Watch Trailer

Brooklyn (2015) with Sinhala Subtitles | දෙරටක සිරවුන ආදරබර හදවතක්… [සිංහල උපසිරැසි සමඟ]

අපි සිනමා ඉතිහාසය දිහා බැලුවොතින් අපිට දකින්න පුළුවන් ඇතැම් සිනමාපට වලට පාදක වෙලා තියෙන්නෙ ලෝකප්‍රසිද්ධ නවකතා. අද ඔයාලට අරගෙන ආපු මේ Brooklyn(බෲක්ලින්) කියන සිනමාපටයත් අන්න එහෙම නිපදවුණ සිනමාපටයක්. Colm Tóibín නම් අයර්ලන්ත ජාතික නවකතාකරු විසින් රචිත 2009 වසරේ ප්‍රේක්ෂකයන් අතට පත් වුණු එනමින්ම යුත්…

Brooklyn-(2015)

අපි සිනමා ඉතිහාසය දිහා බැලුවොතින් අපිට දකින්න පුළුවන් ඇතැම් සිනමාපට වලට පාදක වෙලා තියෙන්නෙ ලෝකප්‍රසිද්ධ නවකතා. අද ඔයාලට අරගෙන ආපු මේ Brooklyn(බෲක්ලින්) කියන සිනමාපටයත් අන්න එහෙම නිපදවුණ සිනමාපටයක්. Colm Tóibín නම් අයර්ලන්ත ජාතික නවකතාකරු විසින් රචිත 2009 වසරේ ප්‍රේක්ෂකයන් අතට පත් වුණු එනමින්ම යුත් නවකතාවක් තමා මේ සිනමාපටයට පාදක වෙන්නෙ. මේ පොත 2009 වසරේ Costa Novel සම්මානය පවා දිනාගැනීමට සමත් වුණා. ඉන් පසු 2012 වසරේදී The Observer පුවත්පත විසින් මෙම නවකතාව ඉතිහාසය සම්බන්ධයෙන් ලියවුනු හොඳම නවකතා දහයෙන් එකක් බවටත් ප්‍රකාශයට පත් කරනවා. ඉතින් මේ පොත පාදක කරගෙන නිපදවෙන මේ බෲක්ලින් සිනමාපටය අධ්‍යක්ෂණය වන්නෙ John Crowley නම් අධ්‍යක්ෂකවරයා අතින්. ඉතින් මේ සිනමාපටයට අපි හොඳින් දන්නා හඳුනන නළුනිළියන් කීපදෙනෙක්ම තම දායකත්වය සපයනවා.

කතා නායිකාව වෙන Eilis Lacey විදිහට Hanna, The Host වැනි සිනමාපට හරහා අපි රිදීතිරයේ දැකගත්ත Saoirse Ronan. ඒ වගේම මේ දවස්වල අපි හුඟ දෙනෙක් හොඳින් දන්නා හඳුනන ලස්සන ගෑණු ළමයෙකුත් මේ සිනමාපටයේ අපිට දැකගන්න පුළුවන්.ඒ වෙන කවුරුවත් නෙවෙයි, අපේ ඇරෝ කොල්ලගේ සහයිකාව වගේම පෙම්වතිය වෙන ෆෙලිසිටී ස්මෝක් විදිහට අපි හැමෝම හඳුනන Emily Bett Rickards. බෲක්ලින් සිනමාපටයට IMDb අගය 7.8ක අගයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම රොටන් ටොමාටොස් අගය 98% වගේ ඉතාම ඉහළ අගයක් අරගෙන තියෙනවා. කොහොම හරි 2015 වසරේදී වැඩිම රොටන් ටොමාටොස් අගයක් ලබාගත්ත සිනමාපට අතරින් පස් වෙනි තැනට පත්වෙන්න මේ සිනමාපටයට පුළුවන් වෙලා තියෙනවා. චිත්‍රපට සම්මාන උත්සව කීපයකට මේ සිනමාපටයේ නම යෝජනා වුණා වගේම ඉන් කිහිපයක් දිනාගැනීමටත් සමත් වුණා. එහෙනම් ඇද මේ සිනමාපටයේ කතාව පැත්තට හැරෙමු…

මේ 1952 අවුරුද්ද. ඒලිෂ් ලේසි කියන්නෙ දකුණු අයර්ලන්තෙ ඉන්න තරුණ ගෑණු ළමයෙක්. එයා රැකියාව විදියට කරන්නෙ සති අන්තෙ දවස් වල ටිකක් නපුරු, කුහක ගෑණු කෙනෙක්ගෙ කඩයක වැඩ කරන එක. ඒලිෂ්ගෙ අක්කා ඒලිෂ්ට ඇමරිකාවට ගිහින් රැකියාවක් කරන්නත් වැඩි දුර ඉගෙන ගන්නත් අවස්ථාව සලස්වලා දෙනවා. ඇමරිකාවට යන ඒලිෂ්ට ගෙදර නැති පාළුව දැනෙන හැටි, ඒක මඟහරවා ගන්න එයා දරණ උත්සහය, එයාගෙ ජීවිතේ ජය ගන්න හැටි, එයා ආදරයෙන් බැඳෙන හැටි තමයි කතාවෙන් කියවෙන්නෙ.

එහෙනම් කතාව බලන්නකො. ලිපිය ලිව්ව පූස් මල්ලිට ස්තූතියි. ජය…..

Brooklyn (2015) on IMDb

 

 

 

BR පිටපත් සඳහා උපසිරැසි ලබා දී ඇත

1,262 downloadsDownload Brooklyn-2015.baiscopelk.com_.zip136 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,262 downloadsDownload Subtitles136 KB

27 comments

  1. Nishadi Wickrama

    tnx

  2. Saman Prasad [පූසා]

    Br එනකම් ඉන්න වෙනවෝ...
    සබ් ඒකට තෑන්ක්ස් වේවා අක්කේ... :D
    ජය වේවා...!!!

  3. Asiri

    Sub වලට තැන්කූ අක්කියෝ.එත් ඇයි අප්ප දැන් එන ඔක්කොම ෆිල්ම් DVDScr එන්නෙ.

  4. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි නිර්මාණි............

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. asitha

    The Snow Queen 2 (2014)
    When Marnie Was There (2014) ඇනිමේෂන් ෆිල්ම් වලටත් සබ් දෙන්න
    තෑන්ක්ස්,ජය වේවා!!!!!!!!!!!!!!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Kavisha

    Thnx Sis....
    ****Good Luck*****

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. Chami

    Thanks..

  11. Mithun Sriyantha

    වෙලාවක් ලැබුන ගමන් බානව සබ් එකය බොහොම ස්තුතියි

  12. indika

    බොහොම ස්තුතියි... :)

  13. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුති..
    ජය වේවා...!!

  14. Kalhara Prasad

    මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි...
    ලස්සන කතාවක්
    ජය :D

  17. lakmal

    THXXX MCHOOOO.........

  18. Tharindu Athukorala

    thank sis....

  19. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  20. Eranga

    උපසිරැසියට බොහෝම ස්තූතියි…

  21. LSM HUSKAA

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  22. Lakshan999

    Thanx

  23. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි උපසිරැසියට

  24. Prageeth Gaya

    ela bro
    sub eka maru
    oyalata jaya weewa

  25. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    In the name of the father (1993)
    Primal fear (1996)
    K pax (2001)
    Big fish (2003)

  26. sasanka

    thanks for the sub

  27. viraj

    thanks............