අද අරගෙන එන්නේ ටිකක් අමුතු විදියේ චිත්‍රපටයක්. අපේ හසන්ත අයියගෙන් කම්මැලි කමට කරන්න ඉල්ල ගත්ත එකක්. සැබෑ ලෝකයේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය අපි හිතන අකාරයමද නැතිනම් චිත්‍රපට වලින් හෝ පුවත් වලින් අපි දැන අඳුනගත් ආකාරයමද, එතකොට ත්‍රස්ත මර්දන ඒකකයන්, රහස් ඔත්තු සේවයන් අපි හිතන විදියටමද ඔවුන් සම්බන්ධයෙ…

අද අරගෙන එන්නේ ටිකක් අමුතු විදියේ චිත්‍රපටයක්. අපේ හසන්ත අයියගෙන් කම්මැලි කමට කරන්න ඉල්ල ගත්ත එකක්. සැබෑ ලෝකයේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය අපි හිතන අකාරයමද නැතිනම් චිත්‍රපට වලින් හෝ පුවත් වලින් අපි දැන අඳුනගත් ආකාරයමද, එතකොට ත්‍රස්ත මර්දන ඒකකයන්, රහස් ඔත්තු සේවයන් අපි හිතන විදියටමද ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ කාරණා දිහා වෙනස් විදියේ ඇහැකින් බලලා නිර්මාණය කළ සිනමා පටයක් විදියට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.
අර්ධ රුසියානු, අර්ධ චෙච්නියානු පුද්ගලයෙක් මතුවුනා කියලා හිතන්න අපේ නගරෙක එක්වරම… අපේ මිනිස්සු නම් මොනවා කරයිද දන්නේ නැහැ, හැබැයි මේක වෙනවා හැම්බර්ග් නගරයේ මුස්ලිම් පිරිස් නිතර ගැවසෙන පෙදෙසක.. නිකම්ම නෙමෙයි සෑහෙන්න වද බන්ධනයට ලක්වුණු ලකුණු එක්ක. මේ හැම්බර්ග් නගරය ගැන කිව්වොත්, 2001 සිදුවුනු 9/11 ප්‍රහාරය සැලසුම් කර තිබෙන්නේ, මේ ජර්මනියේ, හැම්බර්ග් වරාය නගරයේදී. ඒ නිසාවෙන් අද වෙන විට මේ හැම්බර්ග් නගරය ජර්මානු සහ අන්තර්ජාතික බුද්ධි අංශ සහ ආරක්ෂක අංශවල දැඩි අවධානය සහ ආරක්ෂාව යටතේයි පවතින්නේ.
ඔහොම මතුවෙන්නේ ඊසා කප්රෝව් නම් පුද්ගලයෙක් ඔහු ජර්මනියට සරණාගතයෙක් ලෙස තමයි එන්නේ, කතාවේ රස වැඩි වෙන්න ඔහු නීති විරෝධී සරණාගතයෙක් ලෙස තමයි පිටපත් රචකයා නිර්මාණය කරලා තියෙන්නේ, කතාව ආරම්භයේ පටන්ම සියලු දෙනාටම මේ ඊසා අභිරහසක්. ඔය අතරේ ගන්තර් නම් චරපුරුෂ සේවයේ නියුතු නියෝජිතයෙක් කණ්ඩායමක් මෙහෙයවනවා මේ ප්‍රදේශයේ ඉස්ලාම් ප්‍රජාව අතරේ බුද්ධි තොරතුරු එක්කාසු කරන්න… කොහොමෙන් කොහොම හරි මේ ඔත්තු කෙලියේ එක තැනකදී ගන්තර් දැනගන්නවා මේ ඊසා කප්රෝව් කලින් සිරගතවී සිටි අයෙක් බව… විශේෂම කාරණාව තමයි, මේ ඊසා ගැන හොයන ගන්තර් ඇතුලු පිරිස ජීවත්වෙන පිරිසක් හැටියට කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. මේ ඊසා ඇයි හැම්බර්ග් වලට ආවේ. තවත් ත්‍රස්ත ප්‍රහාරයකටද?
දැන්.. කතාව මම කිව්වොත් වැඩක් තියේ ද? ඒක ඔබට භාරයි රස විදින්න… හැබැයි කියන්න ඕනේ මිනිත්තු 122 අපතේ ගියා කියල නම් මොහොතකට හිතෙන එකක් නැහැ මේ කතාව ඒ තරම්ම කුතුහලය රදවාගෙන ඉදිරිපත් කරන්නට අපේ කතා රචනයා වන John le Carré සමත් වෙලා තියනවා හැබැයි ඒ ඔහුගේ නවකතාවේ.. මෙහි පිටපත නිමැවෙන්නේ Andrew Bovell අතින්. මේ සිහිනය සැබෑවක් වෙන්නේ Anton Corbijnගේ අධ්‍යක්ෂණයෙන්.
තිරයේ මුහුණු ලෙස එක්කාසු වෙන පිරිස ගැන කතා කරනවා නම් Philip Seymour Hoffman මතක් නොකර බැහැ මොකද මෑතක දී බොහොම ප්‍රසිද්ධ වුන කෙනෙක් හේතුව නම් ඔහුගේ අකල් වියෝව බව සිනමා ලෝලීන් නොදන්නවා නෙවෙයි නෙව, ඔහුත් එක්කම Grigoriy Dobrygin අපේ සරණාගතයා ලෙස එක්කාසු වෙනවා.. තවත් කියනවා නම් ඉතින් Homayoun Ershadi, Nina Hoss, Mehdi Dehbi වගේ පිරිසක් ඉන්නවා ඔක්කොම නම් මම කියන්න යන්නේ නැහැ..
ඒ වගේම මතක් කරන්න ඕනේ මේ ලිපිය ලියන්න උදව් කරපු අපේ සමීර කරුණාරත්න අයියාවත්. අප්පේ, මනුස්පයා නැත්නම්, මේක ලියාගන්නවා බොරු. එහෙනම් මේ වෙනස් විදියේ කතාව නරඹන්න. තවත් චිත්‍රපටයකින් මුණ ගැහෙමු. එතෙක් ජයම වේවා..! එලස්ස්ස්……
709 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
4DBF9C8444B750BD14DB2F2FB3D4809565B511BC870 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
91EDF9237AF770F1A79A9B9E1F7F05084F494CC17.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
1EEAB3AF2AB7E198944B67A7E2B8277D39FA952A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,393 downloadsDownload A-Most-Wanted-Man-2014.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
33 comments
නුවන්ත දුලාන්
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පා, මේ ට්‍රේලරේ බැලුවා විතරයි...
සුපිරි ෆිල්ම්ක් නේ යශෝ..
මේ බාන්න දාල කමෙන්ට් එක දාන්නේ..
කමෙන්ට එක දාලා සබ් එක බාගන්නවා..
මේකනම් සිරාවටම මගේම ටයිප් එකේ ෆිල්ම් එකක්...
ජය වේවා!!!නලින් පෙරේරා
ස්තුතියි යශෝධ හා හසන්ත අයියට.
ජය වේවා!
dinu senarathne
patta katawak wage.baganama balamu.
thanks baiscope set eakatama.
thanks Mr yashoda
වරුණ රංගජිත් (වරූ)
නියමයි යශෝධ මලයා නියමයි ආ...
සුපිරි..
ජයම වේවා..
සබ් එකටEra
Thanks machoooo. This is awesome .......
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබලාට ජය...................“චූටී මල්ලි”
Let's Be Cops (2014)
Tammy (2014)වලත් සබ් දෙමු නෙ
cheshan
thankz machan sub ekata!!!!
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Hiran Sharanga
Godak isthuthii saho..
Tharindu
Thank you very much...!!!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!prasa
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට
Ruwan
elaz.... thanx mcn...
Kulanjana Maduranga
trailer 1ke thiyana vidiyata supiri filumak ne...bagena balamu.subata thanks YASHODA saho.digatama sub demu.jaya wewa..........
Jack
නියමයි යශෝද සහෝ.
නියම ෆිලුමක් වගේ
ස්තුතියි සබ් එකට.wiki
Thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nimaNTha
Thankz bro.......
nimaNTha
Thankz mcho.
jaya wewa!!!!ujitha
onna ehenam bewa... thankiu saho sub ekata
NM
Thanks
nishshanka ruwan
ස්තුතියි :)
sriyan
නියමයි,,,,,,,,,,,,,, ස්තුතියි,,,,,,,,,,,
chandana
thanks sub ekata
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
nidi
hithagena hitiyatath wada honda film ekak! niyamai. kathawa galagena yanne hithagannawath beri widiyata. honda film ekakata hondata subs dunnata, Yashodhata godak thanks!
R.S. Samantha
ela ela macho..
me bano...
thank you for sub..!!!Prasanna75
Thanks
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ ❤️
❤️
❤️ Thanks For The Subtitle !!!!!!!!! ✨Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!!
ඔබට ජය........!!!!!!!!!