Watch Trailer

A Letter to Momo (2011) AKA Momo e no tegami with Sinhala Subtitles | තාත්තගෙන් ලියුමක් [සිංහල උපසිරැසි සමඟ]

තමන්ගේ දෙමාපියන් හදිසියේම සමු ගත්තොත් ඒක දරාගන්න බැරි වේදනාවක්. විශේෂයෙන්ම පොඩි ළමයින්ට. මෝමෝ කියන්නේ ටෝකියෝ වල ජීවත් වෙන 6 වසරෙ ඉගෙන ගන්න ගෑණු ළමයෙක්. මෙයාගේ තාත්තත් මුහුදු අනතුරක් නිසා හදිසියේ එයාලව දාලා යන්න යනවා. මේ ගමන යන්න කලින් මෝමෝ එයාගෙ තාත්තත් එක්ක රණ්ඩු වෙනවා. ඒකට සමාව ගන්න ආයේ අවස්ථාවක්…

තමන්ගේ දෙමාපියන් හදිසියේම සමු ගත්තොත් ඒක දරාගන්න බැරි වේදනාවක්. විශේෂයෙන්ම පොඩි ළමයින්ට. මෝමෝ කියන්නේ ටෝකියෝ වල ජීවත් වෙන 6 වසරෙ ඉගෙන ගන්න ගෑණු ළමයෙක්. මෙයාගේ තාත්තත් මුහුදු අනතුරක් නිසා හදිසියේ එයාලව දාලා යන්න යනවා. මේ ගමන යන්න කලින් මෝමෝ එයාගෙ තාත්තත් එක්ක රණ්ඩු වෙනවා. ඒකට සමාව ගන්න ආයේ අවස්ථාවක් ලැබෙන්නෑ කියලා මෝමෝ හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති. තාත්තා නැතිවුන නිසා අම්මා එයා එක්ක තාත්තාගේ උපන් ප්‍රදේශයට යනවා ජීවත් වෙන්න. මේ මුළු කාලෙම මෝමෝ අතේ කඩදාසියක් තියෙනවා. ඒකේ ලියලා තියෙන්නේ “ආදරණීය මෝමෝ වෙත” කියලා. මේක එයාගෙ තාත්තා මැරෙන්න කලින් ලියන්න උත්සහ කරපු ලියුමක්. මෝමෝට හරිම දුකයි තාත්තගේ අන්තිම හැඟීම් දැන්ගන්න නොලැබුන එකට. මෙයාලා නවතින ගෙදර අට්ටාලයක් තියෙනවා. දවසක් මෝමෝට මේකෙ උඩ සද්ධ වගයක් ඇහෙනවා. මේ සද්ධ වලට හේතුව දැනගත්තම මෝමෝ පන බයේ ගෙදරින් දුවනවා. ආයේ රෑ වෙනකන් ගෙදර පැත්ත පලාතේ එන්නේ නෑ. මෝමෝ ආයේ ගෙදර ගියාම ඒ දේට කොහොම මුහුන දෙයිද? තව එයාට තාත්තා ලියන්න හදපු දේවල් දැනගන්න ලැබෙයිද? ඒ ටික දැනගන්න A Letter to Momo කතාව රසවිඳින්න.

මේ සබ් දීලා තියෙන්නේ ජපන් හඬකවපු ෆිල්ම් එකට. ඉංග්‍රීසි හඬකැවූ ෆිල්ම් එක, සබ් එකට වඩා තැනින් තැන වෙනස්. ඒක නිසා ජපන් වර්ෂන් එක බලනවනම් හොඳයි. ඉංග්‍රීසි එකත් අවුලක් නෑ. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් මේක අධ්‍යක්ෂණය කරන්නේ හිරොයුකි ඔකියුරා කියන අධ්‍යක්ෂක වරයා. 2011 වර්ෂයෙදි තමයි එළිදක්වන්නේ. ප්‍රෙක්ෂකයන්ගේ හදවත් වලට දැනෙන විදිහෙ ෆිල්ම් එකක් වෙන ⁣A Letter to Momo ලෝකේ පුරා ඩොලර් මිලියන 6.7 ක මුළු ආදායම් වාර්තාවක් එක්ක බොක්ස් ඔෆිස් වාර්තාවකුත් තියලා තියෙනවා. මේක මගේ 6වෙනි උපසිරසිය කියලා මතක් කරනවා වගේම ඇනිම් සීරීස් එකකටත් සබ් දෙන්න හිතන් ඉන්නවා. ඒ ගැනත් පුළුවන්නම් අදහසක් දෙන්න කියලා ඉල්ලනවා. කලින් ඒවට සුභ පතපු හැමෝටම ස්තූතියි. මේ ෆිල්ම් එකත් රසවිඳින්න😊😊.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට BR පිටපත සදහා අදාළ වේ.

2,305 downloadsDownload A-Letter-to-Momo-2011.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

2,305 downloadsDownload Subtitles34 KB

44 comments

  1. Amalka Himeshan

    දිගට හරහට ඇනිම් වලට සබ් දෙනවනෙ නියමයි වැඩේ ඉදිරියටත් කරගන යමු කලින් ඒව වගේ ඉතින් මේක්ත් ඔන්න බාගන්නව තැන්ක්ස් සබ් එකට

    1. Navodani Thilini Sasanika

      Thank You

  2. Anonymous

    සබ් වලට ගොඩාක් ස්තුතියි!

    මගේ අදහසනම් Tokyo Ghoul, Another වගේ කතාවකට හැමෝම එකතුවෙයි. :)

    1. Navodani Thilini Sasanika

      Thank You

  3. ඉෂාන් මදුෂ

    නියමයි.ගොඩක් ස්තූතියි දිගටම ඇනිමි වලට සබ් කරනවට
    fullmetal alchemist brotherhood ඇනිමි සීරිස් එකට සබ් දෙනවනම් පට්ට
    ගොඩක් අය කාලෙක ඉදන් මේකට සබ් දෙනකම් බලන් ඉන්නෙ(මමත් ඇතුළුව)
    පුලුවන්නම් අදහස සලකා බලන්න.ජය වේවා!

    1. Navodani Thilini Sasanika

      මාත් බැලුවේ ඒකට දෙන්න

    2. ඉෂාන් මදුෂ

      එලම

  4. අසංක ප්‍රදීප් රණතුංග

    සුපිරි වේගෙන් සබ් කරනවනේ. දවස් 10 ඇතුලත බ්‍රොන්ස් මෙම්බර් කෙනෙක් උනානේ. නරකද මාස තුනක් වගේ ඇතුලත සබ් 50 කරලා සිල්වර් මෙම්බර් කෙනෙක් උනොත්. අනික අලුත් සාමාජිකයෙක් හින්ද නොදන්නවා ඇති කියල හිතල කියන්නේ සබ් 6ක් කරලා මාසික දිනුම් ඇදීමට තරඟ අවස්ථා 6ක් උදාකරගෙන තියෙනවා. 

    සාමාන්‍යයෙන් අලුතෙන් උපසිරසි කරන හැමකෙනෙක්ටම දෙන අවවාදය දෙන්නම් ඔයාටත්. සබ් කරනකොට ඔයාට හොඳ වගේම නරකත් අහන්න ලැබේවි. ඒ වගේම උපසිරසි බාගත කිරීම් ප්‍රමාණය ගැන එච්චර හිතන්නත් ඕන නැ. තෝරාගෙන තියෙන්නේ වෙනස්ම අකාරයේ චිත්‍රපට. ඒවගේම වෙබ් අඩවියට අඩුවක්ව තිබ්බ කැටගරි එකක්. දිගටම කරගෙන යමු මෙහෙම.

    බුදු සරණයි....!

    1. Navodani Thilini Sasanika

      අම්මෝ...... ගොඩක් ස්තූතියි,
      බ්‍රෝන්ස් එහෙම දෙන ගානක් තියෙනව ද?

    2. Udara Damith B/K

      අපේ අසංක අයියත් කමෙන්ට් එකක් දාලනේ

  5. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි...!!
    ජයෙන් ජයම වේවා...!!

    1. Navodani Thilini Sasanika

      Thank You

  6. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...ජය!!!

    1. Navodani Thilini Sasanika

      Thank You

  7. Tharanga

    Sub 1t thanx

    1. Navodani Thilini Sasanika

      Welcome

  8. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    1. Navodani Thilini Sasanika

  9. Vidura

    Thanks sis sub ekata :)

    1. Navodani Thilini Sasanika

      Welcome

  10. malith madhushan

    sub ekata thanx issarahatath karamu

    1. Navodani Thilini Sasanika

      Welcome saho ;)

  11. Udara Damith B/K

    අර කලින් පහල එක්කෙනෙක් කියලා තිබුණා වගේ fullmetal alchemist brotherhood උපසිරස දෙන්ඩ
    ......................
    අද එකට ස්තුතියි
    ඔන්න ඩවුන්ලෝඩ් උනා දන් බලනවා

  12. අසිත

    thanks sis
    anime walatama sub denna

  13. අසිත

    හැමදාම වරද්දනේ නැතිව කමෙන්ට් දාන මම ඉල්ලන ෆිල්ම් එකකට වත් sub දීලා සීරිස් එකට ඇත ගහන්න නගේ...

    The Place Promised Our Early Days (2004)

    1. Navodani Thilini Sasanika

      Hari hari

  14. දමිත්

    බොහොම ස්තුතියි නවෝදනී උපසිරැසියට.
    ජයෙන් ජය.

    1. Navodani Thilini Sasanika

      Thank You

  15. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Navodani Thilini Sasanika

      Thanks

  16. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  17. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..! ඇනිමි සීරිස් එකකටත් සබ් කලොත් වටිනවා ගොඩක්. හොද එකක් බලලා පටන් ගන්න..ජය වේවා!

  19. James DC

    මාත් ජපන් ඇනිම් වලට ගොඩක් කැමතියි. දිගටම සබ් දෙන්න. පුළුවන් නම් Kiki's Delivery Service (1989) එකට සබ් එකක් කරන්න. ඒක IMDB 7.9ක් තියෙන ගොඩක් ප්‍රසිද්ධ ෆිල්ම් එකක්...

  20. ජගන්නාථ

    බොහො ම ස්තූති තිළිණි උපැසිරැසියට. ඒ වුනත් | BDRip| x264 | 720p | 767MB | පිටපතට උපැසිරැසි ගැළැපෙන්නේ නැත. එයට ගැලැපෙන සේ උපැසිරැසි සකස් කර දෙන්න. අනෙක් BR පිටපත් ධාරිතාවෙන් වැඩි අතර ඒවා ඩවුන්ලෝඩ් කර ගැනීමට අපට වත්කම් මඳි. අපගේ කාරුනික ඉල්ලීමට ප්‍රතිචාර දක්වනු ඇතැයි සිතමි.

    1. Navodani Thilini Sasanika

      KMPlayer eken play karanawanam puluwan keyboard eke "[" , "]" keys walin sub eka wenas kranna,
      eka hari giye nettan kiyanna update karannam.

    2. ජගන්නාථ

      තිළිණි, ඉහත කී අයුරින් උපසිරැසිය සකස් කළත් නියම කාල රාමු සකස් වුණේ නැහැ. හැකි නම් මෙම උපැසිරැසි | BDRip| x264 | 720p | 767MB | පිටපතට සකස් කර දෙන්න කෝ. මම බාගත්ත පිටපත ටොරන්ට් ෆයිල් හෑෂ් එක B679AE55D06649F3F9B58B6D1CADFCE0849695FA . බොහො ම ස්තූති.

  21. Gihanc

    wow ...niyamai ...kiyanna wachana na ...thank you nawodani...elaga eka denakn balan inne ...oya dannawada disney kale japanese anime studios walata ...story line eken disney latawath lanwenna ba anime ekka ...

  22. Oshan

    Thankz navodani..

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Sam fisher

    අැනිමි සිරියස් එකක් කරනවනම් මම උපදෙස් කිපයක්ම දෙන්නම් ඔක මොකද්ද පලවෙනි එක තමා වැදගත්මඑක
    1.දවස පුරාම ලැප් එකෙ එල්ලිසිටිම ගැන අම්මාගෙන් බැනුම් නොඅසාසිටිමට වගබලා ගන්න.
    දැනං නම් සිරියස් වෙන්නම්
    ⁣වැඩිය downloads ගාන කමෙන් ගාන ගැන හිත්න එපා (අපිට උනත් අද තමා ෆ්රි මෙ පැත්තෙ එන්නවත්)එත් දුනනොත් දිගටම බලනව (නැති උනත් කමක්නැ මටනම් ෆිලුමක් උනත් හොදටම ඇති)⁣කවුද කමෙන්ට් කරලා තිබ්බ වගෙ හෙනකට්ටක් එකstudies සුත් එක්ක මෙව කරන්න පුලුවන්ද මන්ද.මොනවුනත් තැන්ක්ස් මෙ film එකට මෙකෙ ඉන්න කට්ටිය හරියට war craft game එකෙ හිටිය set එකක් වගෙ

  25. kaweesha kalyana

    thanx for sub.

  26. Dimuthu Praboda

    thams

  27. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩක් ස්තූතියි අක්කේ. ලස්සන ඇනිමේ එකක් මේක නම්...