ඔන්න මගේ දෙවනි උපසිරසත් අරගෙන ආව. කලින් කරපු The Truman Show (1998) එකට වගේම මේකටත් ටිකක් වැඩිපුර කාලයක් ගියා ඉතින්. මේපාර මං තෝරගත්තු චිත්‍රපටය Ben Stiller තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. IMDB වලින් 6.0 ක අගයකුත් ලැබිල තියනව. මොනාඋනත් දෙබස් වලින් නම් මේක ටිකක් විතර 18+ පැත්තට බර චිත්‍රපටයක්. මොකද කි…

ඔන්න මගේ දෙවනි උපසිරසත් අරගෙන ආව. කලින් කරපු The Truman Show (1998) එකට වගේම මේකටත් ටිකක් වැඩිපුර කාලයක් ගියා ඉතින්. මේපාර මං තෝරගත්තු චිත්‍රපටය Ben Stiller තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. IMDB වලින් 6.0 ක අගයකුත් ලැබිල තියනව. මොනාඋනත් දෙබස් වලින් නම් මේක ටිකක් විතර 18+ පැත්තට බර චිත්‍රපටයක්. මොකද කියනව නම් මේක බලන අයට විශේෂයෙන් මතක් කරන්ඩ දෙයක් තියනව. ඒ තමයි කතාවෙ ලිංගික රහස් පද යොදාගෙන කරන සෙල්ලම. මේකෙ ගොඩක්ම අමාරුවෙ වැටුන තැන තමයි ඒ. මොනාඋනත් බලන හැමෝගෙම රසවින්දනයට හානියක් නොවන විදිහට පුළුවන් උපරිමය කරල තියෙන්නෙ. ඉතින් මගෙ වැරදි අඩුපාඩු එහෙම තියනව නම් ඒ හැමදෙයක්ම කොමෙන්ටුවකින් කියන්ඩ කියල ඉල්ලනව.
කතාව දිහාවට හැරුනොත් කේබල් ගයි, චිප් ඩග්ලස්, අර්නි ඩග්ලස්, ලැරී ටේට් වගේ බොරු නම් ගොඩකින් Jim Carrey තමයි ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒවගේම කතාවෙ කේබල් ගයිගෙ ඇත්ත නම දැනගන්ඩ නම් කතාව ඉවර වෙනකම්ම බලන් ඉන්ඩ වෙනව ඉතිං. ආදරයක පැටලිලා ඉන්න ස්ටීවන් කොවැක්ස් (Matthew Broderick) කියන කෙනාගෙ ගෙදර කේබල් හදන්ඩ ගිහින් එයාව කතාවට අල්ලගෙන යාළුකමක් නිර්මාණය කරගන්න කේබල් ගයි ස්ටීවන්ගෙ පෙම්වතිය වෙන රොබින් හැරිස් (Leslie Mann) ගාවට කිට්ටු වෙන්නෙ නරක අදහසකින් නෙවෙයි ඉතින්. ඒ දෙන්නව ආපහු එකතු කරන්ඩ හිතාගෙනයි.
ගෑනු කියන්නෙ අවුල් ජාලයක්
-The Cable Guy-
තම පෙම්වතිය වෙනුවෙන් කාලයක් බලන් ඉදල අන්තිමේදි එයාව අහිමි කරගන්ඩ උන චිප් ඩග්ලස් නොහොත් කේබල් ගයි ගෑනු කියන ජාතියව හදුන්වන්නෙ එහෙම තමයි. ඒකෙ ඇත්ත නැත්ත ගැන නම් මම මොකුත් කියන්නෙම නෑමයි.
ඇත්තටම 1996 දි පරිගණකයයි දුරකතනයයි තිබුන උනත් වැඩියෙන්ම ජනප්‍රිය දේ වුනේ රූපවාහිනිය. ඒත් 2016 වෙද්දි මේ ගෙවිල තියන අවුරුදු 20 ඇතුලත කාලයෙදි අද අපිට තාක්ෂණය කියන දේ නැතුවම බැරි දෙයක් වෙලා. ඇත්තටම තාක්ෂණය කියන දේ නැතුව දැන් කාලෙ ගොඩක් දේවල් කරන්ඩ බෑ. තාක්ෂණය ඕන තමයි. ඒත් එහෙම උනා කියල පොත් පත් කියන දේ අමතක කරල දාන එකත් කරන්ඩ හොඳ දෙයක් නෙවෙයිනේ. මේ කතාව අවසන් වෙනකොට නම් ඒක හොදට තේරෙනව.
කේබල් ගයි සහ ස්ටීවන් අතර සිද්ධවෙන දේවල් හින්ද අන්තිමේදි ස්ටීවන් ගැන තරහ ගන්න මේ කේබල් හදන මිනිහ ස්ටීවන්ගෙ ජීවිතේට තවත් ළං වෙලා උත්සහ කරන්නෙ ස්ටීවන්ගෙ ජිවිතේ අවුල් කරල දාන්ඩ. ඒකත් හරියට කනේ පාරක් ගහන්නැතුව කන අතගාන ගමන් පලිගන්නව වගේ වැඩක් තමයි. ඇත්තටම මේ කතාවෙ හැටියට නම් Jim Carrey රඟපාන චරිතය හොඳ එකක් වගේම නරකම එක කියලත් කියන්ඩ පුළුවන්. ඒ තීරණය ඔයාලගෙ අතේ තමයි තියෙන්නෙ. ඇත්තටම කවුද මේ කේබල් ගයි කියන්නෙ??? ඇයි මේතරම් ස්ටීවන්ගෙ පස්සෙ පන්නන්නෙ??? මොකද්ද හේතුව ස්ටීවන්ට මෙච්චර නරකක් කරන්ඩ තරම්???
මොකද්ද මේ ලිංගික රහස් පද යොදාගෙන කරන සෙල්ලම??? ඇත්තටම කේබල් හදන කෙනාගෙ අරමුණ මොකක් වෙන්ඩ ඇතිද??? ඇයි සමහර මිනිස්සු ටීවි බලන එක අත්ඇරල දාල පොත් කියවන්ඩ පෙළඹෙන්නෙ??? ප්‍රශ්න ගොඩයි. උත්තර තියෙන්නෙත් බලන ඔයාල ගාවමයි. තාක්ෂණයට අමතරව පොත් කියවන එක ගැනත් හිතල බලන්ඩ. තවත් උපසිරසකින් හමුවෙමු. ඔබට ජය!!!!
Due to copyright issues, we do not provide any torrent links.
The Cable Guy 1996 720p BluRay x264 AC3 – Ozlem
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
832 downloadsDownload The-Cable-Guy-1996.Baiscopelk.com_.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/AyeshanPrenando2-e1480970787788.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂාන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අයේෂාන් ප්‍රනාන්දු
Subtitles
21 comments
chami
Ayeshan
Extra torrent site ekee search karala balanda.... Eeke godak deewal thiyanawa....
chami
Mn beluwa eke seeds ne.kamak ne hemita balamu.oya mahansi wela karapu sub ekata godak thanx සහෝදරයා
Sankha senadheera
Url ekak ewapallako meke....haiyo......
Ayeshan
Welcome....
Sajith Anthony
Jim Carrey ඉන්නව නම් අනිවා බලනව සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Ayeshan
1න්ම.....
kawesha dissanayaka
thanks mcn .uba dana film okkoma pattabn . elama ,
gaya
Stroks animation eke sub denna pls
gaya
Stroks sub pls
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
උපසිරැසියට බොහෝම ස්තුතියි
Web-බුවා
පට්ට එකක් වගේ. මේ බුවා'ගේ වෙන එව්වා බලලා තිබ්බට මේක බලලා නෑ.
ස්තූති වේවා සහ ජය :DD.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Janith
එළ මචන් එළ.
සුභ පතනවා ඉදිරි ගමනට.... Thanksඅසිත
ealam saho thanks
sanjeewa
ela film ekak, thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru Sampath
thank you bro............
******************Dolamite
thanks bn
Dolamite
me naluwage film ekak thiyanawa liar liar kiyala ekatath sabak one
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Godak thanx .film eka hoyaganna ekai amaru.issranam serama dala thiyenwane dan godak amarui film eka hoyaganna