තුතියි උපසිරැසි ගැන්නුවට ජය ඔබට..

  17. Rajitha

    Thanks machan.......jayawewa.....!

  18. sudeera

    sabata thuthi mame............... supiriyak ...........

  19. nandana

    බොහෝම ස්තුතියි

  20. Nelson

    Good Job Friend, Thanks!

  21. ricado

    tks for the sub great work brother keep it up...........

  22. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Dulanga

    Thanks

  24. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  25. Chathura

    බොහොම ස්තූතියි සබ් එකට.. ජය !!

  26. Manjula Kumara

    බොහොම ස්තූතියි සබ් එකට... :-)
    ජය වේවා…!!

  27. Gayan Chathuranga

    බොහොම ස්තූතියි සබ් එකට

  28. shan

    hoda film ekak..

    me wage tru story film walata sinhala sub dena ekanam loku deyak...

    api wenuwen sub eka hadanna mahansi wenawata godak pin..

  29. anunethu

    සුපිරි ....

  30. MAALnath

    Thanks ..............good luck ........................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  31. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  32. Nidi

    සපිරේවා ලොවම මේ වැනි මිනිසුන්ගෙන්
    ඉතිරේවා මිනිස්කම පොදු චින්තනයෙන්
    දුරු වේවා ජාති භේදය මිහිතලයෙන්
    පැතිරේවා මිතුරු දම් තව තව වැඩියෙන්

    ස්තුතියි හසන්ත.
    2532 ක් නෙවෙයි ඩවුන්ලෝඩ්ස් ගණන 253200 ක්වත් වේවා!

  33. Tharindu Athukorala

    ela yaluwa

  34. Waruna Kamalawansha

    නියමයි..... බොහෝම ස්තූතියි උපසිරැසියට