කොහොමද යාළුවනේ. ඇත්තටම කිව්වොත් මේක තමා මගේ පළවෙනි උපසිරසිය. පළවෙනි එක නිසා වැරදි තිබ්බොත් මුලින් සමාවෙන්න. මං හිතනවා ඔයාලා මේ ෆිල්ම් එක රසවිඳියි කියලා. මොකද ඒ තරම් මේක ලස්සනයි. ඒක හැමොමත් එක්ක රසවිඳින්න ඕනේ කියලා හිතුන නිසා තමයි සබ් එක කරන්න හිතුවේ. දැන් මම ෆිල්ම් එක ගැන කියන්නම්. මේක ගොඩක් ලස්සන…

කොහොමද යාළුවනේ. ඇත්තටම කිව්වොත් මේක තමා මගේ පළවෙනි උපසිරසිය. පළවෙනි එක නිසා වැරදි තිබ්බොත් මුලින් සමාවෙන්න. මං හිතනවා ඔයාලා මේ ෆිල්ම් එක රසවිඳියි කියලා. මොකද ඒ තරම් මේක ලස්සනයි. ඒක හැමොමත් එක්ක රසවිඳින්න ඕනේ කියලා හිතුන නිසා තමයි සබ් එක කරන්න හිතුවේ.
දැන් මම ෆිල්ම් එක ගැන කියන්නම්. මේක ගොඩක් ලස්සන ඒ වගේම සංවේදී ෆිල්ම් එකක්. මේක මේ නම්න්ම තියෙන චිත්‍ර කතාවක් මුල් කරගෙන තමයි හදලා තියෙන්නේ. ඔයාලටත් වෙලාව තිබ්බොත් කියවන්න, ඒකේ මීට වඩා සිද්ධි ඇතුළත් වෙලා තියෙනවා. චිත්‍ර කතාවට අසාධාරණයක් නොවෙන විදිහට නඕකෝ යමාදා තමයි මේ ජපන් ඇනිම් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2016 දී තිරගත උන මේ ෆිල්ම් එක ඇමරිකානු ඩොලර් මිලියන 20ක ආදායමක් සමගින් බොක්ස් ඔෆිස් වාර්තාවක් තියලා තියෙනවා. ඒ වගේම IMDb 8.2 ක රේටින්ග් තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක තමයි නිෂිමියා සහ ඉෂිදා. පටන් ගන්නේ ඉෂිදා දිවිනහගන්න තැනින්. ඉෂිදා කියන්නේ අවු.18ක පිරිමි ළමයෙක්. ඉතින් ඇයි ඉෂිදා මැරෙන්න හදන්නේ? ඒක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. එතකොට කවුද නිෂිමියා කියන්නේ. එයාගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. හරි එහෙනම් මේ ඔක්කෝම ප්‍රශ්න වලට හේතු දැනගන්න ඔයාලම මේ ෆිල්ම් එක බලන්නකෝ. මං හිතනවා මේක රසවිඳියි කියලා. අඩුපාඩු තිබ්බොත් කියන්න අමතක කරන්නත් එපා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත සදහා උපසිරැසි ගොනුව බලන්න.
16,819 downloadsDownload A-Silent-Voice-2016.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
65 comments
Thilina
Hashi
Thanks akkii
Tharaka
1 වෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභ පැතුම්......
සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!sameera
Thanks masayak witara balan hitiya meka enakan thanks akke
Ishan
welcome
Thikalpa dhimani
Oooo nawoo niyamai ah..
විදුෂාන් සජිත්
:-) පළමු උපසිරසියට සුබපැතුම්, ඉදිරියටත් කරගෙන යන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!.. :-)
Udara Damith B/K
පලවෙනි එකට සුබ පතනවා
ස්තුතියි
තව මේවගේ එකකින් මුණ ගැහෙමු නෙඉෂාන් මදුෂ
නියමයි.පළමු උපසිරැසියට සුබපැතුම්..
බොහොම ස්තූතියි
ඉදිරියටත් anime වලට උපසිරැසි කරන්න
ජය වේවා!Navodani Thilini Sasanika
මගේ පළවෙනි උපසිරසියට සුභ පැතූ හැමෝටම ස්තූතියි. තවත් මේ වගේ ලස්සන ඇනිම් වලට උපසිරසි දෙන්න මං උපරිමෙන් මහන්සි වෙනවා.
Navodani Thilini Sasanika
E film 2th tynawa puluwan ikmnata ewath sub karannam
අසිත
ජය වේවා!!!
අසිත
elama sahi thanks..
පුළුවන් නම්
The Place Promised Our Early Days (2004)
In The Corner Of The World (2016) කියන ලස්සන ජපන් ෆිම් දෙක ගැනත් සලකා බලන්න
ජය වේවා!!!KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Ice&Fire
plss put download link....
සනිඳු ලක්ඛිත
පලවෙනි උපසිරැසට සුබ පැතුම් සිස්..දිගටම උපසිරැසි ලබා දෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා..!
Vidura
Thanks for the sub :)
tinker
Thank u..........!!!!!!!!!!!!!
Your Name(2016) anime film ekata sub karala denna please ..............Navodani Thilini Sasanika
Eka tynawa me web site eke search karala balanna
tinker
Thank u :) :)
Chamu
Palaweni ekata supiri ekak sub karala thiyenne.attatama mewata sub karana eka godak watinawa.mokada mewata sub watennema nah.digatama japan ewama denna balanna.mokada ewa wahe hithata danena ewa kohewath nah.thxxxxc sub dunnata.oyata jaya
දිල්ශාන් සචින්ත
පළමු වැඩේට සුභපැතුම් ...
දිගටම සබ් දෙමු.
ජය.Kulanjana Maduranga
G’luck for the 1st attempt SIS.Great work & Lot of thanks NAVODINI sis.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Navodani Thilini Sasanika
ස්තූතියි හැමෝටම, මාත් කැමතියි මේ වගේ ඇනිමේෂන් ඒවට, ඒවට සබ් දෙන්න උත්සහ කරන්නම් ආයෙත්
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!nandika perera
arigato gozaimasta, keep making sinhala subs for animes like this. ganbatte at your next subtitle work :):):)
Helili Hemamali
නියමයි. පළමු වෑයමට සුබ පැතුම්!
Navodani Thilini Sasanika
Thank You Akke
sam fisher
නිකං ඉන්න ගමං එද(එගමන මේ හෙළඅකුරැ සොෆ්ට් වෙයා එකෙ දාාාාාා යන්න type කරන්න බැ අයියෝ මෙකනං)වෙලට බලන්න film එකක් හොයාගන්න බයිස්කොප් එක පැත්තෙ ආවම තමා home page එකෙ දාා(:@:@:@)ල තියනව දැක්කෙ,මම ඇනිමි වලට කොච්චර ආසද කියන්නෙ(වැඩියෙන්ම ජැපනිස් එව)මෙක දැක්ක ගමන්මම අදනංහොද දාානයක් දිලාතියනව කවුද දන්නැ පිංවතාකියල හිතල බැලුවම පුදුම ගොඩයි:O:O:O .පුදුමෙතමා තමා අැනිමි වලට කැමති එමදිවට ජැපනිස්(ඔන්නකොරියන් නම් there's no surprise)තව ගැනුලමයෙක්.මෙදවස්වල ඔක්කෙම ගැනුලමයි ඉන්නෙ kim jom yunල ඉන්න කොරියාවෙනෙ හරි පුදුමයි ඉතිං මට.home page එකෙ මුවිඑක දැකලා අැනිමි එකක් නිසා මෙ සහොටවත් කියලා හැමදාා(-:)-:))ම request කරන(කවදාවත් නොලැබුන)ඇනිමියක නමක් කියල ඉල්ලන්න හිතාගෙන තමා link එක click කරෙ(එක හෙන දරැනුගනයේ ගහමරාගන්නා එකක් නිසා ආදර කතා දෙන නංගිගෙන් නොයිල්ලා සිටිමට තිරනය කරෙමි).ස්තුති මේ මහන්සියට.
Navodani Thilini Sasanika
නම් මොනාද ඒකේ, fullmetal alchemiat, death note, naruto ඒ වගෙ මොනාහරි ද?
サムフィッシャー
එ වගෙ එවාතමා.ඔයා අලුතින්ම උපසිරස නිර්මානය කරන්න පටන් ගත්ත කෙනෙක් නිසා බයිස්කොප් එකෙ නිතර සැරිසරන අය හැටියට අපි දන්නදෙයක්(අත්දැකිමක්) කියන්නම් ගොඩක් අය කැමති නැ එච්චර ඇනිමිවලට එ එවලල තියන අවුලක් නිසා නෙමෙ එ අපෙ අයගෙ තියන සයිකොලොජිකල් දෙයක්නිසා.ඇනිමි කොච්චර ලස්සනද කියලා මම ඔයාට උපදෙස් දෙන්න ඔනන නෑ මං හිතන්නෙ.මම ලස්සන movie එකක් බලපු ගමන් පට්ට ෆිලුමක් තියනව බලන්න කියනව වගෙ ඔයක් මෙවට සබ් කරන්නෙ එතරම්ම ඇනිමි හිතට අල්ලපු නිසා වෙන්වඇතිනෙ.ඇනිමි කොච්චර ලස්සන උනත් එවට සබ්කරොත් බලන්න කට්ටිය වැඩිය ඉන්න එකක් නැ එහෙම උනොත් ඔයාලගෙ මහන්සිය අපරාදෙ.මේ ෆිලුමට නම් හොද ප්‍රතිචාර හම්බ වෙලාතියනව වගෙ එකට සතුටුයි මමත් යැඩිය අනිමි films බලලනැ ස්පිරිටට් අවෙ වගෙ නමක් තියන එකක් නම් මිට කලින් බැලුව මෙකත් එවගෙම ලස්සනයි එත් ඔයා රිප්ලයි කරල තියන tv show එකකට සබ් කරොත් මෙතරම් කට්ටිය බලයිද කියන්න බැ වැඩිය අය මම රික්වෙස් කරන නිසාම විතරක් සබ්දිලා කට්ටිය බැලුවෙනැත් නම් අපරාදෙ එකනිසා තව films ම කිහිපයකට සබ්කරල ඔයාටත් ok කියල හිතුනෙත් එව එගැන සලකා බලන්න. මාත් වැඩිය ඇනිමි movies බලල නැතිනිසා ඉයෙ මෙක බැලුවම තව එව තිබ්බනම් හොදයි කියල හිතුන.තැන්Q රිප්ලයි එකට
nozaki-kun
Shingeki no kyojin ganada me kiyanne
Theeraka Daham
Niyamai... mm hari asai japan anima walata ... digatama japan anima walata subtitles hadanna... good luck
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangani
thanx
Sohan Jayasooriya
තෑන්ක්ස් අක්කෙ සබ් එකට.. තව තවත් සබ් කරන්න කාලය, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. දිගටම සබ් දෙමු අක්කෙ..
dasun
maarama lassana katahwak
Tharanga
Thanx for the sub
asela ravin
උපසිරැසි නිර්මාපකයින් ගොඩක් ඉන්නවා වගේම ඔවුන් අගයන අතරේම හදවතට දැනෙන anime සදහා ඔබ ලබාදෙන උපසිරසි ඉතාමත් අගය කොට සලකමි …හදවතේ රිද්මයට ඔරොත්තු නොදෙන ලෝකයක හදවත ට දැනෙන නිර්මාණ දිගටම ගෙන එන්න …නවෝදා තිලිණි ජපන් ඇනිමි නිර්මාණ සදහාම පමණක් උපසිරැසි ලබාදීම කරන්නම සිදුවේවි….ඇසට කදුලක් ගෙනෙන ඇනිමි නිර්මාණ ඕන තරම් ඇත …ජනප්‍රිය දේට වඩා හොද දේ අපට ලබා දෙන්න …..
GihanC
සංවේදී කතා වලට ගොඩක් අය කැමති නෑ .....එව්වා මට වැඩක් නෑ ...මට ඕනි හිතට දැනෙන ඇනිමි නිර්මාණ .....නිකමට උදාහරණයක් කිව්වොත් the secret world of arrietty / Nausicaä of the Valley of the Wind තව ගොඩක් තියනවා ....action sifi thriller ඔය මොනවා උනත් කමක් හදවතට දැනෙනව නම් .....ඔබට පිං ඇනිමි වලට sub දෙනවට ......
kaweesha kalyana
meke link eka thiyanawanam ewanna plzz
Amalka
සුබ පැතුම් පලමු උපසිරැසියට පලවෙනි සබ් එක උනාට වැඩේ ලස්සනට කරල තියනව පුලුවන්නම් ඉදිරීයට තවත් Anime ටිකක් දෙන්න
Madushanka
ayoo kawuru hari torrent eka ganna link ekak dennako.................. plz
Madushanka
torrent eka hoyala dennaku
kaweesha kalyana
please torrent link eka ona
kaweesha kalyana
please i need any torrent link for this film
Navodani Thilini Sasanika
Oyata Koe No Katachi Movie eke mega link eka dennada, mega app eken high speed download wenawa, free account ekak hadaganna puluwan, pc ekennam yanne, kelinma browser ekenma download karaganna puluwan, speed eka app wagema wediyi.
kaweesha kalyana
Thanx A LOT
Kevinv
මටත් දෙන්නකො
koreankolla
thankx :) lassana film ekk
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සිස් සබ් එකට..
ජය වේවා!joh
thanks a lot...
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Anonymous
thanks for the sub
HanSik
යූ ටියුබ් සින්දුව බලලා මේක ගන්න ආපු අය කව්ද.?
ishara 141
patta naga oka
Pavith Wijesooriya
මේකත් බලන්න ආසාවෙන් හිටියේ.ඇත්තටම ගොඩක් ලස්සන ඇනිමේ එකක්.ඒ වගේම සංවේදී එකක්.එ වගේම කියන්න ඕනේ,අක්කගේ පලවෙනි උපසිරසිය උනත් මම නම් අඩු පාඩු මොනවත් දැක්කේ නෑ.සබ් එක හොදටම තිබ්බා.A silent voice වලින් පටන් ගත්තු මේ ගමන,අද වෙනකොට බයිස්කෝප් එකේ ඇනිමේ වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරපු කෙනෙක් බවට,අක්කව පත් කරලා තියෙනවා.ඉදිරියටත් ඇනිමේ සදහා සබ් දෙන්න.මේ ඇනිමේ එකටත් සබ් දුන්නට ගොඩක් ස්තූතියි.
Tharuka Fernando
Great work.. මේ වගේම anime වලට sub දාන්න ලැබේවා!!
anonymous
Subtitle Download කරගන්න බෑ ඕයි, වෙන site එහෙකට යනවාඅ
Anonymous
Thanks
Tharuka
Subtitle ekata godak sthuthii.. Hodtma krla thibba..plz the boy and the beast eketh sub eka dannako .much grateful if you can do this..thankyou
Perera
downlaod karanna ba ne
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you...