13 හැවිරිදි මයිකල් මුම්බායි වලට යන්නෙ එයාගේ තාත්තව හොයාගෙන. තාත්තව හොයාගෙන පිහියකුත් අතේ තියාගෙන එයාව මරලා දාන්න ලැහැස්ති වෙනවා. ඒත් ඒක නතර වෙන්නෙ ගුරුනාත් නිසා. ගුරුනාත් මුම්බායි පාලනය කල ඉහළ පෙලේ දාමරිකයෙක්. ගුරුනාත් මයිකල් වෙනුවෙන් එයාගේ තාත්තව මරලා දානවා. ඒ වගේම මයිකල්ට ඉන්න තැනක්, කෑම ආදියත් ස…

13 හැවිරිදි මයිකල් මුම්බායි වලට යන්නෙ එයාගේ තාත්තව හොයාගෙන. තාත්තව හොයාගෙන පිහියකුත් අතේ තියාගෙන එයාව මරලා දාන්න ලැහැස්ති වෙනවා. ඒත් ඒක නතර වෙන්නෙ ගුරුනාත් නිසා. ගුරුනාත් මුම්බායි පාලනය කල ඉහළ පෙලේ දාමරිකයෙක්. ගුරුනාත් මයිකල් වෙනුවෙන් එයාගේ තාත්තව මරලා දානවා. ඒ වගේම මයිකල්ට ඉන්න තැනක්, කෑම ආදියත් සපයනවා. ගුරුනාත් හැමෝටම ඉහලින් හිටියත් ගුරුනාත්ට ඉහලින් කෙනෙක් හිටියා. ඒ ගුරුනාත්ගේ බිරිඳ චාරුලතා. ගුරුනාත්ගේ අනියම් සම්බන්ධයක් නිසා ජෙනිෆර් නම් කෙල්ලෙක් ගැබ්බර වුණ බව දැනගත්ත චාරුලතා ජෙනිෆර් ඇතුලේ සිටිද්දිම ජෙනිෆර්ගේ ගෙදරට ගිනි තබනවා. චාරුලතාට අවශ්‍ය වුණේ එයාගේ දරුවා විතරක් ගුරුනාත්ගේ උරුමක්කාරයා වෙනවා දැකීමයි.
ඒ වගේම බලය ගැන කෑදර කමක් ඇතිවෙයි කියලා හිතපු සූරියවර්ධන්, තමන්ගෙ මල්ලි අදීරාව… සමාවෙන්න චාරුලතාගේ කීමට ගුරුනාත් එයාගේ මල්ලිව දුර පලාතකට පිටත්කර හරිනවා. මයිකල්, සාමි නම් ගුරුනාත්ගේ සහයකයෙකු ලඟ හැදී වැඩෙනවා. මයිකල්ටත් ගුරුනාත්ට ලං වෙන්න ආසාවක් තිබුණා. ඒ වෙනකල් අවස්ථාවක් ලං වෙනකල් ඉවසීමෙන් බලාගෙන හිටියා. ඔහොම ඉද්දි දවසක් කල්ලි කිහිපයක් ගුරුනාත්ව මරලා දාන්න සැලසුම් කරනවා. අවස්ථාව එනකල් බලාගෙන ඉඳලා ගුරුනාත්ව වටකර ගන්නවා. ගුරුනාත්ගේ හෙන්චයියෝ ඔක්කොම පණ බේරගෙන හිස හැරුණු අතේ දුවන්න ගත්තා. අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන, ගුරුනාත් මරු කටේ හිටියදී බේරගන්න මයිකල්ට පුළුවන් වුණා. ගුරුනාත්ට මේ නිසා මයිකල් ගැන විශ්වාසයක්, ආදරයක් ඇති වෙනවා. මයිකල්ට නගරයේ උතුරේ තැබැරුම් හල් බලාගන්න බාර දෙනවා. ගුරුනාත්ව මරන්න කුමණ්ත්‍රණය කරපු අය ගැන හොයද්දි 5 දෙනෙක්ව මරලා දාන්න ගුරුනාත්ට පුළුවන් වෙනවා. ඒත් 6 වැනියා හොයාගන්න අමාරුයි. මේ හය වැනියා හෙවත් රතන්ව අල්ලා ගන්න ගුරුනාත් මයිකල්ට පවරනවා. ඒ රතන්ගේ දුව දීරා මාර්ගයෙන්. මයිකල්ට දවස්ක් කිහිපයක්ම දීරාගේ පස්සෙන් ලුහුබඳින්න වෙනවා. කොහොම හරි දෙදෙනාට හමුවෙන්න අවස්ථාවක් පෑදෙනවා.
මයිකල්ට දීරාව දාගන්නවට වඩා දීරාට මයිකල්ව දාගන්න උවමනාව තිබුණා. ඒක නම් සැක හිතෙනවා. ආශ්‍රයත් එක්කම මයිකල් හා දීරා දෙන්නට දෙන්නා ආදරය කරන්න ගන්නවා. ඔය අතරෙදි එක් අවස්ථාවක මයිකල්‍ට රතන්ව අහුකරගන්න පුළුවන් වෙනවා. රතන්ගෙන් ගුරුනාත්ව මරන්න කරපු සැලැස්ම ගැන විමසනවා. ඇත්තටම ගුරුනාත්ව මරන්න සැලැසුම් කරලා තියෙන්නෙ එයාගෙම පුතා බව රතන්ගෙන් දැනගන්න ලැබෙනවා. මයිකල් හා දීරා යහනේ පෙම් සුව කෙලිමින් ඉද්දි පිරිසක් එතනට කඩා වැදී, මයිකල්ට සිහිය නැති වෙන්නම පහර දෙනවා.
මේ Michael (2023) චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා වන්නේ රංජිත් ජයකොඩි. රංජිත් මීට පෙරදී Puriyatha Puthir (2017), Ispade Rajavum Idhaya Raniyum (2019), කියන අඩු පිරිවැය චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කරනු ලැබුවා. ඇත්තටම ඒ වගේ කෙනෙක් පෑන් ඉන්ඩියා චිත්‍රපටියක් කරනවා කියද්දිත් පුදුමයක්. චිත්‍රපටයේ වැඩිපුරම කැපී පේන්නේ සෘණාත්මක දේවල්. මොකද අපි දැකලා හුරු පුරුදු කතාවක් තමයි මේකේ ඇතුලත් වෙන්නේ. KGF + Rolex වගේ තවත් චිත්‍රපටි කීපයක් එකතු කරලා හැදුව අච්චාරුවක් වගේ චිත්‍රපටය බලද්දි අනිවාර්යයෙන්ම දැනේවි. මෙයට ආභාෂය ගත් චිත්‍රපට විදියට Nayagan (1987), Leon The Professional (1994), John Wick (2014), Man From Nowhere (2010), Deewar (1975) සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් කලින් කිව්වා වගේ KGF, Vikram බලලා තියෙනවා නම් ඔයාලට මේ චිත්‍රපටි දෙක අනිවාර්යයෙන්ම විටින් විට මතක් වෙයි. දෙබස් රචනය අතින් දුර්වලතාවය වඩා කැපී පෙනුණා. ධනාත්මක දේවල් බලද්දි මේ හැමදෙයටම වඩා කැපිලා පේන්නේ සෑම් සී. එස්. ගේ පසුබිම් වාදනය සහ සංගීතය. සෑම් එයාගේ උපරිමය මෙහි සංගීතය වෙනුවෙන් ලබා දීලා තිබුණා. ඒ හැරෙන්න ගෞතම් වාසුදේවන්ගේ රංගනය විශිෂ්ඨයි. දිගටම රඟපාන්න ගත්තොත් හොඳ ස්ථානයක් හිමි කර ගනීවි කියලා හිතුනත්, අධ්‍යක්ෂණයට සහභාගී වීම අවම වන නිසා දුකකුත් ඇති වෙනවා. විජයි සෙදුපති හා වරලක්ෂ්මිගේ චරිත සමහර විටෙක විකාරයක් වුණත් කැපී පෙනුණා. සිනමාකරණයත් හොඳ මට්ටමක තිබුණා. පෑන් ඉන්ඩියන් කියලා බැජ් එක ගහලා තිබුණත් ඇත්තටම මේක තෙළිඟු චිත්‍රපටියක්. කට සෙලවෙන ආකාරයෙන්ම මේක ගැලපෙන්නේ තෙළිඟු භාෂාවට කියලා සැකයක් නැතිවම තේරුම් ගන්න පුළුවන්. වර්ථමානයේ බොහෝ චිත්‍රපට, නිෂ්පාදනය කරන්නෙ මොන කර්මාන්තයේ වුණත් පෑන් ඉන්ඩියන් නමින් හඬකවා හෝ විවිධ කර්මාණ්ත වල(හින්දි, තෙළිඟු, දෙමළ ආදී) නළුවන් දායක කරගෙන මුළු ඉන්දියාව පුරා වෙළඳාම් කටයුතු කරනවා දකින්න පුළුවන්. චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙන් පැවැත් වූ වැඩසටහන් වලට සුන්දීප් කිෂන්ගේ යහළුවෙකු වූ අධ්‍යක්ෂක ලෝකේෂ් කනගරාජ් සහභාගි වුණා. ඒ නිසාම මේ චිත්‍රපටය වෙනුවෙන් බලාපොරොත්තුව ඉහළ ගියා. ලෝකේෂ්ගේ පලවෙනි චිත්‍රපටය වුණ Maanagaram (2017) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට සුන්දීප්ව යොදා ගත්තා. සුන්දීප් කිෂන්, ගෞතම් වාසුදේවන් මෙනන්, විජයි සේදුපති, අයියප්පා පී. ශර්මා, දිව්‍යන්ශා කෞෂික්, වරලක්ෂ්මි සරත්කුමාර්, වරුන් සන්දේශ්, අනිශ් කුරුවිලා යනාදී නළු නිළි පිරිවරක්ම චරිත මවනවා මෙහිදී දකින්න පුළුවන්.
Aha එකෙන් පෙබරවාරි 24 වැනිදා Ott වලින් නිකුත් කෙරුණා. මේ චිත්‍රපටයේ මේ වෙද්දි Imdb රේටින් අගය 5.1/10ක්. ඒ හැරුණුවිට විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබුණා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ට්‍රෝල් කිරීමට, උපහාසයට ලක් වුණා. සුන්දීප් සිනමාවේදී අවතක්සේරු වූ නළුවෙක්. ඒ වුණත් මේ වගේ චිත්‍රපටි කරනවා නම් ඒක තමන්ම තමන්ට හූනියම් කරගන්නවා වගේ වැඩක්. මේ චිත්‍රපටියෙත් දෙවන කොටසකට ඉඟි කරලා තියෙන්නෙ. දෙවන කොටසක් එනවා නම්, වැරදි හදාගෙන මීලඟ චිත්‍රපටියෙන් බලාපොරොත්තු තෘප්තිමත් කරන ආකාරයේ නිර්මාණයක් ලැබේවිද කියලා බලමු.
ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HC-HDRIP/ HQ-HDRIP/WEB-DL පිටපත සඳහා අදාළ වේ.
5,860 downloadsDownload Michael-2023.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #P. Sai Kumar
- #Samyuktha Menon
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Tanikella Bharani
- #Trisha Krishnan
- #You Decide
- #රවිඳු නවින්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
oshanda
Naveen Mbr
ස්තූතියි අයියේ!
Das
හැමදේම බැලන්ස් කරලා ලීව සුපිරි ලිපියක්..
Anonymous
thanks.....
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නවින් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Kannada Fan
මේකනම් සිංහල සබ් එක්ක බලලා සතිගානක් වෙනෝ
කතාවත් පට්ටම බෝරින් මටනම්
පුලුවන් නම් කන්නඩ ෆිල්ම්වලටත් සබ් දෙන්න
එනිවේ තැන්ක්ස් සබටRajitha
තැන්ක්ස් සහෝ
Samith
Thanks brother
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Nad
Please upload subtitles for Citadel TV series staring Priyanka Chopra. We will be waiting
Anonymous
Simulant ake sub aka dannako bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rukshan
kotanawa ane downloard link eka tiyenne
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Michael (2023) Sinhala Subtitles | මේ හැමදෙයක්ම ගැහැනියක් වෙනුවෙන්.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Michael-2023-Cover-2.jpg)
thanks malli.