Watch Trailer

Mr. & Mrs. Smith (1941) Sinhala subtitles | නෝනා මහත්වරු [සිංහල උපසිරසි සමඟ]

මේකත් හිච්කොක් ෆිල්ම් වලට කැමති අයට තමා ගෙනාවෙ. 1941 වසරේ තිරගත වෙච්ච මේ සිනමාපටය නෝර්මන් කාර්ස්මා ගේ තිර රචනයක්. කැරොල් ලොම්බාර්ඩ් රොබර්ට් මොන්ටිගොමරි, ජීන් රේමන්ඩ් ජැක් කර්සන්, ඇතුළු නළු නිළි පිරිසකගේ රංගනයෙන් හැඩ වූවක්. ඩේවිඩ්, ඈන් විවාහක යුවලක්. තමන්ටම ආවේණික නීති පද්ධතියක් හදාගෙන පවුල් ප්‍රශ්න…

මේකත් හිච්කොක් ෆිල්ම් වලට කැමති අයට තමා ගෙනාවෙ. 1941 වසරේ තිරගත වෙච්ච මේ සිනමාපටය නෝර්මන් කාර්ස්මා ගේ තිර රචනයක්. කැරොල් ලොම්බාර්ඩ් රොබර්ට් මොන්ටිගොමරි, ජීන් රේමන්ඩ් ජැක් කර්සන්, ඇතුළු නළු නිළි පිරිසකගේ රංගනයෙන් හැඩ වූවක්.

ඩේවිඩ්, ඈන් විවාහක යුවලක්. තමන්ටම ආවේණික නීති පද්ධතියක් හදාගෙන පවුල් ප්‍රශ්න විසඳගෙන ජීවත් වෙන යුවලක්. එයාලගෙ එක නීතියක් තමා දෙන්න අතර කුමක් හෝ ගැටලුවක් ඇති උනොත් ඒක විසඳගන්නකම් දෙන්නගෙන් එක්කෙනෙක්වත් නිදන කාමරෙන් පිටවෙලා නොයන එක. සමහර විට දින ගනනාවක් කාමරේටම වෙලා ඉන්න වෙන්න පුලුවන්.

ඈන් ට මේ නීතිය ප්‍රශ්නයක් නොවුනත් නීතිඥයෙක් වෙච්ච ඩේවිඩ් ට මේක ලොකු ප්‍රශ්නයක්. මොකද ඔහුට බෑ තම නීතිඥ කාර්‍යාලයට නොගිහින් ඉන්න. මේහේතුවම තමා ඈන් තුරුම්පුවක් විදියට පාවිච්චි කරන්නෙ. දවසක් මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා, දින තුනකට පස්සෙ ඒක සමතයකට පත් කරගෙන වැඩට යන්න ලෑස්ති උන ඩේවිඩ්ගෙන් ඈන් ප්‍රශ්නයක් අහනව.

ඒ ආයෙත් මේ කරපු දේවල් මුල ඉඳලම කරන්න උනොත් නැවතත් ඇයව කසාද බදිනවද කියන එක. ඉබ්බ දියේ දානකොට ඇන්නෑවේ කීව වගේ ඩේවිඩ් තම්න්ගෙ හිතේ තියෙන ඇත්තම කියනව. ඒ ඈන්ව තියා වෙන කාවවත් කසාද බඳින්නෙ නෑ කියල. බය නැතුව එහෙම කියන්නෙ දැන් එයාල බැඳල අවුරුදු තුනකුත් ගිහින් ඒ කසාදෙ අවලංගු නොවන බව දන්න නිසා. ඩේවිඩ්ගෙ කියමන නිසා ඈන් හිත රිද්ද ගන්නව උනත් ඒක එච්චර දුර දිග යන්නෙ නෑ. ඒත් ඔෆිස් එකට ගියාම හම්බවෙන ආරංචිය එසේ මෙසේ එකක් නෙමේ. ප්‍රාන්ත දෙකකදි වෙච්ච ඔවුන්ගෙ කසාදය නීතියට අනුව අවලංගුයි කියල පණිවිඩයක් අරගෙන පුද්ගලයෙක් එනව. ඩේවිඩ් ඒ මොහොතෙම තීරණය කරණව ඈන්ව නැවත් විවාහ කරගන්න. නමුත් අවාසනාවකට මේ කතාව ඈන්ගෙ කනටත් යනව. ඈන් බලාපොරොත්තු වෙන්නෙ කතාකරන ඉස්සරවෙලාම අපි ආයෙත් කසාද බඳිමු කියල ඩේවිඩ් ජෝජනා කරයි කියල. නමුත් යෝජනාව පරක්කු වෙන්න වෙන්න ඇය සැක කරන්නෙ ඔහුට ඇයව එපා වෙලා කියල. ක්ෂණික තීරණයකින් ඇය ඩේවිඩ්ව ගෙදරින් එළියට දානව. ඌරො කැකුණ තලනකොට හබන් කුකුළොන්ට රජ මගුල් කියන්නැහේ ඩේවිඩ්ගෙම මිත්‍රයා ඈන්ව කරකාරෙට ගන්න සූදානම් වෙනව. එතනින් එහාට කතාව ඔයාලම බලන්න.

මේ වගේමකතා තේමාවක චිත්‍රපටයක් තියෙනව වී ආ නොට් මැරීඩ් කියල. ඉස්සරහදි ඒකත් දෙන්නම්කො.

හැමෝටම සුබ දවසක්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.

1,233 downloadsDownload Mr.-Mrs.-Smith-1941.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,233 downloadsDownload Subtitles54 KB

9 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. A Mune Munasinghe

    thank u bro........ api asay pawul prashna walata./......... :D

  3. robinbcc

    Hichkok ge film, eyage poth wagema hodai. mehema film ekakata sub dunnata thanks.

  4. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  5. Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    මේ උපසිරසියත් ඩවුන්ලෝඩ් කළා අනිවාර්යයෙන් බලනවා. ඔබ උපසිරසි ලබාදෙන ෆිල්ම් සඳහා අදාළ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගැනීමේදී ගැටළු රැසකට මුහුණපාන නිසා මා යෝජනා කරනවා හැකිනම් YIFY, Lime Torrent, Torren King අඩවිවල ලින්ක් භාවිතා කරනවා නම් සුදුසුයි කියා. ස්තුතියි.

    1. Bchandrakumara

      සමහර චිත්‍රපට ඒ සයිට් වල නෑ . මමත් ගූගල් කරල හොයාගෙන තමා ඩවුලෝඩ් කරගන්නෙ. පස්සෙ ඒකට හරියන සබ් ෆයිල් එක හොයන්න ඕන. ඒ කරල තමා මේ සබ් එක හදන්නෙ. මමත් කැමතීයි හොඳට සීඩ් තියෙන තැනකින් ෆ්‍යිල් එක දෙන්න. ඒත් නැත්තම් මොකද කරන්නෙ. මේ ෆිල්ම් එකයි ලේඩි වැනිශස් එකයි මම සති දෙකකට වඩා ඩවුලෝඩ් කලා. තවත් පරණ ෆිල්ම් ගන්නෙ ඒ විදියට, සමහරවිට මාසයක් යන් ඒව තියෙනව ඩවුලෝඩ් වෙන්න. තව එකක් මම සබ් කරන සමහර ෆිල්ම් මම සෑහෙන කාලෙකට කලින් ඩවුලෝඩ් කරපුව. අර මැරලින් මොන්රෝ ගෙ ෆිල්ම් ටික එහෙම. ඔයා ඉල්ලපු ෆිල්ම් තියෙනව ඒකෙ ඒත් දෙන්න විදියක් නෑ දැන් ඒ ෆෝල්ඩර් එකම නෙට් එකේ නෑ. GB 30 විතර ෆෝල්ඩර් එකක්. ආයෙ එකින් එක ඩවුලෝඩ් කරන්න ඩේටත් නෑ. තියෙන එකට සබ් එක කරල වෙන වීඩියෝ ලින්ක් එකක දුන්නොත් ටයිම් ලයින් මැච් වෙන්නෙ නෑ ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන්නත් බෑ සයිස් එක වැඩීයි. අප්ලෝඩ් වෙන්නත් මාස ගානක් යයි. සිග්නල් තියෙන්නත් ඕනනෙ.( සයිට් එකේ අකවුන්ට් එක හදාගත්තෙ ට්‍රයි කරල කරල දවස් දෙක තුනකට කලින්. අකවුන්ට් එක නැතුව කමෙන්ට් දාන්න බෑනෙ.)මොකද කරන්නෙ මේවට ඉතින්

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. AsithaDilruwan

    ela saho thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.