Watch Trailer

Coming Soon (2008) AKA Program na winyan akat with Sinhala Subtitles | මරණය කැන්දන සිනමාපටය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම Horror සිනමා ඉතිහාසයේ බිහිසුනුම සිනමා සිත්තමක් අරන් තමයි මේ ඇවිත් ඉන්නේ. ඇත්තටම කියනවනම් මේක මමත් දැනට අවුරුදු 5කට විතර කලින් මගේ යළුවෙකුගේ ගෙදරදි තමයි මුලින්ම බැළුවේ, බයිස්කෝ එකට එකතුවුන දවසේ ඉදන් මේ සතිය වෙනකල්ම සබ් එක දාන්න කියලා මේකේ නම හෙව්වා හෙව්වා හම්බවුනේම නැහැ, කොහෙම හරි අවසානෙදි ග…

ඔන්න මම Horror සිනමා ඉතිහාසයේ බිහිසුනුම සිනමා සිත්තමක් අරන් තමයි මේ ඇවිත් ඉන්නේ. ඇත්තටම කියනවනම් මේක මමත් දැනට අවුරුදු 5කට විතර කලින් මගේ යළුවෙකුගේ ගෙදරදි තමයි මුලින්ම බැළුවේ, බයිස්කෝ එකට එකතුවුන දවසේ ඉදන් මේ සතිය වෙනකල්ම සබ් එක දාන්න කියලා මේකේ නම හෙව්වා හෙව්වා හම්බවුනේම නැහැ, කොහෙම හරි අවසානෙදි ගූගර් එකේ හොරර් ෆිල්ම් වගයක් සර්ච් කර කර ඉන්නකොට අහම්බෙන් මෙක හම්බුනා, ඉතින් මේල් එකක් දාලා වැඩේට එන්ටර් වුනා, මේක ඇවිල්ලා රිලිස් වෙලා තියෙන්නේ 2008.11.30 ඉතින් එදා මෙදා තුර ලෝකය පුරා තිරගතවුන හොදම හෝරර් චිත්‍රපටි වලින් එකක් මේකට හම්බවෙලා තියන ප්‍රතිචාර සම්මාන වලින් ඒක ඔප්පු වෙනවා, අදටත් 6.1ක IMDb අගයක් රදවා ගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියනවා, විශාල ආදායමකුත් උපයලා තියනවා, ඉතින් පරනයි කියලා මේක අතඇරලා දානවා කියන්නේ එයා මහම මහ මෝඩයෙක්.. ඉතින් එහෙනම් වැඩි කතා ඔනි නැහැ චිත්‍රපටිය පැත්තට යමු.

චබා කියන්නේ විරෑපි වයෝවෘද්ධ කාන්තාවක්, කාලෙකට කලින් ගින්නකට අහුවෙලා තමයි චබා විරෑපි වෙලා තියෙන්නේ ඒ ගින්නෙන් එයාට එයාගේ ළමයි නැතිවෙලා තියනවා.. ඉතින් මේ චබා ගමේ ඉන්න ළමයින්ව පැහැරගෙන යනවා, ළමයි චාබාගේ රෑපෙට බය වෙන නිසා එයාලගේ ඇස් ගලවලා දානවා.. ඊට පස්සේ එයාගේ ලමයි වගේ හදාගන්නවා, දිනෙන් දින ගමේ ලමයින් අතුරුදහන් වුනත් වයෝවෘද්ද චබාව කව්රුත් සැක කරන්නේ නැහැ, එත් දවසක් ගමේ කෙනෙක්ට චබාගේ ගෙදරින් ප්‍රංචි ළමයෙක් කැ ගහනවා ඇහෙනවා, ඉතින් ගමේ අය දැනගන්නවා ළමයින්ව පැහැරගන්නේ චබා කියලා, ගමේ අය ගිහින් චබාව එල්ලලා මරලා ළමයි ටික බේරගන්නවා….

පසුකාලීනව කිසියම් පිරිසක් විසින් මේ චබාගේ කතාව පාදක කරගෙන චිත්‍රපටියක් නිර්මාණය කරනවා, ඉතින් මේ චිත්‍රපටිය තිරගතවෙන දිනට සතියක් තියලා සිනමාහල් වලට යවනවා, ඒ එක සිනමා හලක වැඩ කරන යෝද් කියන සේවකයෙක් ශේන් කියන සේවකයත් එක්ක එකතු වෙලා චිත්‍රපටයේ රිල් එක මාරු කරලා ,ඒක කොපිකරලා(කැමරා කොපි) තිරගත වෙන දිනට කලින් එලියට යවන්න හදනවා, එත් මේ චිත්‍රපටිය විඩියෝ කර කර ඉන්න අතරතුර යෝද් අතුරැදහන් වෙනවා, එයා ගැන කිසිම තොරතුරක් නැතිවෙනවා, ඉතින් මේ චිත්‍රපටිය කොපි කරන්න සල්ලි දිපු මැරකන්ඩායමේන් ගැලවිමක්ම නැති තැන ශේන් චිත්‍රපටිය ආපහු වතාවක් වීඩියෝ කරන්න සිනමා හලට යනවා, එත් වෙන්නේ අමුතුම දෙයක්, අතුරැ දහන්වුන යෝද්ගේ මල සිරුර ශොන් චිත්‍රපටිය තුලින් දකිනවා.. ඉතින් එතැන් පටන් මේ චිත්‍රපටියේ ඉන්න චබා යැයි සැලකෙන කෙනාගේ අවතාරේ ශෝන්ගේ පස්නේ පන්නන්න ගන්නවා,

ශෝන් තම පෙම්වතියත් එක්ක එකතුවෙලා මේ ප්‍රෂ්නේ නිරාකරණය කරන්න හදනවා, එත් මේකත් හරියට පැටළුණු නූල් බෝලයක් වගේ අවසානෙදි චබා පුරාවුත්තය හොයාගන යන ශෝන්ටයි එයාගේ පෙම්වතියටයි, මේකේ ඇත්තටම සිද්ද වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙනවා, ඒක අමුතුම කතාවක්, ඒ ගැන දැන ගන්නනම් මේක බලන්නම වෙනවා.

ඉතින් තවදුරටත් කියන්න තියෙන්නේ, මේකේ දර්ෂණ , ඒවගේම ශබ්ධ ඉතාමත් තාත්වික විදිහට නිර්මාණය කරලා තියනවා, හොරර් ෆිල්ම් ඉතිහාසයේ ඒකාකාරි රටාවෙන් මිදුණු ජාත්‍යන්තර මට්ටමේ අතිශ්‍ය භයානක නිර්මාණයක් කියලා කියන්න පුළුවන්, ඒක නිසා ඔයා මේ අවුරුදු කීපය තුල ආපු චිත්‍රපටි මෙලෝ රහක් නෑ, ඒවට බය හිතෙන්නේ නැහැ කිකියා කෑගහන මිනිස්සු අනිවාර්යෙන් මේක අරන් බලන්න, ඒ වගේ බයවෙන උන්, පොඩි උන්, මේක බලලා පස්සේ මට කෑ ගහන්න එහෙම එපා, එහෙනම් මේ වගේ තවත් ලස්සන නිර්මාණයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම යනවා බුදු සරණයි!

෴ජය෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත සඳහා අදාළ වේ.

3,910 downloadsDownload Coming-Soon-2008.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

3,910 downloadsDownload Subtitles20 KB

43 comments

  1. අසිත

    elama saho thanks

  2. දමිත්

    බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  3. Udara Damith B/K

    මාත් මේක ටීවී එකේ බලලා තියෙනවා කාලෙකට කලින් මාත් නම් හොයාගන්ඩ බැරිව හිටියේ
    නියමයි
    මේක බලන්නේ නැති අයට කියන්නේ අනිවාර්යෙන් බලන්ඩ නියම එකක්

  4. Lahiru

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ බයිස්කෝප් වලට ගහන්න බයිස්කෝප් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරවj
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි.

  5. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

  6. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sohan Jayasooriya

    එලම දිලෝ අනිව බලනව ඉතිම්.. තැන්කූ සබට.. අඩේ බූ රේ නැද්ද සුදූ...

  8. Ravindu Rukshan

    මෙලෝම රහක් නැති ෆිල්ම් එකක්. මිනිස්සුන්ව රවට්ටන්නෙපා ඕයි. මීට වඩා බයවුණා මං දේදුණු ආකාසෙ බලලා. ලෝකෙ හොඳම හොල්මන් එකක් නම් රේටින් 6ද පිස්සෝ

    1. දිල්ශාන් සචින්ත

      අනේ මේ උබ බලන්නේ නැත්තම් කොනට වෙලා කාටුන් එකක් බලන් හිටාන්… මෙච්චර හොරර් ෆිල්ම් බලපු මට හොදනරක කියලා දෙන්න ආවා…..

    2. Ravindu Rukshan

      ඩවුන්ලෝඩ් 480යි. ඇති යන්තම් මිනිස්සු මම කියන එක අහලා

    3. paranormal

      sira bn maka malo rahak na wadak na bn film 1k..

    4. Ravindu Rukshan

      430යි

  9. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සචී සිංහල උපසිරැසියට...,
    එල කතාවක් වගේ,
    ජය!!!

  10. දිල්ශාන් සචින්ත

    අනේ මේ උබ බලන්නේ නැත්තම් කොනට වෙලා කාටුන් එකක් බලන් හිටාන්... මෙච්චර හොරර් ෆිල්ම් බලපු මට හොදනරක කියලා දෙන්න ආවා.....

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජය වේවා!

  13. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  14. shasith sandaruwan

    බොහොම ස්තූතියි සචියෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  15. Lakshitha Nirmal

    thanks bro..

  16. buddika

    thanx bro..

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! සචියා නියම ෆිල්ම් වලට තමයි අත ගහන්නේ. අර කියුවා වගේ මේ අවුරුදු ටිකේ ආව Horror ෆිල්ම් නම් මෙලෝ රහක් නෑ තමයි!

  18. Shani

    Thkz Dil...........

  19. සුමේෂ් එශාන්

    ලිපිය කියෙව්වට පස්සෙ නොබලා ඉන්න හිතෙන්නැති වෙන්නම ලිපිය ලියලා තියනවා

  20. madushan

    Thanxs mchn puluwannam zombie films walata sub denna

  21. Amalka Himeshan

    එලම බන් මේ බාන්න යන්නෙ තැන්ක්ස් සබ් එකට
    තවත් හොරර් එකක් අරන් වරෙන් ඈ ;)

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. athula

    Thanks ....

  25. ishan

    871 download rvidu.uba kiyapu eka ahala wenna athi.uba kanna bonna deepu un wenna athi me sub karanne.naththan uba hari lokkek wenna athi.ane gono thota hoda naththan tho nikan idahan.bohoma amaruwen kisima laba wasiyak nathiwa me minnssu sub karanne.nathiwa thoge thaththagen kala nemei.

  26. ishan

    sub akata thns sachi yaluwa

  27. paranormal

    wadak na film 1k bn

  28. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  29. Kalana liyana arachchi

    Meke torrent hoyaganna amaruine. Seed thiyana.

  30. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  31. Gayan Chathuranga

    ස්තුතියි, මේ වගේ ෆිල්ම් වලට සබ් කරේ නැත්තන් ෆිල්ම් එක කොහොමවත්ම තේරුම් ගන්න අමාරුයි,

  32. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන් සබ් එක ලබා දුන්නට

  33. Crathnayake

    Thank yu..

  34. Crathnayake

    Thank u.

  35. Saranga J. Liyanagama

    Thanks

  36. Anonymous

    Thank uuuu

  37. Menusha Warshan

    මේකේ WEBRip එක නැද්ද

  38. Hemantha

    Sub eka na saho

    1. Sanupa Ranmeth - Admin

      Fixed :) Thanks!