Watch Trailer

A Most Violent Year (2014) | සාහසික වසරක්..!!! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ඔයාලාට අරගෙන ආවේ ගිය වසරේ නොවැම්බර් මස නිකුත්වූ බොහොම අපූරු චිත්‍රපටියක්. ඉතින් මේ කථාව ගෙතිලා තියෙන්නේ 1981 වසරේදී නිව්යෝක් නගරයේ ජීවත්වූ ව්‍යාපාරිකයෙක් සොර සතුරන්ගේ ක්‍රියාකාරකම් මැද ඔහුගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ආකාරය මුල් කරගත් සිදුවීමක්. මේ සඳහා IMdb අගය 7.2 ක් ලැබිලා තිබෙන අතර…

A Most Violent Year (2014)

හොඳයි එහෙනම් මේ ඔයාලාට අරගෙන ආවේ ගිය වසරේ නොවැම්බර් මස නිකුත්වූ බොහොම අපූරු චිත්‍රපටියක්. ඉතින් මේ කථාව ගෙතිලා තියෙන්නේ 1981 වසරේදී නිව්යෝක් නගරයේ ජීවත්වූ ව්‍යාපාරිකයෙක් සොර සතුරන්ගේ ක්‍රියාකාරකම් මැද ඔහුගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ආකාරය මුල් කරගත් සිදුවීමක්. මේ සඳහා IMdb අගය 7.2 ක් ලැබිලා තිබෙන අතර මෙහි ප්‍රධාන රංගන තරු අතර Oscar Isaac, Jessica Chastain, David Oyelowo, Alessandro Nivola යන අය සිටිනවා. ඒ වගේම මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ J. C. Chandor විසින්. එහෙනම් ඔන්න පොඩි පොඩි විස්තර ටිකක් කිව්වා දැන් චිත්‍රපටිය යන හැටි මම ඔයාලාට කියන්නම්.

මෙහි ප්‍රධාන තරුව තමයි Oscar Isaac, ඒ කියන්නේ මෙහි පෙනී හිටින්නේ ඇබෙල් මොරාලස් විදියට. ඉතින් ඔහුට තියනවා නගරයේ ඛණිජ තෙල් බෙදාහැරීමේ සමාගමක්. නගරය පුරාවට මෙයාගේ ලොරි වලින් තමයි තෙල් ප්‍රවාහනය කරන්නේ. ඉතින් මෙයාගේ මේ ලොරි කිහිපයක් කොල්ලකෑමට ලක්වෙනවා. ඔහුගේ රියදුරන් මේ තෙල් ලොරි අරගෙන යන අතරතුර මැරයෝ ඇවිත් රියදුරන් බය කරලා මේ ලොරි බලෙන් පැහැරගෙන යනවා. මෙයා ලඟ සේවය කරන එක රියදුරෙක් තමයි ජූලියන්. මෙයාගෙන් ලොරිය පැහැරගන්න ආපු වෙලාවේ ජූලියන්ට මේ මැරයෙක් ගහලා එයාගේ හකු ඇටයකුත් බිඳිලා රෝහල්ගත වෙන්නත් වෙනවා.ඉතින් ඒක මේ ඇබෙල්ට තියන එක කරදරයක්. අනික් කරදරය තමයි නගරේ ඉන්න දිස්ත්‍රික්ක නීතිඥයා. ඔහුත් ඇබෙල්ගේ ව්‍යාපාර වල එක එක වැරදි හොයලා නඩු පවරන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙන දේවල් නිසා ඇබෙල්ට එයා එක්ක නගරයේ ඉන්න අනෙක් ව්‍යාපාරිකයන් ගැන සැකයි. ඇබෙල් ගොඩාක් උත්සාහ කරනවා මේ පැහැරගැනීම් පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා හොයන්න. ඒවගේම තවත් දෙයක් තමයි ඇබෙල්ගේ රියදුරන් සපයන කෙනා රියදුරන්ගේ ආරක්ෂාවට තුවක්කුවක් දෙන්න තීරණය කරනවා. ඒකෙන් කොහොමහරි අමාරුවේ වැටෙන්නත් අර මුලින් ගුටිකාලා රෝහල්ගත උන රියදුරා ජූලියන්. ඔයාලා බලන්න එයා වැටෙන අමාරුව මොකක්ද කියලා. තව දෙයක් කියන්න අමතක උනා, මුලින්ම ඇබෙල් එක්තරා කොන්ත්‍රාත්තුවකට අත්සන් කරනවා. ගඟක් අසල තියන විශාල තෙල් ගබඩා කරන තැනක් අරගන්න තමා මේ වැඩේ කරන්නේ. මුලින් එයා අත්තිකාරමක් දීලා ඒක ගත්තත් සම්පූර්ණ අයිතිය එයාට ලැබෙන්නේ දින 30ක් ඇතුලත ඉතුරු සේරම ගෙව්වොත් විතරයි. ඉතින් අර අනිත් ප්‍රශ්න අස්සේ ඇබෙල්ට මේ මුදල් හොයාගන්න එකත් ලොකු ගැටළුවක් බවට පත්වෙනවා.

ඇත්තම කිව්වොත් මේ සලරුවෙන් අපිට දෙන ආදර්ශය තමයි ඉවසීම ගැන සහ උත්සාහය ගැන. පටන් ගත්ත ගමන් ගහමරාගෙන, ඇනකොටාගෙන දිවෙන තේරුමක් නොමැති සමහරක් සලරු අතරේ මේ සලරුවෙන් ඔබේ ජීවිතයට හොඳ ආදර්ශයක් ගන්න පුලුවන්. එහෙනම් කතාව රසවිඳින්න ඔයාලාට බාරයි. බලන්න ඇබෙල් කොහොමද හැම ප්‍රශ්නයක්ම මගහැරගෙන එයාගේ ඉලක්කයට යන්නේ කොහොමද කියලා. තවත් අපූරු සලරුවක් සමඟින් හමුවෙමු. ඔබට ජය.

A Most Violent Year (2014)) on IMDb

 

 

500 MB (720p BR HEVCx 265) කොපිය මෙතනින් බාගන්න

D683CD2B862849131B05ED82A991B1369B8DE9D9

875 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

5900790C5636F09CCC8BEB840A6E77DF23BDE56E

1.86 MB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

ECF3F6ABB0DF0E57C98467289DC9CDE4EE233130 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,751 downloadsDownload A-Most-Violent-Year-2014-BR.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,751 downloadsDownload Subtitles315 B

26 comments

  1. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  2. Sajith Anthony

    බොහොම ස්තුතියි සහෝ.
    ජය වේවා.. !!

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. sanjeewa

    thanks

  5. nita

    Thanks a lot bro !!!.

  6. pradeep

    Nice job
    Keep it up bro
    Cheers...

  7. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Tharindu

    Thank you very much saho...:)

  9. Deex

    adarshayak ganna puluwan mewage nirmana

    apita digatama aragena enna shakthiya labewa.

    thanks.

  10. thisal

    තැන්ක්ස් සබට කතාව එච්චර වැදුනෙ නැ එල එල කොම්ඩඉ ,ඇනිමෙශන,ඇක්ශන්,ටැමිල් ටිකක් දෙමු ඇ

  11. සසිනිකා

    ස්තූතියි සිංහල උපසිරැසියට

  12. රවිඳු නිපුන්

    Ela..
    niyamayi..
    thanks sub ekata!

  13. me

    Thanks

  14. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    Forever නැති එකේ, පට්ට කතාවක් ගෙනත් තියෙන්නෙ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  15. kasun

    thanks.........

  16. Sanjaya

    Ela Ela////...... Wenas ratawaka Film Genawwata Thanks yaluwa......

  17. Nelson

    Good Post Friend, Thanks!

  18. wiki

    Thanks

  19. නලින්

    ස්තුතියි නුවන්ත සහෝ.. තව ඩිංගෙන් මෙක මඟ හැරෙනවා..

    ජය වේවා!

  20. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. sAm

    ස්තුතී
    ජය වේවා

  22. jagath

    thanks oooooooooo

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  24. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  25. janaka

    thnx machannn

  26. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████