අද ගෙනාවෙත් චිත්‍රපටි පෙළක දෙවනි නිර්මාණය. මේකෙ පළවෙනි චිත්‍රපටිය තමයි Along With The Gods : The Two Worlds (2017). ගිය අවුරුද්දෙ නිකුත් වුන ඒ චිත්‍රපටියෙ අවසානය තමයි ආරම්භය විදියට මේකෙන් නිරූපණය වෙන්නෙ. පළවෙනි එක ගැන කෙටියෙන් කිව්වොත්.. මරණෙන් පසු ලෝකය සැකසිලා තියෙන්නෙ මිනිස් ලෝකයේදි කළ පින්පව් වල…
අද ගෙනාවෙත් චිත්‍රපටි පෙළක දෙවනි නිර්මාණය. මේකෙ පළවෙනි චිත්‍රපටිය තමයි Along With The Gods : The Two Worlds (2017). ගිය අවුරුද්දෙ නිකුත් වුන ඒ චිත්‍රපටියෙ අවසානය තමයි ආරම්භය විදියට මේකෙන් නිරූපණය වෙන්නෙ. පළවෙනි එක ගැන කෙටියෙන් කිව්වොත්.. මරණෙන් පසු ලෝකය සැකසිලා තියෙන්නෙ මිනිස් ලෝකයේදි කළ පින්පව් වලට තීන්දු ලබලා දීලා අවශ්‍ය දඬුවම් හෝ පුනරුප්පත්තිය නියම කරන ක්‍රියාවලියකින්. විනිශ්චය ලබාදෙන්නෙ නඩුවාර 7ක් ඔස්සේ. මැරුණ හැම කෙනෙක්ම මරණින් පසු ලෝකයට යන අතරෙ තවත් මිනිස් කොට්ඨාසයකට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ පිරිස තමයි “උතුම් ආත්ම” කියන්නෙ. තමන්ට නියම වෙලා තියෙන ජීවිත කාලයට කලින් අනපේක්ෂිත හේතුවක් මත මියයන අයයි, තමන්ගෙ ජීවිතය ධාර්මිශ්ඨව ගෙවපු අයයි තමයි මේ කොට්ඨාසයට අයිති වෙන්නෙ. මෙහෙම මරණෙන් පස්සෙ ලෝකයට යන ආත්ම සඳහා ලබාදෙන නඩු ඇසීම වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂකයන් පත් කරලා තියෙනවා. මෙයාලගෙ කාර්ය වෙන්නෙ නඩු වලදි තමන්ගෙ ආත්මයට සිදුකරන චෝදනා වෙනුවෙන් පෙනී ඉන්න එක. මේ වගේ ආරක්ෂකයො තුන් දෙනෙක් තමයි ගන්ලිම්, හෙවොන්මක්, දොක් චුන් කියන්නෙ. මේ ආරක්ෂකයන්ට, එකදිගට උතුම් ආත්ම 49ක්ව, දවස් 49බැගින් සිදු කරන නඩුවාරයන්ගෙන් දිනවලා, පුනරුප්පත්තිය ලබලා දෙන්න පුළුවන් වුනොත් එයාලට කැමති තැනක කැමති විදියට නැවත ඉපදෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පළවෙනි චිත්‍රපටියෙ මෙයාලා ආරක්ෂා කරන කිම් ජා හොන්ග් කියන්නෙ මෙයාලා පෙනී සිටින 48වෙනි උතුම් ආත්මය. ඒකෙදි එයාව සාර්ථක විදියට පුනරුප්පත්තිය කරන්න එයාලට පුළුවන් වෙනවා.
අද ගෙනාපු ඒකෙ දෙවනි චිත්‍රපටියට පාදක වෙන්නෙ අන්තිම උතුම් ආත්මයට පුනරුප්පත්තිය ලබාදෙන විදිය. එතකොට මෙයාලගෙ අන්තිම, ඒ කියන්නෙ 49 වෙනි උතුම් ආත්මය විදියට, මරණෙන් පසු ලෝකයෙ රජතුමා තීරණය කරන්න කලින්, ගන්ලිම් කෙනෙක්ව තෝරගන්නවා. මේකට හෙවොන්මක් එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.
එක: 49 වෙනියා කියන්නෙ 48 වෙනි ආත්මය වෙන කිම් ජා හොන්ගෙ මල්ලි කිම් සුහොන්ග්.
දෙක: සුහොන්ග් කියන්නෙ අයියා මැරිලා දවස් දෙකකින් අනතුරක් වෙලා මිය ගිය කෙනෙක්.
තුන: සුහොන්ග් පළිගන්න ආත්මයක් වෙලා ජාහොන්ගෙ නඩු වලට ගොඩක් බාධා ඇති කරපු කෙනෙක්.
හතර: පළිගන්න ආත්ම වලට උතුම් ආත්මයක් විදියට සළකණ එක වැරදියි.
මේක ගොඩක් හිත්ගන්නා සුළු නඩුවක් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම අපේ ආරක්ෂකයන්ගෙ අමතක වුන අතීතයත් මේ චිත්‍රපටියෙදි හෙළිදරව් වෙනවා. මෙහෙම ගියොත් සේරම කියලා දාන්න වෙන නිසා මං මෙතනින් කතා තේමාව අවසාන කරන්නම්. මේකෙ පිටුපස විස්තර ගැන කිව්වොත් වෙබ්ටූන් එකක් පදනම් කරගෙන තමයි චිත්‍රපටියක් බවට පත්වෙන්නෙ.
Directed by : Kim Yong-hwa
Produced by: Kim Yong-hwa, Won Dong yeon
Starring: Ha Jung-woo, Ju Ji-hoon, Kim Hyang-gi, Ma Dong-seok, Kim Dong-wook
සජීවීකරණ රූපරාමු අතරින් ඉහළම තත්වෙ නිර්මාණයක්. දකුණු කොරියාව අැතුළත වාර්තාගත ආදායම ඩොලර් මිලියන 93ක්. Imdb අගය 7/10. පළවෙනි එක බලපු අය දන්නවා ඇතිනෙ මොන වගේ චිත්‍රපටියක්ද කියලා. තව කියන්න ඕනෙ මේක ඇවිත් ටික දවසක් වුනත් දෙන්න පරක්කු වුනා. විභාග නිසා තමයි. ඒ නිසා ප්‍රමාදෙට සමාව ඉල්ලන ගමන් වෙනදා වගේම අදත් චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා ගැලපේ.
13,943 downloadsDownload Along-with-the-Gods-The-Last-49-Days-2018.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
44 comments
geeganagamage
Roshan D
godak sthuthi , 1 baluwa ,part 2 balnwaaaa
gihan perera
ස්තුතියි නංගා....1 එකත් මරු...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...
gayanmagee
thanks
slrohan
Thank you...........................
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
Lasa_Sadaru
Thanks!!
YASANTHAB
supiri sis good luck
Vihanga__DeViL97
විභාග තිබුනට අපිට අදාල නෑ හරී, වෙලාවට සබ් ඕනි. එනකල් ඉලං හිටියෙ ේක. තැන්කූ පෙරෙන් great job
AsithaDilruwan
ela sahi thanks
Eranda Malith 2.0
Thankyou sis
Kulanjana Maduranga
subata thanks sis....
Mevandhanushka
Thanks...
Shan
බොහොම ස්තූතියි තිළිණි සහේලි සිංහල උපසිරැසියට.. ;)
ඇත්ත.. අධ්‍යාපනයට තමයි මුල් තැන දෙන්න ඕන.
ඒවගේම මේක bluray කොපියටම කරපු එකනම් ගොඩක් හොඳයි. (මම පළවෙනි film එකෙත් මේ ගැන මතක් කළා)
විභාගයත් එක්ක මේ කරපු කැපවීම, මහන්සිය වෙනුවෙන් 16 වෙනි vote එක මගෙන්.. ❤
ජයවේවා!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kaushal
Film එක බයිස්කෝප්ඩවුන්ලෝඩ් එකේ නෑ නේ කොහෙන්ද ගන්නෙ? ලින්ක් එකක් දෙන්න කෝ
TharakaWAS
Thanks for sub...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinuweerakkody
පලවෙනි එක බලපු එකෙක් දෙවෙනි එක නොබලා ඉඳීද?? ඔන්න බෑවා එහෙනම්.. බොහොම ස්තූතියි තිළිණි අක්කේ!!
sithummm
tnq thiliniyooooooooooooooooo
albus98
තෑන්ක්ස් සිස්
පළවෙනි එක බැලුවෙ නෑ
ඒක බලලම මේකත් බලනව
වෙනස්ම විදියෙ ටොපික් එකේ බයිස්කෝප් එකක් වගේ..
ජයanuradaherath
meka download karana widiyak kiyanawada.baiscope download wala na
asankabalage
thanks sub ekata.ayeth sub ekak karamu koriyan ekekata....
Nimesh sasanka
sub ekta sthuthi
basura indrachapa
උපසිරැසියට ජය!!!
බොහොම ස්තූතියි සහෝදරී...Haashan Dhanushka
thnxxxxxxxx
බවන්ත මධුෂාන් ජයසූරිය
thanks.....
maxoliver
Supiri
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Kingdomd
Thanks
Dewadithya
Thanks for Sub!
sathya
thank you...
malithmadhushan45
thanx ammo dan dakke dila thiyenawa kiyala navoodani
chandika1975
thank you for the subtitle and keep it up
Pradeepmadusanka913
Thanks saho elama jaya wewaaa
Virajperera1995
Thaks fro subtitle
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝදරිය ජලයෙන් ජය...!!
Dula95
thank u
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Ravindra
Thanks
Dilina Yohantha
2017 sub eka na neh
Krishani
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩාක් ස්තුතියි නංගි මේකේ පළවෙනි කොටසත් බලුවා දෙවැනි එකත් අනිවාර්යයෙන්ම බලනවා .