Watch Trailer

A Mighty Heart (2007) | සත්‍ය කතාවක්..!!

2002 වර්ෂයේ, පෙබරවාරි 21 දා “The Slaughter of the Spy-Journalist, the Jew Daniel Pearl” නමින් වීඩියෝ දර්ශනයක් නිකුත්වුණා. ඒ කියන්නේ “ඔත්තුකාර මාධ්‍යවේදී ඩැනියෙල් පර්ල්ගේ ඝාතනය” කියන තේරුම. අපේ බයිස්කෝප් යාළුවෝ කාටහරි මතකද මේ සිදුවීම. ඇත්තෙන්ම ඒ වෙනකොට ඔහු වැඩ කළේ Wallstreet journal ආයතනයේ දකුණු ආසි…

2002 වර්ෂයේ, පෙබරවාරි 21 දා “The Slaughter of the Spy-Journalist, the Jew Daniel Pearl” නමින් වීඩියෝ දර්ශනයක් නිකුත්වුණා. ඒ කියන්නේ “ඔත්තුකාර මාධ්‍යවේදී ඩැනියෙල් පර්ල්ගේ ඝාතනය” කියන තේරුම. අපේ බයිස්කෝප් යාළුවෝ කාටහරි මතකද මේ සිදුවීම. ඇත්තෙන්ම ඒ වෙනකොට ඔහු වැඩ කළේ Wallstreet journal ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රධානියා ලෙසටයි. හැබෑවටම ඔහු ඇමරිකානුවෙක්, ඒ වගේම යුදෙව් ජාතිකයෙක් (ඒකම තමා පරහට හිටියෙත්). ඔහුගේ සීයාගේ නමින් නම් කෙරුණු මාවතක් පවා ඊශ්‍රායලයේ නගරයක තිබෙන බවයි පැවසෙන්නේ…ඔහුගේ බිරිඳ ඒ වනවිට පස් මසක ගැබිනියක්. ඉතින් ඔවුන් හැකි ඉක්මනින් තම මව්රට බලා පිටත්වෙන්නටයි සූදානම්ව සිටියේ. ඒත් අවසාන වශයෙන් ඔහු පැවැත්වීමට බලාපොරොත්තු වූ සම්මුඛ-සාකච්ඡාවක් සඳහා පාකිස්තානය බලා පිටත්වුණා. ඒ ගමනම ඔහුගේ ඉරණම් ගමන බවට පත්වුණා.

මම කලින් කියාපු වීඩියෝ දර්ශනයේ අඩංගු වුණේ ඉතා කෲර අන්දමින් ඔහුව මරණයට පත් කරන ආකාරයයි. ඒ, ත්‍රස්තයන්ගේ ඉල්ලීම් ඇමෙරිකන් රජය ඉ‍ටු නොකළ නිසායි. මේ ගැන සමහර විස්තර මෙන්න මෙතැනින් දැනගන්න පුළුවනි.

මේ සිදුවීම සිද්දවුණේ ඇමරිකාව ආරම්භ කළ ඇෆ්ගන් යුද්ධය නිමවීමත් සමගම වාගෙයි. මේ සිදුවීම අළලා නිර්මාණය වූ චිත්‍රපටය තමයි මේ. ඒ ඩැනියෙල් පර්ල්ගේ බිරිඳ (මේරිඈන් පර්ල්) මෙනමින් ලියූ පොත ඇසුරිනුයි. මෙහි අඩංගු වෙන්නේ පර්ල්ගේ අතුරුදන්වීමත් සමග ඔහු සොයාගන්නත් ත්‍රස්තයින් අත්අඩංගුවට ගන්නත් දියත්කෙරුණු මෙහෙයුම හා ඒ සඳහා කැපවුණු නිලධාරීන් දරපු වෙහෙසත්, පර්ල්ගේ බිරිඳ මේ සිදුවීමට මුහුණදුන් හැටිත් තමයි. පසුකාලීනව ඔහුගේ නමින් අරමුදලක් පවා ස්ථාපිත කෙරුණා. ඒ වගේම ‘ඩැනියෙල් පර්ල්-ලෝක සංගීත දිනය’ නමින් ප්‍රසංගයකුත් පැවැත්වෙනවා.

මේක ඇත්ත කතාවක්! මේක බලලා ත්‍රස්තවාදයට එරෙහිව හඬක් නගන්නටත් බටහිර බලවතුන් ආරක්ෂාවේ නාමයෙන් සාමය බිල්ලට දී කරන තුච්ඡ වැඩ හෙළා දකින්නටත් ඔබට ශක්තිය ලැබෙනවානම් එයතමා මෙහි බලාපොරොත්තුව.
(ප. ලි. : මමත් මේ වීඩීයෝ දර්ශනය හෙව්වා, නමුත් සම්පූර්ණ දර්ශනයම අඩංගු එකක් හොයාගන්න බැරිවුණා. ඔයාලා කාටහරි ඒක හම්බ උණොත් මටත් කියන්න. මොකද මේ වගේ සිදුවීම් ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක බොහොම වැදගත් නිසා.)

ලිපිය – උදා

24 comments

  1. chamath

    ela saho onna ada man 1st.onna banna damma saho ela me wage film denawanam ithn dannawane aniwa bagannawa.ela saho thanks :)

  2. chanaka

    ada mama 2
    mamath balanna hitiye
    mama bala balannam

  3. chamila

    සත්‍ය කතාවක්..!! තීරණය ඔබේ

  4. තිස්ස දොඩන්ගොඩ

    ස්තූතියි බොහොම...!!
    වචන වලින් කරන ස්තූතිය මදියි ඉතින්...

  5. GiHaN

    INCEPTON denne nadda????????????????????????????????????????

  6. අමල් ප්‍රසාද් සමරවීර

    නරකම නෑ.. :D ඒත් අද නම් මට වැඩ ගොඩයි!! බලන්න වෙන 1ක් නැහැ :( ඒ උනාට ෆිල්ම් එකට තෑන්ක්ස්!!!!

  7. වා.මු. නිලන්ත පියසිරි

    මාත් මේක බැළුවා. හරිම සංවේදී චිත්‍රපටියක්. ඇන්ජලිනා ගේ රංග ප්‍රතිභාව මොනවට කියැවෙනවා. හැබැයි, කතාවම විතරයි. කවුරුන් හරි ඊට වඩා යමක් බලාපොරත්තු වෙනවා නම්, ඒ මේක නොවේ. අනිවා බලන්න ඕනේ කතාවක්.

  8. Udaya

    duka hitena sin ekk neda. onna math bewa
    ....

  9. madusanka gayan

    good job machannnnn...........well done ...........

  10. Ramraj

    @උදා
    සමිපූර්ණ විස්තරයම ඔයා කියලා තියෙනවා.මේ කතාව ඒ දවස්වල දැඩිව ජනමාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුවා.අපේ රටේ තරග විභාගයකත් මේ සිද්ධියට අදාලව ප්‍රශ්නයක් තිබ්බා වගේ මට මතකයි.ඉතාම සංවේදී කතාවක්.ලොකයේ බලවතුන් තමන්ගේ බලය රැක ගැනීම සදහා ඕනෑම දෙයක් කරනවා. ඔවුන්ට ඔවුන්ගේ රටේ මාධ්‍යවේදියෙකුට වඩා ඔවුන්ගේ බලය ගැන හිතනවා.අපේ රටවල් ගැන කවර කතාද?මම නම් සංවේදී ෆිල්ම් වලට ටිකක් අකමැතියි. ඒක නිසා බලන්නේ නම් නෑ. ඒත් මේ වගේ වැදගත් ෆිල්ම් දෙන එක ගැන නම් ස්තූතියි.

  11. Tharindu Chat

    නියම ෆිල්ම් එකක්... ඒ කාලේ මාත් ඔය සිද්දිය ගැන හොද සෝදිසියකින් හිටියේ.. මමනන් හිතුවෙම USA වලින් පොරව නිදහස් කරගනියි කියලා.. අපරාදේ නිකන් Pearlට මැරෙන්න උනා...

    තැන්කූ ෆිල්ම් එකට.. :)
    ජයවේවා!!!

  12. kathu

    ඔය සිද්දිය නම් මටත් ටිකක් මතකයි වගෙ.. සංවෙදි කතා නම් වැඩිය බලන්නෙ නෑ.. සතුතියි film එකට..!!

  13. rK

    menna machoe link eka balanna puluwan weyidha nodhanimi

  14. Akalanka Yapa

    thank u machan!
    wistharaya godak hithata weduna

  15. Asitha

    Ela machan.... niyama film ekak..
    Thnx Saho !

    :P :P ....

  16. AL1717

    Thanks Machan Niyameta Rewive Eka Dila Thiyanawa.
    Onna Eka Nisama Me Patta Film Eka Mama ba Ganna wa

    Jaya Wewa...

  17. Sudheera

    Thanks..balalama hitimu!

  18. Pasindu

    :D

  19. amila

    ස්තුතියි!!

  20. chamath

    man film eka baluwa saho patta film eka.maxa balla nathan dannma baganna saho.maxama film ekkak.ela.

  21. uda

    thanks මචන්! මට කාලෙකින් මේ පෑත්තේ එන්න බෑරි උනානේ. අයියො තරහ වෙන්නනම් එපා,නිකමට්වත් ඈවිත් යන්න ඉඩක් ලෑබුනේ නෑ! පහුගිය ටිකේ වෑඩ වගයකට හිරවෙලා හිටියා අප්පා! comment කරන්නවත් විදිහක් තිවුනේ නෑ. sorry හොදේ...
    ගෙදර හිටියේ එහෙට නෙට් නෑ! මාර අවුලෙන් තමා හිටියේ ඉතින්.

  22. Uraj Deemantha

    බාමු බලන්න මේකත් :)

  23. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  24. tharindu gunarathna

    sub plz