Watch Trailer

Amityville: The Awakening (2017) with Sinhala Subtitles | ඇම්ටිවිල් නිවසේ සාහසික ඝාතන නැවතත් [සිංහල උපසිරසි සමඟ]

දීර්ඝ කාලයකින් පස්සෙ කොච්චර බාධක වැඩකටයුතු තිබුණත් බාරගෙන තිබුණු චිත්‍රපටියකට උපසිරැසිත් එක්ක ආයිම බයිස්කෝප් එකත් එක්ක තිබ්බ සම්බන්ධකම් අළුත් කරගන්න හිතුවා. අවසානයට කරපු උපසිරැසිය කරද්දි මම උසස් පෙල හදාරමින් සිටියේ. දැන් නං තත්වය ඊට වෙනස්. මේ වන විට මම විද්‍යාපීඨයක ඉගෙනුම ලබනවා. කාලය ගොඩක් මේ වැඩ ව…

දීර්ඝ කාලයකින් පස්සෙ කොච්චර බාධක වැඩකටයුතු තිබුණත් බාරගෙන තිබුණු චිත්‍රපටියකට උපසිරැසිත් එක්ක ආයිම බයිස්කෝප් එකත් එක්ක තිබ්බ සම්බන්ධකම් අළුත් කරගන්න හිතුවා. අවසානයට කරපු උපසිරැසිය කරද්දි මම උසස් පෙල හදාරමින් සිටියේ. දැන් නං තත්වය ඊට වෙනස්. මේ වන විට මම විද්‍යාපීඨයක ඉගෙනුම ලබනවා. කාලය ගොඩක් මේ වැඩ වලට යොදවන්න අමාරුයි. නමුත් පුළුවන් හැම අවස්ථාවකම උපසිරැසියක් නිර්මාණය කරන්න අදහසක් තියෙනවා. හුඟක් දේ කැප කරගෙන, බාධක දරාගෙන, ඉංග්‍රිසි ගැන මහලොකු දැනුමක් නැතත් තියෙන දැනුම ටිකක් වැඩිකරගන්න තියෙන ආසාව එක්කයි මම මේ වැඩ කිසිම මුදලක් අපේක්ෂාවෙන් තොරව කරන්නේ. ඉතින් තවත් මේ ගැන කථා නොකර චිත්‍රපටිය ගැන කථා කරමු.

Amityville: The Awakening කියන චිත්‍රපටය අත්භූත-ත්‍රාසජනක ගණයට අයත්වෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටය Franck Khalfoun ගේ පිටපත හා අධ්‍යක්ෂණය යටතේ Jason Blum, Daniel Farrands, Casey La Scala යන අයයි නිෂ්පාදනය කරන්නේ. මෙහි ප්‍රධාන චරිතය වන Belle Walker චරිතයට පණ පොවන්නේ අපි දන්න ප්‍රසිද්ධ නිලියක් වන Bella Thorne විසින්. 2014 වර්ෂයේ රූගත කරලා 2016 ප්‍රදර්ශනය කරනනට දින වකවානු යොදාගෙන තිබුණත් ඇතැම් කරුණු නිසා එක්සත් ජනපදයේදී 2017 ඔක්තෝබර් 28 වෙනිදා තමා මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ. මිනිත්තු 87ක් දක්වා දිවෙන මේ චිත්‍රපටිය මිලියන 7ක බොක්ස් ඔෆිස් වාර්තාවකුත් තියල තියනවා.

කථාව පැත්තට හැරුණොත් අත්භූත නිවසක් ගැනයි මේ කථාව ගෙතිල තියෙන්නෙ. ඇම්ටිවිල් වල තියෙන මේ ගෙදර තුල මනුෂ්‍ය ඝාතන සිද්ධවෙනවා. මේ නිවසට එන පවුලේ එක් සාමාජිකයෙක් විසින් තමා මේ ඝාතන සිදු කරන්නේ. තමාගෙ මුළු පවුලම ඝාතනය කර දමනවා. ඒ නිසා මේ නිවස ගැන දන්න කෙනෙක් මේ නිවසේ පදිංචියට යන්නෙ නැහැ. මෙහෙම ඉද්දි පවුලක් මේ ගෙදර පදිංචියට එනවා. සැමියා මිය ගිය බිරිඳ ජෝන්, ඇගේ වැඩිමහල් දියණිය බෙල්, කුඩා දියණිය ජුලියට්. මේ අතර තවත් කෙනෙක් ඉන්නවා. ඒ බෙල් ගෙ නිවුන් සහෝදරයා. ඔහු වසර දෙකක සිට කෝමා තත්වයක සිටින්නේ. නමින් ඔහු ජේම්ස් දොස්තරවරු ජේම්ස් ගේ ජීවිතය ගැන බලාපොරොත්තු අතෑරලයි තියෙන්නෙ. නමුත් මේ නිවසට ආවම ඔහු හරි ඉක්මණින් හොඳ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම බෙල්ට දැනෙනවා තමන්ගෙ සහෝදරයා මේ වන විටත් ජීවතුන් අතර නැති බව. මේ අතර නිවස තුල අත්භූත දේවල් සිද්ධවෙන්න පටන් ගන්නවා.

මෙතැන් සිට ඉදරියට කථාව රසවත්ව නරඹන්නට ආරාධනා කරනවා ඔබ සැමටම. උපසිරැසියේ වැරදි අඩුපාඩු ඇති. ඒවා තැකීමක් නොකර චිත්‍රපටිය නරඹන්න කියන ගමන්ම නැවතත් හමුවීමේ අරමුණින් ඉදින් මා සමුගන්නවා.

 

Amityville: The Awakening (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම පිටපත WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

4,282 downloadsDownload Amityville-The-Awakening-2017.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Deptha-Thushara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

4,282 downloadsDownload Subtitles31 KB

21 comments

  1. ruwan

    niyamai brooo, thank you sub ekata :)

  2. Kaushan_P_Herath

    මේක පහරක් වගේ.සබට තෑන්ක්ස් මචං

  3. Chandika

    ela thanks mn downlod kra psycho 3 1986 mekath sinhla sub krnnako plese

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. විදුෂාන් සජිත්

    :-) උපසිරසියට ගොඩාක් ස්තුතියි සහෝ, ජය වේවා!.., :-)

  8. Mithun

    දිප්ත තුශාර කියද්දි මතක් උනෙ මෙ Conjuring සහෝනේ.. බලපු එකක් දෙකක් හරි සුපිරියි කියන්න ඔනෙ.
    හොර් හින්ද මෙකත් ඔන්න සබ් එක ගත්ත සහෝදරයා ජය වේවා

  9. Udara Damith B/K

    ela

  10. අසිත

    elama saho thanks

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  12. Rajitha

    Thanks machan.........jayawewa.....!

  13. දිල්ශාන් සචින්ත

    අඩෝ මචන්.. හෙන කාලෙකින් පට්ට බාන්ඩයක් බස්සලා නොවැ.. එල එල...

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. chinthaka

    thank U Bro..

  17. Chanuka

    ela brooo

  18. Nikagoda Nagitha

    thanks

  19. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  20. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.

  21. Ashini Gunawardhana

    Wonderful description..!! Thank you for subtitles..!!