Watch Trailer

The Strangers: Chapter 3 (2026) Sinhala Subtitles | වියරු ආගන්තුකයන් සමඟ භීතීයේ අවසන් රාත්‍රිය [සිංහල උපසිරසි]

The Strangers: Chapter 3 (2026) Sinhala Subtitles ආයූබෝවන් යාළුවනේ ඔන්න එහෙනම් ඉක්මනටම තව වතාවක් බයිස්කෝප් නිවහනට ගොඩවැදුනා. ඒ මම කලින් අරන් ආව සලරුවක තෙවන කොටස හිතුවෙවත් නැති වෙලාවක නිකුත් වෙලා තියෙන නිසයි. ඉතිං ඔයාලා කවුරුහරි මම කලින් දීපූ The Strangers: Chapter 1 සහ The Strangers: Chapter 2 බලලා…

The Strangers: Chapter 3 (2026) Sinhala Subtitles The Strangers: Chapter 3 (2026) Sinhala Subtitles

ආයූබෝවන් යාළුවනේ ඔන්න එහෙනම් ඉක්මනටම තව වතාවක් බයිස්කෝප් නිවහනට ගොඩවැදුනා. ඒ මම කලින් අරන් ආව සලරුවක තෙවන කොටස හිතුවෙවත් නැති වෙලාවක නිකුත් වෙලා තියෙන නිසයි. ඉතිං ඔයාලා කවුරුහරි මම කලින් දීපූ The Strangers: Chapter 1 සහ The Strangers: Chapter 2 බලලා නැත්තම් මේක බලන්න කලින් වහාම ඒ ෆිල්ම් දෙක බලලා එන්න කියලා කියන්න ඕන මොකද මේ චිත්‍රපට තුනම එකිනෙකට සම්බන්ධ වෙන නිසා. මේ චිත්‍රපට මාලාව නිකුත් වෙන්නේ කලින් ආපු The Strangers චිත්‍රපට මාලාව රීබූට් කරන්න උනත් ඒ වැඩේ සාර්තක කරගන්නනම් සමත් වෙලා නැතිබව කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.

පලවෙනි චිත්‍රපටයෙදි වෙන්නේ විවහ ගිවිසගත්ත මායා සහ රයන් කියන තරුණ යුවල දුරබැහැර ලේක් හවුස් එකකට පැමිණි අවස්ථාවේ එදා රාත්‍රියේ දෙන්නටම මුහුන දෙන්න බිහිසුණු අත්දැකීමක් පිළිබඳවයි. දෙවෙනි කොටසේ වෙන්නේ තමන්ට මුහුණ දෙන්න සිදුවුන සිදුවීමත් එක්ක රෝහල් ගතවුන මායා මේ වීනස් ප්‍රදේශයේ ඉන්න අමුතුම ආකාරයේ මිනිස්සු ගැන තවත් තොරතුරු හොයාගන්න උත්සහ කරන විදියයි. ඒ වගේම කාවද විශ්වාස කරන්නේ කාවද සැක කරන්නේ කියන උහතෝකෝටික ප්‍රශ්නයට මෙයාව මැදිවෙනවා වගේම ඒ නිසා ලොකු කරදරේකත් වැටෙනවා. ඒ වගේම මේ ඝාතකයෝ තමන්ගේ ගොදුරු ඉන්න ගෙවල් වලට ගිහින් දොරට තට්ටු කරලා “ටැමරා මෙහේ ඉන්නවද?” කියලා අහන්නේ ඇයි කියලත් අපිට අතීත කතාවකින් දකින්න ලැබුනා.

ඉතිං මේ තුන්වෙනි කතාව පටන් ගන්නෙ කලින් ෆිල්ම් එක නතර උන තැනින්මයි. ඒ වගේම මේ දේවල්වල ආරම්භය උන විදිය හෙළිකරන අතීත සිදුවීම් කීපයකුත් අපිට බලාගන්න ලැබෙනවා. ඒ නිසා මම ඒ ගැන විස්තර නොකියා ඔයාලටම බලාගන්න දෙන්නම්.

කලින් චිත්‍රපට වගේම මේකත් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Renny Harlin විසින්. Madelaine Petsch නැවත වතාවක් ප්‍රධාන චරිතය මායා විදියට එකතු වෙනවා. ඒ එක්කම කලින් ෆිල්ම් වල හිටපු නළු නිළියෝ ටිකම මේකෙත් ඔයාලට බලාගන්න පුළුවන්. මම කලිනුත් කියලා තියෙන විදියටම මේක වඩාත් ගුණාත්මක නිර්මාණයක් නෙමෙයි ඒත් ස්ලෑශර් චිත්‍රපට වලට කැමති අය නම් මේක කැමති වෙයි කියලා හිතනවා. එහෙනම් සුපුරුදු විදියට ඔයාලත් උපසිරසිය අරගෙන කොමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ෆිල්ම් සෙට් එක මට වෙන් කරලා දුන්න රවිඳු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා ගැළපේ.

947 downloadsDownload The-Strangers-Chapter-3-2026.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Strangers: Chapter 3 (2026) Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

947 downloadsDownload Subtitles15 KB

4 comments

  1. sumed

    සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.
    උපසිරසිකරණයට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.

  2. sumed

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.
    උපසිරසිකරණයට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

  3. Buddhika laKMal

    බොහෝම ස්තූතියි යුරාන් ධනුක සහෝ මේකට සිංහල උපසිරැසිය දුන්නට

  4. රුක්ෂාන් ඛාන් (රුකා)

    ස්තූතියි, සහෝ කලින් දෙක වගේම වෙඩි වගේ මේකටත් උපසිරැසි දුන්නට ❤️‍ ජයවේවා ❤️