Watch Trailer

A Man Called Otto (2022) Sinhala Subtitle | හදවත විසල් මිනිසා. [සිංහල උපසිරැසි]

ඔන්න මේ පාර මම ඔයාලට අරගෙන ආවේ හොලිවුඩ් පුරයේ අපි කව්රුත් බොහෝ සෙයින් පෙම් බදින සම්මානණීය නළු ටොම් හෑන්ක්ස්ගේ රංගනයෙන් හැඩවූ තවත් අපූර්ව සිනමා නිර්මාණයක්. ඒ වෙන කිසිවක්නම් නෙමේ වසර මුලදීම තිරගතවීම් ඇරඹි “ A MAN CALLED OTTO ” සිනමාපටයයි.අපි කාගේත් හදවත මදකට නවතන හැගුම්බර කථා තේමාවක් ඔස්සේ දිවෙන මේ අ…

ඔන්න මේ පාර මම ඔයාලට අරගෙන ආවේ හොලිවුඩ් පුරයේ අපි කව්රුත් බොහෝ සෙයින් පෙම් බදින සම්මානණීය නළු ටොම් හෑන්ක්ස්ගේ රංගනයෙන් හැඩවූ තවත් අපූර්ව සිනමා නිර්මාණයක්. ඒ වෙන කිසිවක්නම් නෙමේ වසර මුලදීම තිරගතවීම් ඇරඹි “ A MAN CALLED OTTO ” සිනමාපටයයි.අපි කාගේත් හදවත මදකට නවතන හැගුම්බර කථා තේමාවක් ඔස්සේ දිවෙන මේ අපූර්ව සිනමා නිර්මාණය ටොම් හෑන්ක්ස්ගේ රංගනය නිසාවෙන් තවත් ආලෝකමත් වෙලා තියෙනවා.ඒවගේම මම පෞද්ගලිකව හරිම කැමතියි මෙහි MARISOL ලෙස රංගනයෙන් දායක වන මෙක්සිකානු නිළි Mariana Trevino ගේ ඒ අපූර්ව වූ රංගනයටත්.

මේ වසරේ ජනවාරි මස 13 වනදා සිට තිරගතවීම් ඇරඹි මේ අපූර්ව සිනමා සිත්තම ස්විස් ජාතික සිනමා අධ්‍යක්ෂ Marc Forster විසින් නිර්මාණය කරන ලද්දක්.ඔහු මීට පෙර බොහෝ සෙයින් රසික හදවත් දිනා ගත් සිනමා නිර්මාණ රැසක්ම අධ්‍යක්ෂණය කරන ලද්දෙක්.ඒ අතර “ World War z , Finding Neverland , Monster’s Ball හා Stay ” ඇතුළු තවත් බොහෝ සෙයින් කැපී පෙනන සිනමාපට කිපයක්ම තියෙනවා.යලිත් සිනමාපටය පැත්තට හැ‍රුනොත් මීට පාදකවෙලා තියෙන්නෙ ස්විස් ජාතික ලේඛකයෙක් වන Fredrik Backman “ A Man Called Ove ” නමින් ප්රකාශයට පත් නවකතාවක්.


Fredrik Backman ගේ “ A Man Called Ove ” නවකථාව 

පොත් කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔයාලට මේක හොයාගෙන කියවතැහැකි.ඒ වගේම මේ පොත පාදක කරගෙන මෙනමින්ම ස්විස් සිනමාපටයකුත් නිර්මාණය වෙලා තියෙනවා.ඒක තිරගවෙලා තියෙන්නෙ 2015 වසරේ. ඒක නිර්මාණය කරලා තියෙන්නෙනම් ස්විස් ජාතික සිනමා නිර්මාණකරුවෙකු වන Hannes Holm විසින්.


Hannes Holm ගේ “ A Man Called Ove ” සිනමාපටය 

කොහොමෙන් කෙහොම හරි අපි දැන් කතා කරන “ A MAN CALLED OTTO ” සිනමාපටයට පාදක වෙලා තියෙන්නෙ මෙන්න මේ නිර්මාණ දෙක කියලා මම කියන්නම ඕනා.ආදායම් ඉපයීම අතින්ද බොහෝ සාර්ථකත්වයට පත් මේ සිනමා සිත්තම IMDB දර්ශකයේ ලකුණු 7.5/ 10 කුත් , Rotten Tomatoes දර්ශකයේ 69% දිනා ගන්නට සමත්වෙලා තියෙනවා.ඒ වගේම රංගනයෙන් අපි කව්රුත් ආදරය කරන ඒ අති විශිෂ්ඨ නළු Tom Hanks වගේම Mariana Trevino, Truman Hanks ( ටොම් හෑනක්ස්ගේ පුත් ), Rachel Keller, Manuel Garcia Rulfo ඇතුළු තවත් නළු නිලියන් බොහෝ දෙනෙකු එක්ව සිටිනවා.

විටෙක හාස්‍යයෙන් අපව මුසපත් කරන්නටත්, තව විටෙක සංවේදී බවෙන් අප හදවත් බර කරවන්නටත් සමත් මේ අපූර්ව සිනමා සිත්තම ටොම් හෑන්ක්ස්ගේ අති විශිෂ්ඨ රංගනය නිසා සේම අර මා කියූ මෙක්සිකානු නිළි Mariana Trevino ගේ හාස්‍යවූත් හැගුම්බරවූත් රංගනය නිසාත් සුන්දරව ඇති බවකුයි මට හැගුනේ.සිනමාපටයේ කතාව පැත්තට හැරුනොත් එය ගලා යන්නේ තම ආදරණීය බිරිදගේ මරණය නිසා සියල්ලන්ගෙන් ඈත්ව හුදෙකලාව දිවි ගෙවනා ඔටෝ නම් පුද්ගලයෙකු වටායි.ඔහුට කිසිවෙක් රුස්සන්නේ නැත.සැම දෙනා සමග නුහුරට කතා කිරීමට ඔහු හුරුව සිටී.එලෙසින්ම ඔහු කුකුල් කේන්ති කාරයෙකි.නමුත් හදිසියේ ඔහුගෙ නිවස අසබඩට පදිංචියට පැමිණෙනා විදේශීය පවුලක් නිසා ඔටෝගේ මේ දිවි පෙවත සහ මුලින්ම වෙනසකට භාජනයවීමට පටන් ගන්‍නේ ඔහුටද නොදැනීයි.එතනින් එහාට සිදුවන්නාවූ සියල්ල ඔබට රසවිදීමට ඉඩ තබමින් මම මෙතනින් නවතින්නම්.එහෙනම් හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දී ඇත

4,329 downloadsDownload A.Man_.Called.Otto_.2022.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

4,329 downloadsDownload Subtitles64 KB

23 comments

  1. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ. ❤️

    1. Indragee Kasun

      Thank vima sahoo ♥️♥️

  2. Naveen Mbr

    බොහොම ස්තූතියි සහෝ!

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි කසුන් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. නිරෝෂ්

    ස්තුතියි සහෝ.ජයවේවා!

  5. සාරංග J ලියනගම

    Thanks

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  7. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  10. Bandara

    Thanks lot "Kasun" Good Luck

  11. Anonymous

    මෙව්වා සුපිරි ෆිල්ම් අර මාවල් ලබ්බවල් වගෙ නෙවෙයි
    දිගටම මෙව්වට සබ් ඕන

  12. Anonymous

    Thanks

  13. මහේන්ද්‍ර

    ගොඩක් ස්තුති සහෝ

  14. Anonymous

    Tom hanks ge supiryak set wune na kaalekin
    Blumuko mekawath

  15. Manu

    Godak sthuthi..Jaya wewa!

  16. Sulakshana Thilakarathna

    Puusa ethakota mokuthma kale na kiyalada kiyanne? , sub ekata thank you!! Jaya wewa.

  17. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  18. Anonymous

    thanks mchn

  19. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  20. viraj

    thanks........

  21. Dewadithya

    Thanks for Sub!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P