ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට යන එන සියළු දෙනාටම. මේ තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. සමහරු නම් දැනටමත් මේ ෆිල්ම් එක බලලත් ඇති. ගොඩක් දෙනෙක් මේ ෆිල්ම් එක බලල නැති වුණාට මේ ෆිල්ම් එකේ වීඩියෝ ක්ලිප්, GIF ඉමේජ් එහෙම බලල ඇති ෆේස්බුක්, යූ ටියුබ් වගේ තැන් වලින්. මාත් ෆේස්බුක් එකේ වීඩියෝ ක්ලිප් එකක් දැ…

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට යන එන සියළු දෙනාටම. මේ තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. සමහරු නම් දැනටමත් මේ ෆිල්ම් එක බලලත් ඇති. ගොඩක් දෙනෙක් මේ ෆිල්ම් එක බලල නැති වුණාට මේ ෆිල්ම් එකේ වීඩියෝ ක්ලිප්, GIF ඉමේජ් එහෙම බලල ඇති ෆේස්බුක්, යූ ටියුබ් වගේ තැන් වලින්. මාත් ෆේස්බුක් එකේ වීඩියෝ ක්ලිප් එකක් දැක්කට පස්සෙ තමයි මේ ෆිල්ම් එකේ නම හොයාගෙන බයිස්කෝප් එකේ සර්ච් කළේ. ඒත් මට ඒක හම්බ වුණේ නෑ. පස්සෙ තමයි ටොරන්ට් සර්ච් කරලා බාගෙන සබ් එකක් හදන්න හිතුවෙ. ඉතින් මට හිතුනා ඒක තනියම නොබලා අනිත් අයටත් බලන්න බයිස්කෝප් එකට දාන්න ඕනෙ කියලා.
මේ ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන කියනවා නම් මේක IMDb අගය 5.4 ක් ගත්තු කොරියානු චිත්‍රපටයක්. චිත්‍රපටය පුරාවටම හාස්‍යය පැතිරිලා තියෙනවා. කාන්තාධිපත්‍ය බලවත් වෙච්ච ගමක ජීවත්වෙන දුර්වල තරුණයෙක් මුල්කරගෙන තමයි චිත්‍රපටය ගලාගෙන යන්නෙ. කාන්තාවන්ගෙ උසුළු විසුළු වලට ලක් වෙවී ඉන්න මේ තරුණයට හදිස්සියෙම විශාල ශක්තියක් ලැබෙනවා. ඉන් පස්සෙ මුළු ගමටම සිදුවීම් ගණනාවකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් වැඩිය කියන එක හරි නෑනෙ. බලලම රසවිඳින්න කියල මම හැමෝටම ආරාධනා කරනවා. හැබැයි මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු ෆිල්ම් එකක් බව මතක් කරන්න කැමතියි.
මේ මගේ පළවෙනි නිර්මාණය නිසා මේ ටිකත් කියන්න ඕනේ. සාමාන්‍ය උපසිරැසි ලිවීමේ නීතිරීති හැම එකක්ම වගේ උපරිමයෙන් රකින්න මම උත්සාහ කළා. ඒ වගේම සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි භාෂාව සිංහලට පරිවර්තනය කරන එකෙන් එහාට ගිහින්, ෆිල්ම් එකේ රසවින්දනයට බාධාවක් නොවෙන විදිහට, කතා කරන සරල සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන්නත් මම උපරිමයෙන් උත්සාහ කළා.
කොහොමහරි මට මේ සබ් එක ලියල ඉවර කරන්න එක දවසයි ගියේ. මුලින් හිතුවට වඩා සබ් ලියන එක ගොඩක් ලේසියි වගේ. ඒ නිසා දිගටම බයිස්කෝප් එකට ලියන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි අත්දැකීම නිසා මේකෙ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම තියෙනව නම් කමෙන්ට් එකක් දාල කියන්න අමතක කරන්න එපා. ඊළඟ නිර්මාණය සාර්ථක කරගන්න මට ඒක ලොකු උදව්වක් වේවි.
එහෙනම් තවත් මේ වගේම නිර්මාණයකින් ආයෙත් ළඟදිම මුණ ගැහෙමු. හැමෝටම සුබ දවසක්. 🙂 බොහොම ස්තුතියි, බයිස්කෝප් වෙබ් අඩවියේ හැම දෙනාටම මට මේ අවස්ථාව ලබා දුන්නට!
YourBittorrent අඩවියේ අදාළ ටොරන්ට් ෆයිල් එක පවතී.
Due to copyright issues, we do not provide any torrent links.
A Tale of Legendary Libido
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,965 downloadsDownload A-Tale-Of-Legendary-Libido.2008.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/UmayangaMadhushan1-e1480969134638.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උමයංග මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උමයංග මධුෂාන්
Subtitles
33 comments
ඉෂාන් මදුෂ
Udara Damith B/K
පළමු උපසිරසට මගෙන් පලවෙනි කමෙන්ට් එක.
තැන්ක්ස් ..........
sully 2016 මේකට පුලුවන්නම් සබ් දෙන්ඩ ............Rumesh Nilantha Jayaweera.
thanks sub ekata digu gamanak yamu umayanga madusan saho
Rumesh Nilantha Jayaweera.
adu size copy nadda A Tale Of Legendary Libido (Garoojigi) 720p.mkv saho 1.98 GiB copyak ne thiyenne.. adu copyak thiyana web site ekak thiyanawanm link eka reply karannako
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
praneeth madu
උපසිරැසියට බොහෝම ස්තුතියි
Roshan Vithanage
නියමයි උමයංග හොද ආරම්භයක් .............. ඡයවේවා
roshan
සුබපැතුම් සහෝ.........................................
damith
thankz sub ekata.
D
මමත් මේකේ වීඩියෝ එකක් දැකල මේක බලන්න ආසාවෙන් හිටියේ ගොඩක් ස්තුතියි
Tilantha hansanath
උපසිරැසියට බොහෝම ස්තුතියි මට 1GB copy හම්බවුනා ඔන කට්ටිය මගෙ නම කිලික් කරල facebook එකෙන් massage එකක් දාන්න
Roshan Vithanage
මංගල උපසිරසට මගේන් උනුසුම් සුභපැතුම් උමයංග මල්ලී. නියමයි ජයෙන් ජයම වේවා...............
දුමිදු ප්‍රසන්ත
උපසිරසට බොහොම ස්තුතියි.
මගේ නොහැකියාවද දන්නෙ නෑ මටනම් දැන් මේ සයිට් එකේ දෙන ෆිල්ම්ස් වල torrent හොයා ගන්න බෑ.
cable guy, Dennis කියන film දෙකම ගන්න බැලුවත් ඒවගෙ torrent හම්බුනේ නෑ (extratorrent,1337x වගේ site වලවත් හම්බුනේ නෑ).මේ ෆිල්ම් එකෙත් හම්බුන torrent එකේ size එක වැඩී.මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද දන්නෙ නෑ.හැබැයි කවුරු හරි මේකට මොකක් හරි විසදුමක් දෙන්න පුලුවන්නම් හොදයි.Asiri
ටොරන්ට් සර්ච් කරන්න Bit che කියන software එක use කරන්න.ඒකෙන් එකපාර site ගොඩක සර්ච් කරලා result දෙන නිසා ඔයාට අවශ්‍ය ටොරන්ට් එක ඉක්මන්ට හොයා ගන්න පුලුවන්.software එක google වල search කරලා හොයා ගන්න.
Lahiru Lakmal
Torrentz2 website එකේ search කරන්න.
Rumesh Nilantha Jayaweera.
thanks brother
Anonymous
ela
Malaka
Thanks bro...
samee
supiri machan
Kaleena
Youtube eke me film eka thiyanava. keepvid.com site ekata gihin youtube eke link eka copy karanna. ethakota film eka download karanna puluwan.
අසිත
elama saho thanks
jaya wewa!!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakmal suranga
thnkzzz gud luck
jayanath
mata film download karaganna vidiha therenna..podi help 1 denna.
Amila Mudalige
Thanks mchn Umayangaya Good Luck!!
Rumesh Nilantha Jayaweera.
film eke adu copy ekak hambun na. torrent link den nathi eka loku paduwak
Sandun Isuru Niraj
728abb706805b5608cf39d202ea52ce3914c9509
meka 2GB
Amila
ai ban sub file eka download wenne naththe
R.S. Samantha
mewwane yako.. film.
thank u bro....
ela elaManisha
Podi size torrent link ekk dennko kwru hri... Plz
chinthaka_priyadrshana
Thank u bro....
avishka360
සබ් එකට ගොඩක් ස්තූතියි.MKVKING.com වීඩියෝ එකට සබ් එක සෙට් වෙනවා
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුබපැතුම් සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට