සුභ අලුත් අවුරුද්දක් වේවා යාළුවනේ!!! ඉතින් ඔන්න මම අලුත් අවුරුද්දෙ ඉස්ඉස්සෙල්ලම ඔයාලට ගෙනඑන්නේ හින්දි චිත්‍රටයක්. මේ චිත්‍රපටය අපේ මිතුරෙකුගෙම ඉල්ලීමක්. ඉතින් දැන් අපි බලමු මොකක්ද මේ කතාව කියලා. 1924 අවුරුද්දෙදි E. M. Forster නම් ලේඛකයා විසින් මේ A Passage to India කෘතිය ලියල තියෙන්නේ 1920 දී බ්‍ර…

සුභ අලුත් අවුරුද්දක් වේවා යාළුවනේ!!!
ඉතින් ඔන්න මම අලුත් අවුරුද්දෙ ඉස්ඉස්සෙල්ලම ඔයාලට ගෙනඑන්නේ හින්දි චිත්‍රටයක්. මේ චිත්‍රපටය අපේ මිතුරෙකුගෙම ඉල්ලීමක්. ඉතින් දැන් අපි බලමු මොකක්ද මේ කතාව කියලා.
1924 අවුරුද්දෙදි E. M. Forster නම් ලේඛකයා විසින් මේ A Passage to India කෘතිය ලියල තියෙන්නේ 1920 දී බ්‍රිතාන්‍ය රාජ්‍යයට එරෙහිව ඉන්දියාවේ ඇතිවුන නිදහස් අරගලයට ආරම්භක හේතුව පාදක කරගෙනයි. ඉන්පසු 1984 වසරේදී මේ කෘතිය එනමින්ම David Lean අධ්‍යක්ෂකවරයා අතින් චිත්‍රටයකට නැගෙනවා. මෙය David Lean අධ්‍යක්ෂකවරයාගේ අවසන් චිත්‍රපට නිර්මාණයයි. මෙම චිත්‍රපටය ඇකඩමි සම්මාන උලෙලේ සම්මාන 11ක් සඳහා යෝජනා වුන අතර Peggy Ashcroft හොඳම සහය නිලියට හිමි සම්මානය දිනාගනු ලැබුවා. මෝර් මහත්මියගේ චරිතය නිරූපණය කල ඇය වයස 77දී එම සම්මානය දිනූ වයස්ගතම කාන්තාව බවට පත්වුනා.
ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව තිබෙන කාලයේ ඉන්දියාව බලන්න තරුණ කාන්තාවකුත් ඇගේ මිතුරියකුත් එනවා. ඇගේ මිතුරිය මෝර් මහත්මිය කියන්නේ ඇය විවාහ ගිවිසගෙන සිටින තරුණයාගේ මවයි. මේ ගමනේදී ඔවුන් දෙදෙනා ඉන්දියානු වෛද්‍යවරයෙක් සමග මිතුරු වෙනවා. මේ සමාගමයට රජයේ පාසලේ විදුහල්පතිතුමත් එක්වෙනවා. ඔහු ඉන්දියානුවන්ට ප්‍රිය කරන බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මේ මිතුරු සමාගම එකතු වෙලා ඉන්දියාවේ ප්‍රසිද්ධ මරබාර් ගුහා බලන්න යන්න පිටත් වෙනවා. ඒ ගමනෙදි මේ තරුණ කාන්තාව චෝදනාවක් එල්ල කරනවා වෛද්‍යවරයා ඇයව දූෂණය කරන්න තැත් කල බවට. ඉන්දියානුවන්ට විරුද්ධ ඇයගේ බ්‍රිතාන්‍ය සගයින් වෛද්‍යතුමාව සිරගත කර ඔහුට විරුද්ධව නඩු අසනවා. විවාහක දරු දෙදෙනෙකු සිටින මේ වෛද්‍යවරයා බොහොම ඇලුම් කරන මේ කාන්තාව කල චෝදනාව ඔහුට විස්වාස කරගන්නත් බැරි වෙනවා. වෛද්‍යවරයාගේ චරිත ස්වභාවය හොඳින් දන්නා ඉන්දීය ජාතිකයිනුත් මින් බොහොම කෝපයට පත්වෙනවා.නමුත් නඩුව අවසාන වන්නේ කිසිවෙකුත් නොසිතූ ආකාරයකටයි. ඇතැම් විට නිදහස් අරගලය ආරම්භයට එය මූල බීජයක් වන්නටත් ඇති.
එහෙමනම් ඔයාලා මේ නිර්මාණයත් රසවිඳල පසුගිය වසරේ වගේම අඩුපාඩු කියලා මාව දිරිමත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඔබ සියළු දෙනාටම සියළුම බලාපොරොත්තු ඉටුවන නිරෝගිමත් නව වසරක් වේවා!!!
බුදු සරණයි!!!
951 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න
463E509A035C7595FC78055B42099980D11857E3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
848 downloadsDownload A.Passage.to_.India_.1984.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
12 comments
kanthaDLA
Praneeth
elaz
කේ.යූ.ජී. උදාර
පරණ වුණත් වටින නිර්මාණයක් හැඩයි...........
සිංහල සබට බොහොම ස්තූතියි කනිෂ්කා.Kulanjana Maduranga
niayamai…mewani wadagath kamin ihala nirmanayak wenuwen oba kala kapa kirima sahena watinawa..thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kalhara Prasad
මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රේමකුමාර
සහෘදයන්ගේ ඉල්ලීම ඉටුකරමින් තමන්ගේ අගනා කාලය කැපකරමින් මේ උපසිරැසිය ලබා දුන්නාට තුති පුදමු. මෙහි ලිපියේ හින්දි චිත්‍රපටයකැයි ලියා තිබුණත් මෙය ඉංග්‍රීසි චිත්‍රපටයකි. එය ප්‍රමාද පතිතස්ථානයකැයි හඟිමි. මෙවන් අගනා සලරුවක් පරිවර්තනය කරදීමට සිතන්නේ උසස් වින්දන ශක්‍යතාවක් ගැබ්වූ අයෙකුටමැයි විශ්වාස කරමු. සුත්තනිපාත නම් බෞද්ධ ග්‍රන්ථයේ බුදුරදුන් කරන මෙබඳු ප්‍රකාශයක් ඇත. 'උක්කාධාරෝ මනුස්සානං නිච්චං අපචිතෝ මයා" මෙහි අරුත මිනිසාගේ අවිද්‍යාන්ධකාරය දුරු කිරීමට රුකුල් දෙන්නා බුදුරදුන්ගේ පවා බුහුමනට ලක්වන බවයි. අගනා සලරුවක් ජීවිතය සමාජය පිළිබඳ අපේ අනවබෝධය, අවිද්‍යාව දුරුකරයි. එහෙයින් මෙම සලරුව වින්දනය කිරීමට තිබූ භාෂාත්මක කඩතුරාව විවර කොට අපට ඉඩහසර විවෘත කළ කණිෂ්කා ධීමතියනි, ඔබට ඉහතකී බුදු වදනින් ම උපහාර පුදමි. '' උක්කාධාරෝ මනුස්සානං - නිච්චං අපචිතෝ මයා"
නිරෝෂ්
බොහොම ස්තුතියි කනිෂ්කා.ජයවේවා !
Shamal manojan
මේ සබට ස්තූතියි. පුළුවන්නම් Disco Dancer - 1982 හින්දි ෆිල්ම් ඒකට සිංහල සබක් දෙන්නකෝ.
Amila
This is not a science fiction movie although it's tagged so.
Brandie
Well put, sir, well put. I'll cetlniary make note of that.
sasanka sathyajith
Thanks for The Sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!