Watch Trailer

A.I. Artificial Intelligence (2001) with Sinhala Subtitle|ලේ සහ විදුලිය! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙක නිහැඬියාවකට පස්සේ ආයෙත් උපසිරසියක් අරගෙන ඔබ හමුවට ආවා.මේක අලුත් චිත්‍රපටයක් නම් නෙවෙයි. භාර දුන්නේ අපේ විමා අයියා තමයි.හැමෝම වගේ බලලා ඇති. රූපවාහිනී නාලිකාවලත් කිහිපවතාවක්ම පෙන්වලා තියනවා. සිනමාවේ සෑම තැනක්ම දිග විජය කරන බයිස්කෝප් අඩවියේ මේ චිත්‍රපටයටඋපසිරැසි නැති අඩුව සම්පූර්ණ කරන්නයි මේ…

Artificial Intelligence (2001)

ටික කාලෙක නිහැඬියාවකට පස්සේ ආයෙත් උපසිරසියක් අරගෙන ඔබ හමුවට ආවා.මේක අලුත් චිත්‍රපටයක් නම් නෙවෙයි. භාර දුන්නේ අපේ විමා අයියා තමයි.හැමෝම වගේ බලලා ඇති. රූපවාහිනී නාලිකාවලත් කිහිපවතාවක්ම පෙන්වලා තියනවා. සිනමාවේ සෑම තැනක්ම දිග විජය කරන බයිස්කෝප් අඩවියේ මේ චිත්‍රපටයටඋපසිරැසි නැති අඩුව සම්පූර්ණ කරන්නයි මේ උත්සාහය.

වැඩිපුර කියන්න දෙයක් නෑ. නම කිවුව ගමන් හැමෝම වගේ දන්නවා. කෙටි මතක් කිරීමක් කරන්නම්. තිරගත වුණේ 2001 වර්ෂයේ. අධ්‍යක්ෂණය , තිරරචනය සහ සම නීෂ්පාදනය Steven Spielberg විසින්. Spielberg ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පාදක කරගෙන තියෙන්නේ Brian Aldiss  රචනා කළ “Super-Toys Last All Summer Long” නමැති පුවත්පත් කෙටි කතාවක්. 74 වෙනි ඇකඩමි සම්මාන උළෙලේදී ඔස්කාර්සම්මාන දෙකකට ඇතුළුව සම්මාන 66කට නිර්දේශිතයි. ඒත් දිනාගෙන තියෙන්නේ සම්මාන 16ක්. ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය  Haley Joel Osment ,Jude Law , Frances O’Connor යන අයයි. නිෂ්පාදන වියදම මෙන් දෙගුණයකටත් වඩා බොක්ස් ඔෆිස් ආදායම් ලබලාතියනවා. දෙලක්ෂයකට අධික ප්‍රේක්ෂක මනාපවලින් ලැබුණු IMDb අගය 7.1ක්. Science-Fiction චිත්‍රපට අතරින් වැඩි කතා බහට ලක්වුණ චිත්‍රපටයක්.

කතාව මෙහෙමයි. මේ කතා කරන්නේ අනාගතය ගැන; කාර්මීකරණය , නාගරීකරණය නිසා විනාශ වුණ ලෝකයක් ගැන. ලෝකයේ සම්පත් සීමිතයි. ඒහේතුවෙන්ම ජනගහනය පාලනය කරන්නත් සිද්ධ වෙලා. ඒ නිසා මිනිස් වර්ගයාගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න මිනිස්සු රොබෝවරුන් හෙවත් මැකාවරුන්නිෂ්පාදනය කරනවා. මැකා කියන්නේ මැකැනිකල් හෙවත් යාන්ත්‍රික බවයි. ඒත් පසු කාලයකදී මේ රෝබෝවරුන්ට විරුද්ධව ජනමතයක් ගොඩනැගෙනවා. මිනිස්සුරෝබෝවරුන්ව ප්‍රතික්ෂේප කරනවා. ඒත් රොබෝවරුන් නැතුවත් බැහැ. කෘතීම බව, කෘතීම බුද්ධිය පිළිකුල් කරන යුගයක සයිබර්ට්‍රොනික්ස් ආයතනයකෘතීම බුද්ධියේ උපරිමයට ළඟා වෙමින් ආදරය දැක්විය හැකි රොබෝ දරුවෙක් නිර්මාණය කරනවා. ඒ තමයි ඩේවිඩ්. ඩේවිඩ්ව පරික්ෂා කරන්න භාර කරන්නේ රෝගීතත්වයේ ඔත්පලව පසුවන දරුවෙක් ඉන්න මොනිකා සහ හෙන්රි යුවලට. ඩේවිඩ් කේතනය කෙරෙන්නේ ආදරය දක්වන්න. ඩේවිඩ්ගේ ක්‍රියාපටිපාටියේ තියෙන්නේආදරය විතරයි. ඒත් මනුෂ්‍යයන් එහෙමද ? ඊර්ෂ්‍යාව,වෛරය , භීතිය හැමදෙයක්ම පිරුණු මනුෂ්‍යයන් ළඟ ඩේවිඩ්ගේ ඉරණම මොකක්ද ? ඒ සියල්ල ඔබට. නැවතඋපසිරසියක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

ප.ලි : මේක ස්ටීවන් ස්පිල්බර්ග් තමුගේ මිතුරා වෙනුවෙන් සම්පුර්ණ කල සිනමා නිර්මාණයක්, 1970 වගේ බොහොම ඈත කාලයේ තමයි ලොව පහල වූ ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙක් මේ සිනමා පටය නිර්මාණය කරන්න මුල් අඩිතාලම දැම්මේ. ඔහු නමින් Stanley Kubrick නමුත් ඒ කාලය වන විට ඔහුට අවශ්‍ය තාක්ෂනය හරි හැටි නොතිබීම නිසාවෙන් ඔහු එක හෙලා ප්‍රතික්ෂේප කරනවා මේ සිනමා පටය නිර්මාණය කරන්න ඔහුගේ 2001: A Space Odyssey වගේ සිනමා පට බලපු කෙනෙක්ට ඔහුගේ මේ කරුණු කාරනා නිසි පරිදි ගැලපීමට ඇති දැඩි ඇල්ම ගැන කියන්න ඕනේ නැහැ නෙව. 1990 වෙනකම් මේ වැඩේ මෙහෙම ඇදීල ගිහින් තියනව. 1995 වෙනකොටත් ඔහුට ඕන වෙලා තියනවා පරිගණක ආශ්‍රයෙන් නිර්මිත චරිතයක් කරන්න, ඔහු සුදානම් වෙලා නැහැ මෙය ළමා නළුවෙක් යොදාගෙන නිර්මාණය කරන්න. නමුත් 1999 මේ අසහාය සිනමා කරුවාගේ මරණයත් එකක් ස්පිල්බර්ග් ඔහුගේ කොටස ඉටු කළා අධ්‍යක්ෂකවරයා හැටියට.නමුත් හිතා බලන්න Dr. Strangelove, The Shining, Full Metal Jacket, 2001: A Space Odyssey, A Clockwork Orange වගේ සිනමාව පවතිනා තාක් කල් අමරණිය සිනමා නිර්මාණ අපවත ගෙනාව සිනමා කරුවා මේකත් ගෙනාවා නම් කොහොම තියේ ද?   ~ සමීර කරුණාරත්න  

Jarhead 3: The Siege (2015) on IMDb

 

 

950 MB (BR) කොපිය මෙතනින් බාගන්න

BDFE4282622AD108E87323ECEA7278D05ABB677D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,451 downloadsDownload Artificial.Intelligence.2001.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

1,451 downloadsDownload Subtitles48 KB

21 comments

  1. King Ruwan

    sub ekata thanx..... Budu Saranai...

    1. නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  2. Kulanjana Maduranga

    niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි .සහෝ..
    මේක බලලනම් තියෙනවා ඒත් ආයෙම අරගෙන බලනවා...
    මේ වගේ සුපිරිම ෆිල්ම් එකකට සබ් නැති එක ලොකු පාඩුවක් තමා. ඉතින් සහෝට පිං සිද්ද වෙන්න ඒකත් හරි...

    1. LIHINI Mudunkotuwa

      Super movie

  4. mithun

    නියමයි සහො අනිවා බානව.
    ඔයා දුන්නු jarhead 3 තම ලස්ට් බැලුවෙ
    ඔයාගෙ උපසිරැසි නියමයි බ්‍රො
    සබ් එකට thx bro

  5. mithun

    මෙකෙ ලිපියත් ලියල තියෙන්නෙ (කරුණාරත්න අයියද.)
    ඇඩෙනවනෙ ඉතින් ..ෆට්ට

  6. Tharaka

    මේ ෆිල්ම් එක මම මෙතෙක් බලපු චිත්‍රපට වලින් ලස්සනම එකක් කියලා කියන්න පුළුවන්. හොලිවුඩ් සිනමාවේ අමරණීය චිත්‍රපටයක්. අම්මා කෙනෙකුගේ ආදරය සොයා යන කෘත්‍රිම බුද්ධියක් ඇති ළමයෙකුගේ සංවේදී කතාවක්. ඒ වගේම ලෝකයේ අනිත්‍ය බවද මේ ෆිල්ම් එක නරඹා අවසාන වන විටදී දැනෙනවා. මේ වගේ විශිෂ්ට චිත්‍රපටයක් බයිස්කෝප් වෙබ් අඩවිය තුලින් ගෙන ආවාට ඔයාට බොහොමත්ම ස්තූතියි සහෝ.

  7. කේ.යූ.ජී. උදාර

    පරණ වුණත් බොහොම වටින සිනමා නිර්මාණයක්.........
    මේකට සබ් දුන්නට බොහොම ස්තූතියි අදිත.

  8. නිරෝෂ්

    ස්තුතියි අදිත සහෝ.ජයවේවා !

  9. D Chamara

    bohoma sthuthi sahoooo

  10. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. N.N.P.G.M.V.නානායක්කාර

      මේක ළමයින්ට බලන්න හොඳයි නේද ?

  11. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි අදිත. ජය වේවා෴

  12. Indika_Priyadarsahana

    ස්තුතියි .. :)

  13. Manjula Kumara

    සබ් එකට ගොඩාක් ස්තුතියි.
    ජය වේවා…!!!

  14. Gayan Chathuranga

    සබ් එකට ගොඩාක් ස්තුතියි.

  15. Chamu

    Lassanama nirmanayak.thxx sub ekata me wage hoda ewata digatama sub denna balanna

  16. Hesh

    2018ත් බැලුව මම හිතන්නේ 5ස් වෙනි පාරට. වෙනසක් නැතුව අදත් ඇඩුනා වෙනද බලද්දී වගේම, කොච්චර බැලුවත් ඒ දුක ඒ විදිහටම දැනෙනවා..

  17. Wicki

    උපසිරසට බොහොම ස්තූතියි

  18. Vishwa sasanka

    Thanks ❤️