සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරගෙන ආවා. මේ වතාවේ අරගෙන ආවේ ගොඩක් පැරණි Black & White චිත්‍රපටයක්. ඉතාමත් සරල කතන්දරයක් අන්තර්ගත මෙම නිර්මාණය, එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් එකක්. පැරණි චිත්‍රපට රසිකයෙකු අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස…

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරගෙන ආවා. මේ වතාවේ අරගෙන ආවේ ගොඩක් පැරණි Black & White චිත්‍රපටයක්. ඉතාමත් සරල කතන්දරයක් අන්තර්ගත මෙම නිර්මාණය, එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් එකක්. පැරණි චිත්‍රපට රසිකයෙකු අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුළුවන්.
1960 වර්ෂයේදි තිරගත වු මෙම චිත්‍රපටය Drama / Romance / Comedy යන වර්ග වලට අයත් වන්නක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Double Indemnity, Some Like It Hot, Sunset Boulevard වැනි ප්‍රකට චිත්‍රපට ගණනාවක් නිපදවු Billy Wilder විසින්. මෙම චිත්‍රපටයට Jack Lemmon, Shirley MacLaine, Fred McMurray යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. මෙයට එම වසරේ පැවැති ඔස්කා සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු ප්‍රධාන පෙළේ ඔස්කා සම්මාන 5 ක්ම හිමි වී තිබෙනවා. එමෙන්ම ඇමරිකන් ඩොලර් මිලියන 25කට ආසන්න ආදායමක් උපයමින් එම වසරේ ලොව වැඩිම ආදායම ඉපැයු චිත්‍රපට පහ අතරට එක්වන්නත් සමත් වෙලා තියෙනවා. ” එමෙන්ම මෙම චිත්‍රපටය 8.3 ක් වැනි ඉහල මට්ටමේ IMDB අගයක් හිමිකරගෙන IMDB දර්ෂකයේ 108 වෙනි ස්ථානයේ පසුවෙනවා”. ඉතිං මෙම චිත්‍රපටය හොලිවුඩ් සිනමාවේ එදා මෙදාතුර බිහිවුණු විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක් බව පැහැදිළියි.
නිව්යෝක් නුවර වාසය කරන, රක්ෂණ සමාගමක සේවය කරන අවිවාහක තරැණයෙක් වටා තමා මෙම චිත්‍රපටයේ කතාව ගොඩනැගිලා තියෙන්නෙ. මං මේකේ කතාව ගැන නම් එච්චර විස්තරයක් කරන්න කැමති නෑ. මොකද මෙහි අන්තර්ගත වෙන්නෙ ඉතාමත් සරල කතන්දරයක්. ඉතිං එය විස්තර කරන්න යන එකෙන් කතාවේ රසයට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ හින්දා චිත්‍රපටය නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම භාරයි. විනාඩි 125ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව නරඹන්නට පුළුවන්. ඉතිං ඔබ පැරණි චිත්‍රපට වලට ප්‍රිය කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙය නරඹන්න. ඒ වගේම මේක මගේ 23 වෙනි සබ් එක. තවත් හොඳ චිත්‍රපටියකට උපසිරසක් ඉක්මනින්ම රැගෙන එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.
ඔබ සැමට ජයෙන් ජය පතමි !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,883 downloadsDownload The-Apartment-1960.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
James DC
Subtitles
29 comments
Udara Damith B/K
Dulanga
Thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
අසිත
මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ.
ජයෙන් ජය වේවා!!!James DC සහෝ පුළුවන් නම් Rebecca (1940) ෆිල්ම් එකටත් සබ් දෙන්න
Udara Damith B/K
ekanam hari
James DC
මේ දවස්වල හදාගෙන යන්නෙ Sunset Boulevard (1950) එක සහෝ.... ඒක ඉවර කරාට පස්සෙ උත්සහ කරලා බලන්නම්...
Withanage Priyantha Dayakeerthi
Sunset Boulevard (1950) අහන්නත් සතුටුයි. මමත් ඔබෙන් සබ් ඉල්ලපු එකක්.
අසිත
ela ela saho
Udara Damith B/K
ONNA MA EKA DAWUNLOD KARAGANNAWA MOKAKDA KOPIYA
DASUN
James DC නම් ඉතින් සුපිරිම SUB එකක් තමයි. අද්දැකීමෙන් කියන්නෙ.
DASUN
සහෝ පුලුවන්නම් McDonald's හදපු කෙනාගෙ කතාව The Founder එකට Sub දෙන්න පුලුවන්ද?
marusi
...\m/...
Withanage Priyantha Dayakeerthi
James Dc සොයුර,
IMDb දර්ශකයේ 108 වන ස්ථානයේ පසුවෙන මෙම සිනමාපටය ගැන දැන සිටියත් මීටපෙර නරඹා නැහැ. එයට සිංහල උපසිරසි ලැබී තිබෙන නිසා එම සිනමාපටයත් අනිවාර්යයෙන්ම නරඹනවා. මීට පෙර ඔබේ උපසිරසි නිර්මාණ බොහොමයක් මා නරඹා තිබෙනවා. මම දුටුවා Sunset Boulevard (1950) සිනමාපටයට ඔබ මීළඟට උපසිරසි ලබාදෙනවා කියා, එය මමත් මීට පෙර යෝජනා කළ සිනමාපටයක්. ඔබට ගොඩක්ම ස්තුතියි!!! නැවත IMDb දර්ශකයේ ඉහළින් තිබෙන මෙවන් පැරණි සිනමාපටයකට සිංහල උපසිරසි ලබාදෙන්න. ඔබට ජය! ඔබගේ මෙහෙය ඉතාමත් දුර්ලභ දෙයක්, ඉතාමත්ම වටිනවා.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
wiki
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamara
ai bro diwa dikkaranne?
Ice&Fire
amazing job machan..just watched ..its a great great movie....thanks lot!!!!
pls plsss keep it up...waiting for great vintage movies like this one..
Gud Luck!!!!!!
Ice&Fire
and thanks fr the sub again..U did it well
Thilakarathna
මම පැරණි සිනමාපට නරඹන්නට තමයි ප්‍රියකරන්නේ. මේවා ඒ කාලයේ ඉතා ජනප්‍රිය සිනමාපට. මෙවැනි එකක් දැක්කොත් බලනවා. ස්තුතියි......
Priyantha Dayakeerthi
අද තමයි සිංහල උපසිරැසිය සමඟ මේ සිනමාපටය නැරඹුවේ. සිනමාපටයම එක දිගට නරඹා නිමකළා. ඒ මන්ද ඉතාමත් කලාත්මක සිනමාපටයක්. මෙයට නැවතත් ඔබට ස්තුතිවන්ත විය යුතුයි. මෙවැනි සිනමාපට රසවිඳිය හැකි පරපුරක් වර්තමානයේ නැහැ. එයට වගකියන්න ඕන මේ වර්තමාන ජන මාධ්‍යයම තමයි. මම කැමතියි ඔබ වැනි වටිනා කෙනෙක් සමඟ අදහස් හුවමාරු කරගන්න. හැකිනම් මෙම නමින් ඇති මාගේ ෆේස් බුක් ගිණුමට මැසේජ් එකක් දාන්න. එය ගොඩක් වටිනවා. ඔබට ජය!!!
arunaprasad
thank u
ricadodamien
Thank you James DC brother & Baiscope Team for the this Beautiful movie, it was Amazing...
Waruna Kamalawansha
සිංහලෙන් ගෙනාවාට බොහෝම ස්තූතියි.........
sasanka
thanks for the sub
Shashika
sub eka nadďa dan
Sanupa Ranmeth
ගැටලුව නිවැරදි කළා සහෝ. දැන් සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
Shashika
thank you machoo.. pin
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela
sthuthiyi