ඔන්න එහෙනං කාලයක් තිස්සේ හැමෝම වගේ මග බලාගෙන හිටපු චිත්‍රපටියකින් තමයි මේ හමුවෙන්න එන්නේ. බොහෝම අමාරුවෙන් කතාව වෙන් කරගත්තේ මගේ මේ සුවිශේෂී දවස වෙනුවෙන් පල කරන්න ඕනේ නිසාමයි. මේ තමයි මගේ 300 වෙනි උපසිරැසි නිර්මාණය. 300 කිව්වත් දැනට 300 පහුවෙලා. ඒකට හේතුව වුනේ, කතාවේ හොඳ කොපියක් එන්න ටික කාලයක් ගතවු…
ඔන්න එහෙනං කාලයක් තිස්සේ හැමෝම වගේ මග බලාගෙන හිටපු චිත්‍රපටියකින් තමයි මේ හමුවෙන්න එන්නේ. බොහෝම අමාරුවෙන් කතාව වෙන් කරගත්තේ මගේ මේ සුවිශේෂී දවස වෙනුවෙන් පල කරන්න ඕනේ නිසාමයි. මේ තමයි මගේ 300 වෙනි උපසිරැසි නිර්මාණය. 300 කිව්වත් දැනට 300 පහුවෙලා. ඒකට හේතුව වුනේ, කතාවේ හොඳ කොපියක් එන්න ටික කාලයක් ගතවුනු නිසා. ඒ වගේම තමයි ඒ අතරේ ලබාදිය යුතු රූපවාහිනී කතා මාලා වගේම අතරින් පතර වෙනත් කතාත් වැටුනු නිසා තිතටම 300 සමරන්න බැරුව ගියා. කොහොමත් බයිස්කෝප් එකේ මට හරියට කඩයිමක් සමරන්න අවස්ථාව ලැබෙනවා හොරයි. 50 උපසිරැසියේදී ලිපියක් ලියන්න බැරිවුනා, 100 උපසිරැසිය යාන්තං ගොඩ දාගත්තා, 150 මටත් නොදැනීම පහුවෙලා ගියා, 200 සමරන්න හරිහමං චිත්‍රපටයක් හොයාගන්න බැරිවුනා, 250 සමරන්න කියලා තමයි Sense 8 කතාවේ පලවෙනි සීසන් එක එකපාර දෙන්න හැදුවේ. ඒත් උපසිරැසි දීමේ පිලිවෙලට බාධා වෙන නිසා ඒක එකින් එක දෙන්න සිද්ධ වුනා. කොහොමින් කොහොමහරි 300 සමරන්න කියලා මේ චිත්‍රපටිය වෙන් කරගත්තා. ඒත් කලින් වගේම 300 පහුවෙලා තමයි 300 සමරන්න වෙන්නේ. කොහොම වුනත් එව්වා අමතක කරලා දාමු. මේක තමයි මගේ 300. ඇයි යකෝ මට බැරිද සමරන්න?
ඕ ඉතිං දැන් යාතිකාව පටන් ගන්නයි යන්නේ. මුලින්ම කියන්න ඕනේ නමක් කාරිය ලියන්න අමතක වුනා නම් සමාවෙන්න ඕනේ. බයිස්කෝප් නිසා හමුවුනු හැම කෙනෙකුගේම නම් ලියන්න ගියොත් මම ලොකු අමාරුවක වැටෙනවා. ඒත් මෙතන මතක් නොකර බැරි කිහිපයක් දෙනා ඉන්නවා. ඒක නිසා මම එදා මෙදාතුර දැන හඳුනගත්තු අයව පිලිවෙලකට ලිපියේ සඳහන් කරන්නං. මුලින්ම සයිට් එකට සබ් එකක් දාන්න කියලා ඊ-මේල් එකක් දාද්දී අදහස් හුවමාරු කරගන්න ලැබුනේ වාසල අයියා. ඒ කාලේ යන්නේ කොහේද මල්ලේ පොල් රිප්ලයි දීලා එයාට ලොකු වදයක් වුනා. ඊට පස්සේ තමා රොයිලි අයියා ගැටලු පැටලිලි විසඳන්න කාරිය මැද්දෙන් මේල් එකක් දාන්නේ. ඒ අතරේ තමයි සමීර අයියා දැන අඳුනගන්න ලැබුනේ. හසන්ත මාමා 😉 යශෝ, මේ දෙන්නත් ඉඳලා හිටලා ඊ-මේල් වලින් සෙට් වුනා. ඔය අයව තමා මම මෙන්ටලිස්ට් එක දෙන කාලේ දැන අඳුන ගත්තේ. පස්සෙන් පහු නිකීටා එක වගේම, මැසෙන්ජර්ස් උපසිරැසි ලබාදෙන කාලේ තමයි සමීර අයියා ෆේස්බුක් එකෙන් සෙට් වුනේ. සබ් එක ආපු ගමන් ලින්ක් එක එවලා “ඔන්න මලේ ආවා“ කියලා කූද්දන්නේ එයා තමා. 🙂 ඊට පස්සේ තමා ලාස්ට් ශිප් එක. ඔන්න ඔතන ඉඳන් තමයි කට්ටිය හෝ ගාලා දැන හඳුනා ගන්න ලැබුනේ. මුලින්ම හයිඩ්‍රා. මංසලට ලිපි දෙන්න හොඳ තොරතුරු එහෙම සපයද්දී අපේ හයිඩ්‍රා සෙට්වුනා. ඊට පස්සේ හේවයියා. ගොඩක්ම ෆිට් වුනේ රොයිලි අයියගේ Intersteller කතාව ගැන චැට් එකේ සාකච්ඡා කරන්න ගිහිල්ලා. ඊට පස්සේ තමා සයිට් එකේ ඇඩ්මින් කම ලැබුනේ. දැන් තමා හොඳම හරිය. ඔතනින් අපේ වැඩිහිටි දැනමුතු ගුරුහරුකම් සහිත ෆුල් පැකේජ් කුප්පි දෙන පිරිස… (රොයිලි මාමා, හසා මාමා, සමීර අයියා) 🙂 ඊට පස්සේ කුප්පියේ තියෙන දේවල් බීලා පිස්සු කෙලින පිරිස [පිස්සු කෙලින පිලිවෙලට දැක්වේ] (හේවා, මම, විමා, නලින් අයියා). යශෝධ අයියා ගොඩක් වෙලාවට හච් සිග්නල් වගේ තමා, අහුවෙනවා යනවා. අනික, අන්තිමට වගේ මලවුන්ගෙන් නැගිටලා ආපු කරුණා අයියා. කුප්පිත් දීගෙන, මඩෙත් බැහැගෙන, පිස්සුත් කෙලගෙන ඉන්නවා. අනිත් අයත් ඉඳලා ඉඳලා බැහැගෙන මඩ නානවා. දැන් ඉතිං රොයිලි අයියත් විශ්‍රාම යන්න ඉන්න එකේ (ඔය කිව්වට තාම ශුවර් නෑ…) හැමෝම වගේ පෞද්ගලික වැඩත් එක්ක හිරවෙලා, සබුත් කරන ගමන් සයිට් එක ගොඩදාන එක බොහෝම අගය කරන්න ඕනේ වැඩක්. මේවයේ අමාරුව තේරෙන්නේ කරන්න පටන් ගත්තාම.
ඊට පස්සේ තමා ගොඩක් අය හමුවුනේ. මම ඉතින් මෙතනදී පොදුවේ සමීප වුනු අයව මතක් කරන්නම්. මුලින්ම මාර්වල් වලට ගහන්න ආවොත් මාත් එක්ක රණ්ඩුවට පනින ජෝඩුව (තිසර, විමා). තවත් අය සෙට් වෙලා සප් එක දෙනවා. නම් මතක් කලේ නෑ කියලා ඩීසී වලට අදිනවා නෙමෙයි. ඊට පස්සේ ප්‍රතිවාදී පිල. (කොලදිවියා , චාමර,) ඉඳලා හිටලා මාමිත් ගේමට බහිනවා. ඔය කට්ටිය මතක ෆේස්බුක් වලි හේතුවෙන්. ගොඩක් වලි යනවා ඉතිං එව්වට මම නෑ. ඒ නිසා ගොඩක් අය මතක් වෙන්නේ නෑ. ඊට පස්සේ විමා පට්ටල් කරපු නමුත් නොකෙරෙන How i Met Your Mother චැට් එකෙනුත් දැනට මතක් කරපු අයට අමතරව නිර්මාණී අක්කා. ඊට පස්සේ මතක් නොකරම බෑ සඳුන් ධනුශ්ක අයියවත්. ලිපි වල අවුලක් තිබුනොත් කතා කරලා අඩුපාඩු පෙන්නන්නේ එයා තමා.
ඉතිං ඔය විදියට ලිපියේ සඳහන් කරපු අය අතරේ නොකරපු අය බොහෝමයක් ඉන්නවා කියලා මට සහතිකයි. ඒත් ඒ නම් මතක් කරන්න ගියොත් උපසිරැසිය දෙන්න ප්‍රමාද වෙන නිසා තමයි මම මේ විදියට ගොඩක් සමීපතම අයගේ නම් මතක් කලේ. ඒ වගේම තමයි මේ හැම දෙනාම අඩවියේ කටයුතු වලට වගේම උපසිරැසි සකසද්දී ඒ ඒ අවස්ථාවන් වල අනේක වාරයක් උදව් උපකාර කරලා තියෙනවා. ඉතිං හැම දෙනාටම බොහෝම පිං වගේම ස්තුතියි. 🙂

වේඩ් විල්සන් කියන්නේ විශේෂ බලකායේ සේවය කරපු, පසු කාලීනය අගෞරවාන්විතව සේවයෙන් නෙරපූ හමුදා සෙබලෙක්. මැරයෙක් විදියට තමයි මෙයා හමුදාවෙන් පසු කාලීන ජීවිතය ගත කරන්නේ. මෙයාගේ සමීපතම මිත්‍රයා වුනේ, බාර් එකේ ඉන්න වීසල්. දවසක් වේඩ් බාර් එකක ගත කරන දවසක තමුන්ට හමුවුනු කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳිලා තමයි ඉන්නේ. දෙන්නා බොහෝම සතුටින් එකට ජීවත් වෙනවා. නමුත් පිලිකාවක් නිසා මෙයාලාගේ සතුටු ජීවිතේ බොහෝම වෙනස් අතට හැරෙනවා. ඉතිං මේ පිලිකාව ප්‍රතිකාර කරන්න බැරි තරමට දරුණු වුනු පිලිකාවක්. නමුත් රජයේ නොවන ආයතනයක් විසින් කරගෙන යන පර්යේශණ වැඩපලකින් ඇවිල්ලා වේඩ්ට අවස්ථාවක් ලබා දෙනවා තමුන්ගේ පිලිකාව සුව කරගන්න… මේ තමයි කතාවේ සාරාංශය. X-Men චිත්‍රපට මාලාව බලලා තියෙනවා නම් ඔයාලට මේ කතාව බොහෝම හුරු පුරුදු කතාවක් වේවි. මොකද කිව්වොත් මේ කතාව X-Men වලට ඒකාබද්ධව තමයි ගලාගෙන යන්නේ. එහෙනං මම කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ඔයාලට බලලම දැනගන්න තියලා මම අදට සමුගන්නම්. වෙනදා වගේම තවත් උපසිරැසියකින් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
994 MB (HD) කොපිය මෙතනින් බාගන්න
70D6E6C074A8DC494746FBBB2AB07656EEF3A413923 MB (Br. x264) කොපිය මෙතනින් බාගන්න
E71EC34CDB1C86CE146385689D72294DA7CC89BF703 MB (Br. x265) කොපිය මෙතනින් බාගන්න
FCE8C86112ACEC16EED51C0BCD545C9B95DB99D8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
41,097 downloadsDownload Deadpool.2016.baiscopelkBR.Update2.zip193 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
211 comments
KP Muthukumaranna
Deshan Mudalige
බොහෝම ස්තූතියි සහෝ...පට්ට කාලයක් බලන් හිටියා...300 වෙනි සබට උණුසුම් සුභ පැතුම් !!!!!ජය වේවා!!!!!
YASIRU HASARANGA
300 වෙනි උපසිරැසියට සුභ පැතුම් තව තවත් ඉදිරියට සබ් කරන්න හැකිවේවා කියලා සුභ පතනවා.
ජය ශ්‍රීSandaru
Thanks For Sub Bro
Janith mathula
Thank u bro
විමා
එහෙමනම් පැනියෝ මහසොණෝ මුලින්ම තුන්සියයට සුභපැතුම් වේවා... !
උබව දැන අදුනාගත්තේ කිව්වත් වගේම ඇඩ්මින් ඒකෙන් තමා, එතැන් ඉදල මෙන්ටලිස්ට් බලන්න ගත්ත එකෙන්, ලාස්ට් ෂිප් එකෙන් ශිල්ඩ් එකෙන් ජෙසිකා ජෝන්ස් එකෙන් එහෙම හොදටම සෙට් වෙච්ච්ච එලටම සෙට් වෙන පොරක්
වැඩියෙන්ම කරලා ඇත්තේ ටීවී වෙන්න ඕන මයේ හිතේ
ඒ වගේම සෙල්ලම් පොරක් නෙමේ
අතෙන් පයෙන් කටින් හැම එකෙන්ම යතුරලියනය කරන පොරක්
නැත්නම් මේ හනිකට පැය දෙක තුනෙන් සබක් කරන්න පුළුවනැයි.
ඒව්වා ඉවරයි ඔන්න,
එහෙමනම් හාරසියයවත් හරි විදියට ටක්කෙටම සමරන්න ලැබේවා කියනව මහසෝණට
එතෙක් හැමදාම උබ අපිට කියන විදියට අද උබට කියන්නම් මම
මේ කරන සද්කාර්යයෙන් ලැබෙන පිනෙන් සියලු වැඩ කටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා!
ආයු -බෝ -වේවා !!! :DPavara
thanx bro sub ekata meka enkan godak kalmai balan hitiye
Saman Prasad
අඩෝ... මෙන්න ඩෙඩා ඇවිල්ලා...
300 ගහපු එකට උඹට හදවතින්ම සුභ පතනවා...
ඔව් ඉතින් වලිය යන වෙලාවට උඹ නෑ තමා...
රෑ දෙගොඩහ ජාමේ ඇවිල්ලා කොමෙන්ටුවක් කොටලා යනවා...
මේ ෆිලුම මෙහෙම බලන්න හිත දෙන්නෙම නෑ බං.
F*&% HD Rip. Br ආවහම ගන්නවා(ඔන්න ඩෙඩාගෙ භාෂාවෙන්ම කිවුවා)... :D :3
එහෙනම් ජය වේවා...!!!
ඉක්මණටම 350 ගහපන් එහෙනම්...
මාව මතක් කොලාටත් තුති...!!!#ChalinduDeshan (කිනා)
හම්මටසිරි.
300ක් නේ.
එල එල ඕයි.
ජයවේවා!Dimuthu
Thank you!
devinda
elama elama elama fattama tama bro//////// Ty
Udara Rashmika
Thankx mcn sub akata brrip aka apu gaman update karanna plz
KP7
Thanks Bro..
හසන්ත මාලිංග
300 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් ප්‍රණීත් සහෝ,
දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව,
400ත් ඉක්මනටම ගහමු,
ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ...
ජය වේවා :Dmadusanka jayasooriya
උණුසුම් සුභ පැතුම්. බ්ලුරේ කොපියක්ම බලනවා. ජය වේවා!
prasad
mekana pattata athi neda sho tha..... sub ekata
Kulanjana Maduranga
really appreciate your works..thanks PRANEETH for giving us all of this…wish u'r great future.....
සජීවී
300 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් ප්‍රණීත්......
Vidura
thans for sub
Chämàrá Sâmpáth
සිරාවටම ?????????
එහෙනම් කඩයිම සමරන්න ලැබුණා නේ. එල එල බොල.....
හම්මේ ඉතිං උබේ සබ් කෙරිල්ල ගැන කියලා නැහැ (සබ් මැෂිම)
ප්‍රතිවිරුද්ධ පිලේ හිටපු හන්දා යන්තම් ඇති මගේ නමත් කියවුනා ... මාව මතක් කලාටත් ස්තුතියි හොදේ..!!!!
අර තිසර කිව්ව උබලගේ ලොකු සිනමැටික් යුනිවර්ස් එකේ ඉස්සරහට එන ෆිලුමකින්ම 400 ගහන්න ලැබේවායි ප්‍රර්ථනා කරනවා....
උපසිරැසියට ගොඩක් ස්තුතියි.......
බ්ලුරේ ආවම අප්ඩේට් එකක් දෙන්න අනිවා ගන්නවා ඉතිං.....!!!!!Chämàrá Sâmpáth
අහ්හ්හ් අමතක උනානේ. කෝ එතකොට Deadpool Valentine වර්ෂන් එක..?? :3 :3 ❤️
විමා
ඒක කරන්නෙ චාමර සම්පත් කියල කෙනෙක්
හසන්ත
මටම විලි ලැජ්ජයි මූ ඒකෙ සබ් එක කරන්නද ඇහුවම :P
විමා
අසරණ DC රසිකයෝ :P
විලි ලැජ්ජයි හසන්ත මහත්තයෝ
ඔබ පාර්ශවයේ ඈයොන්ට දීපන් වහ උබ ගානේතිසර නියෝ
හම්මේ ඉතින් මොනා කියන්නද මන්දා...
#Hail_Hydra
Chämàrá Sâmpáth
උබලා ඇයි මේ
WHY SO SERIOUS??
mithun
පිස්සු හැදෙනවනෙ ඉතින් .. සයිඩ් එකට ඇවිත් ගිය විතරයි
අයෙ බැලිත් නම් ෆිලුම දිල 400ක් ඩව්න්ලොර්ඩින්නුත් කරල ලූ..
වැඩෙ කරන්න බෑනෙ ඉතින් ..
*300වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනව සහො.
Blurry අපුම බලන්න තම අදහස නම් බලමුකො තිරනෙ වෙනස් වෙයිද කියල...
~~බොහොමත්ම ස්තුතියි සිංහල උපසිරැසියට~~
නියම වැඩක් ඉදිරියටම යමුAchi
දෙනකං බලං හිටපු ෆිල්ම් එකක්... මෙච්චර ඉක්මනට
සබ කොටලා දුන්නට ගොඩක් ස්තූතියි ප්‍රණීත් සහෝ...
ඔයා සබ් කරපු ගොඩක් ටීවී ෆිල්ම් බලල තියනවා...
ඒවගේම 300 වෙනි උපසිරසියට සුබ පතනවා...
තවත් ඉස්සරහට වේගෙන් වැඩි වැඩියෙන් සබ් කරන්න
ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
ජය වේවා!!!සමීර කරුණාරත්න
යන්තම් මහසෝනා මේක දීලා, පුදුම වෙලාවක් උඹට හොඳ ඒවා කියා කියා අපි බලා උන්නා. බොහොම පිරිසක් හිතුවේ මැරිලා වෙන්න ඇති කියලා, බලනකොට ඩේටා ඉවර වෙලා කියන්නේ. අහන්න දෙයක් නැහැ ඉතින් සුපිරිම පොරක්... ලේසි නැහැ 300 ක් නේ අම්මේ මට නම් හිතාගන්නවත් බැහැ අනික මේකා පුදුම අඩු කාලයක් නෙව ගත්තේ. හදතින්ම සුභ පතනවා මලේ 300 නොවන 300 වැනි සබ් එක වෙනුවෙන්. 001 අයියාට යන්න දෙන්නේ නැහැ එහෙම. උඹත් මාරු වෙන්න එහෙම හදනවා නෙමෙයි කොහොම හරි යමු ඉක්මනින් 400 වෙත... නැවතත් සුභ පතමින් සමු ගන්නවා....
අන්තිමේ පූල් හාදයත් කෙල්ලට මුහුණ පෙන්නපු එකේ දැන්වත් ඔය මහසෝන් මුහුණ පෙන්වපන් අපිට.....
ආසිරි ප්‍රියන්ත
gay....
විමා
good one hewa...
Araaaaaa
sundaraiiii
good luckලහිරු චානක
සුබ පැතුම් ප්‍රනීත් සහෝ. පුදුම ඉක්මනටම 300 ගැහුවනේ. ඉදිරියටත් දිගටම සබ් කරමු. ජය වේවා....!!!!!!
mithun
අයෙ කතා දෙකක් නෑ blurry එනකම් අතවත් තියන්නෑ මෙකට
(බොහොම අමාරුවෙන් හිත වෙනස් කරගත්තෙ. BR අපුම අප්ඩෙඩ්ට් එකක් දෙන්න සහො )venuka
thanx....
දිල්ශාන් සචින්ත(සචී)
අමමට සිරි මෙන්න සබ් මැශිම 300 ගහලා.ඇස්වහක් කටවහක් නැතුව...400 ,500ත් ඉක්කමට ගහමු......ඉස්සරහට ගොඩක් වැඩ තියෙයි නේ..........
isuru
Thanx bro sub ekata
Sudesh
300 වෙනි උපසිරැසියට සුභ පැතුම් තව තවත් ඉදිරියට සබ් කරන්න හැකිවේවා...
Thank you very much brother...
Bhashith Udawatte
300ta cheerZ PRANEETH ayye ;) Sabatath thankz :smile:
මධුකප්‍රිය පෙරේරා
හම්මේ පිස්සු හැදිලා හොදවෙලා ආයේ හැදෙනවා නොවෑ..
මෙන්න මේක දීලා..හම්මේ මාර හැපී අප්පා..
දීලා තියෙන්නෙත් සුපිරි පොරක්(මහසෝනෙක්) නොවෑ..
සහෝගේ සබ් මාත් ගොඩක් බලලා තියේ..ඒවා ඉතින් සුපිරි..
අනික ඉතින් සබ් දෙන වේගේ ගත්තමත් අපිට ඇඩෙනවා.මැෂිමක් නොවෑ.
300වන උපසිරසියට සුබ පතනවා..
එහෙනම් ඉතින් ඉක්මනටම 350,400 වැනි කඩඉම්වලට යන්න ලැබෙන්න කියලා හදවතින්ම
සුබ පතනවා.
වැඩි වැඩියෙන් උපසිරසි කිරීමට කාලය ලැබෙන්න ඕනේ.
මේවගේ මැක්සා ෆිලුමක් බලන්න ඉතින් HDRIP,BRRIP වගේ එනකම් ඉන්නවා..
එහෙනම් උපසිරසියට ස්තුතියි කිව්වා..
අර සමීර අයියා කිව්වා වගේ නරකද මූන පෙන්නුවානම්??
කවුරුත් බයවෙන්නේ නැහැ මහසෝන්නු දැක්කට..mithun
ඇඩෙනව comment එකට......
Chinthaka T Ðrake
Thankz broo
කේ.යූ.ජී. උදාර
300 ට හදවතින් ම සුබ පතනවා.............
දිගට ම මේ වැඩේ කරගෙන යමු කොල්ලො. සිංහල සබට බොහොම ස්තූතියි.kavinda
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවාසුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ YIFY බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
බුදු සරණයි! දෙවි පිහිටයි!
janith parasanga perera
Thkx bro dethpool akta sub dmmta
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි ප්‍රනීත් අයියේ ...
සුපිරි වැඩක්
එහෙනම් තවත් කෙනෙක් සුපිරි වැඩක් කරලා.....
ඇත්තටම ගොඩාක් සතුටුයි......
උපසිරැසි 300ක් කියන්නේ ලේසී පහසු වැඩක් නෙමේ...
අපගේ සතුට වින්දනය උදෙසා, තමාගේ වටිනා කාලය , ධනය, ශ්‍රමය වැය කරමින් මේ කරන කාර්යයට හෘදයාංගම ස්තූතිය පුද කරමි.
තවත් හැකි උපරිම කාලයක් පුළුවන් අන්දමින් මේ කටයුත්ත කරගෙන යන්න කියා ඉල්ලමි.
ඒ වගේම ඊට අවශ්‍ය ශක්තිය හා කාලය ලැබේවා කියලා පතමී.....අද දීපූ සබ් එකට ගොඩාක් ස්තූතිය අයියේ
ගොඩ කාලයක් තිස්සේ හොඳ කොපියක් එනකන් බලාපොරොත්තු වේගෙන බලා සිටිය ෆිලුමක් තමා මේක.
හැකි ඉක්මනින් උපසිරැසි ගන්වා ගෙනාවට ගොඩාක් ස්තූතිය !!!දිගටම සබ් කරන්න ලැබේවා !
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!සුරේෂ් ජයතිලක
අනේ මංද ඉතිං මොනා කියන්නද කියල :)
ළඟදිම මූණ පෙන්නනව කියල ආරංචියක් තියෙනවා. ඒක ඇත්තක්දහ්...? :PKeshan Wasala
හත්වලාමේ අපේ ප්‍රනීත් සහෝ 300 ත් පන්නලානේ :D උණුසුම් සුබපැතුම් ප්‍රනීත් සහෝ ... මේ ෆිල්ම් එක නං ආයේ හොදම කොපිය එනකන්ම ඉන්නවා :D මාස දෙක තුනක් ගියත් කමක් නෑ.. බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.. ජය වේවා !!
bee
tnx bro onna math bawa bro
Ishan Viduranga
Thanks මචං sub එකට...
Tharaka
300 වෙනි උපසිරැසියට මගෙනුත් සුභ පැතුම්!
සබ් වලට ස්තූතියි මචන්!
ජය වේවා!Nishadi Wickrama
tnx
charith lakshan
sthutie mitraya, obata jaya wewa,
Hasanka Sanjana
300ට සුභ පැතුම්...
ජය වේවා...Amila Kaushalya
ප්‍රනීත් සහෝ 300ට සුබපැතුම් BR අප්ඩෙඩ්ට් එකක් දෙන්න සහො
kasun
thankz brother
Aruna
pissu hadenawoooooooooooo
තාමර දෙනුවන්
300වෙනි උපසිරැසියට මගෙන් සුබ පැතුම්. උපසිරැසි 300ක් කියන්නේ ලේසි ගේමක් නෙවෙයි. අපේ රොයිලි අයියාගේ රෙකෝඩ් එක ළඟටම යනවා නේද? තව තවත් උපසිරැසි කරන්න ලැබෙන්න කියලා සුබ පතනවා. 300ට අරන් ඇවිත් තියෙන්නේ පට්ටම කොමික් ෆිලුමක්. මේක නම් ලොවෙත් බලනවා. BR එනකම් ඉඳලා බාන්න ඕන.
Sanath Perera
ඊයෙ ටොරන්ට් එක ආවා මෙන්න අද දීලා... හෙ හේ සුපිරිම තමා වැඩ මචෝ...
අඩෝ පෙරුම් පුර පුර හිටියෙ මේක බලන්න...
කොහොම කොහොම හරි 300 නිල වශයෙන් දෙන්න මේ ෆිල්ම් එකට අවස්ථාව ලැබුන එක ගැන සතුටුයි සහෝ....
දහස් වාරයක් ස්තූතියි මචෝ සබ් එක දුන්නට...
400ත් ඉක්මනට ගහන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. (ඒකවත් හරියටම දෙන්න. :) )
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අම්මියෝ... මෙන්න මේක දීලා...
සති ගානක් බලන් හිටියා...
මේක දෙනකම්...
300ට සුභ පැතුම්...!!!
350ත් ඉක්මණටම ගහමු...!!!
Good Luck...!!!
Keep It Up...!!!