Watch Trailer

A Hologram for the King (2016) With sinhala subtitles | රජුට හොලෝග්‍රෑම් පද්ධතියක්… [සිංහල උපසිරසි සමඟ]

සෞදි රජයට හොලෝග්‍රැෆික් ටෙලි සම්මන්ත්‍රණ පද්ධති විකිණීමට සෞදි අරාබියේ සංචාරය කරන ඇමරිකානු අලෙවි නියෝජිතයෙක් තමයි ඇලන් (කතාවෙ ප්‍රධාන චරිතය). තම නිවසද අහිමිව බිරිඳ සමඟ දික්කසාදවී තම දියණියගේ අධ්‍යාපන වියදම් දරාගත නොහැකිව විශාල පසු බෑමකට පත්ව බලාපොරොත්තු සුන්ව සිටින අවස්ථාවක තමයි ඇලන් මේ සංචාරයේ යෙදෙ…

A Hologram for the King (2016)

සෞදි රජයට හොලෝග්‍රැෆික් ටෙලි සම්මන්ත්‍රණ පද්ධති විකිණීමට සෞදි අරාබියේ සංචාරය කරන ඇමරිකානු අලෙවි නියෝජිතයෙක් තමයි ඇලන් (කතාවෙ ප්‍රධාන චරිතය). තම නිවසද අහිමිව බිරිඳ සමඟ දික්කසාදවී තම දියණියගේ අධ්‍යාපන වියදම් දරාගත නොහැකිව විශාල පසු බෑමකට පත්ව බලාපොරොත්තු සුන්ව සිටින අවස්ථාවක තමයි ඇලන් මේ සංචාරයේ යෙදෙන්නෙ. ඉතිං ඇලන්ට මේ ගමනේ සාර්ථකත්වය කියන දේ ඉතාම වැදගත්, තම ජීවිතය යථා තත්වයට පත් කර ගැනීමට. ඔහු සෞදි හී ජෙඩ්ඩාහ් වෙත පැමිණෙන්නේ එළඹෙන සංවර්ධන වැඩසටහනක් වන, ඉදිකිරීමට යන රජුගේ ආර්ථික සහ වෙළඳ අග නගරය තුල තරඟ කරුවන් අතරින් තම වෙළඳ භාණ්ඩ සෞදි රජයට ඉදිරිපත් කර තම වෙළඳාම සාර්ථකව නිම කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. එහිදී ඔහුට හමුවන රියදුරෙක් වන යූසුෆ් සහ වෛද්‍යවරියක් වන සාරාගේද උදව් ඇතිව ඔහුගේ ජීවිතය පිළිබඳ ගනුදෙනුව විසඳා ගැනීම මෙම සිනමාපටයෙන් නිරූපණය කෙරෙනවා.

සිනමාපටයෙ වටපිටාව ගැන කියනව නම් මේක ඇවිල්ල IMDb වර්ගීකරණයට අනුව හාස්‍ය සහ නාට්‍යමය යන කාණ්ඩයන්ට අනුව වර්ගීකරණයට ලක්ව ඇති සිනමාපටයක්. 2016 අප්‍රේල් මස 28 වන දින ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල පැය 1යි මිනිත්තු 38ක් පුරා දිවෙන මෙම සිනමා පටය සම්මානලාභී Tom Tykwer නමැති අධ්‍යක්ෂක වරයාගේ අධ්‍යක්ෂණයක්. “ඇලන් ක්ලේ” ලෙස ඔස්කාර් සම්මාන ලාභී Tom Hanks ප්‍රධාන චරිතයට පණ පොවන අතර සෙසු චරිත වන වෛද්‍ය “සාරා” ලෙස Sarita Choudhury සහ “යුසුෆ්” ලෙස Alexander Black ද  රංගණයෙන් දායක වනවා. තවද මෙම සිනමාපටය මේ වන විට 6.1/10 ක  IMDb අගයක් දිනාගන්නටත් සමත් වෙලා තියෙනවා.

මේ සිනමාපටය හොයල දුන්න සමීර චතුරංග සහෝදරයටත් ස්තූතිවන්ත වෙන ගමන් හැමෝටම කතාව බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්  :D  😀

A Hologram for the King (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

A.Hologram.for.the.King.2016.BDRip.x264-DRONES1

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,561 downloadsDownload A.Hologram.for_.the_.King_.2016.Baiscopelk.com_.rar41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

2,561 downloadsDownload Subtitles41 KB

15 comments

  1. Lushan Kuruppu

    ස්තූතියි සහෝ!
    ඔබට ජයම වේවා!

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  3. CHANDIKA

    thank you

  4. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජය~~

  5. ලහිරු ප්‍රසාද්

    ස්තූතියි සහෝ උපසිරැසියට. ජය~~

  6. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “හසන්ත මාලිංග” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  7. Indika

    I.T 2016 Sab aka Dana bareda.?had a move Akaki.

  8. අසිත

    elama saho thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  11. Thushara Medagama

    Thanx machan

  12. kasun

    wenada film ekath mekenma baganna puluwan , dan ehema karanna ba . film eka hoyanakota epa wenawa

  13. Dish

    Tnx saho sub ekata

  14. dharshana...

    Thanks..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P