හැරිස්ගෙ උපරිම උත්සහය ලසාර්ඩ්ව කොහොමහරි පන්නගන්න. මේ උත්සහය ලේසියෙන් අත හරින්නෙ නෑ. ලසාර්ඩ්ගෙ ඔෆිස් එකෙන් මොනවමහරි දෙයක් හොයාගන්නම් කියල රෑක හොඳ පරීක්ෂාවක් කරනව. ඒ වගේම ලසාර්ඩ්ව අයින් කරන්න ලේසිම ක්‍රමයත් හොයාගන්නව. ඒ ලාසර්ඩ් විශ්‍රාම යායුතු වයස පහුවෙලා කියන එක. ලසාර්ඩ් හට් දශකයේ හොඳම පොලිස් කොමඩන…

හැරිස්ගෙ උපරිම උත්සහය ලසාර්ඩ්ව කොහොමහරි පන්නගන්න. මේ උත්සහය ලේසියෙන් අත හරින්නෙ නෑ. ලසාර්ඩ්ගෙ ඔෆිස් එකෙන් මොනවමහරි දෙයක් හොයාගන්නම් කියල රෑක හොඳ පරීක්ෂාවක් කරනව. ඒ වගේම ලසාර්ඩ්ව අයින් කරන්න ලේසිම ක්‍රමයත් හොයාගන්නව. ඒ ලාසර්ඩ් විශ්‍රාම යායුතු වයස පහුවෙලා කියන එක. ලසාර්ඩ් හට් දශකයේ හොඳම පොලිස් කොමඩන්ට් විදියට සම්මාන ලැබෙනකොට ඔහුට විශ්‍රාම යන්නත් සිදුවෙලා.
සම්මාන ලැබුනත් විශ්‍රාම යන්න වෙන නිසා සිත් තැවුලෙන් ඉන්න ලසාර්ඩ්ගෙ හිත හදන්නෙ කට්ටිය උත්සහ කරන්නෙ මෙතනදි එයාලටත් කරන්න දෙයක් නෑ කියල දන්න නිසා. ඒත් ඔවුන් දන්නව මේකත් මොකක් හරි හැරිස් ගෙ ගැටක් කියල. ඒත් කරන්න දෙයක් නෑ. සම්මාන උත්සවේ තියෙන්නෙ මියාමි වෙරළෙ. අපේ යාලුවො ටිකත් ලසාර්ඩ්ගෙ උදවුවට එහෙට යන්න තීරණය කරනව. හැරිසුත් තමන්ගෙහොඳ හිත පෙන්නන්නත් එක්ක මේ ගමනට එකතුවෙනව. ඒත් මියාමි වලය යන්නෙ කොහොමද කියල දැනගන්න ඔයාල චිත්‍රපටය බලන්න ඕන. මේ අතරෙ නගරයේ කෞතුකාගාරය කඩල දියමන්ති හොරකමක් වෙනව.
දියමන්ති උස්සපු හොරුත්, ලසාර්ඩ් ඇතුලු කණ්ඩායමත් මියාමි වලට යන්නෙ එකම ගුවන් යානයෙ. මෙතනදි ලසාර්ඩ්ගෙයි හොරාගෙයි බෑග් දෙක මාරු වෙනව දෙකම එක වගේ නිසා. හොර නායකය ලඟට ගිහින් දෙන්නෙ ලසාර්ඩ්ගෙ බෑග් එක.එතකම් දන්නෙ නෑ බෑග් මාරුවෙලා කියල. ඊලඟ උත්සහය බෑග් එක හොයාගන්න එක. ඒත් පරක්කු වැඩියි. බෑග් එක හම්බ උනත් ඩියමන්ති හන්ගල තිබුණ කැමරාව ලසාර්ඩ් අතට එනව. හොතන්නෙ මේක තෑග්ගක් කියල.
අන්තිමේදි දියමන්තිත් එක්ක ලසාර්ඩ්වත් ප්‍රාණ ඇපයට අරගෙන හොරු ටික පනිනව. ඒත් ලසාර්ඩ් හිතන්නෙ මේක උත්සවේම කොටසක් කියල. ඒක නිසා පැනල යන්න හොඳම විදිය කියල දෙන්නෙත් ලසාර්ඩ්මයි. මුන්ව අල්ලගෙන ලසාර්ඩ්වත් බේරගන්න සැලසුමක් හැදුවත් හැරිස් මුදුනා වෙලා ඔක්කොම අවුල් කර ගන්නව විතරක් නෙමේ හොරු ටික හැරිස්වත් හරගෙන යනව.
ඒකෙ වාසිය තියෙන්නෙ හයිටවර්ලට. මොකද බධාවක් නැතුව තමන්ට ඕන විදියට මෙහෙයුම් කරන්න පුලුවන්. කට්ටියවම අල්ලගන්නතුරු ලසාර්ඩ් දන්නෙ නෑ මේ ඉන්නෙ ඇත්තම හොරුය කියල. කොහොම උනත් ජීවිතේ පරදුවට තියල හැරිස්ව කිඹුලෙක්ගෙන් බේරගත්ත නිසා හයිට්වර්ව කැප්ටන් කෙනෙක් විදියට උසස් කරනව. මේකත් yify torrent එකෙන්ම බාගෙන ඔබත් රසවිදින්න.
Police Academy 2: Their First Assignment (1985)
Police Academy 3: Back in Training (1986)
Police Academy 4: Citizens on Patrol (1987)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YIFY පිටපත සඳහා වලංගු වේ.
518 downloadsDownload Police-Academy-5-1988.Baiscopelk.com_.rar30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
11 comments
kanthaDLA
Soori
බොහොම ස්තුතියි උපසිරැසිවලට බුද්ධික සහෝ.....!
පහම ගත්තා....කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග ෆිලුමෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thilina
thanks බුද්ධික
සොඳුරු සිහින
පරණයි කියල අඩුම 2014 වත් නම් කමක් නෑ 1988 හයියෝ ....... ඇයි බං 2015 2016 ෆිල්ම් නැද්ද බං ....... කොච්චර ලයින් ටිකක් ටයිප් කරන්න ඕනිද බං ... එච්චර මහන්සි වෙලත් ඇයි බං අලුත් ඒවා නොදෙන්නේ .... මේක මගේ විතරක් නෙවි ගොඩක් අයගේ මතය ඒත් එකෙක් වත් මොකුත් කියන්නේ නෑ උන්ව බ්ලොක් කලොත් අවාරෙට පොල් වැටෙනවා වගේ හරි එන අලුත් ෆිලුමක් බලන්න වෙන එකක් නෑ කියල..... කොමෙන්ට් නේම් ඒකෙන් fb ඇවිත් මාව ඕපන් කරල මගේ කතාව ඇලජික් උන් බැනපල්ලා ඉන්බොක්ස් වලින්
Anonymous
haa bn
lakshan
niyama film set ekk bn. aurudda parana unata aluthen apu comedy films walata wada me films tika lassanai bn..
sub ekata bohoma sthuthi machn....
digatama oben sub denna ...obata jayen jaya.........
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mala paka
monawada halo me rede show wala sub dada ine cochra hoda film awila tiyenawada sub danna me parana meloma rahak neti redawal wal sub dada ine......podak qwaham ahnawako...
Geeth
Supiri bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......