උපසිරැසි පරිවර්තනය කරන්නෙක් හැටියට බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා අද වෙනකොට හරියටම අවුරුදු 4ක් සම්පූර්න වෙන්න දවස් 5ක් විතරයි අඩු වෙලා තියෙන්නේ. ඉතිං මේ මුල පුරන්න යන්නේ තවත් කඩ ඉමක් සනිටුහන් කරන්නයි. අහස කඩාවැටීම තුළින් පටන්ගත්ත මේ ගමන් මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා නම් කොහෙත්ම හිතුවේ නැහැ. මේ…

උපසිරැසි පරිවර්තනය කරන්නෙක් හැටියට බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා අද වෙනකොට හරියටම අවුරුදු 4ක් සම්පූර්න වෙන්න දවස් 5ක් විතරයි අඩු වෙලා තියෙන්නේ. ඉතිං මේ මුල පුරන්න යන්නේ තවත් කඩ ඉමක් සනිටුහන් කරන්නයි. අහස කඩාවැටීම තුළින් පටන්ගත්ත මේ ගමන් මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා නම් කොහෙත්ම හිතුවේ නැහැ. මේ 150 කඩ ඉමට එනකොට වැඩිපුරම තියෙන්නේ ටීවි සීරීස් තමයි. අහසකඩාවැටීම, කළු ලැයිස්තුව, ඩෙයාඩෙවිල්, 24 (කොටස් කිහිපයක්), මේ දවස්වල විකාශය වල කොලනි කියන ටීවි සීරීස් 5ට උපසිරැසිගැන්වීම් කරලා තියෙනවා. චිත්‍රපටි නම් බොහොම සුලු ප්‍රමාණයක් තමයි කරලා තියෙන්නේ. 100 වෙනි කඩ ඉම වෙනුවෙන් චිත්‍රපටයක් කලාට පස්සේ මේ එකක් කරනවමාද කොහෙද!!! ඇත්තටම කියනවා නම් ආපහු ජිවිතේ ගැන හැරිලා බැලුවාම සතුටු වෙන්න පුළුවන් දේවල් අතරේ උඩින්ම තියෙන දෙයක් තමයි මේ උපසිරැසිකරණය. හැමෝම හැමදාම කියනවා වගේ මේක කරනවා කියන්නේ ලොකු කැපකිරීමක්. ඒ වෙනුවෙන් අපේ නින්ද, රාජකාරි කටයුතු, ඉගනීම් වැඩ, ඔක්කෝම කැපකරපු අවස්ථා තියෙනවා. හැබැයි ඒ හැම දේකටම ලොකු වටිනාකමක් තියෙනවා කියලා සයිට් එකේ මේවා පළවෙනකොට, කමෙන්ට් එකක් හරි වඩුන්ලෝඩ් එකක් හරි වැටෙනකොට හිත දැනෙනවා. ඉතිං මේ ආපු දුර ගමනේදී උදව් කරපු අය ගොඩක් ඉන්නවා. ඒ හැමෝම මතක් කරන්න ගියොත් පේජ් එකේ ඉඩත් මදිවෙයි ඒ ලැයිස්තුවේ මුලටම එන්නේ මේ අපි නිදිනොලබා කරන උපසිරැසි නරඹන ඔබයි. සයිට් එකට කවුරුත් ඇවිත් මේවා බාගත කරගන්නේ නැත්නම් අපි මේවා කරන්නෙත් නැහැනේ. ඒ එක්කම හැමදාම කියනවා වගේ අම්මා තාත්තා ඇතුලු පවුලේ හැමෝමත් බයිස්කෝප් පවුලේ ඇඩ්මින් මඩුල්ල ඇතුළු හැම දෙනවාමත් මතක් නොකර නම් බැහැ. ඉතිං විකියා අයියා, රොයිලි අයියා, හසන්ත අයියා, සමන් මල්ලී, විමා මල්ලී (මේ ෆිලුම ලැබුනෙත් විමා මල්ලිගේ ධන පරිත්‍යාගයෙන් තමයි) සමීර චතුරංග අයියා නිර්මානි නංගී ඇතුලු බයිස්කෝප් පවුලේ හැමෝටම ස්තුති කරන්න අමතක කලොත් ඒක ලොකු අඩුපාඩුවක් වේවි.

මේ වෙන කොට Imdb දර්ශකයේ 5.3 වගේ අගයක් අරගන තිබුනත් බලන්න වටින කතාවක් කියලා කිව්වොත් නිවැරදියි. James Ponsoldt ගේ අධ්‍යක්ෂනයෙන් සහ Emma Watson, Tom Hanks, John Boyega, Karen Gillan වැනි අයගේ විශිෂ්ට රංංගනයෙන් හැඩවෙලා තියෙන මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Dave Eggersගේ 2013 දී නිකුත් වුන The Circle කියන නවකතාවයි. කතාවේ තිර රචනයත් ඔහු සහ අධ්‍යක්ෂකවරා දෙන්නා එකතුවෙන් සිදුවෙලා තියෙන්නේ.
හොදයි එහෙමනම් ඉතිං කතාව පැත්තට හැරෙමු. මේ හොලන්ඩ් කියලා කියන්නේ දුප්පත් ගෑණු ළමයෙක්. එයාට එයාගේ යාළුවෙක් මාර්ගයෙන් එයාගේ සිහින රැකියාව කරන්න අවස්ථාව ලැබෙනවා ලෝකේ තියෙන බලවත්ම සහ විශාලම සමාජ ජාලා සමාගමේ. ඉතිං එයා ඒක භාරගන්නේ එයාගේ මුලු ලෝකයම ඒක හැටියටයි. එයා දක්ෂ විදියට වැඩ කරගන යනකොට සමාගමේ ලොක්කා ගෙන් එයාට අවස්ථාවක් ලැබෙනවා තීරණාත්ම අත්හදාබැලීමකට සහභාගී වෙන්න. ඉතිං එයා මේ අවස්ථාව එයා භාරගන්නවාත් එක්කම සීමාවන් ඉක්මවලා යනවා. ඒකෙන් එයාගේ පුද්ගලිකත්වය සදාචාරත්වය සහ අවසානයේදී පුද්ගලික නිදහස නැති කරගන්නවා. මේ අත්හදා බැලීමේදී ඇය ගන්න තීරණ වලින් එයාගේ පවුලේ අයට සහ යාළුවන්ට දරුනු විදියට බලපෑම් එල්ල වෙනවා. ඇත්තටම හොද පනීවිඩයක් අරගන එන කතාවක් කියලා කිව්වොත් හරි. එහෙමනම් කතාව බලන්කෝ.
චිත්‍රපටයේ කොපිය ගැනත් අනිවාර්යෙන්ම කියන්න ඕන. HD කොපියක් උනාය බ්ලූරේ එකක් තරම් ගුනාත්මක භාවයක් තියෙනවා අදුරු දර්ශන කිහිපයක් ඇරෙනකොට. ඒ නිසා මේ කොපියෙන් කතාව බැලුවට පාඩුවක් වෙන එකක් නැහැ.
එහෙමනම් කතාව බලන්කෝ. නැවත හමුවනතුරු ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD සහ BR පිටපත් සඳහා අදාළ වේ.
12,575 downloadsDownload The-Circle-2017.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
87 comments
shasith sandaruwan
හසන්ත
150 වෙනි උපසිරසට සුබපැතුම් සුරේනි නංගි !!!
Praneeth Maduranga
ela ela degatama karamu.best of luck
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Soori
එමා නංගි ඉන්න නිසා අනිවා බැලිල්ලක් තමා. හැබැයි බීආර් කොපියක් එනකම් ඉවසනවා.
උපසිරැසිය ගත්තා. සුරේනි නංගීටත් ගොඩාාාාක් ස්තුතියි වෙහෙස මහන්සිය නොබලා අප ගැන අනුකම්පාවෙන් මේ උපසිරැසිය දුන්නාට....!
ඔහොමම යමු 200 දක්වා...... මගෙන් සුබ පැතුම්...!Sanindu Lakkitha
::::::::බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට::::::::
150 වෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම් අක්කේ..මෙතනින් නොනැවතී ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න හැකිවේවා..ඔයාලා මේ කරන සේවයයෙන් කී දාහක් දෙනා සතුටින්,තේරෙන විදියට චිත්‍රපට,ටෙලි කතාමාල බලනවද. ඒක නිසා ස්තුතියි කියනවට වඩා වටිනාම වචනේ තමයි බොහොම පිං කියන එක..!
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::bandara
සොයුරියගේ 150 වෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම්, 150 ට 300 ආයු බෝවේවා. 151 ට "Body Of Evidence (1993)" සබ් දෙන්න පුලුවන්ද please,,,,,,,,,,,,,,,,,,,,,
CMJ
Wish you all the best akki !!!
Heshan
Good luck
KwiZ
jaywewa sahodari...
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සුරේන් අක්කේ
150 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුබ පතනවා...
කොලනියෙන් නැවත හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් සුරේනි අක්කේ
200 ත් ඉක්මනටම ගහමු හොදේ...
කොලනිය ඉවර කරලා blacklist- Redemption කතාමාලාවටත් හැකි නම් සබ් දෙන්න ( කොටස් 8යි තෙයෙන්නේ.. සීසන් 2 ක් එන්නෙත් නෑ ඒක නිසා බය වෙන්න එපා :) )උදාර දිල්ශාන්
නියමයි සුරේනි අක්කේ සබ් එකට තෑන්ක්ස්
150 ට සුභ පැතුම්
කොලනියෙන් ඉක්මනටම නැවත හමු වෙමුGathsara Umesh Kumara
Loku kdyimk akkee...
Bohom sthuthiy....
Ap wenuwen me krn sewyt mt sthuthi krnn wchnee...
Illne thw thwth sub denn kiyl...me gmn methnin nthr krnn epa kiyla......
Jyen jym wewaa...
Ikmnum ilg upsrsyn hmuwemmo....අසිත
elama saho thanks
Ishan
Thanx akke... Gud luck. digatama apita sub denna oyata shakthiya lebewaaa...
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි අක්කේ...°°°°°°°°
°°°°°°හදවතින්ම සුභ පතනවා 150 වෙනි උපසිරැසියට°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..thusitha
obata bohoma stutiy,,,jayen jayama wewa,,,,,,
Shenin Perera
උපසිරැසියට බොහොම ස්තුතියි අක්කේ:)
සුභ පතනවා 150 වෙනි උපසිරැසියට...........Sajith Anthony
150 වෙනි උපසිරැසියට සුභ පැතුම්!
සබ් එකට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!නිර්මාණී විජේසිංහ
150 වෙනි උපසිරසිය වෙනුවෙන් සුභම සුභ පැතුම් අක්කේ. උපසිරසියටත් මාව මතක් කරාටත් බොහොම ස්තූතියි. අද බලන්න ඕන ෆිලුම. එහෙනම් ජය වේවා. තව එකසිය පනහක් දෙසීයක් කරන්න හැකියාව ශක්තිය ලැබේවා. ජය...
Dilan
Hoda film ekak wage saho....jaya wewa oyata naganiya....
madu
Thank you
prabodha
Thank you sis. Keep it up.
Kulanjana Maduranga
welldone....Hat off Respect SURENI sis....Great work & Lot of thanks SURENI sis.wish u'r great future.....
chamalkalum
150 උපසිරැසිය වෙනුවෙන් මගෙනුත් උණුසුම් සුබ පැතුම්.. එමා ඉන්නව කියන්නෙ බලනවම තමයි.. ඒ වගේම ස්තූතියි..
Madura Sanka
Cars 3 2017 TS x265-Omikron mekatah sub ekak damu kooooooo machna laaa
Chamith Mihiranga
150 වන කඩයිමට උණුසුම් සුභපැතුම් වේවා අක්කේ..! දිගටම අප ඔබගෙන් උපසිරැසි බලාපොරොත්තු වෙමු.
Chamal Perera
150ට සුභ පැතුම්.. දිගටම උපසිරස දෙමු.
Nilanka
Godak thanka me movie ekata sub dunnata..Jeyen jaya..
ලහිරු චානක
සුබ පැතුම් සුරේනි අක්කා. ජයවේවා...!!!
ඉෂාන් මදුෂ
150 වෙනි උපසිරැසියට සුබපැතුම්.බොහොම ස්තූතියි
ඉදිරි කඩයිම් වලට යාමට දිරිය,කාලය වැඩි වැඩියෙන් ලැබේවා
ජය!Nikagoda Nagitha
subapethum
thisal
සුබ පැතුම් සුරේනි අක්කා
යුශාන් පියුමාල්
mage unusum subapatum akkiyo ikmanatama 200 gahmu
sudeera
niyamay akki... 150ta subapathum oyata. 200th ikmanta karamu hode.............
Nelson
Good Work Friend, Thanks!
Udara Damith B/K
බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට
150 ට සුබ පතනවා
ඉක්මනටම 200 ත් ගේන්ඩ වාසනාව ලබා ගන්ඩ කියලා පතනවා
කොලනියෙන් හමුවෙමු ................Kasun
බොහොම ස්තූතියි.......... 150 වන උපසිරැසියට සුභපැතුම්......
chinthaka
thank u very much sis.............Go ahead.....!
Lushan Kuruppu
හදවතින්ම සුබ පතනවා! ඉදිරි ගමනට ආසිරි වේවා...!!!
රොයිලි
උණුසුම් සුබ පැතුම් සුරේනි. දැන් නම් උපසිරැසි ඉස්සර තරම් වැඩියෙන් නොදෙන්නෙ වැඩ හින්දා වෙන්න ඕනා. කමක් නෑ මෙහෙම හරි දෙන එක මදැයි. මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් 200 ට යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
AB
thank you
Dulanga
Great job.Thanks
Prasa I
Thanks for the all subtitles...congraaatz akka..go further
මධුකප්‍රිය පෙරේරා
150ට හෘදයාංගම සුබ පැතුම් එක් කරනවා..
හම්මේ ඉස්සරනම් සට සට ගාලා සබ් දීපු කෙනෙක් නොවෑ..
කොහොමහරි මෙතනින් නොනැවතී 200ත් ඉක්මනටම දෙමු..
උපසිරසියට ස්තුතියි ජය..Chami.S
Thanks for 150th sub.
Good Luck.!!udaya
thank you sis. congratz
Sajeevi
150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්....
Sisila Prasad
150 වැනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
මෙතනින් නොනැවතී, ඉදිරි කඩයිම් වලටත් යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
150 ට සුභපැතුම්! 200 ත් ඉක්මනටම ගහමු නේහ් :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!