ඔන්න මගේ 4වෙනි සබ් එක… IMDB වල 8.2ක් අරන් තියෙන ලස්සන කොරියන් කතාවක් තමයි මේක. The Classic චිත්‍රපටිය බලලා තියෙන අයට නම් ඒකෙ ප්‍රධාන නිළිය මතක ඇති නේද? එයාම තමයි මේකෙත් ප්‍රධාන චරිතය රඟපන්නේ. ගොඩක් සංවේදී කතාවක් තමයි මේකෙ තියෙන්නේ. වැඩි විස්තර ඕන නෑනේ… මේකයි කතාව. බැඳපු කෙනෙක්ට ආදරේ කරලා ලොකු මානසි…

ඔන්න මගේ 4වෙනි සබ් එක… IMDB වල 8.2ක් අරන් තියෙන ලස්සන කොරියන් කතාවක් තමයි මේක. The Classic චිත්‍රපටිය බලලා තියෙන අයට නම් ඒකෙ ප්‍රධාන නිළිය මතක ඇති නේද? එයාම තමයි මේකෙත් ප්‍රධාන චරිතය රඟපන්නේ. ගොඩක් සංවේදී කතාවක් තමයි මේකෙ තියෙන්නේ. වැඩි විස්තර ඕන නෑනේ… මේකයි කතාව.
බැඳපු කෙනෙක්ට ආදරේ කරලා ලොකු මානසික ප්‍රශ්ණයකට මැදිවෙලා ඉන්න තරුණියක් ඉන්නවා. දවසක් මෙයාට අහම්බෙන් තරුණයෙක් මුණ ගැහෙනවා. පස්සෙ තමයි මෙයා දැනගන්නේ ඒ තරුණයා තමන්ගේ තාත්තගේ කොන්ත්‍රාත් සමාගමේ වැඩකරන වඩු බාස් කෙනෙක් කියලා. කොහොමහරි මේ දෙන්නා යාලු වෙනවා. තරුණියගේ ගෙදරිනුත් මුලින් මේ තරුණයට අකමැති වුනාට පස්සෙ කැමතිවෙලා දෙන්නවම කසාද බන්දවනවා. ඉතින් මේ දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා. මේ තරුණයා කොහොමහරි ගෘහ නිර්මාණ ශිල්පියෙක් බවටත් පත්වෙනවා. ඔහොම ඉද්දී මේ තරුණියගේ මතකය ටික ටික නැතිවෙලා යන ලොකු ලෙඩක් හැදෙනවා. ඒකෙන් පස්සෙ දෙන්නගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා… ඒක බලාගන්න කතාව බාගෙනම බලන්න..
මේ චිත්‍රපටිය ගැන මීට කලින් බයිස්කෝප් එකේ ගිය ලස්සන විස්තරයක් පහළ තියනවා . ඒකත් බලලම ඉන්න. ආදරය වෙනුවෙන් ඔයාලට කොච්චර කැපවෙන්න පුලුවන්ද කියලා මේ චිත්‍රපටිය බලලා ටිකක් හිතන්න….
මීට පෙර රන්දික පෙරේරා සොහොයුරා විසින් පළ කළ ලිපිය.
ආදරවන්තයින්ගේ දවසත් ළඟ ළඟම එන නිසා මම හිතුවා මේ විදියට ආදරයගැන හිතන්න අපේ බයිස්කෝප් ආදරවන්තයින්ව/ආදරවන්තියන්ව පොළඹවන්න. මේ කථාව ඇත්තටම ඇහැට කඳුලක් ගෙන එන හිතට පුංචි සතුටක් ගෙන එන ඒ වගේම ඔබට ආදරයේ අරුත කියා දෙන ඉතාම අනර්ඝ ඟණයේ කථාවක්. මෙය ඔබ හැමදාම රස විදින ඉංග්‍රීසී භාෂාවේ කථාවක් නෙමෙයි, ඒ නිසාම මෙය ආදර කථාවක්, වෙනම හැඟීමක්, වෙනම භාෂාවක්. සමහරවිට සමහර අය මෙය බලා ඇති. ඒත් මේ ආරාධනය නැවත වරක් ඒ ආදරයේ සොදුරු මතකයන් නැවත මතක් කරඟන්නට.
” මට සමාවෙන්න, මට සමාවෙන්න. මම කවදාවත් ඔබගේ හදවත රිදවන්න හිතුවේ නෑ. දෙවියනේ මම මේ කුමක්ද කලේ. ඔබට ඇඬෙනවද? මට ඔබගේ කඳුලුවත්, ඔබ දුකින් ඉන්නවා වත් බලන්න බෑ. මට ඕනේ ඔබේ සතුට. ඒත් මම කළ සෑමදේම ඔබව ඳුකට පත් කළා. ‘Chul-Soo’ මගේ ආදර ‘Chul-Soo’. මාව වැරදියට හිතන්න එපා. මම ආදරය කරන්නේ ඔබට, ඔබටම පමණයි. මම සිතන්නේ ඔබ ගැන පමණයි, මට මතක ඔබව පමණයි. මට ඔබට මගේ හදවත පෙන්නන්න පුළුවන් වුනානම්!. මගේ මතකය තියනකම් ඒක මට කරන්න ක්‍රමයක් තියනවද? මගේ හදවත වැලපෙනවා. මම, ‘Kim Su-Jin’ගේ ආදරය ‘Chul-Soo’ට පමණයි. මට ඒක අමතක කරන්න ඕන නෑ. ඔබට ඒක පේනවද?, ඔබට ඒක දැනෙනවද? මගේ මතකය නැවත මා දමා යාවී… මම ඔබට සෑම දෙයක්ම කීමට ප්‍රථමව. මම ඔබට ආදරෙයි, ඒවගේම මට සමාවෙන්න. “
” මට ඔබව හමුවුනේ මම අමතකවන සුළු කෙනෙක් වූ නිසා, මම ඔබව දමා යන්නේත් මම අමතකවන සුලු කෙනෙක් වූ නිසා. මගේ ජීවිතයේ වුනු සුන්දරම දෙය ඔබයි. මම දෙවියන්ට ස්තූතීවන්ත වෙනවා ඔබව මට එවීම සම්බන්දයෙන්. මට ඔබව මතක තියාගන්න වුවමනා නෑ. ඔබ මගේම කොටසක්…….. මම අමතක වන සුළු අයෙක් ඒත් ඔබව මගේ ඇගෙන් වෙන් කරන්න කිසි අයෙක්ට බෑ…. එසේවුවත් ඔබ මෙතුවක් කල් මට ආදරය ප්‍රකාශ කර නෑ…. මට සමාවෙන්න මම ඔබව අතහැර යනවාට… “
ආදරයේ පරිත්‍යාගය, ආදරයේ හදගැස්ම කොහොමද කියලා බලන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV / DVD පිටපත් සඳහා අදාළ වේ.
5,410 downloadsDownload A-Moment-to-Remember-2004.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනීෂ-පතිරේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනීෂ පතිරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/20
Subtitles by
දිනීෂ පතිරේ
Subtitles
104 comments
චමි.දේ.වා.
මලිත්
ලස්සන ෆිල්ම් එකක් වගෙ,,බාන්න ඔනෙ
Dinushka Udara | රොකියා
මම මේ චිත්‍රපටයට ලිපියක් ලියන්නමයි හිටියේ. මම බලපු කතා වලඉන් ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක් මේක. ඒ වගේම මෙයට රංගනයෙන් දායක වෙන "Ye-jin Son" ගෙ රංගනය නම් ඉතා උසස් අයුරින් තියෙනවා.
තිසර
බටහිර සිනමාව විද්‍යා ප%බන්ධ ඔස්සේ සුපිරි වීරයින් සොයාගෙන යද්දි චීන,මැලේසියානු සිනමාව ආදරය, මනුස්සත්වය හොයාගෙන යනවා. අනෙක් අතට බටහිර සිනමාවේ කලා භාවිතාවන්ට වඩා අපූර්වත්වයක් මේ සිනමාවේ දක්නට ලැබෙනවා. ඔබගේ සටහන දැකපුවාමයි මට ඒ ගැන නැවත වතාවක් මතක් උනේ. තවත් අපූරැ සිනමාපටයක් තිබෙනවා "Zho Yu's Train" මෙයත් අපූරැ ත=න්කොන් ආදර කතාවක්. පුළුවන්නම් පොස්ට් එකක් දාන්න.
රන්දික බොහෝම ස්ත+තියි සිනමාපටය ගැන විස්තරයට. බලලා රසවිදින්නම්.
kathu
එළ එළ.. මෙ අර වඩුවැඩ කරන බුවාගෙ කතාව නේද...?? ලස්සන film එකක්. අාදරවන්තයන්ට නියමයි..
දසයා
ඉස්සරලා දාපු "The Classic" කියන කොරියන් ෆිල්ම් එකත් හරිම ආසාවෙන් බැළුවා. ඒ කියන්නේ මේකත් අනිවාර්යයෙන්ම හොඳ ඇති. බොහොම ස්තුතියි කියල ඔන්න අපි ගන්නවා.
රන්දික පෙරේරා
හැමෝටම තනි තනියෙන් පිළිතුරු ලබා දීමට නොහැකියාව ගැන සමාවෙන්න.
හැමදෙනාටම ස්තූතීය :)
ඒවගේම ඒ කථාවේ තේමාව නෙමෙයි මම මෙහි විස්තරයට ඇතුලත් කළේ කථාවේම දෙබස් කණ්ඩයක්. ඒ දෙබස් කණ්ඩය ඇත්තටම කොච්චර ප්‍රභලද කියනවා නම් ආදරය කියන වචනය නිවැරදිම භාවිතයත් එය යැයි මට මොහොතකට හැඟී ගියා....මෙය මා නැරඹු ආදර කථාවලින් ඉතාම ලස්සන, ආදර්ශමත්ම කථාවක් බව මට නොහෙලා ප්‍රකාශ කරන්න පුළුවන්.
මෙය නැරඹූ හා නැරඹීමට ආසා සැමහට බෙදා දෙන්න....
චිරං ජයතු බයිස්කෝප්.... (ගෝලයාගේ වචන සෙට් එක හොරෙන් භාවිතා කළා කියලා නඩු දායිද මංදා... හික්z.. :D )ජය වේවා....!!!
රොයිලි
The Classic එකට වශීවුණු මට මේක බාන්න කියන්නත් දෙයක්ද? මම නම් කලින්ම ටොරන්ට් එක හොයාගෙන බාන්න ගත්තා. දැන් සීඩ් කරන ගමන්. ස්තූතියි රන්දික සහෝ. ජය වේවා. !!!!
ප.ලි.
හැබැයි පුතෝ මේක බලලා ඉවර වුනාම අපරාදේ මේකට සබ් දැම්මනම් පට්ට කියලා හිතුනොත් එහෙම මම උඹව අල්ල ගන්නම්. :P :P :Pරොයිලි
රන්දික ලියන්න අමතක කරලනේ The Classic එකෙ ඉන්න කෙල්ලමයි මේකෙත් ඉන්නෙ කියලා. :P
රන්දික පෙරේරා
@රොයිලි : නියමයි නියමයි බාගන්න බාගන්න, බාලා බලලා ඉවරවෙලා ඔන්න අඬනවා එහෙම නෙමෙයි. :D
ජය වේවා...!!!
අංජන
මම හැමදාම ඉල්ලන ජැකී චෑන්ගේ අලුත් චිත්තර පටියක් දාන්න. නැත්නම් බාන්න තැනක් කියන්න. අනේ කරැනාකරලා.
::::SlaPp3r:::
නියමයි කියලා වැඩක් නැ...මේ දවස්වලට ගැලපෙන එලමකිරි ෆිල්ම් එකක්..අනිවා ඔයාලත් බාගන්න මං Seeding වෙන්නත් දැම්මා...
රන්දික පෙරේරා
@අංජන : බයිස්කෝප් කාර්යය මණ්ඩලය අනිවාර්යයෙන්ම ඔබගේ ඉල්ලීම ගැන සලකා බලයි. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.
@::::SlaPp3r::: : නියමයි මගෙත් තාම සීඩ්ස් ගොඩෙන් අයින් කලේ නෑ ඒ ඔගොල්ලෝ නිසා...
ජය වේවා...!!!
San J
Niyamai onna ehenam kattiyage commentz hindama mamath banna demma
:) :)Uraj Deemantha
ඔන්න බානවෝ......!! :)
රූ
එළ මචෝ!!! බලපු හොදම ෆිල්ම් එකක්!!
Enri
මොකද අද valentineදවසෙම බඩු නැද්ද?
►►❹◄◄ Friendz
පට්ට!! ඔන්න මාත් බානවෝ!!!
රන්දික පෙරේරා
@ සැමටම :: ස්තූතී... ඔබ සැමගේ කමන්ට් වලට....
ජය වේවා...!!!
zoniczz
සමාවෙන්න මෙතන මේ ප්‍රශ්නෙ අහනවට...මම පොඩි Try එකක් දැම්ම සින්හනලෙන් උපසිරැස ලියන්න.ඒත් වැඩේ හරි යන්නෙ නෑනෙ?? ලියන සේරම video එකේදි පෙන්නන්නෙ (??????) ඔය විදියට පේන්නෙ..
කවරු හරි මේකට පිලියමක් දන්නවනම් plz මච්න්zzල පොඩ්ඩක් කියල දෙනවද??? :(රොයිලි
@ zoniczz,
1. මචෝ ඔයා කරන්නේ notepad එක edit කරන එකනම් ඒක සේව් කරද්දි ඒක encode එකට unicode දෙන්න.
2. ඔයා check කරන්නෙ vlc player එකේ නෙවෙයි නේද? සාමාන්‍යයෙන් උපසිරැසි පේන player එකක නේද?
ඩිලාන්
තැන්කූ...කිව්වා.ටිකක් පරක්කු වුනා....ඔන්න මාත් බාන්න දැම්මා.... :D
හසිත මදුශංක
ඇත්තටම නියම ආදර කථාවක්. කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ මට ඇත්තටම ඇඩුනා මේ කථාව බලද්දී. මීට සමානම කථාවක් තියෙන හින්දි චිත්‍රපටයක් තියෙනවා U Me Aur Hum කියලා. හැබැයි ඒකට වඩා මේ චිත්‍රපටය ගොඩක් තාත්විකයි. සියලු දෙනාටම ස්තූතියි බලලා හිතන්න යමක් තියෙන චිත්‍රපටයක් ලබා දුන්නාට......
හසිත මදුශංක
U Me Aur Hum ගැන මෙතනින් වැඩි තොරතුරු ලබා ගන්න:http://www.imdb.com/title/tt1039995/
Manula Nayanatharu
Hoda film ekak bawa penawa.... Mamat onna banawa.... Thanks...
Uකුස්ස
නියමයි.... සහෝ නියමයි
සහෝ The Morocycle Diaries කියන චිත්‍රපටිය හොයාගන්න හැකිද? එකට සිංහල සබ් ටයිටිල් ටිකකුත් එක්ක දානවනම් ගොඩාම් පින්. මොකද ඒ චිත්‍රපටිය අපේ විරයෙක් වන චේ ගේ ජිවිත කතාවලු.ගෝලයා
ප්‍රතිචාර ලබා දුන් සැමට තුති... අපේ පාඨකයෝ ආදරේ බාල්දි ගානකට එකතු කරගන්න ඇති කියල හිතනව..
රන්දික සහෝ, ඉදල හිටල කිවුවට කමක් නැහැ සහෝ copyright මගේ... :D :D
Supun
Bannna DAnno
gessy
math gaththa ehenam
gessy
මතකයෙන් මකන්නම බෑ..ස්තුතියි මචන්
dineth silva
meeka koreawe tv ekee kihipa vitak giya .niyama film eka .mee vage eeva digatama danna sinhala ekkama .jaya weeva...!
Saranga
Niyama film 1 saho....
Thankzrasika
Thzzz super
chamara
Balala na balanna oney.jaya wewa..
sumudu
Maxxxama mazaaa
tharanga
පට්ට වඩක් දිගටම.සබ් දෙමු.
eranga
Ela macho
gihan
downloading,..tz
කැළුම්
නියමයි සහෝ සුපිරි කතාවක්
දිනිඳු සම්පත්
ෂා.. මේ කොරියන්, ජපන් ආදර කතා නියමයි.. එක දිගට බලන් ඉන්න පුලුවන්. දැන් ඉතින් තේරෙන සිංහලෙන්ම දෙන නිසා අනිවාර්යයෙන්ම බලන්න ඕන. ස්තූතියි සහෝ..
uda
ෂාහ් හරි ලස්සන ලිපියක් රන්දික සහෝ...
ඒ එක්කලම සිංහල හදල ගෙනාවටත් බොහොම සතුටුයි දිනීෂ සහෝ...මේ විදිහේ කතා ජීවිතේටම යමක් එක්කාසු කරන නිසා කොහොමත් කිසිදවසක අගේ බාල වෙන්නෙ නෑ. එහෙනම් තවත් හොද කතා රැගත් සිනමාපට ඉදිරියටත් අරගෙන එන්න අපි වෙනුවෙන්.
ජය!lasidu
නියම කොල්ලෙක් සුපිරි වැඩක්
චමිඳු සඳකැලුම් (චමියා)
මේ ෆිල්ම් එක බැලුවම අන්තිමට ඕනෙම කෙනෙක්ට ඇඬේනව. ඒ තරමට සංවේදී මේක.
බොහොම ස්තුතියි යාළුවා සිංහලෙන් කොටල දුන්නට....!ganidu
සුපිරිම ෆිල්ම් එකක්... :) Thanks
rusuru | රුසිරු
තුති මචං ඔයා දාලා තියෙන්න හොදම ෆිල්ම් එකකට සබ්..වැඩේ දිගටම කරන්න අපෙන් සුභ පැතුම්
quik
thxxxx maxxxaaa
chap
කොරියන් ෆිල්ම්ස් වල අමුතු ගතියක් තියෙනවා..
ස්තුතියි.. :)vee
නියමයි සහෝ හොද නිර්මාණයක් ජය
ccnp
thx machan all the best
අමීර
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ලස්සනම ලස්සන ෆිල්ම් එකක්.....ආදරේ වෑහෙන දවස්නේ මේ.....අනිවා බලන්න...