Watch Trailer

A Tale of Two Cities (1980) Sinhala Subtitles | දෙනුවරක පුවතක්! [සිංහල උපසිරසි සමඟ]

මේ අවස්ථාව ලබා දීම ගැන මං baisecopelk.com වෙබ් අඩවියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේක මගේ පළවන උපසිරැසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බාන එකේ එකක් හදල බලන්න හිතුණා. හිතන තරම්ම ලේසි වැඩකුත් නෙමෙයි කියලා තේරුණේ ඉතින් එතකොට තමා. මේක මං අක්කත් එක්ක හවුලේ හැදුවත් සබ් එක හදාගන්න සතියක් විතර කාලයක් ගත…

මේ අවස්ථාව ලබා දීම ගැන මං baisecopelk.com වෙබ් අඩවියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේක මගේ පළවන උපසිරැසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බාන එකේ එකක් හදල බලන්න හිතුණා. හිතන තරම්ම ලේසි වැඩකුත් නෙමෙයි කියලා තේරුණේ ඉතින් එතකොට තමා. මේක මං අක්කත් එක්ක හවුලේ හැදුවත් සබ් එක හදාගන්න සතියක් විතර කාලයක් ගත වුණා.

දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්. මේක ලෝක ප්‍රසිද්ධ නවකතාවක් ඇසුරින් හදපු ෆිල්ම් එකක්. Charles Dickens ගෙ A Tale of Two Cities ගැන දන්නෙ නැති අය ඉන්නවනම් ඒ බොහොම ටික දෙනයිනෙ. මේ කතාවෙන් කියවෙන්නෙ ප්‍රංශ විප්ලවේ ගැන. ලන්ඩන් නුවර හා පැරිස් නුවර අතර ප්‍රංශ විප්ලවේ කාලෙ වුණු එක්තරා කතාවක් තමයි මේ.මනෙත් කියන්නෙ කිසිම වැරැද්දක් නොකර ප්‍රංශයේ බැස්ටීල් හිරගෙදර අවුරුදු ගාණක් හිර කරලා හිටපු Doctor කෙනෙක්. ඒ කාලෙ වංශාධිපතිවරුන්ට ඕනිම කෙනෙක්ව නඩුවක් නැතුවම හිරේ දාන්න බලය තිබුණා.ගොඩ කාලයක් කිසි ම බලාපොරොත්තුවක් නැතුව හිරේ ඉන්න වුණු නිසා හිරෙන් නිදහස් වෙනකොට එයාට තමන්ගෙ නම පවා අමතක වෙලයි තිබුණෙ. හිරේ ඉඳන් එයාව එක්ක එන්නෙ ප්‍රංශෙදි එයාගෙ සේවකයෙක් වෙලා හිටපු කෙනෙක්ගෙ ගෙදරට.කතාව මුලදි Dr. මනෙත්ගෙ දුවයි, තව Lorry කියල මහත්තයෙකුයි, Dr. මනෙත්ව එංගලන්තෙට එක්කන් එන්න පැරීසියට යනවා. Dr. මනෙත්ගෙ සේවකයගෙ නම Defarge.Defarge ලගෙ පළාතෙ ඉන්න රදළ වංශාධිපතිතුමා තමයි ST’ Evermonde.මෙයා බොහොම කෲර මිනිහෙක් නිසා මේ පැත්තෙ ඉන්න හැමෝම මෙයාට වෛර කරනවා. ඒ අතරින් Defarge ගෙ බිරිඳ විශේෂයි.ඒත් එයාගෙ බෑණා Charles රදළකම ඔළුවට ගත්ත කෙනෙක් නෙමෙයි. එයා මාමගෙන් වෙන්වෙලා තමන්ගෙ ශ්‍රමයෙන් ජීවත්වෙන්න හිතාගෙන එංගලන්තෙට යනවා. ඒත් එයාගෙ මාම එයාට අනතුරු අඟවනවා, කොහේ ගියත් එයාගෙ ඉරණම වෙන්නෙ ප්‍රංශය කියලා.මේ අතර තව කෙනෙක් ඉන්නවා Sydney Carton කියලා. එයා ඉංග්‍රීසි ජාතිකයෙක්. නීතීඥයෙක්. හොඳ දක්ෂතා තිබුණත් ඒව ප්‍රයෝජනේට නොගැනීම හින්දා ජීවිතේ විනාස කරගත්ත කෙනෙක්. එයාගෙම වචනවලින් කිවුවොත් එයාට ලෝකෙ කිසි කෙනෙක්ගෙන් වැඩක් නැහැ. ලෝකෙ කිසි කෙනෙක්ට එයාගෙන් වැඩකුත් නැහැ.ඉතින් වංශාධිපතිතුමා කියපු විදිහට Charles ගෙ ඉරණම ප්‍රංශෙත් එක්ක බැඳිල ද තියන්නෙ? Dr. මනෙත්ට අවුරුදු ගාණක් අසාධාරණ විදිහට හිරේ ඉන්න වුනේ ඇයි? Defarge මහත්මියට Evermonde පෙළපතත් එක්ක තියන වෛරයට හේතුව මොකක්ද? ඒ වගේම, අන්තිමේදිවත් Sydney Carton ට තමන්ගේ ජීවිතෙන් නියම ප්‍රයෝජන ගත්ත කියල සතුටු වෙන්න පුළුවන් වෙයි ද?….කොහොම වුණත් ඇත්තටම ලස්සන, ඒ වගේම හිතාගන්න බැරිතරම් පුදුමාකාර, මේ කතාව මිනිස්සුන්ගෙ තියන එකිනෙකට වෙනස් “හැඟීම්” ගැන දෙපාරක් නෙමෙයි කිහිප සැරයක් හිතන්න අපිව පොළඹවන බව නම් නොකියාම බෑ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,116 downloadsDownload A.Tale_.Of_.Two_.Cities.1980.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුල්ෂාන් දේවගිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුල්ෂාන් දේවගිරි

Subtitles

2,116 downloadsDownload Subtitles68 KB

16 comments

  1. kchl

    elma. tv series wlth sub diylla deiyo

    1. Dulshan Dewagiri

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Dulshan Dewagiri

  3. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Dulshan Dewagiri

  4. Piumal

    පලවෙනි එකට තෝරගෙන තියෙන්නේ නියම එකක්.ජයවේවා.

    1. Dulshan Dewagiri

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Dulshan Dewagiri

  6. Hasitha_Madhushan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…..
    මේ වගේ ෆිල්ම් එකකට උපසිරැසියක් කරන්න තෝර ගත්තු එකත් ලොකු දෙයක් සහෝ…
    දිගටම මේ වගේ මගඇරුන හොද ෆිල්ම් වලට සබ් කරමු.
    ඔබට ජය……

    1. Dulshan Dewagiri

      Thanks bro

  7. චතුෂ තුෂර කුමාර

    බොහොම ස්තූතියි මේ උපසිරැසියට... මේක කාලයකට කලින් මට මතක හැටියට "දෙනුවර අන්දරය" නමින් ටයිටස් තොටවත්තයන් අතින් හඩ කැවුන නිර්මාණයක්... ඒ මේ සිනමාපටයමද නැත්තං මේ කතාව තියෙන වෙනත් නිර්මාණයකටද කියලා මට හරියටම කිවන්න බැහැ. මොකද ඒකේ දැන්වීම් ඒ කාලේ රූපවාහිනියේ ගියාට මට කවදාවත් බලන්න උනේ නැහැ මොන මොනවා හරි වෙනත් බාධාවල් යෙදීම හේතුවෙන්... කාලයක් තිස්සේ බලං හිටපු දෙයක් මේ... වැඩෙත් හෛාඳටම කෙරිලා තියෙනවා...

    1. Dulshan Dewagiri

      Thanks bro

  8. Wayantha Sandaruwan

    මේ වගේ නිර්මාණ වලට සබ් කරන අය ටිකක් අඩුයි ඇත්තටම. ඒ නිසා ගොඩක් පින් සහෝ මේකට සබ් කෙරුවට බලන්න ආසම විදියෙ ෆිල්ම් එකක්. දිගටම මේ වගේ වටිනා නිර්මාණ අරගෙන එන්න කියල ඉල්ලා සිටිනව. ජය වේවා !

  9. Nilanka

    Ayye Wuthering Hights 1970 film eke sinhala subtitles denna puluwanda?