Watch Trailer

Zootopia (2016) with Sinhala Subtitles | උත්සහවන්තයා ජයගනී…. (100) [සිංහල උපසිරසි සමඟ]

කොහොම පටන්ගන්නද මන්ද. පලවෙනි උපසිරසි 50 ගොඩක් වේගෙන් කරන්න පුළුවන් වුනා. හැබැයි ඊට පස්සෙ ටිකක් හෙමින් තමයි උපසිරසි දෙන්න වුනේ තියන වැඩත් එක්ක. මුලින්ම උපසිරසි කරන්න පටන්ගත්තෙ දැන් අවුරුද්දකට විතර කලින්. මේ වෙනකන් සෑහෙන අත්දැකීම් ගොඩක් ලබාගෙන මෙච්චර දුරක් එන්න බාධක වගේම උදවු ගොඩක් ලැබුන. හැමදෙයක් ගැ…

Zootopia (2016)-100

කොහොම පටන්ගන්නද මන්ද. පලවෙනි උපසිරසි 50 ගොඩක් වේගෙන් කරන්න පුළුවන් වුනා. හැබැයි ඊට පස්සෙ ටිකක් හෙමින් තමයි උපසිරසි දෙන්න වුනේ තියන වැඩත් එක්ක. මුලින්ම උපසිරසි කරන්න පටන්ගත්තෙ දැන් අවුරුද්දකට විතර කලින්. මේ වෙනකන් සෑහෙන අත්දැකීම් ගොඩක් ලබාගෙන මෙච්චර දුරක් එන්න බාධක වගේම උදවු ගොඩක් ලැබුන. හැමදෙයක් ගැනම කියන්න මේ වෙලාවේ මතක් වෙයිද මන්ද. කමක් නෑ කට්ටිය තරහ වෙන්න එපා අමතක වුනොත්. මේක හදිසියේ ලියන්නෙ.

ගොඩක් අය අහනවා ඇයි සබ් කරන්නෙ? අතට ගානක් හම්බෙනවද? සල්ලිත් නැත්තම් මොකට කරනවද මේ වගේ කාලේ කන වැඩ? මේ වගේ කකුලෙන් අදින දේවල් නිතරම අහන්න ලැබුන. ඒ අයට දෙන්න ඉතිං උත්තර නම් නෑ. සබක් කරන එක මොන වගේද දැනෙන්නෙ කියල දැනගන්න සබක් කරන්නම ඕන. එහෙම කරලා ගන්න සතුට වෙන දේවල් වලින් ලැබෙන්නෙ නෑ. හැබැයි මෙහෙම කියන අය අතරේ සුබ පතල තවත් ධෛර්යමත් කරන අයත් නැතුව නෙවෙයි. සබ් වලට පොඩි කොමෙන්ට් එකකින් වගේම සමහර වෙලාවට ෆේස්බුක් එකෙන් පවා කට්ටිය කතා කරනවා. එහෙම අයගේ කතාවක් අහන්න ලැබෙන එකත් සබ් කරන අපිට ලොකු සතුටක්. මෙච්චර දුරක් එන්න ඒවත් ලොකු හයියක් වුනා. එහෙනම් දැන් ස්තූති කතාව කරන්න පටන්ගන්නම්.

මුලින්ම මම සබක් ඉල්ලලා මේල් කරාම රොයිලි අයිය තමයි ඒ සබ වෙන් කරලා දීල කරන්න කිව්වේ. ඒක කළාට පස්සෙ සමීර අයියට මාව අහු වුනා. ඔන්න එතනින් පස්සෙ තමයි දවසට එක ගානෙ සබ් කරන්න වැඩ අහු වුනේ. සබක් ඉවර වෙනවත් එක්කම සමීර අයිය තවත් සබක් එවනවා “මලේ මේක කරමු” කියල. සමීර අයිය හින්දාම තමයි අච්චර ඉක්මනට 50 ගහන්න පුළුවන් වුනේ. ඉතින් ඒ නිසා 50දි වගේම 100දීත් සමීර අයියට ස්තූති කරනවා. ඒ වගේම ගොඩක් ෆිල්ම් වලට මේල් කරලා ෆිල්ම් වෙන් කරලා දුන්න රොයිලි අයියටත්, යශෝධ අයියටත් ගොඩක් ස්තූති කරනවා. තව ඉතින් ගොඩක් අය ඉන්නවා. කාගෙන් පටන්ගන්නද මන්ද. මුලින් කිව්වා අගින් කිව්වා කියල නෑ හැමෝටම එකවගේම ස්තූතියි හොඳේ. මේ ෆිල්ම් එක ඇත්තටම මම බාරගත්ත එකක් නෙවෙයි. මේක නිර්මාණි අක්ක බාරගත්ත ෆිල්ම් එකක්. ෆිල්ම් එක ඉල්ලපු ගමන් බෑ නොකිය ෆිලුම දුන්න. නිර්මාණි අක්කටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම ඇඩ්මින් මණ්ඩලේ ඉන්න හසා අයිය විමා මේ කට්ටියත් මතක් නොකරම බෑ. මූණු පොතට ගියොත් චැට් එකේ විකාර ගොඩයි. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ඒකට විමා, හසා, දසන් අයිය, පූසා, චාමර, නියෝ….. සෑහෙන්න දායක වෙනවා. හේ හේ… සමහර වෙලාවට සබක් කරගන්න වෙලාව නැති වෙලාවට පූසට එක මැසේජ් එකයි දාන්න ඕන. උගේ වැඩෙත් පැත්තක දාල මගෙ සබ කරපු දවස් තිබ්බ. පූසෝ ගොඩක් ස්තූතියි. සඳුන් අයිය, තාරක දෙන්නත් ඉතින් මතක් නොකර බෑ. ගොඩක් හොඳ පට්ට යාළුවො ටිකක් හම්බුනා බයිස්කෝප් එකට එකතු උනාට පස්සෙ. නියෝව මතක් නොකර බෑ. මංසලටත් සබ් කරද්දි ඉතිං ඒවාට උදවු කරේ එයා තමයි.

අහ්හ්හ්…. ම්ම්ම්ම්…. මෙහෙම බයිස්කෝප් එකේ සෙට් එකට ස්තූති කරද්දි මට සබ් කරන්න උදවු කරපු තව කට්ටිය ඉන්නවා. විශේෂයෙන්ම මගෙ බෝඩිමේ උන් ටික. සමහර වෙලාවට මම හදිසි සබ් ටයිප් කරද්දි පාඩම් කරන දේවල් වලට කුප්පියක් සෙට් කරලා හරි වැඩේ ගොඩ දාල දෙනවා. සමහර වෙලාවට මම පාන්දර වෙනකන් ලයිට් දාගෙන සබ් කොටනවා. රූමට නිදාගන්නත් නෑ මං නිසා. මට බැන බැන ඌ නිදා ගන්නවා. හැබැයි ඉතිං ඒ ජෝක් එකට. ඊට පස්සෙ ෆිල්ම් වලට හොඳ විදිහට හරි නරක විදිහට හරි කොමෙන්ට් කරපු අයට ගොඩක් ස්තූතියි. කොහොම වුනත් තව ගොඩක් අය ඉන්නවා ස්තූති කරන්න. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ නැහැනේ. ඒ නිසා අමතක වුනා නම් සමාවෙන්න. කරපු චිත්‍රපටි, ටීවී සීරිස් ගොඩක් තියන නිසා මෙතන මම ඒවා කියන්න යන්නෙ නෑ. වේගෙන් නැතත් හෙමින් හෙමින් හරි තවත් උපසිරසි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන් කතා ඇති. මේ කතාව ගැන බලමු….

100 Achintha Wish

කතාව ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. සුපිරිම කතාවක්. ගොඩක් අය බලන් හිටපු කතාවක්. චිත්‍රපටිය නිකුත් වුණේ 2016 මාර්තු හතර වෙනිදා. IMDB අගය 8.3ක් අරගෙන තියෙන සුපිරි ඇනිමේෂන් එකක්. Ginnifer Goodwin(ජූඩි හෝප්ස්), Jason Bateman(නික් වයිල්ඩ්) යන දෙන්න තමයි ප්‍රධාන චරිත දෙකට හඬ කැවීමෙන් දායක වෙන්නෙ. කතාව ගැන කිව්වොත්…

ජූඩි හෝප්ස් කියන්නෙ හා පැටියෙක්. එයා පොඩි කාලේ ඉඳන්ම ආසා කළා පොලිසියට බැඳිලා ලෝකය යහපත් තැනක් කරන්න උත්සහ කරන්න. සූටෝපියාව කියන්නෙ ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නගරයක්. කිසිම බාධාවක් නෑ. එහෙ ඉන්න සත්තු ඔක්කොම ගොඩක් සාමකාමීව ජීවත් වෙන්නෙ. ඒ කියන්නෙ විලෝපිකයන් වගේම අහිංසක සත්තු. දෙගොල්ලොම කිසිම කරදරයක් නැතුව ජීවත් වෙනවා. ජූඩි මේ නගරෙට එන්නෙ පොලිස් නිලධාරිනියක් විදිහට. හැබැයි කවුරුවත් එයාව ගණන් ගන්නෙ නෑ. මොකද හාවෙක්ට පොලිස්කාරයෙක් වෙන්න බෑ කියල මතයක් තියනවා. කොහොම වුනත් මෙයාට පොලිසියෙන් ලැබෙන රස්සාව තමයි වාහන වලට දඩකොල ලියන එක. අකමැත්තෙන් වුණත් වැඩේ බාර අරන් කරනවා. මේ අතරේම අතුරු දැන් වුන ක්ෂීරපායින් 14 දෙනෙක් ගැන සිද්ධියකුත් යනවා. මේ ජූඩිට නික් කියන නරියව හම්බෙන්නෙ පාරේ වාහන වලට දඩකොල ලියන අතරේ. ඒ කොහොමද? නික් මොන වගේ චරිතයක්ද? ක්ෂීරපායින් සිද්ධියට ජූඩි සම්බන්ධ වෙනවා. එක පාරටම නෙවෙයි. ටිකෙන් ටික. ඒ කියන්නෙ මෙයා වාහන වලට දඩකොල ලියන එකෙන් අයින් වෙනවා. මේ ටික වෙන්නෙ කොහොමද? මෙයා මේ වික්‍රමය කරන්නෙ කොහොමද? ගොඩක් දේවල් තියනවා බලන්න. ඔයාලම බලන්න. එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු. ජය වේවා!!!

Zootopia (2016) on IMDb

 

 

814 MB (BRRip 720p) කොපිය මෙතනින් ගන්න

640605E34DD315CE31073245772EE59B0F992851

1.59 GB (BRRip 1080p) කොපිය මෙතනින් ගන්න

79F136E1E3067B94B1197B29EC2B655BC998C4F9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

33,075 downloadsDownload Zootopia.2016.720p.Baiscopelk.com_.rar92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

33,075 downloadsDownload Subtitles92 KB

142 comments

  1. Saketha Pulasthi

    මේ ඇනිමේශන් එක බලන්න නම් බ්ලූ රේ එනකන් ඉන්නේ නෑ.....අද රෑම බලන්න ගන්නවා
    100 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්...
    උපසිරසියට බොහොම ස්තූතියි :)

    1. vishwa

      BR rip ekata me sub wada naha.

    2. සමන් ප්‍රසාද්

      මෙම උපසිරසි බ්ලූරේ පිටපතට යාවත්කාලීන කර ඇත...

  2. HD Brothers DJ

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  3. අනුර

    සබ් 100ක් කියන්නේ ලොකු වැඩක්.......100වෙනිඑකට සුබ පතනවා සහෝදරයා..දිගටම කරගන යමු ...ජයවේවා.........

  4. මධුකප්‍රිය පෙරේරා

    නියමයි සහෝ.. උබත් එහෙනම් 100 ගැහුවා..
    එලම.උබේ උපසිරසි බොහොමයක් වගේ මාත් බලලා තියෙනවා..
    ආයේ ඉතින් කියන්න දෙයක් නැහැ සුපිරියටම සබ තියෙනවා..
    එහෙමනම් ඉතින් 100න් නොනැවතී ඉක්මනටම 150,200 වැනි
    කඩඉම්වලට යන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    වැඩි වැඩියෙන් උපසිරසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවා..
    එහෙනම් සබට තැන්කු වේවා සහෝ..ඔබට ජය!

  5. Asitha

    සතුටුයි අචින්ත මල්ලි.
    ඔයා මාර වේගෙන් සබ් කරලා කරලා අපිට දුන්නා.
    මට මතකයි ඔයා කාලයක් දවසට එක ගානේ ෆිල්ම් වලට සබ් දුන්නා.
    ඒත් පාඩම් වැඩ පාඩු කරගන්න නම් එපා.
    බොහම පින් ජය වේවා!!!!

  6. Kulanjana Maduranga

    really appreciate your works..thanks ACHINTHA for giving us all of this…wish u'r great future.....

  7. සුරේෂ් ජයතිලක

    අම්මට හුඩු මෙච්චර ඉක්මනට 100 ගැහුවද. එලම එලම ඉතිං :D

  8. praneeth madu

    tnx bro

  9. Lahiru lakmal

    Thanks for sub
    Congratulations!

  10. Jack

    පට්ටයි මචන්...
    100 වෙනි කඩයිමට සුබ පැතුම්.
    දුන්නු ඒවායින් ගොඩක් ඒවා බලලා තියෙනවා.
    ඉක්මනින්ම 150 . 200 ටත් යමු.
    සියලු වැඩකටයුතු වලට සුබ පතනවා.
    ජයෙන් ජය.

  11. akila

    elama mco tnx

  12. Sanjaya

    100වෙනිඑකට සුබ පතනවා සහෝදරයා..
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  13. yeshu

    tnx bro

  14. kp

    congratz bro....

  15. Vidura

    thanks Sub ekata :D

  16. ආසිරි ප්‍රියන්ත

    suba පැතුම් මල්ලි.

    100 වෙනි උපසිරසියට...
    දිගටම කරගෙන යමු..
    පට්ට ෆිල්ම් එකක් දීලා තියෙන්නේ 100 ට..
    එහෙනම් ජයවේවා ඔන්න.

  17. ප්‍රණීත් චින්තක

    100 වෙනි කඩයිමට පා තබන්න ලැබුණු එකට හදවතින්ම සුබ පතනවා.
    මේ විදියට දිගින් දිගටම තවත් උපසිරැසි ලබාදෙන්න හැකියාව ලැබෙන්න කියලා, ප්‍රාර්ථනා කරනවා.

    මේ කතාව නම් හොඳ බ්ලූ රේ කොපියක් එනකං බලාගෙන ඉන්න ෆිලුමක් තමා ඉතිං.
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    මේ විදියටම තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ් -වේවා !!!

  18. මලින්ද

    mama meka enakam hitiye ela machan

  19. indika

    බොහොම ස්තූතියි..... :)

  20. Nüwäñthå Dúlån

    සුභ පැතුම් අචින්ත සහෝ...!!!
    තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!!
    :) :) :)

  21. Udaya Bandara

    thank u saho...

  22. තිසර නියෝ

    හදවතින්ම සුබ පැතුම් අචින්ත මලේ 100 වෙනි සබ් එකට....

    කිව්වත් වගේ සබ් කරන එකෙන් දැනෙන දේ දන්නේ සබ් කරන කෙනෙක්ම තමයි. ඒ වගේම කඩයිමක් පහුකරන එකේ සතුට දන්නේ එහෙම කෙනෙක්ම තමා... ඔයාගේ සබ් වලින් ගොඩක් ඒවා බලල තියෙන්නේ. මගබලන් හිටපු සබ් එකක් නිසා මේකනම් අනිවා br එනකල් ඉන්නේ. ඒ වගේම මාවත් මතක් කරාට තුති..

    උපසිරැසියට තුති… ඉක්මනටම 101 සබ් එකෙන් හමුවෙමු. ඒවා වගේම ඉක්මනටම 150,200 කඩයිම් වලට යන්නට සුබ පතනවා
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    1. Yomal Senanayake

      ඇත්තමයි..........

  23. ලහිරු චානක

    ජය වේවා අචින්ත මල්ලි. අනිවා සබක් කරල ඉවර උනාම දැනෙන සතුට සල්ලිවලටවත් ගන්න බෑ. ඉදිරි වැඩ කටයතු වලට සුබ පැතුම්. ජය..!!!

  24. Nuwan

    thanx man enakan balan hitapu ekak

  25. Kasun Upeksha

    හදවතින්ම සුබ පැතුම් අචින්ත සහෝ 100 වෙනි සබ් එකට….
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..

  26. Dharshana Kasun

    Thanks.....

  27. domb1225

    Thank You

  28. Amila

    Thanks mchn...!

  29. MAXX93

    ඊයෙ රෑ bluray ආවා මචං :) පුලුවන්නම් මේකට සබ් එක හදපන් :) මොනව වුනත් තැන්කූ

  30. Ishan

    Good luck

  31. Roshan

    Congratz on your achievement.
    Thank you for the sub. We were waiting on this film. Thanks again for your hard work.

  32. Darshana

    100 weni sub eka suba pethum bro.. Thanks sub ekata. Good luck.

  33. chamara

    705MB BRRip tiyenawa ekata sub galapeida?

  34. Dasun

    niyamai bro
    ela film ekakinma 100 ghawa ne....

  35. Keshan Wasala

    උණුසුම් සුබ පැතුම් සහෝ ..ඒ වගේම අධ්‍යපන කටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා ...මෙන්න එහෙනං සබ ගත්තා අද හොද කොපිය අවා නිසා රෑ වෙන්න එහෙනම් බලනවා .. බොහොම ස්තුතියි.. ජය වේවා !!

  36. Janith Jayasankha Adhikari

    great job aaaaaaaaaaa

  37. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  38. Sajith Anthony

    100 වෙනි සබ් එකට සුභ පැතුම්..!!
    මේක දෙනකල් හිටියෙ,
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජය වේවා...!!!

  39. nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. 100 වෙනි සබ් එකට සුභ පැතුම්..!!

  40. Bamba Kolla

    umma kollo enakm balagena hitiye thnx eekata. e wagema centuriyatah kankalulation hode

  41. Kalum Gunasekara

    100වන උපසිරැසියට උණුසුම් සුභපැතුම් සහෝ. ස්තුතියි උපසිරැසියට.

  42. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  43. Madush

    ado mama me Film eke nama hoyala Download karanna ona kiyala hithan Lap eka on kare :)
    hoyanna une naa baiscopelk site ekat log una witharai home page ekema badu thibba kiyahanko

    Thanks

  44. Amalka Himeshan

    100වෙනි උපසිරැසියට උනුසුම් සුබ පැතුම්

  45. pramuk

    congratulation machoooooo all the best...........

  46. maduranga

    suppa film eka .
    sub eka denalan balaagena hitiye .

  47. Chalana Rukshan

    thnx bro 100 sub ekata..

    1. ගයාන්

      BR එකෙත් SUB එක දෙන්නකෝ..

  48. ගයාන්

    BR එකෙත් SUB එක දෙන්නකෝ..

  49. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  50. Ranula Prashan

    සුභ පැතුම් සහෝ...දිගටම මේක කරගෙන යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා..පටන් ගද්දි තිබ්බ පිස්සුව තවමත් තියෙන එක ගැන සතුටුයි..

Load more comments