මුළින්ම ඔයාලට Korean Romantic Comedy එකක් දුන්න නිසා වගේම ඉල්ලීම් කීපයකුත් තිබුණ නිසා ඊලගට මම හිතුවා Korean Tragedy film එකක් දුන්නොත් හොදයි කියලා . Korean film එකක්ම තෝර ගත්තේ ගොඩක් අය ඒවට ආස නිසයි. comedy හෝ tragedy වේ…
මුළින්ම ඔයාලට Korean Romantic Comedy එකක් දුන්න නිසා වගේම ඉල්ලීම් කීපයකුත් තිබුණ නිසා ඊලගට මම හිතුවා Korean Tragedy film එකක් දුන්නොත් හොදයි කියලා . Korean film එකක්ම තෝර ගත්තේ ගොඩක් අය ඒවට ආස නිසයි. comedy හෝ tragedy වේවා ඒ දෙවර්ගයෙම Korean film එක වගේම ලස්සනයි නේ, මේක 2006 තිරගත වුණු මිනිත්තු 116 පුරා දිවෙන film එකක්,මේ film එකේ Theme එක තමයි “Nothing is more important than the true love of your heart”. මෙහි රංගනයෙන් දායක වෙන්නේ Hyun Bin, Lee Yeon-hee, Lee Han-Sol, Jeong Wook, Hyun Bin, Lee Yeon-hee, Lee Han-Sol, Jeong Wook, කියන කොරියනු නලු නිලියෝ ,ඒවගේම IMDb අගය 7.2/10 වගේ ඉතාම ඉහල අගයක්, මොකද ඒ තරම්ම කතාව ලස්සනයි,,කතාව ඉතාම අනුවේදනීය ආදර කතාවක්, ඒ වගේම Korean tragedy වලට ආස නම් මග නොහැරම බැලිය යුතු film එකක් තමයි මේ.
මේ කථාව අවුරුදු 18 ක් වෙන මහා ධනස්කන්දයකට උරුමකම් කියන, ඒත් අනාථ වෙච්ච තරුණ පිරිමි ළමයෙක් ගැන, දෙමව්පියෝ නැති නිසාමද, නැත්නම් ඕනවට වඩා සල්ලි සැප පහසුකම් ඇති නිසාද.කොහොම උණත් මෙයා හරිම මුරණ්ඩුයි, ඒවගේම නාස්තිකාරයි.හැමතිස්සෙම රණ්ඩුවලට පැටලෙනවා.පොලීසියට අහුවෙනවා.මත්පැන් වලට ඇබ්බැහිවෙලා.එයාටම හරියන යාලුවෝ set එකකුත් ඉන්නවා.ඒත් ගෑණු ලමයි ගැන නම් වැඩි කැමැත්තක් නෑ. එක දවසක් මෙයාගේ හෝටලයටෙ එනවා හරිම අහිංසක පෙනුමක් තියන ගෑණුලමයෙක්, නවතීන්න තැනක් අහගෙන, එයා කියන විදියට එයා ගැබිනියක්, මේ ගෑණු ලමයා නරක කෙනෙක් කියලා තමයි පිරිමි ලමයා හිතන්නේ ඒත් එයාගේ අහිංසක මූන දැක්කම එයාට මොකුත් නොකර ඉන්න බැරි කමක් දැනෙනවා,ඒවගේම පොඩි හුරුපුරුදු ගතියක් ඉතින් සල්ලි දීලා එයාව යවනවා.
ඒත් මෙයාට මේ සීයගෙන් උරුමවන මහා ධනස්කන්දය ලබන්න නම් අවසාන කැමති පත්‍රයේ විදියට ගමේ ඉස්කෝලෙකින් උපාධියක් ගන්න වෙනවා. එතකොට එයාට සීයගේ හැමදේටම ඇති අයිතිය 18 දී අහිමි වෙනවා. ගෙදර, වාහනය, සල්ලි හැමදේම, අන්තිම කැමැත්තේ විදියට වැඩ නොකලොත් එයාට ලැබෙන්නේ මුලු උරුමයෙන් 0.1% විතරයි. ඉතින් මෙයාට කරන්න දෙයක් නැතිවෙනවා. අන්තිමට මුරණ්ඩුකම පැත්තකට දාලා පාරේ බස් එකක නැගලා මෙයා ගමට යනවා. ඒක හරිම පුදුම ගමක් හැම දේම වෙනස්, මිනිස්සු, එයාලගේ හැගීම්, පරිසරය පවා වෙනස්, මෙයාට ඉන්න වෙන්නෙත් ගමේම පුංචි ගෙදරක, අර දවසක් හෝටලේට ආව ගැබිණියක් කියලා බොරු කරපු, ගැණු ලමයත් මෙයාට එහෙදී හම්බ වෙනවා .එකම පාසලේදී, මේ පාසලෙන් පැන ගන්න කරන්න පුලුවන් දහන් ගැට ඔක්කොම මෙයා දානවා, ඒත් හැමදේම වැරදිලා තමයි නවතින්නේ, මේ පුදුමාකාර ගෑණු ළමයා ගැනත් මේ අතරේ එයාට හිතක් පහල වෙනවා, ඒත් ඒ ගෑණු ළමයාගේ දෛවය එයාගේ මුණේ තියන හිනාව තරම් ලස්සන දෙයක් නොවන බව මෙයා ඉක්මනටම තේරුම්ගන්නවා. අන්තිමට දෛවය මේ කතාවට කොහොම හරස් වෙයි ද? ඇත්තටම මේ ගැණු ළමයා කව්ද? සීයගේ උරුමය මෙයාල ලැබෙයිද? නැත්නම් හැම දේම නැතිවෙයිද? කොහොම හරි අන්තිමට මෙයා පොළවේ පයගහලා ජීවත් වෙන්න වත් ඉගෙන ගනීද?
ඔය ඔක්කොම ප්‍රශ්නත් එක්ක කතාව හරිම අනුවේදනීය විදියට ගලන් යනවා, ඉතින් සංවේදී අය මේ film එක බලද්දී ලේන්සුවක් එහෙම ලගින් තියාගන්න අමතක කරන්න එපා, හිමි උණත් අහිමි උණත් හැමෝටම පළවෙනි ආදරේ වටිනවනේ, ඉතින් කොච්චර සල්ලි තිබුණත් ඒක හැමෝටම එක වගෙයි. ඉතින් මේක ලස්සනම ලස්සන ආදර කතාවක්, ඉතින් මේකත් බලන්න, campus වැඩ අස්සේ, ඒවා පැත්තකින් තියලා මේකට Subs දැම්මෙත් ඒ කාලය අපරාදේ කියලා මට නොහිතුන නිසයි, මට විශ්වාසයි බලපු කාලය අපරාදේ කියල ඔයාලටත් හිතෙන එකක් නෑ කියලා, ඉතින් නිවාඩු පාඩුවේ මේ ලස්සන කතාවත් බලන්න කියලා මම හැමෝටම කියනවා, හමුවෙමු! 😀 😀
382 MB කොපිය මෙතනින් බාගන්න 37f7e206ed239dcd1b2086662a6f0f8ba6375692 720 MB කොපිය මෙතනින් බාගන්න ae5fdf3fcc19bcc708f3c33612aad6aa64eedba1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න.එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,548 downloadsDownload A-Millionaires-First-Love-2006-www.baiscopelk.com-1.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ස්වර්ණරේඛා සෙව්වන්දි
Subtitles
78 comments
quik
isuru samarasinghe
bohoma thuthi akke digatama denna
chamath cafe
කොරියන් ඒවා අනිවා බලනවා ජය වේවා!!!
yasomal
txzzz lot
kalinga
බොහොම තුති!
senuri
ane godaaaaaaak pin.ma story akata sub dana kiyannamai hitiya...godaaaaaak thanks,,,,digatama apita korean awata sub onaaaaa..good luck sis!!!!!!!!!!!!!
bandula
niyamayi thawath subs denna labeywa!!!
wow
wow,, maru :D
shann
බොහොම පින්
zumo man
elazzzz thnxzzzz
ccnp
Thanks
vee
maxxa film akak meyka tx
amilatk
jayen jaya!!!
vernie
කොරියන් films මරු, ජොයින්ට් එකක් ඇදලම බලනවා
දේශ්
නියමයි..
Achintha sameera
ස්වර්ණරේඛා සෙව්වන්දි තැන්ක්ස් අක්කේ සබ් එකට.මෙගාබයිට් අඩු ෆයිල් එකක් තියෙනකොට නොගෙනත් බැ.ඔන්න මම එහෙනම් බාන්න දානවෝ.තව හොද එකකට සබ් දෙන්න ලැබේවා !!!
Rukshan
Good job.. interesting film. highly recommended.
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝදරිය උපසිරසියට....තව තව සබ් කරන්න හැකියාව ලැබෙන්න ඕන.ජය෴෴ :D :D
Chami
WoW Thanks a lot....
හර්ෂ ලහිරු
එලකිරි සෙව්වන්දි කලින් ෆිල්ම් එකත් පට්ට කතාව
බොහොම ස්තුතියි ජයවේවා :D#ChalinduDeshan (කිනා)
නියමයි නියමයි.
අපෙ අක්කනං ඔය කොරියන් ඒවා කිව්වොත් මැරෙයි.
දැං ඉතිං ඕක අනිවාර්යෙන්ම එයා බානවාමයි.
මංනං කොරියන් ඒවට ආස නෑ ඉතිං.
කොහොම වුනත්, වැඩ අස්සේ මේක දුන්නට ස්තූතියි.
ජයවේවා!Samana Prasad ( Black Cobra )
thanx...
maduranga
thanks akke.akke puluwn tharam korean Romantic films walata sub denna.jaya wewa........onna mmath banna dwa.
me
Thanks
Menu
Thank you very much!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සොයුරිය,ජයවේවා.
amal
thank you
siraj
ගොඩ ගොඩාක් ඉස්තූතියි සබ් එකට . දිගටම කොරියන් ඒවට සබ් දෙමු නේ...........
චතුරංග සුරාජ් පෙරේරා
බොහොම ස්තුතියි සබ්වලට !!!
ජය වේවා !! :)
nalaka
thank u sis..
aadmihiran
jaya wewa!!!! niyama wadak sahoge.mamanam asama Korean film walata thama.eth boma aduine film ekak watenawa #baiscope ekak aniwa bagannawa.thawath me wage ewa krnna labewa .nawath jaya wewa!!!!
mudiya / මුදියා
එලකිරි ස්වර්ණරේඛෝ.
වැඩ ගොඩක් අස්සෙ අපි වෙනුවෙන් මේ කරන කැපවීමට උපහාරය.
සුපිරි ලව් ස්ටෝරියක් වගේ.
අනිව බලනව.
ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!“චූටී මල්ලි”
එල එල තවත් කොරියන් එකක්
තව දෙන්න කොරියන් ඒවාට
සබට තුති
ඔබට ජය.................ශාන් විමුක්ති [ විමා]
මරේ මාරු
පොඩි කොපියනම් මාරම වටිනවා
හොදට ඇති නේද පොඩි කොපියත්
සබට බොහොම ස්තුතියි අක්කේChamara
niyamaiiiiii.. thankx sahoooooooooo....
kasun ravi
Niyamai thawa 1k ikmanata denna......
රොයිලි
බොහොම ස්තූතියි සෙව්වන්දි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ARA
great work...
madusanka
ලස්සන ෆිල්ම් ඒකක් නියම කතාවක් වගේ, අරන් බලන්න ඕනේ.මේ ගැන කිවුවට බොහොම පින් ජය වේවා!
සුභ පතනවා ඔයාටgayan
thanks akke...korean film walata gahamma tharam film mre loke thama hadala ne.me film monas peththen beluwath mara lassanaii..me wage thavath godak film thiyenava.a siyallatama sub denna lebenna kiyala wish karanava.math inne koriyawe.ekai man mehe film,drama mara lassanai kiwe.
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Udana
Thank you!
Ac AS
Mxxa, heart touching!!!!!!
ටෙරාන් පරාක්‍රම
ගොඞාක් ස්තුතියි අපි වෙනුවෙන් මෙහෙම දේවල් නරනවට...
Baiscopelk.com කාර්්‍ය මන්ඞලයේ සියලු දෙනාත් ඇතුලුව....
දිගු ගමනක් යාමට මුලු හදවතින්ම අපෙන් සුභ පැතුම්...
හැම දාමත් අලුත්ම හා ගොඞාක්ම ජනප්‍රිය Fims ගෙනවිත් දෙන්න..
අප සැමදා ඔබගේ සේවය ඉතාමත් අගය කොට සලකමි.......Rasa
ගොඩක් ලස්සන, දුක හිතෙන කථාවක්.
Rajitha Abeysinghe
ගොඩක් ස්තූතියි "ස්වර්ණරේඛා සෙව්වන්දි"සහෝදරී.ඔබගේ උත්සහය අපි අගය කරනවා
Anuradha
niyamai meka man kalin balapu ekak dan itin sub ekkama baluwahaki
chandrasiri
film එක බැලුවට පස්සේ හිතුනා comment එකක්
දුන්නේ නැත්නම් අපරාදයක් කියලා. thank u so much .
මේ වගේ ලස්සන film එකකට මහන්සී වෙලා sub දුන්නාට.
කීවා වගේම හරිම ලස්සන සංවේදි චිත්‍රපටියක් . ඊ ලග
එකත් මේ වගේම එකක් වේවායි බලා ඉන්නවා............namika
මොහොම ස්තූතියි සහෝදරී!
මං හිතන්නෙ මාත් සංවේදී එකක් ඉල්ලුවා, ඒ ඉල්ලීම ඉටු කළාට නැවතත් ස්තූතියි!
මේ වගේ ලස්සන නිර්මාණම ගේන්න ඈ!prasad
kalaya, mahansiya podu yahapathata kepa kalata
dinhala sub ekata thanks sohodari.....
niyama wedak.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks