ඔන්න මේ වසරේ පලවෙනි ඔස්කාර් ඉඟිය සහිත සලරුව සිංහල උපසිරසි එක්ක ඔයාලට තිළිණ කරන්නයි මේ සැරසෙන්නේ. මුලින්ම කියන්නම් මේ චිත්‍රපටය දැනටමත් ලෝකයේ හොඳම චිත්‍රපට 250 තුල #218 වන ස්ථානය හිමි කරගෙන තියෙන්නේ ප්‍රේක්‍ෂක මනාප 99,000 කට අධික සංඛ්‍යාවකින් 8.2ක් වගේ ඉහල අගයකුත් හිමිකර ගෙන කිව්වොත් වඩා නිවැරදියි.…

ඔන්න මේ වසරේ පලවෙනි ඔස්කාර් ඉඟිය සහිත සලරුව සිංහල උපසිරසි එක්ක ඔයාලට තිළිණ කරන්නයි මේ සැරසෙන්නේ. මුලින්ම කියන්නම් මේ චිත්‍රපටය දැනටමත් ලෝකයේ හොඳම චිත්‍රපට 250 තුල #218 වන ස්ථානය හිමි කරගෙන තියෙන්නේ ප්‍රේක්‍ෂක මනාප 99,000 කට අධික සංඛ්‍යාවකින් 8.2ක් වගේ ඉහල අගයකුත් හිමිකර ගෙන කිව්වොත් වඩා නිවැරදියි. ඒ වගේම මේ චිත්‍රපටය මේ වනවිටත් ඔස්කාර් සම්මාන වලට අත වැනීමක් කර තිබෙන බවට විචාරකයන් අනුමාන කරලා අවසානයි. බොහෝ දුරට සංගීත අංශයෙන් ඔස්කාර් සම්මානයක් ලැබෙන බව දැනටමත් අනාවැකි පල කරලා අවසන්. ඒ වගේම ඩොලර් මිලියන 36ක් වැය කර නිර්මාණය උන මේ චිත්‍රපටය මේ වනවිට ඩොලර් මිලියන 343ක් උපයාගෙන අවසන්. ඉතින් මේ නිර්මාණය කවුද කලේ? මොනවගේ එකක්ද? නළු නිලියන් කවුද? කතාව සත්‍ය කතාවක්ද යන කරුණු සේරම මේ ලිපිය මගින් ඔයාලට පැහැදිලි කරදෙන්නයි මේ සූදානම.
ඇත්තටම මේ චිත්‍රපටය ප්‍රති නිර්මාණයක් කිව්වොත් වඩා නිවැරදියි. එහෙම කිව්වට මේක ප්‍රති තුන් ගුණයේ නිර්මාණයක් කියල දැනගන්න ලැබුනා ඉතිහාසය ගැන විස්තර හොයන කොට. 2018 චිත්‍රපටයේ සිට ආපස්සට යනකොට අපිට හමුවන මෑත කාලින චිත්‍රපටය වෙන්නේ මේ නමින්ම 1976 දී නිර්මාණය උන චිත්‍රපටයයි. Kris Kristofferson සහ Barbra Streisand දෙදෙනා රංගනයෙන් දායක උන චිත්‍රපටයයි. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා Best Music, Original Song වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් හිමි වුනා. ඒ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී Best Motion Picture , Best Actor in a Motion Picture, Best Actress in a Motion Picture, Best Original Score, Best Original Song වගේ සම්මාන රාශියකට හිමිකම් කිව්වා. IMDb අගය වන්නේ 6.4ක්.

2018 නිර්මාණය උන චිත්‍රපටයටම සමාන තේමාවක් තමයි 1976 දීත් නිර්මාණය උනේ. ඔව් මේක එතනින් නතර වෙන්නේ නැහැ දැන් අපිට යන්න වෙනවා 1954 අවුරුද්දට. ඔව් 1954 දීත් අපිට මේ නමින්ම තවත් චිත්‍රපටයක් මුණ ගැසෙනවා එහි රංගනයෙන් දායක වෙන්නේ Judy Garland සහ James Mason දෙදෙනායි. එහි කතාවත් 1976 සහ 2018 චිත්‍රපට වලටම සමානයි. මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 6 කට නිර්දේශ උන සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම නළුවා සහ නිළිය වෙනුවෙන් සම්මාන දිනාගත් චිත්‍රපටයත් උනා.IMDb අගය වන්නේ 7.8ක්.

මේක එතනින් නතර වෙන්නෙත් නැහැ. දැන් අපි යමු 1937 අවුරුද්දට. ඔව් කියන්න සතුටුයි මේ නමින්ම තවත් චිත්‍රපටයක් 1937 වසරේදීත් තිරගත වෙලා තියෙනවා. එහි ප්‍රධාන චරිත සඳහා Janet Gaynor, Fredric March දෙපල සහභාගී වී තිබෙනවා. හැබැයි 1937 දී පමණක් ගායක යුවලක් වෙනුවට චිත්‍රපට නළු නිලි දෙපලකගේ කතාවක් ගැන අපිට දකින්න ලැබුනා. ඒ වගේම Best Writing, Original Story වෙනුවෙන් ඔස්කාර් සම්මානයත් ඊට අමතරව තවත් ඔස්කාර් සම්මාන 6 ක් වෙනුවෙන් නිර්දේශ වෙන්නත් මේ චිත්‍රපටය සමත් උනා.IMDb අගය වන්නේ 7.6ක්.

1937 චිත්‍රපටය නිෂ්පාදනය කල David O. Selznick විසින් මීට සමානම තේමාවක් සත්‍ය කතාවක් පදනම් කරගෙන 1932 වසරේදී චිත්‍රපටයක් නිර්මාණය කරනවා What Price Hollywood? (1932) නමින්. ඉතින් මේ තමයි මේ දාමයේ මුල් පුරුක වශයෙන් සලකන්න වෙන්නේ. ඒ වගේම 1932 නිර්මණය උන මේ කතාව සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටයක්. ඒ Colleen Moore නමැති නිළිය සහ චිත්‍රපට නිෂ්පාදක John McCormick අතර සත්‍ය ජීවිතයේදී ඔවුන්ගේ විවාහයට අදාළ සත්‍ය කතාවයි. ඒ වගේම මේ චිත්‍රපටයත් ඔස්කාර් සමානයකට නිර්දේශ වී තිබුනා. IMDb අගය වන්නේ 7.6ක්.

මේ විදිහට තමයි මේ චිත්‍රපටයේ ඉතිහාසය හොයාගෙන ගියොත් අපිට මේ චිත්‍රපටය සත්‍ය කතාවක්ද කියල එන සැකයට උත්තර වශයෙන් සොයාගන්න වෙන්නේ. මොකද මේ චිත්‍රපටය බලනකොට ආපු එක සැකයක් තමයි ඇත්තටම මෙහි රංගන දායකත්වය දෙන අපි කවුරුත් දන්න ගායන ශිල්පිනියක් වන Lady Gagaගේ සත්‍ය ජිවිත කතාව දෝ කියන සැකය මතු උන නිසා. මට එහෙම හිතෙන්න ප්‍රධානම හේතු දෙකක් තිබුනා. මේ චිත්‍රපටයේදී මුලින්ම මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන ලේඩි ගාගා ඇයගේ ප්‍රථම රූපවාහිනී දර්ශනය සිදු කරන්නෙත් SNL හෙවත් Saturday Night Live වැඩසටහන හරහායි. එය චිත්‍රපටය තුලත් එලෙසින් දකින්න ලැබෙනවා. ඒ වගේම ලේඩි ගාගා තම ප්‍රචාරණ සහ බෙදාහැරීම් කටයුතු කරන්නේ Eminem, Tupac Shakur, Dr. Dre, Selena Gomez, Madona, Katy Perry ආදී ජනප්‍රිය සංගීත තරු රාශියක් සම්බන්ධ වී සිටින Interscope Records සමගම සමගයි. චිත්‍රපටයේ චරිතය තුලත් එය එලෙසින්ම සිද්ධ වෙනවා. කෙසේ හෝ මෙය සත්‍ය කතාවක් මත පදනම් වූවක් නම් නෙමෙයි.
ඊට අමතරව මේ නමින්ම සර්බියාවේ 2010 වසරේදීත් 1973 වසරේදී පිලිපීනයේදීත් සහ 1960 දී දකුණු කොරියාවේදීත් චිත්‍රපට තිරගත වෙලා තියෙනවා. එහෙම බැලුවම මේ නම ලෝකප්‍රසිද්ධ කීපවරක් රිදී තිරය ආක්‍රමණය කල නමක් බව පැහැදිලියි.
ඒ වගේම මේ චිත්‍රපටය තුල අපි වෙනද නොදකින හැකියාවක් එහි අධ්‍යක්ෂක සහ ප්‍රධාන නළුවා වශයෙන් ද්විත්ව කාර්යක නියැලෙන ඔස්කාර් සම්මාන සඳහා සිව් වරක් නිර්දේශිත නළු Bradley Cooper තුලින් දකිනවා. ඔහු මෙහි ගීත ගායනයෙන් පවා දායක වෙනවා. රංගනයට අමතරව ඔහු හොඳ රොක් ගායකයෙක් කියල Black Eyes ගීතයට සවන් දුන්නොත් ඔබට හැගී යාවි. ඒ වගේම මෙහි අනික් ප්‍රධාන චරිතය රඟ දක්වන Lady Gaga සමගිනුත් ඔහු Shallow ගීතය සමඟින් ගායනයේ යෙදෙනවා. ඇත්තෙන්ම මේ චරිත දෙකම තමන්ගේ වෙනත් අපට එදිනෙදා දකින්න නොලැබෙන වෙනත් දක්ෂතා දෙකක් මේ චිත්‍රපටය හරහා අපට ලබා දෙනවා. Bradley විසින් ගීත ගායනයද Lady Gaga විසින් රංගනයෙන්ද මේ අලුත් දක්ෂතා මනාව මේ චිත්‍රපටය තුල පිළිබිඹු කරනවා කියල අවසානයේදී ඔබට දකින්න ලැබේවි. ඒ වගේම මම අර කලින් කියපු ගීත දෙකෙන් Shallow ගීතය Billboard Hot 100 තුල ලොකු පෙරලියක් ඇති කළා. ඒ වගේම පසුගිය ඔක්තෝබර් 20 වනවිට මේ චිත්‍රපටය හරහා අපට අහන්න ලැබුන ගීත Billboard Hot 100 තුල ස්ථාන හිමි කරගෙන තිබුනේ පහත පරිදියි.
No. 5, “Shallow,” Lady Gaga & Bradley Cooper
No. 36, “I’ll Never Love Again,” Lady Gaga
No. 41, “Always Remember Us This Way,” Lady Gaga
No. 63, “Is That Alright?,” Lady Gaga
No. 93, “Maybe It’s Time,” Bradley Cooper
ඒ වගේම මේ චිත්‍රපටය කීප වරක්ම නැවත නිර්මාණය වෙන්න සලකා බලා තිබෙනවා. 2002 දී Will Smith නිවේදනය කර තිබුනා ඔහු විසින් මේ චිත්‍රපටය Batman Forever චිත්‍රපට අධ්‍යක්ෂක Joel Schumacker සමඟින් එක්වී Jennifer Lopez සමගින් එක්වී දැනට දකින ස්වරුපයෙන් වෙන් වී ජනප්‍රිය ගායිකාවක් සහ නැගී එන ගායකයෙක් අතර සිදු වන මෙවැනිම කතාවක් නිර්මාණය කරන බව. පසුව එවැන්නක් ගැන අහන්න ලැබුනේ නැහැ. ඊට අවුරුදු 8 කට පසු එනම් 2010 වසරේදු වෝනර් බ්‍රදර්ස් සමාගම Nick Cassavetes සහ Clint Eastwood සමඟ එක්වී ප්‍රසිද්ධ ගායිකාවන් දෙදෙනෙක් වන Beyoncé හෝ Rihanna ප්‍රධාන කාන්තා චරිතයටත් Russell Crowe හෝ අපි කවුරුත් දන්න අයන් මෑන් නළුවා Robert Downey, Jr., Jon Hamm හෝ Eddie Murphy නළුවන් වශයෙන් සලකා තිබෙනවා. පසුව ලියනාඩෝ ඩිකැප්රියෝ සහ ජොනි ඩෙප් පවා මෙයට යෝජනා වී තිබෙනවා. පසුව Christian Baleගේ නමත් යෝජනා වී තිබෙනවා. ඔහුගෙන් පසුව ටොම් කෘස් පවා මේ සඳහා යෝජනා කර තිබෙනවා. ඊට අමතරව එමිනම්ගේ නමත් ඊට යෝජනා වූ බව වාර්තා වෙනවා. පසුව බියෝන්සේ දරු උපත නිසා මේ චරිතය අත් හැර දැමු පසු වෝනර් බ්‍රදර් සමාගම පසුව මෙහි අධ්‍යක්ෂණය Bradley Cooper හට ලබා දී තිබෙනවා. Lady Gaga ප්‍රධාන චරිතය ලෙසින් පැමිණීමට ප්‍රථමව Cooper විසින් බියෝන්සේ, සෙලිනා ගෝමස්, ඩෙමි ලොවාටෝ, කීෂා වගේ ගායිකාවන් මේ චරිතය සඳහා දායක කරගන්න උත්සහ කර තිබෙනවා.
චිත්‍රපටය කොහොම එකක්ද කියන කාරණය තරමක් පැහැදිලි නිසා මම කෙටියෙන් කියන්නම්, ජැක්සන් මෙයින් කියන්නේ පළපුරුදු සංගීතඥයෙක්. ඔහුට අහම්බෙන් මුණ ගැහෙනවා ඇලි කියල බාර් වල ගීත කියන කාන්තාවක්. ඇයගේ තිබෙන සැඟවුන දක්ෂතාවය දකින ජැක් කිසිම පැකිලීමකින් තොරව ඇයට තම වේදිකාව ඉඩ ලබා දෙනවා. එයින් ජනප්‍රිය වන ඇලි හිතාගන්න බැරි තැනකට ලඟා වෙන්නේ ඉතාමත් කෙටි කලකින්. මේ කතාව මුලින් ආදරය හැකියාව සමගින් ආරම්භ වෙනවා වගේම පසුව ආදරයට එහා ගිය ඉරිසියාව, තම සහකරුවා ගැන නොදක්වන නොසැලකිල්ල හිතේ ඇති වන බලාපොරොත්තු විරහිත කම මත් වීමෙන් තොරකරගන්න හදන ජැක්ට ජීවිතය වරදින ආකාරය ඉතාමත් ලස්සනට පෙන්නුම් කරනවා. දැනටමත් මේ චිත්‍රපටයේ ගීත 5ක් විතර දුරකතනයේ ගීත ලැයිස්තුවට ඇතුල් වෙලා අවසන් ඒ වගේම පහතින් දැක්වෙන්නේ Always Remember Us This Way කියන ගීතයේ කොටසක්. මේ වගේ සුන්දර කතාවක් සමගින් මුණ ගැසෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!
That Arizona sky burning in your eyes
You look at me and, babe, I wanna catch on fire
It’s buried in my soul like California gold
You found the light in me that I couldn’t find
So when I’m all choked up
But I can’t find the words
Every time we say goodbye
Baby, it hurts
When the sun goes down
And the band won’t play
I’ll always remember us this way…
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා ගැලපේ.
10,616 downloadsDownload A-Star-Is-Born-2018BR.zip123 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
73 comments
Sampath sandaruwan
Nolan luck
සබ එනකන් බලන් හිටියේ තෑන්ක්ස්♥️
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Mayura
සිනහව අතරින් තරුවක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා.218 නම් ඔස්කා එක ගද්දි 250න් තොලොංචි වෙලා ඉඳීවී!
සබට තුති
gihan perera
පට්ට ෆිලුමක්...ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..BR එකක් එනකම් ඉවසන්න ඉන්නම වෙනවා. ඒතරම් පට්ට ෆිලුමක් මේක..ආව ගමන් බලමු. බුදුසරණයි..ජය වේවා!
chandika1975
thank you for the subtitle.
විමා
සබට තුති බන්
ඒත් කියන්න සෝ සොරි
ඔස්කා ගැන හිතන්න එපා
බොහිමියානුවා දැනටම මේ කැටගරියට වැඩේ දීලා තියෙන්නේ
වී විල් වී විල් රොක් යු :DNaveendra_rox
Thanks
sumithj
thanks man
bimbi
ආශිකී 2 කතාවට සමාන සීන් එකක්ද තියෙන්නෙ කියලා ලිපිය කියෙව්වාම හිතුනෙ
හැබැයි රගපාන නිළියට සෙලීනා හරි ඩෙමී හරි හිටියනම් තමයි පට්ටපැතුම් ඉෂාර
අනිවා!!!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ෆිල්ම් එක ගැන එහෙන් මෙහෙන් දැක්කට මෙච්චර ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා දැනන් හිටියේ නැ...සුපිරි ලිපිය..
සුපිරි ෆිල්ම් එකකකුත් වගේ...ranga11112
ස්තුතියි සහො
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Bchandrakumara
අර කිව්ව අතීත කතා තුන මග එනව. බලාපොරොත්තුවෙන් ඉන්න.
baiscopelkishu
amboo thanx Hasantha ayya..
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි හසන්ත සහෝ....
ජය වේවා....!!! : DChanmatara
Thanx සහෝදරයා
Bandaramudiyansi
Pattaa.puluwan nm oscar නිර්දේශ vana film tika okkama oyama sabtitel danna.thx lot .god bls
Achintha Udayanga
සබට තුති හසෝ
මෙන්න බලන්නයි යන්නේ.....Nirosh C
ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා
Kulanjana Maduranga
subata thanks saho...keep it up...
Kanchaka
Thanks bro
Chathu_OO
කියවා ගෙන යන කොට නම් මතක් වුණේම ආශිකි 2 චිත්‍රපටිය...
බලන්නම්කෝ අරගෙන...sampath n perera
thanks for sub
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය! bohemian Rhapsody එකටත් දෙන්න
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ශසිත් සඳරුවන්
නිකමට ඇවිල්ලා බැලුවේ. ලිපිය කියවව්වමයි දැනගත්තේ විශිෂ්ඨ නිර්මාණයක් කියලා..
මම නම් ඉතින් හොයන්න යන්නේ නැති නිසා සබ් එක දුන්නම තමයි මේ වගේ නිර්මාණ ගැන දැනගන්නේ. :P
අනිවාර්යයෙන් බලනවා.
සබට බොහොම තුති හසා අයියේ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks aiye..
sumithwickramarachchi
thanks for sub jaya
suranuwan
thanks bro...
බොබී
මම මේවට එච්චරම කැමති නම් නෑ. කොමඩිවලට තමයි වැඩිපුර කැමති. ඒත් ලිපිය හින්දාම ඔන්න බාගත්තා. බොහොම තුති හසන්ත අයියේ.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Irash Rajindra
elaaaaaaaaaaaa thankssss.... Ashiquie me line ekema copiyak ne?
Hinniyaka
bohoma sthuthi saho
AsithaDilruwan
ela saho thanks
nish47
thanks mchn
MAALnath
Thanks ....................good luck .........................
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Neox
Thank you very much for the sub
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Thilankadissanayake
ස්තූතියි සහෝ !
Navodlakdilu
Thanks saho
priyan99
thanks bro sub ekata
aks
Thanks...
Bandaramudiyansi
මහත්තයයො මෙහෙම කියනවට සොරි වෙන්න ඔන.ඔයාගෙ හැම සබ් එකකම ටයිම් අවුට් එකක් තියෙනවා ෆිල්ම් එක යන අතරතුර. ඔක ඉතින් කියල වැඩක් නැ.නිකම් දෙන සබ් එකනෙ මහන්සි වෙලා ඔයාල . මෙක කියන්නත් හෙතුම ඔබතුමා දෙන ගොඩක් චිත්‍රපට හොදම රසාස්වාදනයක් තියෙන එව්ව නිසා පුද්ගලිකව මමත් ඔයගෙ සබ් එකක් ආපුම චිත්‍රපටය ටොරන්ට් මාර්ගයෙන් අරගන්නව. ඉතින් එහෙම ලස්සන නිර්මාණයක සබ් වල ටයිම් අවුට් යද්දී අනෙ පොඩ්ඩක් රසවිඳින්න බාදවක් නෙද. ඔයාම චෙක් කරල බලන්න මෙක උනත් 14වෙනි විනාඩියෙ ඉදම පොඩ්ඩක් සබ් ටයිම් එහෙට මෙහෙට යනව.
එවගෙ ගොඩක් ෆිල්ම් වල ඔයාගෙන් ලැබෙන සබ් එකේ මෙහෙම අවුලක් තිබුන පොඩි තැනක හරි. මන් මෙ වරදි දෙයක් නම් කියන්නෙ සමාවෙන්න ඔන.
පුද්ගලිකව ඔබතුමාගෙ උපසිරස ගුනාත්මක අතින් උසස්.භාෂා හැසිරවිම එහෙම.හසන්ත වික්‍රමරත්ත
උපසිරසේ පොඩි අවුලක් තියෙනවා තමයි. මුලින් HC රිප් එකක් නිසා දුන්නේ මේක වෙනම බැලුවේ නැහැ. වෙබ් රිප් එකේ සබ් එකක් අරගෙන සින්ක් කළා මිසක්. මේ අවුල බ්ලුරේ කොපියට හරියටම හදල දෙන්නම්. හැම සබ එකක කියපු කතාව නම් පිළිගන්න බැහැ. මේකේ අවුලක් තියෙනවා. ඒක හදල දෙන්නම්. ස්තුති මිතුන් මේක පෙන්නලා දුන්නට.
Bandaramudiyansi
මෙක නම් මාර ලස්සන ෆිල්ම් එකක්.එක අංග රටාවක් බලන කෙනෙක්ට මග නොහැරෙන්න මන් හිතන්නෙ මෙක අරම් තියෙනවා .මාත් හිතම් ඉන්නෙ මෙ පරා ඔස්කාර් ශෝ එක බලන්න අපුම.බොහොම ස්තුතියි මෙව මෙ විදියට අපිය දෙනවට
Gayan Chathuranga
Thanks saho!
baiscopelkishu
thanx ayya sub ekata.. ikmanatama brrip ekata updte ekath daanna
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanks bro