මට හැමතිස්සෙම ඕන වුණේ හොඳ වාදකයෙක් වෙන්න…. හරියට මගේ තාත්තා, සීයා…. පරම්පරාවේම අය වගේ. අවසානය දක්වාම එයාලගෙ පාරෙ යන්න. මගේ ගිටාර් එක එක්කම මැරෙන්න… මං නගරයෙන් නගරයට ගිහින් වාදනය කළා. අත්දැකීම් අරගත්තා. හැකියාව වැඩි දියුණු කරගත්තා. මේ නගරය තමයි මගේ ඊළඟ නැවතුම….. මෙහෙට එද්දිම ලැබුණු කුරුම්බා ගෙඩිය මට…
මට හැමතිස්සෙම ඕන වුණේ හොඳ වාදකයෙක් වෙන්න…. හරියට මගේ තාත්තා, සීයා…. පරම්පරාවේම අය වගේ. අවසානය දක්වාම එයාලගෙ පාරෙ යන්න. මගේ ගිටාර් එක එක්කම මැරෙන්න… මං නගරයෙන් නගරයට ගිහින් වාදනය කළා. අත්දැකීම් අරගත්තා. හැකියාව වැඩි දියුණු කරගත්තා.
මේ නගරය තමයි මගේ ඊළඟ නැවතුම….. මෙහෙට එද්දිම ලැබුණු කුරුම්බා ගෙඩිය මට හැඟීමක් ගෙනාව, මේ නගරය මට වාසනාව ගෙනෙයි කියල. ඒත් මම වැරදියි..
මට ඕන වුණේ පරම්පරාවේ අය වගේ වාදකයෙක් වෙන්න විතරයි. ඒත් මට වාසනාව ගෙනෙයි කියල හිතපු නගරය… ගෙනාවේ ශාපයක් විතරයි.
මට අහිමි වුණා මගේ ගිටාර් එක වගේම ………………………………
මට ආයෙ කවදාවත් ගිටාර් ගහන්න පුළුවන් වෙන එකක් නෑ. ඒත් මේ ආයුධත් එක්ක මං අනාගතේට මුහුණ දෙනවා.
ඔන්න එහෙනම් මාස පහකට විතර පස්සේ අලුතෙන් සබ් එකක් අරන් ආවා. මගේ 18 වෙනි උපසිරැසි නිර්මාණය විදියට මං අරගෙන එන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වුණු මෙක්සිකෝ රටේ නිර්මාණයක්. ඒ තමයි Robert Rodriguez කියන අධ්‍යක්ෂක වරයාගේ Mexico Trilogy කියල හඳුන්වන චිත්‍රපට ත්‍රිත්වයේ පළමුවැන්න. 1992 දී නිර්මාණය වුණු El Mariachi.
Carlos Gallardo ප්‍රධාන චරිතය සඳහා දායක වෙන, ඒ වගේම Consuelo Gómez, Jaime de Hoyos, Peter Marquardt, Reinol Martinez වගේ අයත් රංගනයෙන් දායක වෙන, Action, Crime, Thriller ගණයට අයත් මේ නිර්මාණය IMDB හි 6.9 ක් හා Rotten Tomatoes හි 93% ක් ලබාගන්න සමත් වෙලා තියනවා.
මේක ලබපු සාර්ථකත්වය නිසා මේ හා බැඳුණු තවත් නිර්මාණ දෙකක් Robert Rodriguez අතින් නිර්මාණය වෙනවා. ඒ තමයි Desperado (1995) සහ Once Upon a Time in Mexico (2003) කියන නිර්මාණ දෙක. මේ තුනම එකතු වුණාම තමයි Mexico Trialogy කියල හඳුන්වන්නේ. කොහොම වුණත් මේකෙ ප්‍රධාන චරිතය රඟපාන Carlos Gallardo අනිත් දෙකේ නම් රඟපාන්නේ සුළු චරිත. Antonio Banderas තමයි ඒවායේ ප්‍රධාන චරිතය සඳහා දායක වෙන්නේ. මෙතනින් Desperado සඳහා උපසිරැසිය කලින් සහෝදරයෙක් දීල තිබුණා. සෑහෙන කාලයක් ගිහිල්ලත් අනිත් දෙක නැති නිසා මට හිතුණා ඒ අඩුව පුරවන්න. ඒ කියන්නේ තුන්වෙනි එකටත් වෙන කවුරු හරි සබ් නොකළොත් දෙන්න බලාපොරත්තුවක් තියනවා. ඒත් කවදද කියන්න බෑ (ඒකෙ කොපියකුත් දැනට නම් ළඟ නෑ).
කොහොමවුණත් ඉඩක් ලැබුණු ගමන් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. එතෙක් මේ සේවාව ඔබට දෙන බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල හා සහෝදර උපසිරැසි කරුවන්ටත්, මේකෙන් සබ් අරගෙන ෆිල්ම් බලන ඔබ සැමටත් ජයෙන් ජයම වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.
1,174 downloadsDownload EL-Mariachi-1992-1.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
12 comments
geeganagamage
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....
පුලුවන්නම් දිගටම මේ වගේ මග ඇරුන හොද ෆිල්ම් වලටම සබ් දෙන්න.....Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Kulanjana Maduranga
subata thanks saho...
Hashan M. Priyadarshana
Thank you sub ekata
AsithaDilruwan
ela saho thanks
anik fim dekama balala tyejagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
akalankagayan
Thnx ...
Jello
Thanks for Subtitle.good luck
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Gihan
Thanks For Subtitle.....Good luck
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .