ඔහායෝ මින-සාන්, ඔන්න මගේ දෙවෙනි ඇනිමි උපසිරැසිය.කලින් දුන්නේ TV Series එකක් වුනත් මේකනම් Movie එකක්.මේ Movie එක TV Series දෙකකට පස්සේ අවේ.පලවෙනි එක තමයි, Sword Art Online ඒ වගේම දෙවෙනි එකවුනේ, SAO II Gun Gale Online.ඉතින් ඒ දෙකටම පස්සේ ආපු මේ ෆිල්ම් එක බලන්නනම් කලින් කතා දෙකේ දැනුම ටිකක් අවශ්‍යයි.…
ඔහායෝ මින-සාන්, ඔන්න මගේ දෙවෙනි ඇනිමි උපසිරැසිය.කලින් දුන්නේ TV Series එකක් වුනත් මේකනම් Movie එකක්.මේ Movie එක TV Series දෙකකට පස්සේ අවේ.පලවෙනි එක තමයි, Sword Art Online ඒ වගේම දෙවෙනි එකවුනේ, SAO II Gun Gale Online.ඉතින් ඒ දෙකටම පස්සේ ආපු මේ ෆිල්ම් එක බලන්නනම් කලින් කතා දෙකේ දැනුම ටිකක් අවශ්‍යයි.එහෙම නැතුව මේ කතාව තේරුම් ගන්න ටිකක් අමාරුයි.ඉතින් තවම කලින් කියපු TV Series දෙකට සිංහල උපසිරසි නැති නිසා මම කලින් කතා දෙක ගැන පොඩි විස්තරයක් කරනවා.ඒ කතා දෙක බලන්න කැමති අය ඉන්නවනම් ඊලග ඡේදය කියවන්න එපා.මොකද ඒක ඒ වගේ කස්ටියට ස්පොයිලර් විමානයක් වගේ තියෙවී.
Sword Art Online කියන්නේ 2022 දී නිකුත් කරන පරිගණක ක්‍රීඩාවක්.මේ කාලවකවානුවේ Virtual Reality කියන දේ හොදටම දියුණු වෙලයි තිබුනේ.ඉතින් මේ ගේම් එකත් VR ගේම් එකක්ම තමයි.මේ VR ගේම් එකට පිවිසීමට මොලය හා සම්බන්ධ වෙන නර්ව් ගියර් නම් හිස්වැස්මක් දාගන්න ඕනේ.ඉතින් මේ අමුතුම අත්දැකීම විදගන්න 10000ක් විතර දෙනා මේවා මිලදී අරගෙන මේ ගේම් එක සෙල්ලම් කළා.ඉතින් අපේ ප්‍රධාන චරිතය වන කිරිගයා කසුටෝ එහෙම නැත්තම් කිරිටෝ කියන අවරුදු 14 ක පොඩි කොල්ලත් මේ ගේම් එක සෙල්ලම් කරනවා.මිනිහා හරිම දක්ෂ ගෙමර් කෙනෙක්.ඉතින් ඔහොම කස්ටිය VR ගේම් එකේ විනෝද වෙමින් ඉන්නකොට එකවරම ගේම් එකෙන් එලියට යන්න තියන Log-Out බොත්තම අතුරුදහන් වෙනවා.ඒ සමගම ඒ ගේම් එක හදපු කෙනා අකිහිකෝ කයබා කියන ඩයල් එක ඇවිත් මාරම කතාවක් කියනව. “දැන් මේ ගේම් එකෙන් එලියට යන්න කාටවත් බෑ.ඔයාලට එලියට යන්න පුළුවන් එකම විදිය තමයි මුළු ගේම් එකම සම්පූර්ණ කරන එක. ඔයා ගේම් එක ඇතුලෙදි මැරුනොත් ඔයාගේ නර්ව් ගියර් එකෙන් ඔයාගේ මොලය විනාශ කරලා ඇත්ත ලෝකෙදි ඔයාව මැරෙනවා. ඒ වගේමපිට ඉන්න කවුරුහරි කෙනෙක් තමන්ගේ නර්ව් ගියර් එක ගැලවුහොත් මොලයට හානි වෙලා මරණය අත් වෙනවා. ඉතින් අයෙමත් ඇත්ත ලෝකයට පණපිටින් යන්නන කැමතිනම් මේ ගේම් එක සම්පූරණ කරන්න”ඉතින් මුලින් කට්ටිය හිතුවේ මේක විහිළුවක් කියලා, එත් කට්ටියට පිටත ලෝකයේ ප්‍රවෘති පෙන්නුවහම තමයි කතාව ඇත්ත බව වැටහුනේ.ඉතින් මේ මාරාන්තික ගේම් එක ඉවර කරන්න දක්ෂම ක්‍රීඩකයන් එකතු වෙලා කණ්ඩායම් හදනව.මේ කණ්ඩායමකට යන කිරිටෝට එයාගේ ප්‍රධාන ලව් ඉන්ට්‍රෙස්ට් එක මුණගැහෙනවා. ඒතමයි යුකී අසුනා.ඉතින් මේ විදියට කට්ටිය කොහොමහරි මේ ගේම් එක ඉවර කරලා නිදහස් වෙලා එනවා.ඉතින් මම මේ කිව්වේ ඉතාමත් කෙටි සාරාංශයක්.ඒ කතාවේ මීට වඩා හුගක් දේවල් වෙනවා.මම මේ ෆිල්ම් එක තේරුම් ගන්න අවශ්‍ය වන වැදගත්ම කරුණු ටික විතරයි කියල තියෙන්නේ.ඉතින් පුලුවන්නම් ෆිල්ම් එක බලන්න ඉස්සෙල්ලා TV Series දෙක බලලම ඉන්න.
ෆිල්ම් එකේදී වෙන්නේ ලෝකයට අලුත් AR ගැජට් එකක් හදුන්වලා දෙනවා. ඒක ඕග්මා කියල තමයි නම් කරලා තියෙන්නේ.ඉතින් දැන් කස්ටිය VR වලින් බැහැර වෙලා AR වලට මාරු වෙනවා.මේ AR සදහා හදපු ගේම් එක තමයි Ordinal scale කියන්නේ.මේකෙදි අපිට යූනා කියලා AI කෙනෙකුත් මුණගැහෙනවා.එයා වටා තමයි මේ කතාව කියවෙන්නේ.ඉතින් ෆිල්ම් එක ගැන තව කියන්න යන්නේ නෑ.ෆිල්ම් එක බලලම කතාව හොදද කියන්න.
මේ ෆිල්ම් එක තිරගත වුනේ 2017 පෙබරවාරි 08 වෙනිදා.කලින් TV Series දෙක වගේම මේකත් සජීවීකරණය කලේ A-1 Pictures කියන ඇනිමි ස්ටූඩියෝ එකෙන්. මේක පැය දෙකක් විතර දුවන ෆිල්ම එකක්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Itou Tomohiko.කතාව හැදෙන්නේ Kawahara reki කියන කෙනාගේ Light Novel එක පාදක කරගෙන.
ඉතින් එහෙනම් මම ගියා. ඊලග ඇනිමි උපසිරසියෙන් හමුවෙමු. හැමෝටම අරිගතෝ AND සයොනාරා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,913 downloadsDownload Sword-Art-Online-The-Movie-Ordinal-Scale-2017.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
23 comments
KAVINDA GAMAGE
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!malith madhushan
ela saho
Helili Hemamali
නියමයි මල්ලි. තව ඇනිමේශන් කරන්න.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...ජය!!!
sajanitha
MCN TV SRIZ EKTH SUB KRPNKO
ඉෂාන් මදුෂ
නියමායි.ගොඩක් ස්තූතියි සහෝ
පුළුවන්නම් මේකෙ anime series වලටත් සබ් දෙනවනම් පට්ට
දිගටම ඇනිමි වලට සබ් දෙන්න
ජය වේවා!Amalka Himeshan
තැන්ක්ස් මචන් මේක බාල දැන් සෑහෙන කාලයක් වෙනව තාම බැලුවෙ නෑ දැන් සබ් දීල තියන එකේ දැන්වත් බලනව පුලුවන්නම් Paprika එකත් දෙන්න
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ...!!
ජයෙන් ජයම වේවා...!!Tharanga
Thanx saho
Vidura
Thanks saho thawa anime walata sub denna :)
podda
tnx saho!!
අසිත
elama saho thanks
දමිත්
බොහොම ස්තුතියි රවිඳු සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.Udara Damith B/K
සයොනාරා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sam fisher
අපි හිතුවෙ tv serias එකක්ම ගෙයි කියල.තැන්q
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Gihanc
niyamai machan...ara thawa nawodani kiyala girl kenekuth anime walata sub denawa ...meka thamai wenasa...digatama anime walata sub denna ...thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Peramunugama
Sword art online tv show ekata puluwannam sub denna.
Thama ekata sub na kohewathදිනුල්
Go anpanman dadandan and the twin stars 2009 ජපන් ඇනිම් එක දෙන්න.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .