2018, ඒ කියන්නෙ මේ වසරේ එළිදැක්වුන ස්ටාර් ඉස් බෝර්න් සිනමාපටයේ මුල්ම පුරුක තමා මේක. තිරගත වෙන්නෙ 1937 වසරේ අප්‍රියෙල් මාසයේදි. ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපටයක්. විලියම් ඒ වෝල්මන් සමග ජැක් කොන්වේ එක්ව අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටය ඩොරති පාකර්, ඇලන් කැම්ප්බෙල්, හා රොබර්ට් කාසන් එක්ව තිරපිටපත රචනා කරන…
2018, ඒ කියන්නෙ මේ වසරේ එළිදැක්වුන ස්ටාර් ඉස් බෝර්න් සිනමාපටයේ මුල්ම පුරුක තමා මේක. තිරගත වෙන්නෙ 1937 වසරේ අප්‍රියෙල් මාසයේදි. ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපටයක්. විලියම් ඒ වෝල්මන් සමග ජැක් කොන්වේ එක්ව අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටය ඩොරති පාකර්, ඇලන් කැම්ප්බෙල්, හා රොබර්ට් කාසන් එක්ව තිරපිටපත රචනා කරනු ලබනවා. ඒ විලියම් ඒ වෝල්මන් හා රොබර්ට් කාසන්ගේ කතාවක් ඇසුරෙන්. මේ සිනමාපටය වෙනුවෙන් ගෞරව සම්මානයක් ඩබ්ලිව් හොවාර්ඩ් ග්‍රීන් හටත්, හොඳම රචනය වෙනුවෙන් වන ඔස්කාර් සම්මානය විලියම් ඒ වෙල්මන් විසින්ද දිනාගනු ලබනවා. එපමනක් නොව තවත් ඔස්කාර් සම්මාන හතකට නාමයෝජනා වෙනවා.
ජැනට් ගයිනෝර්, ෆෙඩ්‍රික් මාර්ච්, ඇඩොල්ෆ් මෙන්ජෝ, මේ රොබ්සන්, ඇන්ඩි ඩිවයින්, ලයනල් ස්ටෑන්ඩර් ඇතුලු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන සිනමාපටය ඩොලර් ලක්ෂ 43 ඉක්මවූ ආදායමකට හිමිකම් කියනවා.
ග්‍රාමීය යුවතියක් වන එස්ටර් වික්ටෝරියා බ්ලොගෙට්, තම පියාගේ සිනමාවට ඇති ලැදියාව නිසාම හොලිවුඩය ගැන සිහින දකින්නියක්. තම නැන්දනිය හා දිවිගෙවන ඇය නිතරම මේ හොලිවුඩ් සිහිනය නිසා බැනුම් අසමින් දිවිගෙවන්නියක්. දිනෙක මෙසේ ඇතිවන වාදයකදී ඇගේ සිතැඟි එළිවනවා. ඇයගේ ආශාවන් වලල නැන්දණිය වැට කඩොලු බැන්දද ඇගේ මිත්තණිය ඇයට මේ සිහින සැබෑකරගැනීමට අත හිත දෙනවා. ඒ එදිනම අවශ්‍ය මුදල් ලබාදී ඇයව හොලිවුඩය වෙත එවනවා. ඇගේ ගමන පිළිබඳ දන්නේ මිත්තණියම පමනයි.
හොලිවුඩ් පුරවරය වෙත පැමිණෙන එස්ටර් හෝටලයක නවාතැන් ගෙන විවිද වූ චිත්‍රාගාර වෙත යන්නේ තමාට රඟපෑමට යම් හෝ අවස්ථාවක් ඇත්දැයි දැනගැනීමට. නමුත් තම අත ඇති මුදල් අවසන්වනතුරුත් ඇයට අවස්තාවක් ලැබෙන්නේ නෑ. මේ අතර ඇයට හමුවන මිතුරකු ඇයට තාවකාලිකව දිනක වේටර්වරියක් ලෙස සේවයකර යම් මුදලක් උපයාගැනීමට අවස්තාව සලසා දෙනවා. එම සාදය සිනමාවට සම්බන්ධ අමුත්තන් එක්වන එකක් නිසා දෙදෙනාගේ අරමුණ මේ මගින් අවස්තාවක් උදාකර ගැනීමයි. ඇගේ වාසනාවට එවකට ජනප්‍රියම නලුවකු වන නෝමන් මේන් හඳුනාගැනීමට ඇයට අවස්තාව ලැබෙනව. නමුත් කණගාටුවට කරුණනම් ඔහු තදින් බීමට ඇබ්බැහි වී සිටීමයි.
මේන්ගේ හා එස්ටර්ගේ ඇසුර ඇයට සිනමාවේ දොරගුලු විවරකර දෙනවා. එමෙන්ම ඇගේ හදවත දිනාගැනීමට නෝමන් සමත් වෙනවා. බීමත් කම නිසා ක්‍රමයෙන් ජනප්‍රියත්වය අඩුවන මේන් එස්ටර් හට අවස්තාව උදාකරදී ඇයව තම බිරිඳ බවට පත්කරගන්නවා. එමෙන්ම ඔහුගේ බේබදුකමද අතහැර දමනවා. පසු දිනෙක ඔහුගේ නිශ්පාදකගේ හෙලිකිරීමක් මත රංගනයෙන් කැමැත්තෙන් ඉවත් උවත් නැවත බීමතට වැටෙන මේන් මානසිකව රෝගී වනවා. කෙසේ හෝ රෝගී තත්වය පහවගියපසු ජනතාවගේ අපහාස නිසා නැවත බීමතින් හැසිරී නීතියට ඉදිරිපත් කරනවා. මේ වනවිට ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ලඟා වී සිටින එස්ටර් රංගනයෙන් ඉවත්ව මේන් වෙනුවෙන් කැපවන බව තම නිශ්පාදකයාට පවසනවා. මෙය කන වැකෙන මේන් තමා නිසා ඇගේ සිනමාදිවිය අතරමග නතරවේය යන බිය නිසා මිනිසකු විසින් නොගතයුතු තීරණයක් ගනු ලබනවා. Baiscope Downloads අඩවියෙන් බාගන්නා වීඩියෝ පිටපත ඔබට පවසාවි ඇගේ ඉරණම කුමක්ද යන වග.
නැවත හමුවනතුරු ආයුබෝවන්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
1,106 downloadsDownload A-Star-Is-Born-1937.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
7 comments
Kulanjana Maduranga
Hashan M. Priyadarshana
Thank you wewa bro sub ekata...
Jaya wewa!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
ආශිකි 2 එකේ තියෙන්නෙත් මේ වගේම කතාවක් නේද....?රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shamal manojan
යාලුවා,
A Star is Born - 1954 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?
Yts එකේ bluray තියනවාශාමල් මනෝජන්
Star is Born - 1976 ෆිල්ම් එකට සබ් ඔ්න.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
subata thanks saho.....keep it up...