කොයි කවුරුත් දන්නා කියන කාරණයක් තමයි, හැම වසරකම තම රසිකයන්ට අඩුවක් නැතුව චිත්‍රපට ලබාදෙන තැනක් තමයි මාවල් සමාගම කියන්නේ. ඉතින් මේ වසරේ මේ වෙද්දී සජීවී-ක්‍රියාදාම කැටගරි එක ආවරණය වෙන විදිහේ චිත්‍රපට හතරක් නිකුත්වෙලා හමාරයි. අන්න ඒ හතරවැනි නොහොත් අන්තිම චිත්‍රපටය එක්ක තමයි අද මං මුණගැහෙන්න ආවේ. හැබැය…

කොයි කවුරුත් දන්නා කියන කාරණයක් තමයි, හැම වසරකම තම රසිකයන්ට අඩුවක් නැතුව චිත්‍රපට ලබාදෙන තැනක් තමයි මාවල් සමාගම කියන්නේ. ඉතින් මේ වසරේ මේ වෙද්දී සජීවී-ක්‍රියාදාම කැටගරි එක ආවරණය වෙන විදිහේ චිත්‍රපට හතරක් නිකුත්වෙලා හමාරයි. අන්න ඒ හතරවැනි නොහොත් අන්තිම චිත්‍රපටය එක්ක තමයි අද මං මුණගැහෙන්න ආවේ. හැබැයි ඉතින් තවත් මාවල් චිත්‍රපටයක් දෙසැම්බර්වල නිකුත්වෙන්න තියෙනවා.
මං හිතන්නේ මේ වෙද්දී ස්පයිඩර් මෑන්ව නොදන්න කෙනෙක් නැතුව ඇති. Tobey Maguire චිත්‍රපට ත්‍රිත්වයකුත්, Andrew Garfield යටතේ චිත්‍රපට ද්විත්වයකුත්, Tom Holland යටතේ එක් චිත්‍රපටයකුත් දැක්කනේ. මීට අමතරව ටොම් හෝලන්ඩ්ව නම් MCU එකේ වෙනින් චිත්‍රපට හරහාත් දකින්න ඇති ඔයාලා. කොහොමහරි මෙතෙක් බිහිවූ ස්පයිඩර් මෑන් චිත්‍රපට අතරින් අද අරගෙන ආව චරිතය රිදී තිරය හරහා දකින්න ලැබුනේ එක් වතාවක් විතරයි. ඒ ටොබිගෙ ස්පයිඩර් මෑන් තෙවැනි චිත්‍රපටය හරහා. සමහර අය හරි නමින් දන්නවා ඇති. එහෙම නැත්තම් කළු ස්පයිඩර් මෑන් කිව්වම තවත් අයට මතකයට එනවා ඇති. ඔව් “වෙනම්” ගැන තමයි මේ කියන්න හදන්නේ. චිත්‍රපටය ගැන කියන්න කලින් පොඩ්ඩක් මේ වෙනම් කියන චරිතය ගැන දැනගෙන ඉමු නේද?
කොමික් පසුබිම
කවුද මේ සිම්බියෝට්ලා කියන්නේ?
මේ වෙද්දී සජීවී ක්‍රියාදාම චිත්‍රපට වලින් නම් අපිට වෙනම්ගෙ ඔරිජින් ස්ටෝරිය දෙවිදියටකට දකින්න ලැබුනා. එකක් තමයි Spiderman 3 (2007), Venom (2018) හරහා. ඒත් කොමික්වල වෙනම්ට හුගාක් ඔරිජින් ස්ටෝරි වෙනස් ක්‍රම හරහා දකින්න ලැබෙනවා. සිම්බියෝට් කියන්නේ ස්ක්‍රල්, මැක්ලවුන්ස්, ක්නල්, සැන්ඩේරියන්ස් කියන පිටසක්වල ජීව කොට්ටාශයන් ඉන්න ඇන්ඩ්‍රෝමේඩා නම් මන්දාකිණියෙ තුන්වෙනි තැන ගත්ත තවත් එක් පිටසක්වල පරපෝෂී සත්ව කොට්ටාශයක්. මේ අයට සිම්බියෝට් කියලා හදුන්වන්නේ ඒක විද්‍යාත්මක නාමයක් විදිහට හදුවන්න ගත්ත නිසයි. නමුත් මේ අයගේ සැබෑ නාමය වෙන්නේ ක්ලින්ටාර් කියලා. මොකද මේ අයගේ මව් ග්‍රහලෝකයේ නම වෙන්නෙත් ක්ලින්ටාර්මයි. නිශ්චිතවම හරි හැටි හැඩයක් නැති විරූපී කොට්ටාශයක් කිව්වොත් නිවැරදියි. මේ අය හොදද, නරකද කියලා හරියටම කියන්න පුලුවන් ඒ ඒ ක්ලින්ටාර්(සිම්බියෝට්)ලගේ අරමුණ අනුවයි. මේ අතරින් වෙනම්වත් සිම්බියෝට් කෙනෙක් විදිහට හදුන්වන්න පුලුවන්. ක්ලින්ටාර්වල නම් මේ අය හුගක් සහජීවී වගේම හුගක් කාරුණික කොට්ටාශයක්. නොනැසී ජීවත් වෙන්න නම් සුදුසු ධාරකයෙක්ව ඕන. හොද සිම්බයෝසිස් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න නම් ඒ කෙනා ලග සිම්බියෝට්යට ගැලපෙන කායික වගේම මානසික සුදුසුකම් තියෙන්න ඕන. එහෙම නැති වුනොත් සිම්බයෝසිස් නිසා ධාරකයා වගේම ක්ලින්ටාර් ජීවීයත් දූෂිත වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩියි.
අනික හරි සිම්බියෝට් කෙනෙක් ධාරකයෙක් එක්ක සම්බන්ධ වෙද්දී කායිකව වගේම මානසිකවත් සුදුසුකම් තියෙන්න ඕන කියලා කිව්වානෙ. මේ ක්‍රියාවලිය කිහිප ආකාරයකින්ම වෙන්න පුලුවන්.
- සිම්බියෝට් කෙනෙක් එක්ක සම්බන්ධ වන ධාරකයා සිම්බියෝට්එක්ක ගැලපුනේ නැත්තම්, ඒ කිව්වේ හරියන සුදුසුකම් තිබුනේ නැත්තම් සිම්බියෝට් හුගක් වෙලාවට කරන්නේ කායිකව වගේම මානසිකව විනාශ කරන එක.
- සිම්බියෝට් එක්ක සම්බන්ධ වෙන ධාරකයා ශුද්ධ ලේ රේඛාවකින් පැමිණෙන කෙනෙක් නම්, මොලයක තියෙන රසායනිකයන් හරි විදිහට සමබර වුනොත් බලාපොරොත්තු වෙන විදිහේ හොද සිම්බයෝසිස් ජීවීයෙක් බිහි කරගන්න හැකියාව තියෙනවා.
- දෙවැනි කාරණේ සදහන් කරපු විදිහේ කාරණා දෙක සමාන නොවී සිම්බියෝට්ට හැකියාව ලැබුනොත් ධාරකයව ලබාගෙන හොද සිම්බයෝසිස් කෙනෙක් නිර්මාණය කරන්න, එතකොට වෙන්නේ තනිකරම සැහැසි සිම්බියෝට් කෙනෙක්ව නිර්මාණය වෙන එක විතරයි. ඒ කිව්වේ සිම්බියෝට්ට පුලුවන් තමන්ගේ ධාරකයා ලවා තමන් හිතන පතන හැමදේම කරවගන්න. ධාරකයා වෙන කෙනා එතකොට නිකන් සිම්බියෝට්ගෙ වහල්ලෙක් වුණා හා සමානයි.
එදාමෙදා කාලය අතරතුර ඔය වගේ සිද්දි ඕන තරම් වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ හේතු හන්දම තමයි කොමික් විශ්වයේ අය වගේම කොමික් ප්‍රේක්සකයන් හුග දෙනෙක් ඔය සිම්බියෝට්ව දරුණුම ජීවී කොට්ටාශයක් විදිහට දකින්නේ.
කවුද එතකොට මේ වෙනම් කියන්නේ?
විටෙක වීරයෙක්, තවත් විටෙක දුෂ්ටයෙක් වගේම තවත් විටෙක ප්‍රති-වීරයෙක් (ඇන්ටි-හීරෝ) කෙනෙක්. වෙනම් ගැන කලින් එයා පොඩ්ඩක් ඔයාලා මෙතෙක් දැකපු කෙනා ගැන මතක් කරන්නම්. SpiderMan 3 (2007) හරහා දකින්න ලැබුණු පෙළක් දෙනා තවමත් කියන “කළු ස්පයිඩර්මෑන්ට” තමයි වෙනම් කියන්නේ. එතනදී එයා මුලින්ම ධාරකයා කරගන්නේ පීටර් පාකර්ටයි (ස්පයිඩර් මෑන්ට) එතනදී නම් අසීමිත හැකියාවන් ලැබෙන ස්පයිඩර්මෑන්ට හොදක් දැනෙන්න ගත්තට පහු වෙනකොට එයා කෙනාව අත්හරින්න තීරණය කලා. මොකද පීටර්ට කාලයක් යද්දී බ්ලැක් සූට් එක පාලනය කරගන්න බැරි වුන නිසා වගේම එයාට නිතර ඇතිවුන ඉක්මන් තරහව නිසා. පස්සෙ ඕක ලැබුනේ එඩි බ්‍රෝක්ටනෙ. එයාට ලැබුනට පස්සෙ තනිකරම දුෂ්ටයෙක් විදිහට තමයි ක්‍රියා කලේ. දැන් අදහසක් ඇතිනේ.
ඔව්, වෙනම් අනික් සිම්බියෝට්ලට වඩා හුගක් වෙනස්ම ජීවීයෙක්. තමන් සම්බන්ධ වෙන කෙනාගෙ අරමුණු වගේම තමන්ගේ අරමුණුත් ඉටු කරන්න දෙදෙනා අතරම අන්‍යෝන්‍ය බැදීමක් ඇති කරගන්න හැකියාව තියෙන කෙනෙක්. වැරදි අදහසක් නම් අරගන්න එපා. ඒකෙන් කිව්වේ අනික් හැම සිම්බියෝට් කෙනෙක්ම තමන්ගේ ධාරකයාව පාලනය කරන්න හදද්දී වෙනම් එහෙම කලේ නැහැ. තමන්ගේ ධාරකයාගෙ මනස එක්ක සම්බන්ධ වුනාම නිතරම ඒ කෙනාව තේරුම් ගන්න උත්සහ කලා. දෙන්නා අතරේ සමගියක් ඇති කරන් ඉන්න පුලුවන් කෙනෙක් තමයි වෙනම් කියන්නේ. මේ හන්දම අනික් සිම්බියෝට්ලා වෙනම්ට කැමති වුනේ නැහැ. එයාව පහත් ජීවීයෙක් ගානට දාලා සැලකුවේ. අනික් අය එක්ක බලද්දී ඒ හැටි බලයක් වෙනම්ට නැහැ. කෙටියෙන් කියනවනම් අනික් සිම්බියෝට්ලා අතරේ වෙනම් හරියට නිකමෙක් වගේ.
තමන්ගේම ජීව කොට්ටාශය “වෙනම්” සිම්බියෝට්ව පිටුවහල් කරපු වෙලාවක මෙයාව හොයාගන්නේ ක්‍රි ගවේශකයක්. එයා තේරුම් ගන්නවා වෙනම් කියන්නේ අනික් අයට හුගක් වෙනස් කෙනෙක් නිසා පිටුවහල් කරපු කෙනෙක් නිසා. තව දුරටත් මේ ජීවීයා ගැන අධ්‍යනය කරන්න අරන් ගිහින් කාලයක් ගත වෙලා වෙනම් අන්තිමේදී ටෙල්-කාර් කියන සොල්දාදුවා එක්ක සම්බන්ද වෙනවා. ඉතින් ටෙල්-කාර් සොල්දාදුවාව ක්‍රි ස්ක්‍රල් යුද්ධයට කලින් මේ දෙන්නා හුගක් පුහුණුවීම් වෙලා ඔත්තුකරුවෙක් වගේම ඝාතකයෙක් හැටියටත් කටයුතු කරනවා. වතාවක් ටෙල්-කාර් ක්‍රි සරණාගතයින් බේරගන්න ගිය වෙලාවක, ටෙල්-කාර් වගේම සිම්බියෝට් වෙන් වෙනවා. තමන්ගේ ධාරකයා ගැන තියෙන මතකේ නැති වී යාමත් එක්කම වෙනම් ඒ ග්‍රහලෝකේ අතරමං වෙනවා. 😢 ඊටපස්සේ වෙනම්ව අහු වෙන්නේ පිටසක්වල දේශයක ඉන්න හුගාක් ක්‍රැර කෙනෙක්ට.

වෙනම්ව පිටසක්වල ජීවීයෙක්ට හසු වූ මොහොත
වෙනම් විශ්වාස කරන්න ගන්නවා ඒ කෙනා හුගක් හොද මහත්මා ගතිගුණ තියෙන කෙනෙක් කියලා. ඒත් ඒ කෙනා කලේ වෙනම්ව පාවිච්චි කරලා එයාව කෙලින්ම අරන් ගියෙ එයාගෙම මව් ලෝකය එයා ලවාම ජනඝාතනය සිද්ද කරන අරමුණින්. ඒත් එක්තරා මොහොතකදී වෙනම්ව හේස් මෑන්සර් කියන පිටසක්වල ආයුධ වෙළෙන්දාට අහුවෙනවා. වෙනම්ගෙ මේ ක්‍රියාකලාපයන් නිසාම එයාගෙම ක්ලින්ටාර්(සිම්බියෝට්)ලා එයාව බැට්ල්වර්ල්ඩ්වල වෙනම්ව හිර කරනවා එයාලගේ වරයාව වෙනම්ව තව දුරටත් අපවිත්‍ර කරයි කියලා තියෙන බයට. බැට්ල්වර්ල්ඩ් ගැන වැඩිය හිතන්නේ එපා. ඒක කියන්න ගියොත් මේ කතාව වෙනින් දිහාවකට යනවා. දැනට මෙහෙම විතරක් හිතන්න. බැට්ල්වර්ල්ඩ් කියන්නේ බියෝන්ඩර්ස් කියන පිටසක්වල ජීවින්ගෙ බලය ඩොක්ටර් ඩූූූම් හොරකම් කරලා ලෝකයන් කිහිපයක් එකට එක්කාසු කරලා ගොඩනගපු ලෝකේ තමයි බැට්ල්වර්ල්ඩ් කියන්නේ. ලිපියෙ ඉතිරියත් කියවන්න කැමති නම් මෙතනින් ගිහින් කියවන්න>>>
චිත්‍රපටයේ පසුබිම
Venom: Lethal Protector
මං මේ ලිපියේ මුලින්ම අමුනපු කොමික් ලිපිය කියවලා, චිත්‍රපට බැලුවට පස්සෙ හිතෙයි මොකක්ද මේ හදලා තියෙන්නේ කියලා. ඔව් කොමික් වලින් සෑහෙන වෙනසක් කරලා තමයි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. එහෙමයි කියලා කොමික් වලින් උපුටා ගන්න මේ අය අමතක කරලා නැහැ. David Michelinie වගේම Mark Bagley, Ron Lim වගේම Sam DeLarosa යන එක්කාසු වීමක් වෙලා 1993 පෙබරාවාරි කාලයේ සිට ජූලි දක්වා මුද්‍රණ අටක් යටතේ ප්‍රකාශනය වුනු Venom: Lethal Protector චිත්‍ර කතාව තමයි Venom (2018) චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. මේ කාලේ තමයි වෙනම් එඩි බ්‍රෝක් එක්ක සම්බන්ධ වෙලා හිටිය කාලේ දුෂ්ටයකු කියන චරිතයෙන් මිදිලා ඇන්ටි-හීරෝ කෙනෙක් එහෙම නැත්තම් ප්‍රති-වීරයකු බවට පත් වෙන්නේ. මේකට එක් හේතුවක් වෙන්නේ ස්පයිඩි එක්ක වෙනම් එකගතාවයකට එනවා කිසිම අපරාධයක් කරන්නේ නැහැ කියලා. මේ නිසාම තමයි නිව් යෝ(ර්)ක්වල ජීවත් වුනු එඩි වෙනම්වත් අරගෙන සැන්ෆ්‍රැන්සිස්කෝ වලට යන්නේ. එහෙට ගියාම එයාට සිද්දවෙනවා ස්ක්‍රීම්, ෆේජ්, රයට්, ලෑෂර් වගේම ඇගනී එක්ක සටන් කරලා සැන්ෆ්‍රැන්සිස්කෝ නගරේ බේරගන්න කතාව තමයි මේ චිත්‍රකතාව පුරාවට ගලාගෙන යන්නේ.
Planet of the Symbiotes
1995 ජුනි සිට ඔක්තෝම්බර් කාලය දක්වා මුද්‍රණ පහකින් සමන්විතව නිකුත් වූ මේ චිත්‍රකතාපෙල නිර්මාණය වෙන්නේ David Michelinie විසින්. සිම්බියෝට් හමුදාවක් ඇවිල්ලා පෘතුවිය ආක්‍රමණය කරන්න හදද්දී වෙනම්, ස්පයිඩර් මෑන් වගේම ස්කාලට් ස්පයිඩර් එකතු වෙලා මේ අයගේ ආක්‍රමණය නවත්තන්න හදපු කතාව තමයි මේ චිත්‍රකතාව පුරාවට ගලාගෙන යන්නේ.
ඉතින් ඔන්න ඔය Venom: Lethal Protector වගේම Planet of the Symbiotes කියන චිත්‍රකතා දෙකේම පුංචි අනුසාරයකින් ඇහුව තමයි Venom (2018) චිත්‍රපටයේ වෙනම් එඩි බ්‍රෝක් හා එකතු වී අනික් සිම්බියෝට්ලාගෙන් නගරේ වගේම වෙන්න ගිය ලොකු ආක්‍රමණයක් වලක්වපු විදිහ තමයි චිත්‍රපටය හරහා පෙන්නුම් කරන්න හදලා තියෙන්නේ.
මතක විදිහට නම් සෝනි සමාගම 2016 මාර්තු 5’වැනිදා තමයි වෙනම් චිත්‍රපටයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නිල වශයෙන්ම ප්‍රේක්ෂකයන් හට දැනුම් දීමක් කලේ. ඒවීඅයි ආඩ් ප්‍රඩක්ෂන්, කොලොම්බියා පික්චර්ස් වගේම මාවල් එන්ටර්ටේන්මන්ට් සමාගමේ එකතුවෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඒ අනුව “එඩි බ්‍රෝක්” ප්‍රධාන චරිතය සදහා The Dark Knight Rises (2012), Mad Max: Fury Road (2015) වගේ අති දැවැන්ත චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ “Tom Hardy” තමයි මේ චිත්‍රපටයේත් දායක වෙලා තියෙන්නේ. හාඩි කිව්වම ඉතින් කියන්න ඕන නැහැනෙ මොන තරම් සුපිරි නළුවෙක්ද කියලා?
- කොච්චර සුපිරිද කියනවනම් චිත්‍රපටයේ එඩි බ්‍රෝක් හා සම්බන්ධ වෙන වෙනම්ඩට දායකත්වය සදහාද ඉදිරිපත් වෙලා තියෙන්නේ හාඩිම තමයි. ඒ විදිහට චරිත දෙකක් එක්ක, හඩවල් දෙකකුත් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නම් නෙවෙයි.
- විශේෂයෙන්ම ටොම් හාඩිට වෙනම් චිත්‍රපටයේ දායක වෙන්න අවස්ථාව ලැබුනම එයා මේ චරිතේ තෝරාගන්න ලොකුම සාධකය වෙලා තියෙන්නේ එයාගේ පුතා. හාඩි කියන විදිහට එයාගෙ පුතා අතිශය වෙනම් චරිතයට ආදරය කරන කෙනෙක්. චිත්‍රපටයේ චරිතය ලැබුනට පස්සෙත් හාඩි නොදන්න හුගක් දේවල් වලට එයාගෙ පුතාගෙන් සහය ලැබුණු බව සැන් ඩියෙගෝ කොමික් කොන් වලදී ඔහු වරක් සදහන් කලා.
මීට අමතරව “ඈන් වෙයින්ග්” චරිතය සදහා Michelle Williams නිලියද, “කාල්ටන් ඩ්‍රේක්” නම් චරිතය සදහා Riz Ahmed නම් නළුවා දායක වෙලා තියෙනවා. මීට අමතරව මේ චිත්‍රපටය පුරාවටම දකින්න ලැබෙන සෙසු චරිත සදහා Scott Haze, Reid Scott, Jenny Slate, Melora Walters, Woody Harrelson වගේ තවත් බොහොමයක් නළු/නිලි කොට්ටාශයක් මේ සදහා තමන්ගේ සේවය ඉටු කරලා තියෙනවා.
ඔයාලා දන්නවද දන්නේ නැහැ වෙනම් චිත්‍රපටය නිකුත් වෙන්නත් කලින්ම ලොව පුරා හිටිය ප්‍රේක්ෂකයින් සෝනි සමාගමට දොස් කියන්න ගත්තා ස්පයිඩි නැති, කොටින්ම ස්පයිඩිගෙ ලොගෝ එකවත් පපුවේ හෝ පිටේවත් නැති වෙනම් කෙනෙක් ගෙන්නලා මොන විකාරයක්ද කරන්න හදන්නේ කියලා. මං හිතන්නේ ඒ විදිහට අනංමනං කියපු බොහෝ දෙනෙක්ගෙ දැන් කටවල් වැහෙන තැනට මේ චිත්‍රපටය නැරඹු ආදරණිය ප්‍රේක්ෂකයන් ඔප්පු කරලා හමාරයි. ඒ මොකද කියනවනම්, ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වගේ පුංචි මුදලක් යොදලා නිර්මාණය කරපු වෙනම් චිත්‍රපටය 2018 ඔක්තෝම්බර් 4″වැනිදා පෘතුගාලයේ තිරගත වීම ආරම්භ කරලා පළමු සතිඅන්තය තුල ඇමරිකානු ඩොලර් 80+ ගණනක් හොයාගෙන මේ වෙද්දී Justice League (2017) වගේම Guardians of the Galaxy (2014) චිත්‍රපටයටවත් උඩට එන්න නොදී තමන්ගේ තැන රැකගෙන හිටිය Star Wars (1977) චිත්‍රපටයේද ආදායම් වාර්තා කඩමින් අද දිනට (2018 නොවැම්බර් 11) ඇමරිකානු ඩොලර් මිලියන 780 ක බොක්ස් ඔෆිස් අගයක් ලබා ගනිමින්,
- එදාමෙදා තුල වැඩිම ආදායමක් ලැබූ හොදම චිත්‍රපට 100 අතරේ 84 වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. වෙනම් චිත්‍රපටයට උඩින් තියෙන Deadpool (2016), Spider-Man (2004) චිත්‍රපට වලත් ආදායම් වාර්තා වෙනම් චිත්‍රපටය තුලින් කඩා දමන්න හැකියාව ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
- එදාමෙදා තුල ලොව පුරාම තිරගත වූ සුපර් හීරෝ චිත්‍රපට දර්ශකය තුල 26’වැනි තැන ලබාගන්න වෙනම් චිත්‍රපටය හිමි කරගෙන තියෙනවා. තවමත් තිරගත වීම වෙන නිසා මේ ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.
- චීනයේ මෙතෙක් වැඩිම ඉපැයීමක් කල සුපර්හීරෝ චිත්‍රපට අතරේ තෙවන තැන ලබාගන්න Venom (2018) චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. මුල් තැන හා දෙවැනි තැන පිළිවෙලින් තාමත් රැකගෙන ඉන්නේ Avengers: Age of Ultron (2015) හා Avengers: Infinity War (2018) චිත්‍රපට දෙකයි.
Zombieland (2009), Gangster Squad (2013) වගේ චිත්‍රපට තුලින් ජනපි‍්‍රයතත්වයට පත් වූ Ruben Fleischer තමයි මෙහි අධක්ෂක කටයුතු කරන්නේ. Jumanji: Welcome to the Jungle (2017) චිත්‍රපටය ඇතුළු තවත් ජනප්‍රිය චිත්‍රපටවල තිර රචකයන් විදිහට කටයුතු කල Jeff Pinkner හා Scott Rosenberg දෙදෙනා තමයි වෙනම් චිත්‍රපටයේ ප්‍රධාන තිර රචකයන් වෙන්නේ. ඊළගට චිත්‍රපටය තව තවත් අලංකාර කරන පසුබිම් සංගීත කටයුතු සදහා දායක වෙලා තියෙන්නේ Black Panther (2018) චිත්‍රපටයේ පසුබිම් සංගීත යෙදු Ludwig Göransson වෙනම් චිත්‍රපටයෙ කටයුතු සදහාද දායක වෙලා තියෙනවා. සංගීතය ගැන කතා කරද්දී තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඕනෑම චිත්‍රපටයක් වෙනුවෙන් ලස්සන ගීත ටිකක් එක්කාසු කිරීම චිත්‍රපටයට ලොකු දායකත්වයක් ලබාදෙනවා. ඉතින් වෙනම් චිත්‍රපටය වෙනුවෙන් ප්‍රධාන ගීතය නිර්මාණය වෙන්නේ ලෝක ප්‍රසිද්ධ රැප් සංගීත වේදියෙකු, ගීත රචකයකු වන එමිනෙම්ය. එයාගෙ අතින් නිර්මාණය වුනු “Venom” ගීතය මේ චිත්‍රපටය සදහා ලොකු දායකත්වයක් ලබා දෙමින් මේ වන විට මිලියන 153+ අධික සංඛයාවක් ගීතය යූටියුබ් තුල නැරඹීමට තරම් ලොකු පෙළඹීමක් වුණා.

වෙනම් චිත්‍රපටය රූගත කෙරෙන අතරතුර
ප්‍රේක්ෂක මනාප 123,219 යටතේ මේ වෙද්දී චිත්‍රපටය 7.0/10ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. අවසාන වශයෙන් පසුගිය දිනෙක දැනගන්නට ලැබුණු ඇමරිකානු කොමික් පොත් රචකයකු, සංස්කාරකවරයෙක් වශයෙන් වගේම චිත්‍රපටතුල කැමියො රජෙකු ලෙස ජනප්‍රියතාවයට පත් වූ ස්ටෑන් ලී මහතා පසුගිය නොවැම්බර් 12 මිය යනවා. මේ වසරේ නිකුත් වූ මාවල් චිත්‍රපටවල අවසන් කැමියෝ දර්ශනය වෙනම් චිත්‍රපටයට ලබාදෙමින් තමයි ඔහු මිය යන්නේ. අවසන් කැමියෝ දර්ශනය ලබන වසරේදී නිකුත් වීමට නියමිත ඇවෙන්ජර්ස් චිත්‍රපටය හරහා දැකගන්න ලැබේවි.
මේ චිත්‍රපටයට මීට වඩා ආදායමක් ලබාගන්න තිබුණා වෙනම්ගෙ හතුරන්ගෙ ලැයිස්තුවෙ ඉන්න ස්පයිඩර් මෑන් මේකට සම්බන්ධ වුණා නම්. මොකද වෙනම්ගෙ සූට් එක ඇදපු මුල්ම සුපර්හීරෝ වෙන්නේ ස්පයිඩි. එයා නැති නිසාම තමයි කොමික් වලින් සෑහෙන වෙනසක් කරලා වෙනම් චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. අනික් හේතුව තමයි සැහැසි බව හැම අගලක් ගානෙම සටහන් වෙලා තියෙන වෙනම්ව ප්‍රේක්ෂකයන්ගෙ බලාපොරොත්තු කඩකරමින් R-Rated චිත්‍රපටයක් වෙනුවට පොඩි ළමයෙක්ට වුනත් නරඹන්න පුලුවන් මට්ටමේ PG-13 චිත්‍රපටයක් තමයි ලැබුනේ. පැතිරිලා තියෙන ආරංචි වලට අනුව නම් PG-13 යන්න හේතුව වෙලා තියෙන්නේ වෙනම්වයි ස්පයිඩර් මෑන්වයි මුහුණට මුහුණ ගෙන්නන්න හදන නිසාලු. හැබැයි හරියටම කියන්න නම් දන්නේ නැහැ. කොහොම වුනත් පසුගිය සැප්තැම්බර්වල පැවැත්වූ සැන් ඩියෙගෝ කොමික් කොන් සමුළුවේදි වෙනම් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙච්චි Ruben Fleischer ප්‍රේක්ෂකයෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කිව්වේ එයාලට වෙනම්වයි ස්පයිඩර් මෑන්වයි මුහුණට මුහුණ ගෙන්නන්න ඕනකම තිබුනත් ස්ටුඩියෝ අතර පවතින නොගැලපෙන අදහස් මේ වැඩේට බාධාවක් වෙලා තියෙනවා කියලයි.

The Amazing Spider-Man 3 වෙනුවෙන් වෙනම්-ස්පයිඩර්-මෑන් එක්කාසු කර නිර්මාණය වී තිබු ෆෑන් මේඩ් පෝස්ටරය
හැබැයි ඉතින් ටොම් හාඩි වගේ සුපිරි නළුවෙක් ටොම් හෝලන්ඩ් වගේ පොඩි එකෙක් එක්ක හැප්පිලා, එයාගෙ අතින්ම පරාද වෙනවා දකිනවට වඩා MCU එකටවත්, ස්පයිඩි එක්කවත් සම්බන්ධ වීමක් වෙන්නේ නැතුව වෙනම කරන් යන මේ වැඩේ වටිනවා 😅 මගෙ අදහස නම් මේකයි ඇන්ඩ්‍රෙව් ගා(ර්)ෆීල්ඩ් හරහා රිදී තිරයට පැමිණි The Amazing Spider-Man චිත්‍රපට එකතුවට තව එකම එක චිත්‍රපටයක් එකතු කරලා එකේදී වෙනම්ව ගෙන්නලා ස්පයිඩිගෙන් වෙනම්ව අයින් වෙන විදිහට ඒ ටික කලා නම් අද මේ වෙද්දී දකින වෙනම්ව අපිට සුදු පාට ලොගෝ එක තියෙන, අසීමිත විදිහට මකුළු දැල් විදින්න පුලුවන් වෙනම් කෙනෙක්ව දැකගන්න තිබුණා. බලමුකෝ ඉස්සරහට වෙනම්ගෙ අනාගතේ මොන වගේ වේවිද කියලා. මොකද මේ චිත්‍රපටයේ අවසානයේ පසු දර්ශන වලින් මිලග වෙනම් චිත්‍රපටයේ දකින්න ලැබෙන චරිතයක ඉගියක් දීගෙන තමයි අවසන් වෙන්නේ. ඒ කොහොම වෙතත් ටොම් හාඩි මේ වෙද්දී වෙනම් චිත්‍රපට තුනක දායකත්වය සදහා අත්සන් තබා හමාරයි. දෙවැනි චිත්‍රපටය 2020 වසරේදී නිකුත් වීමට නියමිතයි.
දැන් ඉතින් මේ කියෙව්වා මදැයි නේද?! මේ සිනමාපටයත් නරඹන්න ආරාධනා කරමින් මම එහෙනම් මෙතනින් නවතිනවා. ගිහින් එන්නම්. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
98,050 downloadsDownload Venom-2018-Blu-Ray-Update.zip155 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
318 comments
Thisara Neo
Harsha_dilan
Sub ekata thanx. Good luck
lakmal119940606
Banna torrent ekak dannko yalu kauru hari
Damitha Ranasinghe
tnqqqqqqqqqqqqq
gihan perera
ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ....මේක එනකන් හිටියේ....හැඳින්වීමත් පට්ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Kingdomd
Thanks
albus98
තෑන්ක්ස් බං ලොවෙත් නෑ බානවා..වෙනද වගේම පට්ට ලිපියක් ඈ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...මේවා ඉතිං ආයේ 1080p BR එකකින්ම බලන්ඩ ඕනි ඒවා. එතකම් ඉවසීමක් තියෙන්නේ...ලිපියත් සෑහෙන්න වටිනවා. නොදන්න කරුණු ගොඩක් දැගත්තා. ලිපියටත් ස්තූති සහෝ. බුදුසරණයි..ජය වේවා!!!
Chamod_Sasitha
Br ekama balamu supiri filumakneh. Thanks for the sub❤️❤️
ravidu ishan
Tnx mchn sub ekata ..!!
dsdkavishka
Thenks fatta..... meka enakan idiye
Ayesh Prashan
Thank You
Shashindu Thiwanka
තෑන්ක්ස් මචන් සබ් එකට ජය වේවා. .
Thilankadissanayake
අම්මෝහ් මෙ සබ් එක එනකම් ඇගිලි ගැන ගැන හිටිය . 1080 p BR තමයි ඉතින් මේ වගෙ සුපිරි ෆිලුම් බලන්ඩ ඔනෙ. එතකන් සබ් එක බාගෙන ඉවසීමෙන් ඉන්නවා. ගොඩාක් ස්තූතියි සහෝ . Good luck !
praneeth01
THANKS
යුරාන් ධනුක
නියමයි චාමර සහෝ...
එනකන් බලන් හිටපු තවත් ෆිලුමක් තමයි..
බොහෝම ස්තූතියි... ජය...Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
මේක එනකම් බලන් හිටියේ....
සුපිරි ලිපියක්....
Amazing Spider Man 3 එකක් අවොත් Spideyව MCU එකෙන් නැති වෙයි..
මගෙනම් වැඩි කැමැත්ත Venomවයි MCU Spideyවයි එකතු කරලා ෆිල්ම් එකක් ගහනවාට...
එතකොට MCU එකයි SUMC එකයි එකතු කරන්නත් පුළුවන්...Avindu Umesh Gunasinghe
Tnx bro sub eka ikmntama dunnata!
විමා
සබට තුති
විස්තරය මරුඒත් සහෝ Venom කියන එකේ තේරුම දෙදෙනෙකුගේ එක්වීම නෙමෙයි නේද
මොන චාටර් නම්ද මේවා
ඔහොමද උඹලා සබ් කරන්නේ
පජාතයි බන්
ඊයා...
අපි බලන්නේ ඉංග්‍රීසියෙන්
උඹලගේ පජාත සිංහල සබ් එක්ක බලන්නේ නැහැsamdsc
Film eke name sinhala therumama dan oni kiyala ekak nane balanna barinam nika inna.nikan manussayek karana service ekata apahasa nokara inna puluwannam loku deyakd
Hasitha Madush
Sarcasm ද විමා bro නැත්තම් සිරා comment එකක් ද ?
geenath
ඔබ කට වහ ගෙන පලයන් විමෝ ### තෝ වගේ උන් හින්දා තමයි බයිකෝප් එකේ aroow sun දෙඑක නැවැතුවේ මුන්ගෙ account බ්ලොක් කරන්න ඔන
ranga11112
අඩුපාඩු කිව්වට කමක් නෑ. ඒත් ඒකට විදිහක් තියෙයි... අනික ඔයාට සිංහල උපසිරැසි අවශ්‍ය නැත්නම් ඇයි සබි ගන්නේ... නිකන් බලන්න.කෙනෙක්ට දෙයක් කියන්න කලින් හිතන්න දෙපාරක්.. හොද විදිහට තෙරැම් කරන්න. අනික දේයක් අගයන්න පුරැදු වෙන්න.අඩුපාඩුම බලන්න එපා. ඔබෙත් මගෙත් අඩුපාඩු කොච්චරනම් ඇතිද? ඒවා අපිට පෙනනෙ නෑනේ නේද? සර්ව සම්පූර්ණ මිනිසුන් නෑත ඒ නිසා උතුම් මිනිසෙක් වෙන්න බලන්න
Chämàrá Sâmpáth
සමාවෙයං විමො හදීසියට සබ් කරලා දුන්නා මිසක් ඕවා ගැන මතක් උනේ නෑ. ඔස්කාර්වේදින්ගෙ කෙනෙක්ට අහු උනොත් ඒකෙන් නරක නාමෙ එන්නෙ මේ සයිට් එකට කියලා හිතන්න බැරි උනා. මේ දැන්ම මාතෘකාව "පොළොං විස" කියලා වෙනස් කරන්නම්
Bandaramudiyansi
බයිස්කෝප් එකෙත් මෙවගෙ english ටිකක් දන්නව කියල උඩපනින සෙවලයෙක් තම ඔය වීමා උන්නෑහෙ කියන්නෙ . සබ් කරන කෙනෙක් උනත් කතාකරන්න ඉගෙනගන්න ඔනෙ අනුන්ට උගන්වන්න කලිම්
Bandaramudiyansi
මෙයා මෙක විහිලුවට කියල තියෙන්නේ ...........මෙය හොද උපසිරස කරුවෙක්නෙ..... I am sorry
විමා
සාකසම් වලට අහුවෙලා නේ තදටම :D
AKilaperera12345
THANX BN
Nilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
ජයranga11112
thanks chamara saho...
ranga11112
අඩුපාඩු කිව්වට කමක් නෑ. ඒත් ඒකට විදිහක් තියෙයි... අනික ඔයාට සිංහල උපසිරැසි අවශ්‍ය නැත්නම් ඇයි සබි ගන්නේ... නිකන් බලන්න.කෙනෙක්ට දෙයක් කියන්න කලින් හිතන්න දෙපාරක්.. හොද විදිහට තෙරැම් කරන්න. අනික දේයක් අගයන්න පුරැදු වෙන්න.අඩුපාඩුම බලන්න එපා. ඔබෙත් මගෙත් අඩුපාඩු කොච්චරනම් ඇතිද? ඒවා අපිට පෙනනෙ නෑනේ නේද? සර්ව සම්පූර්ණ මිනිසුන් නෑත ඒ නිසා උතුම් මිනිසෙක් වෙන්න බලන්න
Niroshani maduka
Thank you so much sub ekata..meka denakm balagrna hitiye..
thilz
Thank you
Subhash13
පට්ට චාමර BRO....විමා ආතල් එකක් දීල තියෙන්නෙ
බොබී
පල්ලෙහා වලියක් ගිහින් වගේ. සුපිරි නමක් තිබුනා නම් හොඳයි තමා. ඒත් සබ් එකයි අපිට වැදගත්. මාත් මේ උපසිරැසිය භාරගන්න අාසාවෙන් හිටියා සහෝ. ඒත් වැඩකාරයෙක්, විශේෂයෙන්ම අැඩ්මින් කෙනෙක් වැඩේ භාරගන්නවා නම් අපිට අායෙත් සැක හිතන්න දෙයක් නෑ නොවැ. අනික උඩින් තියෙනවා වගේ සුපිරි ලිපියක් මට නම් ලියන්න බැරි බව එකෙන්ම කියතහැකි. ඉතින් මේ සබ් එකට තුති. දිගටම වැඩ කරගෙන යමු සහෝ.
Thanusha
Thanks bro sub akata
Naveendra_rox
Thanks
sasala
bohoma thanks sub dunnata.meka denakan balaagena hitiye.
Eranga Sandaruwan
පල්ලෙහා වලියක් කීව නිසා ගිහින් බැලුවා.
නෙදකින්
ඇඩ්මින් කෙනෙක් ආතල් එකක් අරන්..හැබැයි රැවටිච්ච උනුත් හිටියද මන්දා..
මෙකට මෙච්චර ඉක්මනට සබ් දෙයි කියලා හිතුවේ නෑ.
උප සිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා...Ravidu Sampath WG
nice....
lahiru1991
thanks bro..
dil_shan
tnz sub ekata. enakal balan hitiye
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි චාමර අයියේ සබ් එකට. ජය වේවා...!!
Hashanindika
godak Thanks sub ekta....mcn me HC HD eke winadi 40 aduwenda tiyenne...
Prabodha Madhusankha Hettiarachchi
Thank u broo sub ekata.
S.K. Ruchiranga
thzz sub ekata
sanjeewakbg
thanks bro......
RumalDemintha
Thanxzzzzzz
eagleeye
Thanks yaaluwa
geeganagamage
බොහොම ස්තුතියි සබ් එක වගේම ලිපියත් සුපිරියටම ලියලා තියෙනවා .
Deshani
thank you
nisala_d
Thank you bro...!!!
Pradeep Pasqual
Thanks for the sub..@!@
YasasPerera
thanks mchn
Panther
Elma saho sub akta thanz
Sarathabbowa
නියම වැඩක් . බොහොම ස්තූතියි..
Dulshan_Kokila
aiyooo! sub eka pahuwela yanneee
kushiya jay
Ow bn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හෝල් එකෙනුත් බැලුවා. දැන් මේ රිප් එකත් බලනෝ. br ආවම එකත් බලනෝ...
සිංහල උපසිරසියට තුති සාමර :p .... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra