Watch Trailer

A Pigeon Sat on a Branch Reflecting on Existence (2014) with Sinhala Subtitles | මිනිසත්කමේ පිරිහීම [සිංහල උපසිරසි සමඟ]

අද බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ඔබට අරගෙන ආවේ Swedish චිත්‍රපටයක්. රෝයි ඇන්ඩර්සන් අධ්‍යක්ෂණයෙන් වගේම තිර පිටපතෙනුත් දායක වෙන මෙය IMDB 7.0ක ඉහළ අගයක් වාර්තා කරලා තියෙන චිත්‍රපටයක්. මේක සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් කිව්වොත් වැරදි නෑ. නමුත් මේ චිත්‍රපටය වෙනත් විදියකින් විශේෂත්වයක් උසුලනවා. ඒකට හේතුව මේ ච…

A-Pigeon-Sat-on-a-Branch-Reflecting-on-Existence-(2014)

අද බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ඔබට අරගෙන ආවේ Swedish චිත්‍රපටයක්. රෝයි ඇන්ඩර්සන් අධ්‍යක්ෂණයෙන් වගේම තිර පිටපතෙනුත් දායක වෙන මෙය  IMDB 7.0ක ඉහළ අගයක් වාර්තා කරලා තියෙන චිත්‍රපටයක්. මේක සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් කිව්වොත් වැරදි නෑ. නමුත් මේ චිත්‍රපටය වෙනත් විදියකින් විශේෂත්වයක් උසුලනවා. ඒකට හේතුව මේ චිත්‍රපටය පුරාම දිවෙන දර්ශන වල විශේෂත්වය. හැම දර්ශනයක්ම ඔබට දකින්නට පුළුවන් වෙන්නේ එකම ස්ථාවර කැමරා කෝණයකින් විතරයි. එක කැමරා කෝණයකින් පමණක් ලබාගන්නා අගක් මුලක් නැති විවිධාකාර දර්ශන අවසානයේ එකතුවී තේරුමක් ඇති කතාවක් ගොඩනගනවා. මෙය ඉතාම විශිෂ්ට ගණයේ රූපරාමු වලින් සමන්විත චිත්‍රපටයක්. ආලෝකරණය හා විශේෂ ප්‍රයෝග විශිෂ්ට ලෙස යොදාගෙන තිබෙනවා. විශේෂ ප්‍රයෝගවල තාත්වික භාවය කොතරම්ද කිව්වොත් චිත්‍රපටය නරඹන ඔබට මෙහි විශේෂ ප්‍රයෝග ඇති බවක් නොපෙනේවි.

කතාව දෙසට පොඩ්ඩක් හැරෙන්නම්. සෑම් හා ජොනතන් නම් අළුත් වෙළඳභාණ්ඩ අලෙවි කරන්නන් දෙදෙනෙකු වටා ගලාගෙන යන සිදුවීම් දාමයක්. මොවුන් දෙදෙනා අළුත් නිෂ්පාදනයක් හඳුන්වා දෙමින් විවිධ ස්ථාන කරා යනවා. ඒ වටා ගෙතුණු විවිධ සිදුවීම් තුළින් ගැඹුරු අර්ථයක් ප්‍රේක්ෂකයාට ලබා දීමට උත්සහ කරනවා. ඒ පිරිහි ඇති මනුෂ්‍යත්වය පිළිබඳ. ඇතැම් දර්ශන හාස්‍යය මුසු දර්ශන. නමුත් ගැඹුරු අර්ථයක්ද ඒ එක්කම අන්තර්ගත වනවා. අවසානයේ සිතන්නට යමක් ඉතුරු කරමින් අවසාන වන විසිතුරු සිනමා සිත්තමක්.

මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මම කරන පළමු උපසිරැසි ගැන්වීම. සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් නිසාම මෙහි අර්ථය උපරිම වශයෙන් සුරැකමින් පරිවර්තනය සිදු කරන්න උත්සහ කළා. නමුත් සුළු සුළු වැරදි අඩුපාඩු තියේවි. ඒ ගැන බයිස්කෝප් සිංහලෙන් ප්‍රේක්ෂක ඔබගෙන් සමාව අයැද සිටිනවා. දෙවන උපසිරැසියෙන් හමුවන බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්. සුබ දවසක්.

 

 

Norm of the North (2016) on IMDb

 

 

416 MB (720p x265) කොපිය මෙතනින් ගන්න

9B5A2C81F19E39B85E75FBCB3887C00E200716B9

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,371 downloadsDownload A.Pigeon.Sat_.On_.A.Branch.Reflecting.On_.Existence.2014.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Thashila.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තෂිල රචිත්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තෂිල රචිත්‍ර

Subtitles

1,371 downloadsDownload Subtitles21 KB

26 comments

  1. nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. wappula

    නියමයි... මම ආසම වර්ගයේ එකක්,, බොහොම ස්තුතියි සබ් එකට
    දිගටම කරගෙන යන්න.. වාසනාවන් ඔයාට....

  3. Dhanushka

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  5. Udara Damith B\K

    බොහොම ස්තුතියි .පළමු උපසිරසට සුබ පැතුම්......

  6. එල්.සී. දමැල්

    පළමු උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් තෂිල... දිගටම උපසිරස දෙමු...

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි සහෝ
    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම කරමු
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !

  8. අනුර

    ප්ළමු උපසිරැස්සියට සුබ පැතුම් ......මේ වගෙ චිත්‍රපටවලට උපසිරැසි එනවා අඩුයි..මාත් ආසම මේ වගේ ෆිල්ම් වලට ....දිගටම කරගන යමු සහෝදරයා ....ජයවේවා .......

  9. Tharaka

    පළමු උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් සහෝ. සබ් එකට බොහොම ස්තුතියි. ජය...

  10. ප්‍රණීත් චින්තක

    පලමු උපසිරැසියට සුබපැතුම් තෂිල සහෝ.
    දිගටම දෙමු.
    අනිවාර්යෙන්ම බලන්න ඕනේ කතාවක්.

    ආයු -බෝ -වේවා !!!

  11. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය...

  12. Asitha

    ela thanks

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks THASHILA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  15. රොයිලි

    බොහොම ස්තූතියි රචිත්‍ර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  16. indika

    සුබ පැතුම්…

  17. Dharshana Kasun

    Thanks..

  18. Sajith Anthony

    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්!
    සබ් එකට ගොඩාක් ස්තූතියි
    ජයෙන් ජයම වේවා...!!!

  19. Max

    thanx machan

  20. Satana

    Thanks Machan

  21. Lasiru

    AAA

  22. Shyan Rhydmika

    thanks yaluwa...nice work

  23. Sanath Perera

    පලමු උපසිරැසියට සුබපැතුම්...
    බොහොම ස්තූතියි සහෝ සබ් එක ගෙනාවට…
    ජයෙන් ජය…

  24. wiki

    Thanks